23 Jan 2009

නැණසළ නායකයකු යනු කවරෙක්ද ?

නැණසළ සංකල්පයේ පරිසමාප්ත අර්ථය නමි තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයෙන් ප්‍රජා සංවර්ධනයට මගපෑදීමයි.

එම කර්ත්‍යවයේ විවිධ තලවල පෙරගමන් කරුවකු වීම නම් නායකයකු වීමයි.


නායකයකු වීම සඳහා සුවිසල් පුද්ගලයෙකු වීම අවශ්‍ය නොවන අතර, තම ගාහැකියාව අනුව නිරන්තර දැනුම ලබාගනිමින්, එම දැනුම බෙදාගනිමින් අන් අයටද තම සහය ලබාදිය හැකිනම් එය නායකත්වයි.

සමූහයක සිටීම, තම සමූහය සමග සන්නිවේදනය, සමූහයක නායකත්වය බෙදාගැනීම, සඝුහයක විශ්වාසනීය ගොඩනගා ගැනීම, අරමුණක් වෙනුවෙන් කැපවීම, බාධක හමුවේ නොසැලීම නායකත්වයයි.

නායකත්වය පහසු හෝ අපහසු නැත. එය කුඩා හෝ ලොකුද නැත. සෑම අයෙකුටම නායකයෙක් විය හැක. නැණසළ ජාලය තිරසාර වීමට නම් නායකයින් අවශ්‍යය. ඔවුන් බිම් මට්ටමේ සිට බිහිවීම අවශ්‍යය. අද නැණසළට එන සිසුවා හෙට නැණසළ ජාලයේ නායකයකු විය හැක.

නායකයින් ආනයනය කළ නොහැක. නායකයින් බිහිවන්නේ ඔබ අතරිනි. නැණසළ නායකයකු වීමට ඔබටද හැකිය. නායකයින්ගේ සමූහයකට එකතු වන්න.


නිරංජන් මීගම්මන
ශිල්ප සයුර ව්‍යාපෘතිය

ජාතික නැණසළ සමුළුවට අදහසක්

නෑණසළ තනිව නොව සමස්ථ ජාතික අවශ්‍යතාවයන් කෙරෙහි ඵලදායී ලෙස සහභාගී වීම තුළ පමණක් සමස්ථ නැණසළ ජාලයේ තිරසාර භාවය රඳා පවතින බව මම සිතම්.



මෙහිදී නැණසළ ජාලයේ පැවැත්මේ නව අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට ජාතික නැණසළ සමුළුව ප්‍රයෝජනයට ගත හැකිය. දිනකින් ගෙවීයන හුදු විනෝදමත් සුහද හමුවකට වඩා මනස් කළඹවා, නව අදහස් මතුවන, මානව සඹඳතාවයන් ගොඩ නගන නව අවස්ථාවක් වීම ඊට සූදුසුය.

රටක් වශයෙන් අද ශ්‍රී ලංකාව පෙර කිසිදවසක මුහුණ නොදුන් සන්ධිස්ථානයකට පත්ව ඇතැයි මා සිතමි. අද අපට තිබෙන ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ ජාතීන් අතර සුහද තාවයක් ගොඩනැගීමයි.
ඒ සඳහා නැණසළට විශාල කාරියක් කළ හැකිය. ඒ ජාතික සමගිය සඳහා සන්නිවේදනය ලබා දීමෙනි.

මේ අනුව සෑම නැණසළකම අප සැමට පොදු භාෂාව වන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම, විවිධ ජාතීන් නැණසළ තුලිනි සම්බන්ධ කිරීම, එම ජාතීන්හට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි බසින් සන්නිවේදනයට මග පෑදීම ගැන ජාතික සමුළුවේදී කතුකාවක් ඇතිවීම වඩාත් සුදුසු ආරම්භයකි.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර ව්‍යාපෘතිය

17 Jan 2009

ජාතික නැණසළ සමුළුව 2009 - අරමුණු සහ අභියෝග

අද තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් ජනාධිපති තුමා විසින් කළ කථාව ඉතිහාසික බව මගේ හැඟීමයි. එනම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් දුරස් වී සැකයෙන් යුතුව ජීවත්වන අප ජනතාව ශ්‍රී ලාංකික ලෙස එකම ජාතියක ම්නිසුන් ලෙස සිතා කටයුතු කිරීමට එතුමා දුන් ආදර්ශයයි.

මේ අනුව නැණසළේ අපටද ඉතා වැදගත් වගකීමක් මේ වසරේදී පෑවරෙනවා. ඒ ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමට අවශ්‍ය සන්නිවේදනය සැපයීමේ කාර්ය භාරයයි.

මේ අනුව සෑම නෑණසළක්ම තම සේවා සිංහල, දෙමළ හා ඉංග්‍රීසී භාෂා වලින් ලබාදීමට උත්සාහ කරම්න් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ප්‍රජාව නැණසළට ගෙන්වා ගත යුතුයි.

මේ වසරේ නැණසළ ජාලය මුහුණ දෙන ප්‍රධානම ගැටළුව ලෝක බැංකු ආධාර අවසාන වීමයි. එම නිසා හැකි සෑම නැණසළක්ම තම ව්යදම් පියවා ගත හැකි තත්වය ලබා ගත යුතුයි. ඒ සඳහා තනි තනිව නොව නෑණසළ ජාලයක් ලෙස එකමුතුව කටයුතු කිරීම ඉතා වැදගත්.

හොඳම උදාහරණය අපගේ වීරෝධාර හමුදා. ඔවුන් අවි වැසි නොබලා, ඉමහත් ධෛර්යයෙන් හා නායකත්වයකින් ‍ලබාගත් ජයග්‍රහණ දෙස බලන්න. ඉන් අප රට වසර තිහක් බලා සිටින සාමයේ අරුණළු අපට ලැබෙන බව අපට පෙනෙනවා.

ඒ වගේම අපගේ නැණසළ ජාලයම වෙනස්කම් පසෙක තබා, එක ඉලක්කයකට යනවා නම් අපටත් පුළුවන් අපේ නැණසළ ජාලය ලොව අනගිතම නැණසළ ජාලය බවට පත් කරන්නට. ඒ සඳහා සෑම නෑණසළ අයිතිකරුවකුම, සෑම නැණසළ ක්‍රියාකරුවකුම, සෑම සේවා සපයන්නකුම, සෑම නිළධාරියකුම තම වගකීම සහ යුතුකම ඉටුකිරීම ද අවශ්‍යයි.

මහවැලිය ආරම්භ කිරීමේදී සමහරු සිතුවේ එය විහිළුවක් කියා. ඒත් අද රටට බත මෙන්ම බල ශක්තිය සපයන ප්‍රධාන මාර්ගයක් එය. නැණසළත් එහෙමයි. තවම වසර තුනයි. මේ අමාරු කාලය එක්වී කටයුතු කළහොත් නෑණසළ තුලින් ගම නංවා අපගේ රට දියුණු කළ හැකිවේව්.

මේ සඳහා එළඹෙන "ජාතික නැණසළ සමුළුව" ඉතා වැදගත් බව මගේ හැඟීමයි. එහිදී අප නැණසළ ජාලයට වඩාත් වැදගත් වන කාරණා කෙරෙහි අවධානය යෙදීමට අවස්ථාවක් යෙදෙනවා.

නැණසළ තිරසාරභාවය එහිදී ඉතා වැදගත්ම කරුණ ලෙස මා සිතන අතර පහත අංශ කෙරෙහි අප සංවාද ගොඩ නැගේනම් ඉතා වැදගත්.

1. නැණසළ තිරසාරභාවය
2. ජාතික සමගිය සඳහා සන්නිවේදනය
3. නෑණසළ වල ඉංග්‍රීසි ඉගැන්වීම
තවද
4. ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය
5. කාන්තා, ළමා හා තරුණ දැනුම සංවර්ධනය
6. කෘෂිකාර්මික දැනුම සංවර්ධනය

මේ අතර තවමත් ලංකාවේ 55% ක් තවමත් වාර්ෂිකව අපොස සාමාන්‍ය පෙළ අසමත් වෙනවා, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව ඉතා දුර්වලයි. රැකියා ප්‍රශ්නය හා වැරදි ආහාර පුරුදු නිසා ග්‍රාමීය සෞඛ්‍යය ගැටළු ඇතිවෙලා.

මේ සෑම ප්‍රශ්නයකට මුල‍ දැණුම හිඟකම, නෑණසළ අරමුණ දැනුම හා සන්නිවේදනය.

එහෙත් නැණසළ ජාලය තුල තිබෙන ප්‍රධාන ගැටළුවත් දැනුම හා සන්නිවේදනය හිඟකම. එම නිසා එළඹෙන නැණසළ සමුළුවේ ප්‍රධාන අරමුණක් ලෙස නැණසළ අතර සන්නිවේදනය, දැනුම හුවමාරුවද අයත් වීම වැදගත්.

අපට තිබෙන මේ අභියෝග, මේ වසර තුලම ජය ගැනීම ඉතාම වැදගත් වන්නේ නෑණසළ ජාලයේ පැවැත්ම ඒ මත පවතින නිසා. නෑණසළ ජාලයේ තිරසාරභාවය ඇතිකිරීමට උපරීම කැපවීමක් සෑම දෙනාගෙන්ම අවශ්‍ය වන්නේ ඒ නිසා.

නැණසළ සඳහා තිරසාර වැඩ පිළිවෙළක්,
ජාතික සමගිය සඳගා සන්නිවේදනය
සැමදෙනාගේම උපරීම කැපවීමත්
යන දෙකම 2009 නැණසළ සමුළුවේ අරමුණු අතර ප්‍රමුඛයි.

නව නැණසළ ගමණක ආරම්භයද ඉන් ඇතිවේවි.

නිරංජන් මීගම්මන