රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ජනතාව විසින් ගොඩනගන ලද බැවින් කිසිවෙක් අන්තර්ජාලයට හිමිකම් කියන්නේ හෝ එය පාලනය කරන්නේ නැත. එය ස්පර්ශ කළ නොහැකි භෞතික යටිතලයකින් ජාලයන් එකිනෙක සම්බන්ධ කරන ජාලයකි.
අන්තර්ජාලය යනු පොදු මහජන අදහස් ප්රකාශනයට, විරෝධතා සංවිධානයට සහ නිදහසේ සීමා පුළුල් කිරීමට යොදාගැනෙන විමුක්තිකාමී තාක්ෂණයකි.
චීනයේ අන්තර්ජාලය චීන ආර්ථිකය මත විශාල බලපෑමක් ඇතිකරනු ලබන අතර මහජන දේශපාලන මනස හැඩගස්වනු ලබයි. චීනයේ මහා අන්තර්ජාල ආරක්ෂණ ප්‍රාකාරය (The Great Firewall) නිර්මාණය කරන ලද්දේ ජාලගත තොරතුරු නීත්‍යානුකූලව නිරීක්ෂණයට සහ වාරණයට ය. එය විසින් චීන ජනතාව බාහිර ලෝකයට ජාලගතව නිරාවරණය වීම පාලනය කරනු ලබයි.
කෙසේ නමුත් සයිබර් අවකාශය දැඩිව පාලනය වන නමුත් චීන ජනතාව සිය රජයට සහ දූෂිත නිලධාරී පන්තියට එරෙහි අදහස් සංක්ෂිප්ත බ්ලොග් සටහන් (microblogs) හරහා එළිදක්වති.
අද වන විට චීන රජය සහ ප්‍රාදේශීය පාලන තන්ත්රයන් මගින් අන්තර්ජාල ආරක්ෂණ සේවාවන් තුළ සඟවා ආවේක්ෂණ සහ පාලන කාර්යයේ යොදවා ඇති පුද්ගලික සමාගම් හේතුවෙන් මිලියන 800ක චීන අන්තර්ජාල පරිශීලකයෝ නව තර්ජනයකට ලක් ව සිටිති.
අන්තර්ජාලගත මහජන සාකච්ඡා හා අදහස් නිරීක්ෂණය කිරීම, පාලනය කිරීම සහ හැසිරවීම ආදී කටයුතු වෙනුවෙන් විවිධ නිෂ්පාදන සහ සේවා ඉදිරිපත් කළ හැකි නව වෙළඳපොළක් පුද්ගලික සමාගම් සඳහා නිර්මාණය වීම අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය (surveyliance) පෞද්ගලිකකරණය කිරීම හරහා සිදු වූවකි.
මහජන පෞද්ගලිකත්වය සහ නිදහස සීමාකරමින් ගොඩනැගෙන නව සයිබර් ආරක්ෂණ කර්මාන්තයක් බිහිකිරීමට චීන රජය වෙනුවෙන් 2000 කට ආසන්න සමාගම් ප්‍රමාණයක් අන්තර්ජාල ආවේක්ෂණ සේවයෙහි කැපවී සිටියි.
යාන්ත්‍ර අධ්‍යයන (machine learning) තාක්ෂණයන් උපයෝගී කරගෙන රජයේ අවශ්‍යතාවන්ට අනුකූලව අන්තර්ජාලගත අදහස් නිරීක්ෂණය, විශ්ලේෂණය සහ හැසිරවීම එම සමාගම් වල කාර්යයයි.
ෂිනුවා (Xinhua) ආදී මාධ්‍ය ද, වීචැට් (Wechat) ආදී සේවාවන්ද සිය මාධ්‍ය ධාරා සහ ස්වයංක්‍රීය පරිගණක වැඩසටහන් යොදාගෙන ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනීමටද, ඍණාත්මක තොරතුරු යටපත් කිරීමටද, ධනාත්මක ප්රචාරණයක යෙදීමටද රජයට සහයෝගය දෙති.
සයිබර් සමාගම් හරහා සපයන නවතම සේවාවක් නම් කෘතිම බුද්ධිය පදනම් කරගත් ස්වයංක්‍රීය ප්‍රතිචාර දැක්වීමය (automatic commenting). මෙම පරිගණක වැඩසටහන් විසින් නව අන්තර්ජාල ලිපින සකස් කරගනිමින් පුරවැසියන්ගේ අන්තර්ජාලගත ලිපිවලට රාජ්‍ය හිතවාදී ප්රතිචාරයන් සටහන් කරනු ලබයි. එමෙන්ම රාජ්‍ය ප්‍රචාරණයන් සඳහා සාවද්‍ය කැමත්ත පළකිරීම් මෙන්ම අහිතවාදී අන්තර්ගතයන් සහ රචකයන් ඉවත්කිරීම් සඳහාද මෙම සමාගම් කටයුතු කරයි.
චීනය තුළ එරට රජය විසින් ඇතැම් අන්තර්ජාලගත ලිපි මකා දමා ප්‍රති-රාජ්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සහ දූෂිත නිලධාරීන් හෙළිවීම වැළැක්වීම සිදු කරනු ලබයි.
සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි චීන රජය විසින් ධනාත්මක ප්‍රචාරණය සහ අදහස් හැසිරවීම සඳහා සමාජ මාධ්‍ය ලිපි නිර්මාණය කරනු ලබයි.
2018 සයිබර් ආරක්ෂණ සමුළුවක දී, චීන ජනාධිපති ෂී ජින් පින්ග් විසින් පවසන ලද්දේ අන්තර්ජාලය රජයට හානිකර තොරතුරු පතුරුවා හරින මාධ්‍යයක් බවට පත්වීමට චීනය ඉඩ ලබා නොදෙන බවයි.
පුද්ගලික සමාගම් වල තාක්ෂණික නව නිපැයුම් ජනතාව රාජ්‍ය බලයට නතු කිරීම සඳහා එරට රජයට උපකාරී වේ.
මෙම සමාගම් විසින් ප්‍රති-රාජ්‍ය වෙබ් අඩවි වලට පහර දී ඒවා වෙත ළඟාවීම අපහසු කරවා අඩපණ කිරීමේ (DDos) ප්‍රහාර කරනු ලබයි. එමෙන්ම ඔවුන් විසින් දත්ත සමූහයන්ට හානි කිරීම සහ වෙබ් අඩවි හා සමාජ ජාල වල සංවේදී දත්ත සොරකම් කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම හානිකර වැඩසටහන්, ඔත්තු බැලීමේ වැඩසටහන් සහ පරිගණක වයිරස යොදාගෙන පරිශීලකයන් පාලනය කිරීමද කරනු ලබයි. ඔවුන් විසින් රජයේ අවශ්‍යතාව සඳහා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරුද සොරකම් කරනු ලබයි. මේ වනවිට මෙම රාජ්‍ය බලය පැතිරවීමේ අනු කොන්ත්‍රාත් ලබාගැනීම ඉහළ යමින් පවතී.
ජනතාව පාලනයට නතු කිරීම සඳහා සහ ප්‍රාදේශීය මැතිවරණ වලට බ to fttලපෑම් කිරීම සඳහා චීන රාජ්‍ය නිලධාරීන් මැරවරයින් සහ පුද්ගලික ප්රචණ්ඩ ක්‍රියා යොදාගත් අවස්ථා ඇත.
බොහෝ ආවේක්ෂණ පද්ධති මගින් මාර්ගගත (online) ලිපි සහ ප්‍රතිචාර දේශපාලන නායකයන්ගේ නම් ආදී රජයට අදාළ යෙදුම් නිරීක්ෂණය සහ වාරණය කිරීම කරනු ලබයි. එබැවින් පළපුරුදු ක්‍රියාකාරීන් විසින් දේශපාලකයන් සඳහා යොදාගනු ලබන්නේ අන්වර්ත නාමයන්ය.
ගිණුම් වලට ඇතුළු වී අන්තන් බොහෝවිට අනුගමනය කෙරෙන ප්‍රති-රාජ්‍ය තොරතුරු පැතිරී යාම වැළැක්වීමේ ක්රමෝපායකි.
චීන සයිබර් ආරක්ෂණ නීතිය විසින් ඕනෑම අන්තර්ජාලගත ව්‍යාපාරයක් විනිවිද යාමේ දුරස්ථ පරීක්ෂණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට රාජ්‍ය පාලන තන්ත්රයට ඉඩ දී ඇත.
ඩී. පී. අයි. (DPI-Deep Packet Inspection) තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාලය තුළ තොරතුරු ගලායාම නිරීක්ෂණයට සහ පාලනයට අවශ්‍ය චීන තාක්ෂණික සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වේ. මෙමගින් කේතනය කර යවන ලද දත්ත පවා සන්නිවේදනය අතරමගදී පරික්ෂා කිරීමේ අවස්ථාව රජයට හිමි වේ.
අළුතින් කෙටුම්පත් කරන ලද ශ්‍රි ලංකාවේ සයිබර් ආරක්ෂණ පනත මගින් යෝජනා කෙරෙන පරිදි සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය (Cyber Security Agency) නමින් පුද්ගලික සමාගමක් වනු ඇති අතර එයට
සයිබර් ආරක්ෂණ සර්වබන්ධ අග්‍රස්ත හා ව්ධායක (Apex and Executive) බලතල යෝජනා කරයි.
මෙම පනත මගින් තොරතුරු වෙත ළඟාවීම, ලබා ගැනීම හා බෙදා ගැනීම, ආවේක්ෂණ ක්‍රියාත්මක කිරීම, විමර්ෂණය, ආරක්ෂණය සහ ප්‍රහාරය ස්වීයව හෝ බාහිර කණ්ඩායම් ලවා කරවා ගැනීම සඳහා අවශ්‍ය බලය මෙම ආයතනය වෙත සපයයි. රාජ්‍ය හා පොදු සයිබර් ආරක්ෂණ අධිකාරියක් පුද්ගලික සමාගමක් ලෙස නිදහස් අන්තර්ජාල ආර්ථිකය තුළ අනීතික වාසි සහගත තත්වයක් උදාකරගනු ඇත.
මෙම යෝජිත අධිකාරිය සෙසු ජාතික ආරක්ෂණ ආයතන වලින් වෙන්ව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම ජාතික අර්ථසිද්ධියට විරුද්ධ වන්නකි.
එමෙන්ම අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය මුළුමනින්ම පෞද්ගලිකත්වයට, තොරතුරු ප්‍රවේශ වීමට, ශ්‍රී ලාංකික පුරවැසි නිදහසට සහ අන්තර්ජාල ආර්ථිකයට තර්ජනයකි.
මෙම සම්බන්ධීකරණ නියෝජිතායතනය ඍජුවම පවතිනු ඇත්තේ මෙහි අධ්යක්ෂ ජෙනරාල්වරයා සිය අභිමතය පරිදි පත්කරනු ලබන ඩිජිටල් කටයුතු අමාත්‍යවරයා යටතේය. ශ්‍රී ලංකාවේ එදිනෙදා අත්දැකීම් සළකා බැලූ විට දේශපාලකයන් සංවේදී පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම බලය අනිසි ලෙස භාවිතයට මග පෑදීමේ පැහැදිලි අවදානමක් පවතී. රැස් කරගන්නා තොරතුරු භාවිත වන්නේ කෙසේද යන්නද මෙම පනත මගින් පැහැදිලි කෙරෙන්නේ නැත.
මෙම යෝජිත නියෝජිතායතනය සම්බන්ධයෙන් ඇති අහිතකරම තත්වය නම් කිසිඳු පොදු කොමිෂන් සභාවකින් පාලනය වන්නේ නැත. එවැනි පාලනයක් තිබීම විනිවිදභාවයෙහි අනුකූලතාවටද, වගවීමට සහ යහපාලනයටද අත්‍යවශ්‍ය වන්නකි. මෙමගින් ව්‍යවස්ථාව තුළ තහවුරු කරන ලද ජනතාවගේ පුද්ගලිකත්වය සහ නිදහස අනතුරෙහි හෙළනු ලබයි.
තවත් ගැටළුවක් වන්නේ රජය විසින් රාජ්‍ය විගණනයට යටත් නොවන පුද්ගලික සමාගමක් පවත්වාගෙන යාම දේශපාලන බල අධිකාරිය යටතේ වංචා සහ දූෂණ මතුවීමට ඉඩ සැලසීමක් වීමයි. එවැනි උදාහරණ අප සතුව ඇත.
මෙම යාන්ත්රණයටම පෙරදී ආරම්භ කරන ලද පුද්ගලික සමාගම් ලෙස ක්‍රියාත්මක නියෝජිතායතනවල විනිවිදභාවයෙහි හා වගවීමෙහි මදබව දරුණු ලෙස විවේචනයට ලක්වනු පැහැදිලිව දැකගත හැක. ආරම්භ කරන ලද විශාල ව්‍යාපෘති ගණනාවක්ම ඇණහිටින ලදි. අපි තවදුරටත් සුදු අලියෙකු වීමට නියමිත ව්‍යාපෘති ආරම්භ කිරීම කරගෙන යා යුතුද?
තවමත් පැහැදිලි කර නොමැති ගැටළුකාරී තැන් ගණනාවක් මෙම යෝජිත ව්‍යූහය සහ මෙහෙයුම්, බලතල සහ සීමා, සිය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සහ වගවීම හා වපසරිය සහ තහවුරුව සම්බන්ධව පැන නැගී ඇත.
එබැවින් මෙම යෝජිත පනත සඳහා ක්‍රමවත් විශ්ලේෂණයක් අවශ්‍යව ඇත.
එය කඩිමුඩියේ හිතුවක්කාර ලෙස නොකර පුලුල් සමාජමය පරිසරයක ජන අවශ්‍යතා අනුව කල යුතුය. ඊට සාධාරණ කාලයක් ගත යුතුය.
චීනයේ යතාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයෙන්, ශ්‍රී ලාංකික පුරවැසියන් තදින් සහ ගැඹුරින් මෙම සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් අධ්‍යයනය කළ යුතුය. ඒ මෙමගින් අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය වාණිජකරණය කරමින් ජනතාවට අන්තර්ජාලය තුළ සිය අදහස් ප්රකාශනයට ඇති පුද්ගලිකත්වයට සහ නිදහසට බලපෑම් කරනු ලබන බැවිනි.
පැහැදිලිවම සයිබර් ආරක්ෂණ පනත රජයට, බාහිර කිහිප දෙනෙකුට සහ
යම් පුද්ගලික සමාගමකට ප්‍රයෝජනවත් වනු ඇත. නමුත් එය එසේ සිදුවුවහොත් ජනතාව පමණක් එකම පරාජිත කොටස බවට පත්වනු ඇත.
නිරන්ජන් මීගම්මන
මහීෂ්වර කිරිඳිගොඩ
ශ්‍රී ලංකා අන්තර්ජාල සංගමය
යොමු:
යෝජිත සයිබර් ආරක්ෂණ පනත
චීන අන්තර්ජාල පාලනය
චීන සයිබර් ආරක්ෂණ පනත
ISOC සාකච්ඡාව
මහජන ප්‍රතිචාර
https://bit.ly/CyberSecurityActSL
#cyberBull #srilanka
20 Jun 2019
18 Jun 2019
සයිබර් ආරක්ෂණ පණත online සංවාදය
සයිබර් ආරක්ෂණ පණත සංවාදය
අද හවස 5.30 සිට LIVE on fb !
අනිවාර්යෙන් එන්න.
Cyber Security Bill Forum
Live on Facebook from 5.30 PM today.
https://m.facebook.com/events/439673553492817
and on
https://m.facebook.com/joininternetfreedom/

13 Jun 2019
අන්තර්ජාල නිදහස අවශ්‍යද?
අන්තර්ජාල නිදහස අවශ්‍යද?
සයිබර් පණත රටට අහිතකරද ?
සහභාගිවන්න LIVE on fb ...
Join internet society Sri Lanka
to discuss cyber security act and internet freedom on 18th.
https://m.facebook.com/events/439673553492817/
at OPASL Colombo 7
Organised by Internet Community Sri Lanka

6 Apr 2019
HiFlyer #1.1 සාර්ථක ව්‍යාපාරිකු වීමට මූලික අවශ්‍යතා
සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණය නම් පියවරෙන්-පියවර ප්රවේශයයි.
ඒ සඳහා දියුණු කරගත යුතු අවශ්‍ය මූලික පෞද්ගලික ලක්ෂණ නම්.
1.0 ධෛර්යය හා කැපවීම:
ඔබගේම වූ ව්‍යාපාරයක් කරගන යාමට දැඩි හැඟීම සහ කැපවීම තිබිය යුතුය. ඔබගේ ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් කැපවීම සහ ඊට ආදරය කිරීම වැදගත්ය. එම කටයුත්ත හොඳ සහ නරක කාලයන් හිදී ඔබට සතුට ලබා දෙන්නේද? එම ව්‍යාපාරය සමාජයට යහපතක් ලබාදෙන ලෙස සැලසුම් කිරීමටත්, නීතිමය අවශ්‍යතා සහ සමාජයීය වටිනාකම් තුල පවත්වාගන යාමට ඔබට හැකියාව තිබේද? බොහෝ ව්‍යාපාර අවදානමෙන් මිදී තිරසාර හා සාර්ථක භාවයට පත් වීමට කාලයක් ගතවේ. එම කාලය ධෛර්යය සම්පන්නව එකම අරමුණක ගෙනයාමට ඔබට ඉවසීම තිබේද?
2.0 දැනුම හා අත්දැකීම්:
සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඒ පිළිබඳව මනා දැනුමක් ලබා ගත යුතුය. ව්‍යාපාරය කරන පරිසරයේ තිබෙන ඔබගේ ව්‍යාපාරයට බලපාන සේවාදායකයින්, තරඟකරුවන්, ආදේශ භාණ්ඩ හා සේවා, මූල්‍ය හා උපදේශන සේවා සහ සහසම්බන්ධ ජාල පිලිබද මනා දැනුමක් ඔබ ප්‍රථමයෙන් ලබාගත යුතුය.
එය ව්‍යාපාරය පිළිවඳව කරන මූලික අධ්‍යයනයක් සේ සැලකිය යුතුය. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔබගේ ව්‍යාපාරයේ සැලැස්මක් නිර්මාණය කිරීමට හැකියාව ලබාගත යුතුය. ඊට ඔබට වෘත්තීමය සහය ලබාගැනීමට හැකි වුවද යම් දැනුමක් ඔබම ලබාතිබීම වැදගත්ය.
පළපුරුද්ද, දැනුම සමග නුවණක්කාර බව, පසු විපරම සහ කුඩා විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්ය. මෙහිදී විවිධ පත පොත කියවීමෙන්ද , අනිකුත් ව්‍යාපාරවල සාර්ථක හා අසාර්ථක භාවයන් ගැන ඉගනීමද කල යුතුය. ඔබ ආරම්භ කිරෛමට අපේක්ෂා කරන ව්‍යාපාරයේ තරම අනුව මුදල් පාලනය, සේවක පාලනය, භාණ්ඩ හා සේවා සහ ප්‍රචාරණය ගැන ඔබ ලබාගන්නා දැනුම අතිශයන් වැදගත්ය.
3.0 ප්රාග්ධනය සහ සම්පත්:
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යය. එමෙන්ම මූදල් නොවන සම්බන්ධතා වැනි සම්පත්ද වැදගත්ය. ප්‍රථම වසර තුල හෝ ව්‍යාපාරය ලාභ ලබන තුරු ධනාත්මක මුදල් ලැබීමක් පවත්වා ගැනීම සදහා ප්‍රමාණවත් ආරම්භක මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම කල යුතුයි.
ව්‍යාපාරයන් සුළු ආයෝජනයන් ගෙන් ආරම්භ කර අත්දැකීම් අනුව ක්‍රමයෙන් වර්ධනය කර ගත හැක. සමහර කටයුතු ඔබට තනිවම කරගත හැකි වුවත් සමහර කටයුතු සඳහා අන් අයගේ සහය අවශ්‍ය වේ.
ප්‍රථමයෙන්ම තමා විසින්ම කර අත්දැකීම් ලබා පසුව අන් අයට වැඩ පැවරිම ඔබ ව්‍යාපාරයට වඩා සුදුස්සෙකු බවට පත්කරයි. ඔබ කරන ආයෝජනය හා අපේක්ෂා කරන ආදායම මත ඔබගේ ව්‍යාපාරයේ අවදානමද පාලනය කළ හැකිය.
Visit https://ezee.lk
start your internet shop free
(c) Shilpa Sayura Foundation 2006-2019

3 Jan 2019
Killinochchi Floods - Community Relief Train
A train arrived in Killinochchi from Colombo Sri Lanka on 1st January 2019 with relief goods given by community collected at train stations.
More videos at https://www.facebook.com/yesmedialive
#yesmedia #NothernFlods #Killinochchi
More videos at https://www.facebook.com/yesmedialive
#yesmedia #NothernFlods #Killinochchi
Subscribe to:
Posts (Atom)