12 May 2026

Transparency, explainability, interpretability, and accountability in AI

Transparency, explainability, interpretability, and accountability are becoming central pillars of AI governance.



As AI systems increasingly influence transportation, healthcare, finance, robotics, public services, and national infrastructure, trust can no longer depend only on model accuracy. It must also depend on responsibility, traceability, and human oversight.

This is especially important for autonomous systems that can operate with little or no direct human intervention.

Autonomous vehicles, drones, industrial robots, intelligent surveillance systems, and AI-driven decision platforms are now capable of making operational decisions independently in real-world environments.

In such systems, governance is no longer optional. It becomes a safety, legal, and societal requirement.

Transparency focuses on visibility.

It answers questions such as:

• What happened?

• When did it happen?

• Which model, dataset, or system produced the result?

Transparency includes:

• audit logs

• metadata

• data lineage

• model documentation

• system limitations

• oversight responsibilities

Regulations such as the EU AI Act increasingly require organisations to disclose AI usage, identify synthetic content, and ensure traceability for high-risk AI systems.

Explainability focuses on logic and  reasoning of AI.

It asks:

How did the system arrive at this decision?

If an autonomous vehicle changes direction unexpectedly or an AI system rejects a financial transaction, investigators and operators should be able to identify the contributing factors behind the decision.

Interpretability goes further by connecting technical outputs with real-world meaning.

It helps humans understand why a decision matters within a specific operational or social context.

Some models, such as decision trees, are naturally interpretable, while deep neural networks often require additional techniques such as SHAP or LIME to support human understanding.

Trustworthiness in AI depends on more than performance.

It includes:

• reliability

• fairness

• robustness

• privacy protection

• cyber security

• human rights protection

AI systems increasingly process sensitive behavioural, biometric, financial, and mobility-related data. Without strong governance, poorly designed systems may create risks involving discrimination, surveillance misuse, privacy violations, or unsafe autonomous behaviour.

This is why accountability is becoming a major legal and technical challenge.

When autonomous systems operate independently, important questions arise:

• Who is responsible if the system fails?

• Can the decision process be reconstructed?

• Can investigators reproduce the event using forensic logs and system evidence?

Industry and regulators are increasingly moving toward:

• model logs tracking system behaviour and limitations

• data lineage records showing training data origins

• forensic logging for incident reconstruction

• explainability mechanisms for human oversight

• lifecycle governance frameworks supporting accountability and compliance

One of the major challenges remains the balance between performance and clarity.

Simpler models are easier to explain, while highly complex models may achieve stronger predictive performance but reduce transparency and public trust.

Responsible AI is not only about building intelligent systems.

It is about building systems that remain understandable, auditable, privacy-aware, human-centric, and accountable,  even when operating autonomously.

Niranjan Meegammana 

Sri Lanka Institute of Information Technology (SLIIT)

#AIGovernance #ResponsibleAI #ExplainableAI #TrustworthyAI #HumanRights #Privacy #CyberSecurity #AutonomousSystems


13 Jan 2026

මහනූවර ආපදා වලට අධි අවදානම් ද?


බොහෝ කඳුකර නගර බිහිවී ඇත්තේ මිටියාවත් තුලය. ඒ අතරම ගංගා ආශ්‍රිතවය.  උදාහරණයක් ලෙස මහනුවර නගරය ගනිමූ. එය අධික වර්ෂාව පවතින අවස්ථාවලදී ආරක්ෂිතද?

මහනුවර නගරය පිහිටා ඇත්තේ හන්තාන, උඩවත්ත කැලේ හා බහිරවකන්ද යන බෑවුම් සහිත කඳුවැටි වලින් වට වූ ස්වාභාවික බඳුනක් වැනි ස්ථානයකය. 

2025 වසරේ ඇති වූ දිත්වා (Dithwa) සුළි කුණාටුව පැය 96 ක් තුල පැවති මහනුවරට මිලිමීටර් 400කට ආසන්න වර්ෂාපතනයක් ලැබුණි. කඳු වළල්ලකින් වට වූ, ඝන ලෙස ඉදිකිරීම් සිදු කර ඇති නගරයකට මෙය අතිවිශාල වර්ෂාපතනයකි. නගරයේ මධ්‍යම ඇළ සහ කාණු පද්ධතිය මෙවැනි දැවැන්ත වර්ෂාපතනයකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර නොමැත. 

මහනුවර නගරයේ ජලාපවහන පද්ධතියේ ප්‍රධානතම දුර්වලතාවක් (Single point of failure) ලෙස මධ්‍යම ඇළ හැඳින්විය හැකිය. එහි ඇතිවන අවහිරතා හේතුවෙන් නගරයේ සමස්ත ජලාපවහන පද්ධතිය අඩාල වීම, නායයාම් අවදානම ඉහළ යාම සහ ප්‍රවාහන පද්ධතිය ඇණ හිටීම වැනි දාම අවදානම් රැසක් නිර්මාණය වේ.

මෙම බෑවුම් අධික ලෙස ජලයෙන් සංතෘප්ත වූ විට, එම අවදානම සාමාන්‍ය ගංවතුර තත්ත්වයකින් ඔබ්බට ගොස් නායයෑම් සහ මඩ ප්‍රවාහයන් දක්වා වර්ධනය වේ. ගලා එන සුන්බුන් හේතුවෙන් කාණු පද්ධති අවහිර වී, නගරයේ පහත් බිම් ප්‍රදේශ ක්ෂණිකව ජලයෙන් යට විය හැකිය. මාර්ග, දුම්රිය මාර්ග සහ පිවිසුම් මාර්ග වැසී යාමට හෝ කැඩී යාමට ඉඩ ඇති අතර රෝහල් සහ පොදු පහසුකම් හුදකලා වීමේ අවදානමක් ද පවතී. මෙය කල්තියා ජනතාව ඉවත් කිරීම් (evacuation) අවශ්‍ය වන ඉහළ බලපෑමක් සහිත ආපදා තත්ත්වයකි.

මෙවැනි සීමාවන් ඉක්මවා යන අවස්ථාවලදී යටිතල පහසුකම්, ප්‍රවාහනය, ව්‍යාපාරික කටයුතු, හෝටල් ඇතුලු සංචාරක ක්ෂේත්‍රය සහ පොදු ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමේ තත්ත්වයකට පත්වේ. එබැවින් හදිසි ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, පූර්ව සූදානම, පූර්ව අනතුරු ඇඟවීම් සහ සම්බන්ධීකරණය කරන ලද ආපදා කළමනාකරණ සේවා මෙන්ම අවතැන් වූවන්, තුවාල ලැබූවන්, මූලික අවශ්‍යතා සහ මහජන සෞඛ්‍යය පිළිබඳ සැලසුම් ද මෙයට ඇතුළත් විය යුතුය. 

මේ සඳහා බහුවිධ විසඳුම් සහ පාර්ශවකරුවන් රැසකගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. එමනිසා වහාම ජාතික අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් මෙහිදී හඳුනාගත හැකිය:

1. සංකීර්ණ ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගත හැකි AI (කෘතිම බුද්ධිය) පාදක කරගත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති භාවිතය.

2. අධික වර්ෂා ජලය කළමනාකරණය කිරීම සහ බැස යාමට සැලැස්වීම සඳහා ආපදාවකට පෙර සිදු කරන භූ-ඉංජිනේරු (Geo-engineering) ක්‍රියාමාර්ග.

මෙම ඉංජිනේරු සහ AI පද්ධති එක්ව ක්‍රියා කිරීමෙන් අවදානම්  කාලගුණික සිදුවීම් පුරෝකථනය කිරීම පමණක් නොව, අවදානම් තත්ත්වයන් වර්ධනය වන ආකාරය සහ ආරක්ෂිත සීමාවන් ඉක්මවා යන ආකාරය නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකිය. එමඟින් ආපදා සීමාවන් ඉක්මවා යාමට පෙර කාලෝචිත ලෙස මැදිහත් වීමට අවස්ථාව සැලසේ.

මහනුවර මධ්‍යම ඇළ අවදානම කළමනාකරණය :

මේ සඳහා නවීන තාක්ෂණය,  ඉංජිනේරු විසඳුම් හා මහජන චර්යා වෙනසක් එක් කළ විට එහි කාර්යක්ෂමතාව බෙහෙවින් ඉහළ යයි. විශේෂයෙන්ම කඳුකර නගරයකට ආවේණික වූ බෑවුම් සහිත ස්වභාවය නිසා, ඇළ මාර්ගය සහ අවට බෑවුම් වල ස්ථායීතාව අතර සෘජු සම්බන්ධයක් පවතී.

නවීන තාක්ෂණික විසඳුම් මඟින් එම අවදානම පාලනය කිරීමට 

  • බෑවුම් ස්ථායී කරණය (Slope Stabilization) සඳහා ඉවූරු වල. පස ශක්තිමත් කිරීම කල යූතුය.
  • සිදූරු ජලාපවහන නල (Horizontal Drains) මගින්  බෑවුම් සහිත ප්‍රදේශවල පස තුළ ඇති අතිරික්ත ජලය ඉවත් කිරීම කළ හැක. 
  • භු-දැල් යොදා  පස සෝදායාම වැළැක්වීමට ආරක්ෂිත ආවරණ යෙදීම ද, නාය යාම් වලකන සැවැන්දරා, උණ වැනි ශාක  රෝපනය කිරීමද අවශ්‍යය. 
  • මධ්‍යම ඇලේ තනි බිඳ වැටීම වැලැක්වීමට එයට එන අතිරික්ත ජලය වෙනත් දෙසක ට හරවා යැවීමට නව නාලිකා පද්ධතියක් ඉදි කිරීම ඉතාම වැදගත්ය. ඒ සඳහා බහිරවකන්ද, උඩවත්ත කැලේ හා හන්තාන කඳු ඔස්සේ එන ජලය මධ්‍යම ඇලට ඇතුළුවීමට පෙර මහවැලි ගඟට හැරවිය යුතුවේ.
  • AI භාවිතයෙන් වර්ෂාව හා මධ්‍යම ඇලේ ජල මට්ටම හා ගලා යාම  පුරෝකතනය කර ජල ගැලීම් සිදුවීමට පැය කිහිපයකට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

චන්ද්‍රා ගමගේ (භු-ඉංජිනේරු විශේෂඥ) නිරංජන් මීගම්මන (AI විශේෂඥ) 

Climate Tech Foundation 

 #shilpasayura #climatetech #kandy

7 Feb 2021

Java OOP Programming primer


Java, Spring Boot, Android Studio, Flutter ! මේ හතරම එකද? ඒ ගැනයි මේ ලිපිය . කෙටියෙන් කියනවානම් Java කියන්නේ Object Oriented Programming Language එකක්. අනිත් 3 ම විශේෂ අවශ්‍යතා සඳහා සැකසුන Java මත ගොඩ නැගුනු framework සහ development tools. හුඟක් අය අමාරුවේ වැටෙන තැනක් තමයි framework එකෙන් වැඩ පටන් ගන්න එක. සමාන ලක්ෂණ පෙනුනට Java Python වගේ නෙමෙයි. C වගේත් නෙමෙයි. Java language එක හුඟක් වෙනස්. Java වල අභියෝගය තියෙන්නේ OOP Approach එක හරියට අවබෝධ කරගන්න එක. Python වල print("Hello World") කියලා ලියන එක Java වලින් මෙහෙම ලියන්නේ ඇයි ? public class Main { public static void main(String[] args) { System.out.println("Hello World"); } } ඒක හරියට ඔලුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ කියලා හිතෙනවා නේද? public, class, Main, static, void, main, String, args Statem.out , {} වචන වලින් වෙන්නේ මොකක්ද? ඒවා නැතුව println("Hello World"); විතරක් ලියන්න බැරි ඇයි? ඒ මදිවට compile කරලා ආයේ වෙනම run කරන්න ඕනේ ඇයි ? කෙටිම පිළිතුර Object Oriented Programming එහෙම තමා කියන එක. ඒත් ඒක පැහැදිලි පිලිතුරක් නං නෙමේ. OOP සංකල්ප අවබෝධ කරගන්න අපට තවත් ගැඹුරට Java හදාරන්න වෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්නේ object එකක් කියන මුලික සංකල්පය. සරලව කීවොත් object දත්ත සහ හැසුරුම් කේත එය තුලම ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා එයට බාහිර කේත හා දත්ත නොමැතිව ස්වයංව ක්‍රියා කරන්නට පුළුවන්. ඒකට කියන්නේ Encapsulation කියලා. Object එකක් නිර්මාණය කරන්නේ base class එකකින්. එකම base class එකකින් Object ගණනක් හදන්න පුළුවන්. ඒ object එකිනෙකට සමාන වගේම වෙනස් වෙන්නත් පුළුවන්. ඒ Object අතර සන්නිවේදනය කරන්නත් පුළුවන්. මේ program එක Car කියන base class එක භාවිතා කරලා Car objects දෙකක් නිර්මාණය කරනවා. ඒවා කාර් වර්ග දෙකක්. public final class Car { private final String name; public Car(String brand) { this.name= brand; } public static void main(String[] args) { Car car1 = new Car("Toyota"); Car car2 = new Car("Suzuki"); System.out.println(car1.name); System.out.println(car2.name); } } අපි මෙතනදී බාවිතා කලේ Car base class එකේ Constructor method එක. හැබැයි කාර් මෙහෙයවන්න අපට තවත් functions ඕනේ වෙනවා. start, run, break, honk, stop වගේ methods අපට base class එකටම දාන්න පුළුවන්. එතකොට car1 සහ car2 කියලා අපි නිර්මාණය කරන object දෙකටම ඒ methods automatically ලැබෙනවා. එවිට ඒ කාර් අපට මෙහෙයවන්න පුළුවන්. කාර් object එක තුළම ඒවා හසුරුවන දත්ත සහ ක්‍රමවේද ඇතුලත්. ඒවා ස්වයංපෝෂිතයි. ඒ සංකල්පයට කියන්නේ Inheritance. Java programming කරන්න මේ වගේ OOP සංකල්ප වලින්. Java වල structural programming වලට අමතරව Abstraction, Inheritance, Polymorphism, Encapsulation, Constructor වගේ ප්‍රධාන OOP සංකල්ප සමග overloading, overriding , Static and dynamic binding, Access specifiers techniques ප්‍රායෝගිකව භාවිතා කරන හැටි ඉගෙන ගත්තාම Android, Spring Boot , Flutter කරදරයක් නැතිව කරගන්නත් පුළුවන්. නැත්නං මග හිරවෙනවා. ඒ නිසා ඔබ පළමුව කළ කළ යුත්තේ හරියට Java OOP Programming ඉගෙන ගන්න එකයි. ඒ වෙනුවෙන්ම වූ විශේෂ පාඨමාලාවක් ශිල්ප සයුර nextgen ඔබට හඳුන්වා දෙනවා. ලියාපදිංචිය මෙතනින්. https://forms.gle/AjFzTQ7EU1RcJNeK9 වැඩි විස්තර සඳහා 0777573857 අංකයට පණිවිඩයක් එවන්න නැතිනම් අමතන්න. #shilpasayura #nextgen

2 Jun 2020

Moving Kitty Scratch Example

හැකරුන්, අවභාවිතකයන්, සහ අපචාරකයන් ක්‍රියාත්මකයි

corona වයිරසය  සමඟ අන්තර්ජාල භාවිතය වැඩිවීමත් සමගම හැකරුන්, අවභාවිතකයන්,  සහ අපචාරකයන් අධික ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. 
 
සමහරුන්ගෙන් ඉලක්කය දත්ත සොරා ගැනීමයි. සමහරුන්ට අවශ්‍ය  YouTube  නාලිකා ප්‍රසිද්ධ කර ගැනීමයි. සමහරු විනෝදයට එය කරයි.  සමහරු එන්නේ ළමා අපචාරය ටයි.

ඔවුන්ගේ විශේෂත්වය නිර්නාමික භාවයයි. facebook පිටුව, යූ ටියුබ් චැනලය හෝ වෙබ් අඩවිය කරන්නෙ කවුද යන බව සඟවා ඇත.

ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය පාසල් ළමුන්ය. ඒ මගින් පවුලේ පරිගණක වලට, දුරකථන වලට ඔවුන් ඇතුළු වෙති. ඒ සඳහා pishingn link එවති. නැතහොත් pishingn link අඩංගු PDF ලබාදෙති. සමහර youtube චැනල වල කමෙන්ට් දමා link දමති. පසුගිය දිනවල free data ලබාදීමට ආ බොරු post ඔබට මතක ඇති.

බොහෝ ගුරුවරු පාසැල් වසා ඇති නිසා නොමිලේ ඔන්ලයින් උගන්වන වට්ස්ඇප් සමූහ සාදාගෙන උගන්වති. ඒවා වලට ළමයින් මෙන් පෙනී සිට රිංගීම අපචාරකයන් ගේ අලුත්ම ක්‍රමය වී ඇත. 

මා මෙය ලියන්නේ  6-7 ශ්‍රේණි වල දරුවන්ට  scratch ක්‍රම ලේඛනය උගැන්වීමට සෑදු පුද්ගලික whatsapp ගෲප් එකට +94 71 886 1776 දුරකථන අංකයෙන් රිංගා, EMP නම් ෆේස්බුක් පිටුවක් හා youtube චැනලයක් ජනප්‍රිය කරවීමට එය අවභාවිත කළ නිර්නාමික පුද්ගලයෙකුගේ සිදුවීමක් නිසාය.  

ඔබද දන්නා පරිදි youtube මේ වන විට හොඳ තොරතුරු මෙන්ම සිංහලෙන් ඉතාම අසභ්‍ය දෑ පළ කරන ස්ථානයක් වී ඇත.සමහරු දෙකම කරමින් එකකින් එකකට ට්‍රැෆික් අද්දවා ගනිති. නිර්නාමික මේ පුද්ගලයන්ගෙන් ඔබේ දරුවා ප්‍රවේශම් කරගන්න. නමක් ගමක් සහිතව වගකීමකින් යුතුව අධ්‍යාපන තොරතුරු ලබා දෙන තැන්වලට පමණක් ඔබේ දරුවා යොමු කරන්න. එයත් නියාමනය කරන්න.

ඒ අතරම  අද live උගන්වන webinar එකකට windows  ආසාදනය කළ හැකි script එකක් යමෙක් විසින් අප්ලෝඩ් කලේය.  ඒ අවස්ථාවේ ලොගින් වී සිටී 150 කට අධික සිසුන්ගේ පරිගණක හා ජංගම දුරකථන ආරක්ෂා කර ගැනීමට අපට හැකි වූයේ වහා ක්‍රියාත්මක වී සිසුන් දැනුවත් කළ නිසාය. මේ දෙකම සිදුවන්නේ එකම දවසේය. එනම් අප වැඩසටහන දියත් කළ දිනයේ ය. ඒ සැලසුම් සහගත ප්‍රහාරයක් ලෙස අප සලකමු.

පසුව Digital footprint හා social engineering ක්‍රම භාවිතයෙන් මෙම අපචාරකයන් දෙදෙනාම මේ වන විට අප විසින් හඳුනාගෙන ඇත. ඕනෑම හොරකමක් අසුවෙයි. හැකරුන් ද එසේය. ඔවුන් කොතනක හෝ  digital සලකුණක් ඉතිරි කරති.
ඔවුන්ගේ ඒ අවක්‍රියාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ පළමු පියවර මේ ලිපියයි. ඉතිරිය ඉදිරියට.

EMP  නැමැත්තා මෙම ක්‍රියාව කලා මෙන්ම එය වැරදියි කියා අප කියූවිට අපට අපහාස කර , අප සමග කළ පුද්ගලික කතාබහ අප්ලෝඩ් කර තවත් දුරට සමූහයේ පිස්සු නැටුවේය. ඒ පැහැදිලිවම තමන් කරන ලද වරද විශාලනය කරමින් අපහාස කිරීමය. ඩිජිටල් මාධ්‍යයෙන් වුව එය සාපරාධි අපහාසයක්  (criminal deformation) සේ සැලකේ. එය ශ්‍රී ලංකාවේ නීතිගත පරිගණක අපරාධයකි. අහෝ කොතරම් අන්ධද? ඒ කිසිවකුත් නොදනී.

නොමිලේ ලබා දෙන සමාජ මාධ්‍ය සේවාවන් හා අන්තර්ජාලයේ අනිහිඛවනීය  නිර්ණාමිකත්වය ප්‍රයෝජනයට ගනිමින් සදාචාර හා නීතිමය විරෝධී කටයුතු වල යෙදෙන්නන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නව නීති අවශ්‍ය වේ. ඒ අපේ ළමුන්, අපගේ අධ්‍යාපනය , අපගේ සදාචාරය ආරක්ෂා කරගැනීම සඳහාය. ඒ සඳහා අප දැඩි සේ කටයුතු කරමු. ඒ යහපත් මිනිසුන්ගේ ඩිජිටල් අයිතිවාසිකම් රැකදීම සඳහා ය.

මේ අනුව ඔඛ හදන WhatsApp private group වලට පිට තොරතුරු දාන්න අවසර නොදෙන්න. 

ළමයි හදන program,  සහ අහන ප්‍රශ්න වලට පිළිතුරු විතරක් අවසර දෙන්න. ඒවා වලට ළමයින් ලෙස පෙනී සිටිමින් අපචාරකයන් ඇතුළුවීමට ඉඩ නොතබන්න. 

එක් එක් ලින්ක්, post දාන අය සහ මැසේජ් කරන අයගෙන් ළමයින්ට පරිස්සම් වන්නට කියාදෙන්න.

ඔවුන් ඔබට virus එවිය හැකි බවත්, පරිගණකයේ හෝ ෆෝන් එකේ දත්ත සොරා ගත හැකි බවත් ළමුන්ට කියා දෙන්න.

ගුරුවරයා ලබා දෙන තොරතුරු හා හා link පමණක් click කිරීමට උපදෙස් දෙන්න.

සමූහයේ සාමාජිකයන් ලෙසින් පෙනී සිටින අපචාරකයන් හඳුනා ගැනීමට විමසිලිමත් වන්න. එවැන්නෙක් හමුවූ පසු ප්‍රසිද්ධියේ ඒ කියන්න. අනිත් අයටත් දැනගන්න. ළමුන් වහාම දැනුවත් කරන්න. අව භාවිතා කරන්නන් සමාවකින් තොරව සමුහයෙන් ඉවත් කරන්න.

බාලවයස් ළමයින්ගේ සමූහයන් කළමනාකරණය කරන අපට එම ගෲප් වලට එකතු වුන ළමුන්ගේ ආරක්ෂාව  වගකීමක් වේ.  දෙමාපියන් ළමුන් අපට බාර දෙන්නේ නිර්නාමිකයන්ගේ  අපචාරයන්ට ලක් වීමට නොවේ. අප ඔවුන්ට ආරක්ෂාකාරී ඩිජිටල් පරිසරයක් ලබාදීමට වගකීමෙන් බැඳී සිටිමු.

පාසල් ලමුන් හා ඔබ දන්නා ගුරුවරුන් කිහිප දෙනෙකුට හැර වෙනත් කිසිවකුට සමූහයට ඇතුලුවීම හෝ පෝස්ට් දැමීම තහනම් බව පලකරන්න.  එමෙන්ම එය ක්‍රියාත්මක කරන්න. නිර්නාමික ෆේස්බුක් පේජ් වල, ගෲප් වල සහ ප්‍රොෆයිල් මඟින් ඔබට ඉදිරිපත් කරන පෝස්ට් අනුමත නොකරන්න.
 
එවැනි අයකුගෙන් පුද්ගලික පණිවිඩයක් හෝ පෝස්ට් එකක් ආව හොත් වහාම පැමිණිලි කරන ලෙස ළමයින්ට උපදෙස් දෙන්න. 

ඔබගේ පරිගණකය සාදා දෙන බව කියා, හැකින් උගන්වන බව කියා,  අවසර අරගෙන, phishing link එකක් ඒවා, ඔබට කියා එහෙ ක්ලික් කර ක්ලික් කර,  පරිගණකය ආසාදනය කර,  අන්තර්ජාලයෙන් එයට ඇතුළු වී දත්ත සොරා ගෙන හෝ මකා දමා හෝ encrypt කර කිසිවෙකුට  ළමුන් කරදරයකට පත් කිරීමට ඉඩ නොතබන්න.

PDF download මගින්ද වයිරස් එවිය හැක. Click bait  PDF සැක කරන්න. Ad fly ඉතාම අනතුරුදායකය. 

අන්තර්ජාලයේදී ඔබ නොදන්නා කිසිවෙකුත් විශ්වාස නොකරන්න. අනන්‍යතාවය නොමැති තොරතුරු, file, ගෲප්, page, පුද්ගලයන් මගහරින්න.

WhatsApp ඉතාම ආනාරක්ෂාකාරී තැනකි. එහි ප්‍රවේශම් වන්නට හා හැසිරෙන්නට ළමුන්ට කියාදෙන්න. 

කොරෝනාව නිසා හතු පිපෙන්නාක් මෙන් බිහිවන නිර්නාමික youtube channel,  පාඩම් සපයන්නන්, e learning සේවා සහ හැකරුන් ගෙන් ළමයින් ආරක්ෂා කරගැනීමට අන්තර්ජාලයේ කාලයක්, කොරෝනාවට පෙර අධ්‍යාපනය ලබා දෙමින් ළමුන්ට හා ගුරුවරුන්ට සේවය සැපයූ නියම ICT ගුරුවරුන් හා වෘත්තිකයන්ට මේ අවස්ථාවේ විශාල වගකීමක් පැවරේ. 
වගකීමක් සහිතව,  සම්මතයක් සහිතව අධ්‍යාපන තොරතුරු ලබාදෙන ගුරුවරුන්  මේ අවස්ථාවේ දැනුවත් වන්න. දෙමාපියන් හා ළමයින් දැනුවත් කරන්න. අපචාර වැළකීමට ඉදිරියට එන්න. 

අපේ ළමුන් අපි ආරක්ෂා කර ගනිමු. අපට එය කළ හැකියි!

#isoc #shilpasayura #esociety #ict

නිරංජන් මීගම්මන.
Shilpa Sayura Foundation
Member Internet Society  
Member Computer Society.of Sri Lanka

3 May 2020

කොරෝනා අර්බුදය ඉදිරියේ ළමුන්ගේ මානසික සෞඛ්‍යය



COVID-19 නිසා  ලෝකයේ 99% ක් ළමුන් නිවසටම සිරවී සිටීමට සිදුවී ඇත. ඉන් 60% ක් අර්ධ හෝ පූර්ණ corona වයිරසයෙන්  lockdown වූ රාජ්‍යය වල වාසය කරති. ඔවුන් බිලියන 1.5 ක් ක් පාසල් නොයති.

ළමුන් වැඩෙන්නේ ඔවුන්ට ආරක්ෂාකාරී පරිසරයකය. ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපිරී, වැඩිහිටි හා සමාජ සම්බන්ධතා ස්ථාවර හා පෝෂණීය වූ කළ ඔවුන් සතුටින් හොඳින් වැඩෙති.

කොරෝනා වයිරස් වසංගතය හමුවේ ඔවුන්ගේ ජීවිත මහත් පසුබෑමකට ලක්ව ඇත්තේය. එය ඔවුන්ගේ සෞඛ්‍යය,  අධ්‍යාපනය, සංවර්ධනය හා පවුලේ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම සැහැසි කමෙන්, අපචාරයෙන් හා විසමාචාරයෙන් අනාරක්ෂිත කර ඇත.

එය කෙළින්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍යට බලපායි.
කුඩාම ළමුන් මෙහිදී වැඩිම අවදානමක සිටින අතර ඉහළ  මානසික පීඩනය සහ හුදකලාවීම ඔවුන්ගේ මොළය වර්ධනයට දීර්ඝකාලීන ලෙස නැවත පිළිසකර කර ගැනීමට නොහැකිවන පරිදි බාධා කල හැක.

තම පවුලෙන් වෙන්වීම, අසනීප වූ නෑදෑ හිතවතුන් මෙන්ම හදිසි මරණ වලට ලක්වූ ආදරණීයයන්ද , දිනපතා ඇසෙන, දකින භයංකාර තොරතුරුවලින්ද   ඔවුන් මානසික පීඩාවකට පත් කරයි.

මින් වැඩියෙන්ම පීඩා විඳින්නේ ගැහැනු ළමයින්ය. අධික රැකවල්,  හිංසනය, නිවසේ වැඩ හා පරිභව කිරීම් වලටත් වෙනත් අපචාරයන්ටද ඔවුන් ලක්වෙති.  මෙයින් ඔවුන් මහත් කාන්සියකින් පසුවෙති. දෙමව්පියන් වැඩට යාමේදී පෙර ඔවුන් පාසල් ගොස් ආරක්ෂා වූහ.

අත්‍යාවශ්‍ය සේවා යෙදෙන දෙමාපියන් නිවසෙන් බැහැර වීමේ දී පාසල් නොයන නිසා ඔවුන්ට විවිධ ස්ථානවල නැවතීමට සිදුවේ. ඔවුන්ගේ ආරක්ෂාව හා සැලකිල්ල එයින් අවදානමකට ලක්විය හැකිය.

තම දෙමාපියන් පිටරට රැකියා වල නියැලේ නම් හෝ දුරබැහැරක සිරවී නිවසට පැමිනීමට නොහැකිව සිටින්නේ නම්ද ළමුන් මහත් මානසික පීඩාවකට පත්වේ.
තම පාසලෙන්, පංතියෙන්, මිතුරන්ගෙන්, ගුරුවරුන්ගෙන්, අමතර පන්තියෙන්, ක්‍රීඩා පිටියෙන්, දහම් පාසලෙන් වෙන්වී නිවසක ක්‍රියාකාරකම් රහිතව හුදකලාව ගත කිරීම තරම් පීඩාවක් ඔවුනට තවත් නොමැත.

අධ්‍යාපන කටයුතු අතපසු වේ යයි සිතමින් දෙමාපියන් විසින් අමතර හා අධික ලෙස පවරන තනියම පාඩම් කිරීමකට යොමු කිරීමද ඔවුනට පීඩාවකි. දිගින් දිගටම රූපවාහිනියට ලොල් වීම ඔවුන්ගේ මනස ද වෙනතක යවයි.

සමහරු අධික ලෙස පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා වලට ඇබ්බැහි වනු දක්නට ඇත. එකම ක්‍රීඩාව තනියම දිගින් දිගටම කිරීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවා හා සමානය. ඔවුන් අධික ලෙස කේන්ති ගනිති. දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමඟ රණ්ඩු කරති.

ඔවුන්ගේ ලෝකය කෙමෙන් ගරා වැටෙන බව ඔවුන් සිතති. වැඩිපුර නිදා ගැනීම, ව්‍යායාම අඩුවීම ඔවුන් අලස වීමට ද  බලපායි.
කොරෝනා වසංගතය විසින් ඇති කරන පවුලේ හා සමාජයේ ආර්ථික පහළ වැටීම ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරාලීම සීමාකරනු ඇත.

අලුත් අවුරුද්ද නැති විණි. වෙසක් ආදී උත්සවද නැතිවී.  පෙරදා මෙන් දෙමාපියන් සමග ගිය ගමන් වලින් මිදී නිවෙසට  සිරවීම හා අධික ආරක්ෂණයකට යොමු කිරීම කොතරම් අභාග්‍යයක්ද? කුඩා ළමුන් මේ වෙනස තේරුම් ගන්නේ කෙසේද? ඔවුන් සිතන්නේ ඔවුන්ව වෙන් කොට, කොන් කර සලකනවා සේය.

ළමුන්ගේ මානසික සෞඛ්‍යය පහත වැටීම සමාජයට වැඩදායී නොවෙයි. ඒ පිළිබඳව දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් රජය තම අවධානය යොමු කළ යුතුය. දෙමාපියන් කොතරම් විවිධ ආර්ථික හා සමාජීය  ගැටලුවලට මුහුණ දුන්නද තම දරුවන්ගේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට වෙනදාට වඩා පරිස්සමින් හා සැලකිල්ලෙන් විශේෂ අවධානයක් යොමු කිරීමටත්, ඔවුන් හා කාලය ගතකිරීමටත්, නිර්මාණශීලී සාමූහික පවුල් ක්‍රියාකාරකම් වල නියැලීමටත් වගබලා ගත යුතුය.

ළමුන්ගේ ජීවිතය සමාන්‍ය කරණයට, ඔවුන්ට සතුටින් ජීවත් කරවීමට හා අධ්‍යාපනයේ අඛණ්ඩතාවය පවත්වා ගනු පිණිස විශේෂ වැඩසටහන් නිර්මාණය විය යුතුය. අන්තර්ජාලය මේ සඳහා මහත් අත්වැලක් සපයයි. ළමුන් සඳහා සුදුසු අධ්‍යාපන වැඩසටහන්, වෙබ් අඩවි, තරග, දැනුම හුවමාරුව, පාසලේ මිතුරු මිතුරියන් හමුවීමට අවස්ථා e තාක්ෂණයෙන් නව නිර්මාණ බිහිකළ යුතුය. ළමුන් මානසිකව හුදකලා නොවන සේ ක්‍රියාකාරකම් වල යෙදවිය යුතුය.

ළමුන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩ සලසා දී දෙමාපියන් ඔවුන් ගැන හොඳ අවධානයකින් සිටිය යුතුය. කිසිසේත් ළමයා තනිවම කාමරයක අන්තර්ජාලය භාවිතා නොකළ යුතුය. ඔහුගේ පරිගණක හෝ ජංගම දුරකතනයේ තිරය ඔබට දිස්විය යුතුය. වඩාත්ම සුදුසු ස්ථානය නිවසේ විසිත්ත කාමරයයි.

මේ අතරම සමාජ මාධ්‍ය තුළ ළමා සිත් දූෂණය කරන, ඔවුන් අපචාරයට පොළඔවන සදාචාර විරෝධී කණ්ඩායමක් ක්‍රියාත්මක ව සිටිනු පෙනේ. පටු අරමුණු සහිතව ජනප්‍රියතාවය ලබාගැනීමට ඔවුන් ක්‍රියාත්මක වන්නේ රටේ ළමා පරපුර විනාශ කිරීම සඳහාය. මෙම පහත් ක්‍රියාකාරකම් ජන මනස වෙනත් දේ සඳහා යොමු කිරීමට සැලසුම්ගත සිද්ධීන් බවටද සැකයක් පවතී.

නොමිලේ ලබාදෙන විවිධ සේවා ලෙස නොදන්නා හෝ දන්නා ආයතන නියෝජනය කරමින් එන offers තුළ ඇති link මගින් ඔබගේ පරිගණකයට වෛරස ඇතුල් කරනු ඇත. දෙමාපියන්ගේ ජංගම දුරකථන හා පරිගණක භාවිතා කරන ළමුන් හා නොදැනුවත් දෙමාපියන් හැකරුන් විසින් ඉලක්ක කරන බව අපට පෙනේ. සමහර යොමු කාම අඩවි සඳහා සෙනග ගෙන්වා ගැනීමට භාවිතා වේ. සමහරක් ඔබේ පරිගණකයේ credit card  හා බැංකු ගිණුම් දත්ත හා ඔබේ අතිශයින් රහසිගත දත්ත හා සන්නිවේදනයන් සොරකම් කිරීමට කටයුතු කරයි. ළමුන්  හා ඔබ නොදැනුවත්වම මේ අවක්‍රියාවේ ගොදුරු බවට පත්වීමට ඉඩ ඇත.

සෑම සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක්ම ලමුන් අපචාරයට ලක් කිරීම, ඔවුන්ගේ සිත් දූෂණය කිරීම හා ළමුන්ට එරෙහි වෙනත් අකටයුතුකම් මගින් ළමුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවන් පිළිබඳ අවබෝධයෙන් හා විමසිල්ලෙන් සිටිය යුතුය. එවැනි ග්‍රාහකයින් හා ඔවුන්ගේ අවක්‍රියාවන්ද, ඔවුන් ගැන තොරතුරුද බලධාරීන්ට වාර්තා කිරීම අප විසින් කළ යුතුමය.

කොරෝනා වසංගතයේදී ලමුන්ගෙ සතුට, අභිමානය, සංවර්ධනය,  ආරක්ෂාව, මානව අයිතිවාසිකම් හා අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව වර්ධනය අප සැමගේම පොදු වගකීමක් වෙයි. ඒ වෙනුවෙන් එක්ව කටයුතු කරමු. හැමෝම දැනුවත් කරන්න. අන්තර්ජාලය ළමුන්ට හොඳයි. නමුත් ඔබත් අවධානයෙන් සිටින්න.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර


#esociety #srilanka #covid19

29 Apr 2020

e society එකට පණ දෙන්නට



මිතුරනි,
2006  දී ලංකාවේ සිදුවුන ප්‍රධානතම සංවර්ධනයක් තමා e  Sri Lanka ව්‍යාපෘතිය.  ශිල්ප සයුර පටන් ගත්තේ එහි e society development  initiative තුළින්.  අපි සාර්ථක දිගු  ගමනක් e society තුළින් පැමිණ සිටිනවා. අද Covid-19 බලපෑම නිසා ඉදිරියේ ඇතිවන නව සමාජයට අවශ්‍ය e දැනුම, e ව්‍යාපාර, e අධ්‍යාපනය හා තාක්ෂණය සංවර්ධනයට නැවත වරක්  e society එකට පණ දෙන්නට එහි නිර්මාතෘ දිලන්ත විතානගේ මට ඇරැයුම් කළා.
එය ඉතා සතුටක්. මේ පණිවිඩය ලියන සිංහල යුනිකේත
මේ ගැන විවෘත සංවාදයක් කරන්නට අප සිතනවා.
එකතු වෙන්නට කැමති හැමෝටම මේ ආරාධනාව.
එකතුවෙලා වැඩ කරන්න කැමති අය අදහස් හා යෝජනා comment කරන්න.

#esociety #srilanka #postcovid19 #edevelopment
එකතුවන්න facebook group එකට





21 Apr 2020

දරුවන් සදහා නොමිල් Scratch Programming online පාඨමාලාව.

පාසල් විෂය නිර්දේශයට අනුව Scratch Programming සති 4 කින්.වයස අවුරුදු 12-15 අතර දරුවන්ට නොමිල් online පාඨමාලාව.


අදම ලියාපදිංචි වන්න: https://tinyurl.com/ybjrdp3r


Free online Scratch programming Training according to the school curriculum for school children between 12-15 years of age.

Register now: https://tinyurl.com/ybjrdp3r

17 Apr 2020

 
පාසල් විෂය නිර්දේශයට අනුව Scratch Programming.
සති 4 කින්.
වයස අවුරුදු 12-15 අතර දරුවන්ට. නොමිල් online පාඨමාලාව.
අදම ලියාපදිංචි වන්න: https://tinyurl.com/ybjrdp3r

Free online Scratch programming Training according to the school curriculum for school children between 12-15 years of age. 


Scratch පාසල් ළමුන්ට කේතකරණ ඉගෙනීමට උපකාර වන මෙවලමකි.

Scratch coding tool helps young people to learn computer programming.

5 Apr 2020

කොරෝනාව ඇති කරනලද අධ්‍යාපන අර්බුදයට තාක්‍ෂණයෙන් මුහුණ දීම

නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආ අප නවීන තාක්‍ෂණය යොදාගන අධ්‍යාපනය නිදහස් නිදහස් කරගැනීමේ උත්සාහයේ අළුත්ම පියවර අප්‍රේල් 06 වැනිදා අරඹමු. එය අපටද, ගුරුවරුන්ට හා සිසුනටද අලුත්ම අත්දැකීමක් වනු ඇත.

 #NextGen #ISOC #ISOCLK #SholpaSayura #GirlsInTechnology #GiT #ICTTeachersofSriLanka

20 Jun 2019

චීනයේ අන්තර්ජාල පුද්ගලීකරණය සහ ශ්‍රී ලංකාව

රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ජනතාව විසින් ගොඩනගන ලද බැවින් කිසිවෙක් අන්තර්ජාලයට හිමිකම් කියන්නේ හෝ එය පාලනය කරන්නේ නැත. එය  ස්‌පර්ශ කළ නොහැකි භෞතික යටිතලයකින් ජාලයන් එකිනෙක සම්බන්ධ කරන ජාලයකි.

අන්තර්ජාලය යනු පොදු මහජන අදහස් ප්‍රකාශනයට, විරෝධතා සංවිධානයට සහ නිදහසේ සීමා පුළුල් කිරීමට යොදාගැනෙන විමුක්තිකාමී තාක්ෂණයකි.

චීනයේ අන්තර්ජාලය චීන ආර්ථිකය මත විශාල බලපෑමක් ඇතිකරනු ලබන අතර මහජන දේශපාලන මනස හැඩගස්වනු ලබයි. චීනයේ මහා අන්තර්ජාල ආරක්ෂණ ප්‍රාකාරය (The Great Firewall) නිර්මාණය කරන ලද්දේ ජාලගත තොරතුරු නීත්‍යානුකූලව නිරීක්ෂණයට සහ වාරණයට ය. එය විසින් චීන ජනතාව බාහිර ලෝකයට ජාලගතව නිරාවරණය වීම පාලනය කරනු ලබයි.

කෙසේ නමුත් සයිබර් අවකාශය දැඩිව පාලනය වන නමුත් චීන ජනතාව සිය රජයට සහ දූෂිත නිලධාරී පන්තියට එරෙහි අදහස් සංක්ෂිප්ත බ්ලොග් සටහන් (microblogs) හරහා එළිදක්වති.

අද වන විට චීන රජය සහ ප්‍රාදේශීය පාලන තන්ත්‍රයන් මගින් අන්තර්ජාල ආරක්ෂණ සේවාවන් තුළ සඟවා ආවේක්ෂණ සහ පාලන කාර්යයේ යොදවා ඇති පුද්ගලික සමාගම් හේතුවෙන් මිලියන 800ක චීන අන්තර්ජාල පරිශීලකයෝ නව තර්ජනයකට ලක් ව සිටිති.

අන්තර්ජාලගත මහජන සාකච්ඡා හා අදහස් නිරීක්ෂණය කිරීම, පාලනය කිරීම සහ හැසිරවීම ආදී කටයුතු වෙනුවෙන් විවිධ නිෂ්පාදන සහ සේවා ඉදිරිපත් කළ හැකි නව වෙළඳපොළක් පුද්ගලික සමාගම් සඳහා නිර්මාණය වීම අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය (surveyliance)  පෞද්ගලිකකරණය කිරීම හරහා සිදු වූවකි.

මහජන පෞද්ගලිකත්වය සහ නිදහස සීමාකරමින් ගොඩනැගෙන නව සයිබර් ආරක්ෂණ කර්මාන්තයක් බිහිකිරීමට චීන රජය වෙනුවෙන් 2000 කට ආසන්න සමාගම් ප්‍රමාණයක් අන්තර්ජාල ආවේක්ෂණ සේවයෙහි කැපවී සිටියි.

යාන්ත්‍ර අධ්‍යයන (machine learning) තාක්ෂණයන් උපයෝගී කරගෙන රජයේ අවශ්‍යතාවන්ට අනුකූලව අන්තර්ජාලගත අදහස් නිරීක්ෂණය, විශ්ලේෂණය සහ හැසිරවීම එම සමාගම් වල කාර්යයයි.

ෂිනුවා (Xinhua) ආදී   මාධ්‍ය ද, වීචැට් (We‍chat) ආදී සේවාවන්ද සිය මාධ්‍ය ධාරා සහ ස්වයංක්‍රීය පරිගණක වැඩසටහන් යොදාගෙන ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනීමටද, ඍණාත්මක තොරතුරු යටපත් කිරීමටද, ධනාත්මක ප්‍රචාරණයක යෙදීමටද රජයට සහයෝගය දෙති.

සයිබර් සමාගම් හරහා සපයන නවතම සේවාවක් නම් කෘතිම බුද්ධිය පදනම් කරගත් ස්වයංක්‍රීය ප්‍රතිචාර දැක්වීමය (automatic commenting). මෙම පරිගණක වැඩසටහන් විසින් නව අන්තර්ජාල ලිපින සකස් කරගනිමින් පුරවැසියන්ගේ අන්තර්ජාලගත ලිපිවලට රාජ්‍ය හිතවාදී ප්‍රතිචාරයන් සටහන් කරනු ලබයි. එමෙන්ම රාජ්‍ය ප්‍රචාරණයන් සඳහා සාවද්‍ය කැමත්ත පළකිරීම් මෙන්ම අහිතවාදී අන්තර්ගතයන් සහ රචකයන් ඉවත්කිරීම් සඳහාද මෙම සමාගම් කටයුතු කරයි.

චීනය තුළ එරට රජය විසින් ඇතැම් අන්තර්ජාලගත ලිපි මකා දමා ප්‍රති-රාජ්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සහ දූෂිත නිලධාරීන් හෙළිවීම වැළැක්වීම සිදු කරනු ලබයි.

සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි චීන රජය විසින් ධනාත්මක ප්‍රචාරණය සහ අදහස් හැසිරවීම සඳහා සමාජ මාධ්‍ය ලිපි  නිර්මාණය කරනු ලබයි.

2018 සයිබර් ආරක්ෂණ සමුළුවක දී, චීන ජනාධිපති ෂී ජින් පින්ග් විසින් පවසන ලද්දේ අන්තර්ජාලය රජයට හානිකර තොරතුරු පතුරුවා හරින මාධ්‍යයක් බවට පත්වීමට චීනය ඉඩ ලබා නොදෙන බවයි.

පුද්ගලික සමාගම් වල  තාක්ෂණික නව නිපැයුම් ජනතාව රාජ්‍ය බලයට නතු කිරීම සඳහා එරට රජයට උපකාරී වේ.

මෙම සමාගම් විසින් ප්‍රති-රාජ්‍ය වෙබ් අඩවි වලට පහර දී ඒවා වෙත ළඟාවීම අපහසු කරවා අඩපණ කිරීමේ (DDos)  ප්‍රහාර කරනු ලබයි. එමෙන්ම ඔවුන් විසින් දත්ත සමූහයන්ට හානි කිරීම සහ වෙබ් අඩවි හා සමාජ ජාල වල සංවේදී දත්ත සොරකම් කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම හානිකර වැඩසටහන්, ඔත්තු බැලීමේ වැඩසටහන් සහ පරිගණක වයිරස යොදාගෙන පරිශීලකයන් පාලනය කිරීමද කරනු ලබයි. ඔවුන් විසින් රජයේ අවශ්‍යතාව සඳහා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරුද සොරකම් කරනු ලබයි. මේ වනවිට මෙම රාජ්‍ය බලය පැතිරවීමේ අනු කොන්ත්‍රාත් ලබාගැනීම ඉහළ යමින් පවතී.

ජනතාව පාලනයට නතු කිරීම සඳහා සහ ප්‍රාදේශීය මැතිවරණ වලට බ to fttලපෑම් කිරීම සඳහා චීන රාජ්‍ය නිලධාරීන් මැරවරයින් සහ පුද්ගලික ප්‍රචණ්ඩ ක්‍රියා යොදාගත් අවස්ථා ඇත.

බොහෝ ආවේක්ෂණ පද්ධති මගින් මාර්ගගත (online) ලිපි සහ ප්‍රතිචාර දේශපාලන නායකයන්ගේ නම් ආදී රජයට අදාළ යෙදුම් නිරීක්ෂණය සහ වාරණය කිරීම කරනු ලබයි. එබැවින් පළපුරුදු ක්‍රියාකාරීන් විසින් දේශපාලකයන් සඳහා යොදාගනු ලබන්නේ අන්වර්ත නාමයන්ය.

ගිණුම් වලට ඇතුළු වී අන්තන් බොහෝවිට අනුගමනය කෙරෙන ප්‍රති-රාජ්‍ය තොරතුරු පැතිරී යාම වැළැක්වීමේ ක්‍රමෝපායකි.

චීන සයිබර් ආරක්ෂණ නීතිය විසින් ඕනෑම අන්තර්ජාලගත ව්‍යාපාරයක් විනිවිද යාමේ දුරස්ථ පරීක්ෂණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට රාජ්‍ය පාලන තන්ත්‍රයට ඉඩ දී ඇත.

ඩී. පී. අයි. (DPI-Deep Packet Inspection) තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාලය තුළ තොරතුරු ගලායාම නිරීක්ෂණයට සහ පාලනයට අවශ්‍ය චීන තාක්ෂණික සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වේ. මෙමගින් කේතනය කර යවන ලද දත්ත පවා සන්නිවේදනය අතරමගදී පරික්ෂා කිරීමේ අවස්ථාව රජයට හිමි වේ.

අළුතින් කෙටුම්පත් කරන ලද ශ්‍රි ලංකාවේ සයිබර් ආරක්ෂණ පනත මගින් යෝජනා කෙරෙන පරිදි සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය (Cyber Security Agency) නමින් පුද්ගලික සමාගමක්‌ වනු ඇති අතර එයට

සයිබර් ආරක්‍ෂණ   සර්වබන්ධ අග්‍රස්‌ත හා ව්ධායක (Apex and Executive) බලතල යෝජනා කරයි.

මෙම පනත මගින් තොරතුරු වෙත ළඟාවීම, ලබා ගැනීම හා බෙදා ගැනීම, ආවේක්ෂණ ක්‍රියාත්මක කිරීම, විමර්ෂණය, ආරක්ෂ‍ණය සහ ප්‍රහාරය ස්වීයව හෝ බාහිර කණ්ඩායම් ලවා කරවා ගැනීම සඳහා අවශ්‍ය බලය මෙම ආයතනය වෙත සපයයි. රාජ්‍ය හා පොදු සයිබර් ආරක්ෂණ අධිකාරියක්‌ පුද්ගලික සමාගමක් ලෙස නිදහස් අන්තර්ජාල ආර්ථිකය තුළ අනීතික වාසි සහගත තත්වයක් උදාකරගනු ඇත.

මෙම යෝජිත අධිකාරිය සෙසු ජාතික ආරක්ෂණ ආයතන වලින් වෙන්ව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම ජාතික අර්ථසිද්ධියට විරුද්ධ වන්නකි.

එමෙන්ම අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය මුළුමනින්ම පෞද්ගලිකත්වයට, තොරතුරු ප්‍රවේශ වීමට, ශ්‍රී ලාංකික පුරවැසි නිදහසට සහ අන්තර්ජාල ආර්ථිකයට තර්ජනයකි.

මෙම සම්බන්ධීකරණ නියෝජිතායතනය ඍජුවම පවතිනු ඇත්තේ මෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය අභිමතය පරිදි පත්කරනු ලබන ඩිජිටල් කටයුතු අමාත්‍යවරයා යටතේය. ශ්‍රී ලංකාවේ එදිනෙදා අත්දැකීම් සළකා බැලූ විට දේශපාලකයන් සංවේදී පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම බලය අනිසි ලෙස භාවිතයට මග පෑදීමේ පැහැදිලි අවදානමක් පවතී. රැස් කරගන්නා තොරතුරු භාවිත වන්නේ කෙසේද යන්නද මෙම පනත මගින් පැහැදිලි කෙරෙන්නේ නැත.

මෙම යෝජිත නියෝජිතායතනය සම්බන්ධයෙන් ඇති අහිතකරම තත්වය නම් කිසිඳු පොදු කොමිෂන් සභාවකින් පාලනය වන්නේ නැත. එවැනි පාලනයක් තිබීම විනිවිදභාවයෙහි අනුකූලතාවටද, වගවීමට සහ යහපාලනයටද අත්‍යවශ්‍ය වන්නකි. මෙමගින් ව්‍යවස්ථාව තුළ තහවුරු කරන ලද ජනතාවගේ පුද්ගලිකත්වය සහ නිදහස අනතුරෙහි හෙළනු ලබයි.

තවත් ගැටළුවක් වන්නේ රජය විසින් රාජ්‍ය විගණනයට යටත් නොවන පුද්ගලික සමාගමක් පවත්වාගෙන යාම දේශපාලන බල අධිකාරිය යටතේ වංචා සහ දූෂණ මතුවීමට ඉඩ සැලසීමක් වීමයි. එවැනි උදාහරණ අප සතුව ඇත.

මෙම යාන්ත්‍රණයටම පෙරදී ආරම්භ කරන ලද පුද්ගලික සමාගම් ලෙස ක්‍රියාත්මක නියෝජිතායතනවල විනිවිදභාවයෙහි හා වගවීමෙහි මදබව දරුණු ලෙස විවේචනයට ලක්වනු පැහැදිලිව දැකගත හැක. ආරම්භ කරන ලද විශාල ව්‍යාපෘති ගණනාවක්ම ඇණහිටින ලදි. අපි තවදුරටත් සුදු අලියෙකු වීමට නියමිත ව්‍යාපෘති ආරම්භ කිරීම කරගෙන යා යුතුද?

තවමත් පැහැදිලි කර නොමැති ගැටළුකාරී තැන් ගණනාවක් මෙම යෝජිත ව්‍යූහය සහ මෙහෙයුම්, බලතල සහ සීමා, සිය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සහ වගවීම හා වපසරිය සහ තහවුරුව සම්බන්ධව පැන නැගී ඇත.

එබැවින් මෙම යෝජිත පනත සඳහා ක්‍රමවත් විශ්ලේෂණයක් අවශ්‍යව ඇත.

එය කඩිමුඩියේ හිතුවක්‌කාර ලෙස නොකර  පුලුල් සමාජමය පරිසරයක ජන අවශ්යතා අනුව කල යුතුය.  ඊට සාධාරණ කාලයක්‌ ගත යුතුය.

චීනයේ යතාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයෙන්, ශ්‍රී ලාංකික පුරවැසියන් තදින් සහ ගැඹුරින් මෙම සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් අධ්‍යයනය කළ යුතුය. ඒ  මෙමගින් අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය වාණිජකරණය කරමින් ජනතාවට අන්තර්ජාලය තුළ සිය අදහස් ප්‍රකාශනයට ඇති පුද්ගලිකත්වයට සහ නිදහසට බලපෑම් කරනු ලබන බැවිනි.

පැහැදිලිවම සයිබර් ආරක්ෂණ පනත රජයට, බාහිර කිහිප දෙනෙකුට සහ 

යම් පුද්ගලික සමාගමකට ප්‍රයෝජනවත් වනු ඇත. නමුත් එය එසේ සිදුවුවහොත්  ජනතාව පමණක් එකම පරාජිත කොටස බවට පත්වනු ඇත.

නිරන්ජන් මීගම්මන
මහීෂ්වර කිරිඳිගොඩ
ශ්‍රී ලංකා අන්තර්ජාල සංගමය

යොමු:
යෝජිත සයිබර් ආරක්ෂණ පනත
චීන අන්තර්ජාල පාලනය
චීන සයිබර් ආරක්ෂණ පනත
ISOC සාකච්ඡාව
මහජන ප්‍රතිචාර

https://bit.ly/CyberSecurityActSL

#cyberBull #srilanka

18 Jun 2019

සයිබර් ආරක්‍ෂණ පණත online සංවාදය

සයිබර් ආරක්‍ෂණ පණත සංවාදය  
අද හවස 5.30 සිට LIVE on fb !
අනිවාර්යෙන් එන්න.


Cyber Security Bill Forum
Live on Facebook from 5.30 PM today. 

https://m.facebook.com/events/439673553492817

and on

https://m.facebook.com/joininternetfreedom/

#cyberBull #srilanka 

13 Jun 2019

අන්තර්ජාල නිදහස අවශ්‍යද?

අන්තර්ජාල නිදහස අවශ්‍යද?
සයිබර් පණත රටට අහිතකරද ?
සහභාගිවන්න LIVE on fb ...

Join internet society Sri Lanka
to discuss cyber security act and internet freedom on 18th.

https://m.facebook.com/events/439673553492817/

at OPASL Colombo 7

Organised by Internet Community Sri Lanka

6 Apr 2019

HiFlyer #1.1 සාර්ථක ව්‍යාපාරිකු වීමට මූලික අවශ්‍යතා

සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණය නම් පියවරෙන්-පියවර ප්‍රවේශයයි.
ඒ සඳහා දියුණු කරගත යුතු අවශ්‍ය මූලික පෞද්ගලික ලක්‍ෂණ නම්.


1.0 ධෛර්යය හා කැපවීම:

ඔබගේම වූ ව්‍යාපාරයක් කරගන යාමට දැඩි හැඟීම සහ කැපවීම තිබිය යුතුය. ඔබගේ ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් කැපවීම සහ ඊට ආදරය කිරීම වැදගත්ය. එම කටයුත්ත හොඳ සහ නරක කාලයන් හිදී ඔබට සතුට ලබා දෙන්නේද? එම ව්‍යාපාරය සමාජයට යහපතක් ලබාදෙන ලෙස සැලසුම් කිරීමටත්, නීතිමය අවශ්‍යතා සහ සමාජයීය වටිනාකම් තුල පවත්වාගන යාමට ඔබට හැකියාව තිබේද? බොහෝ ව්‍යාපාර අවදානමෙන් මිදී තිරසාර හා සාර්ථක භාවයට පත් වීමට කාලයක් ගතවේ. එම කාලය ධෛර්යය සම්පන්නව එකම අරමුණක ගෙනයාමට ඔබට ඉවසීම තිබේද?


2.0 දැනුම හා අත්දැකීම්:

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඒ පිළිබඳව මනා දැනුමක් ලබා ගත යුතුය. ව්‍යාපාරය කරන පරිසරයේ තිබෙන ඔබගේ ව්‍යාපාරයට බලපාන සේවාදායකයින්, තරඟකරුවන්, ආදේශ භාණ්ඩ හා සේවා, මූල්‍ය හා උපදේශන සේවා සහ සහසම්බන්ධ ජාල පිලිබද මනා දැනුමක් ඔබ ප්‍රථමයෙන් ලබාගත යුතුය.

එය ව්‍යාපාරය පිළිවඳව කරන මූලික අධ්‍යයනයක් සේ සැලකිය යුතුය. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔබගේ ව්‍යාපාරයේ සැලැස්මක් නිර්මාණය කිරීමට හැකියාව ලබාගත යුතුය. ඊට ඔබට වෘත්තීමය සහය ලබාගැනීමට හැකි වුවද යම් දැනුමක් ඔබම ලබාතිබීම වැදගත්ය.

පළපුරුද්ද, දැනුම සමග නුවණක්කාර බව, පසු විපරම සහ කුඩා විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්ය. මෙහිදී විවිධ පත පොත කියවීමෙන්ද , අනිකුත් ව්‍යාපාරවල සාර්ථක හා අසාර්ථක භාවයන් ගැන ඉගනීමද කල යුතුය. ඔබ ආරම්භ කිරෛමට අපේක්‍ෂා කරන ව්‍යාපාරයේ තරම අනුව මුදල් පාලනය, සේවක පාලනය, භාණ්ඩ හා සේවා සහ ප්‍රචාරණය ගැන ඔබ ලබාගන්නා දැනුම අතිශයන් වැදගත්ය.

3.0 ප්රාග්ධනය සහ සම්පත්:

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යය. එමෙන්ම මූදල් නොවන සම්බන්ධතා වැනි සම්පත්ද වැදගත්ය. ප්‍රථම වසර තුල හෝ ව්‍යාපාරය ලාභ ලබන තුරු ධනාත්මක මුදල් ලැබීමක් පවත්වා ගැනීම සදහා ප්‍රමාණවත් ආරම්භක මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම කල යුතුයි.

ව්‍යාපාරයන් සුළු ආයෝජනයන් ගෙන් ආරම්භ කර අත්දැකීම් අනුව ක්‍රමයෙන් වර්ධනය කර ගත හැක. සමහර කටයුතු ඔබට තනිවම කරගත හැකි වුවත් සමහර කටයුතු සඳහා අන් අයගේ සහය අවශ්‍ය වේ.

ප්‍රථමයෙන්ම තමා විසින්ම කර අත්දැකීම් ලබා පසුව අන් අයට වැඩ පැවරිම ඔබ ව්‍යාපාරයට වඩා සුදුස්සෙකු බවට පත්කරයි. ඔබ කරන ආයෝජනය හා අපේක්ෂා කරන ආදායම මත ඔබගේ ව්‍යාපාරයේ අවදානමද පාලනය කළ හැකිය.
   
Visit https://ezee.lk 
start your internet shop free

(c) Shilpa Sayura Foundation 2006-2019

3 Jan 2019

Killinochchi Floods - Community Relief Train

A train arrived in Killinochchi from Colombo Sri Lanka on 1st January 2019 with relief goods given by community collected at train stations. 



 More videos at https://www.facebook.com/yesmedialive
 #yesmedia #NothernFlods #Killinochchi

31 Dec 2018

ගංවතුර නැති සුබ අවුරුද්දක් Album !


අද 31, හමෝම සෙට්‌ වෙනවා.මට විතරද කිලිනොච්චියේ ගංවතුරෙන් අනාත උනු අය පේන්නේ? කමක්‌ නේ හමෝටම ගංවතුර, කුණාටු, අකුණු, සුලි සුලන් හා නාය යාම් නැති අළුත් අවුරුද්දක් වේවා! අපි අද කිලිනොච්චියේ ...
විස්‌තර බලන්න එන්න ..l 
https://www.facebook.com/yesmedialive

Today is 31st , Everyone is to set. Is it only me seeing people effected by Killinochchi Floods. Wish you all a happy new year without floods, cyclones and earth slips. #NorthernFloods #yesmedia
We are at Killinochchi


27 Dec 2018

උතුරේ ගංවතුර 2018 - ආපදා සමාජ මාධ්‍ය මෙහෙයුම


ගං වතුරකදී මිනිස්සු ඉස්සෙල්ලම බලන්නේ තමන්ගේ සහ පවුලේ අයගේ ජීවිතය බේරාගැනීම. එයාලා අනාථ කඳවුරු වලට යන්නේ ඇඳගන ඉන්න ඇඳුම පිටින් සමහරවිට. ඊලඟට වතුර, කෑම,ළමයින්ට කිරිපිටි වැසිකිලි පහසුකම්, ඇතිරිලි. ඉස්කෝලෙක 500 ක් විතර ඉන්නකොට, හිතන්න තත්වය. ලෙඩරෝග, ළමයින්ට කම්පනය, දවස් දෙකතුනක් යනකොට ලෙඩ බෝවෙනවා. ගෙදරවල් කැඩිලා, එයාලගේ ඇඳුම්, උයන පිහන බඩු මුට්ටු වතුරේ ගිහින්, ලේඛන නැතිවෙලා. ගෙවල් සුද්ද කරලා හදාගන යනකොට දවස් යනවා. හැමදේම හරිගස්සා ගත්තත් එයාලගේ නැතිවුන ආර්ථිකය කුකුළෝ එළුවෝ හරක් වගාවන් ගහ කොල? ඒවා නැවත ගොඩ නගාගන්න ඕනේ.
හිතන්න ඔබේ පවුලට එහෙම උනොත්.


ගංවතුරට අහුවෙච්ච මිනිස්සු අපි අවස්ථා ගණනකදී දකුණේ, නැගෙනහිර සහ උතුරුමැද, වයඹ දැකලා තියනවා. ඒත් උතුර අපට නුහුරුයි. ඔවුන් යුද්ධයකින් නිදහස්ව යාංතං දිවි ගැටගහන්නා අය අපි හිතන්නේ. අපිට බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අඩුයි. ඒ නිසා මේ ව්‍යසනය ගැන තොරතුරු හොයලා හැමෝම එක්ක බෙදාගන්න #NothernFloodsසමාජ මාධ්‍ය මෙහෙයුමක් අපි කරනවා.
ඒ තොරතුරු අනුව මූණුපොතේ සමූහ වලට සහන සැපයීම කළ හැකියි මම හිතනවා. සුනාමියේදී, 2011, 2014 ගම්වතුර වලදී අපි සාර්ථකව ජනතා අවධානයක් අන්තර්ජාලයෙන් ලබාදුන්නා.
මේ වරත් ඒ උත්සාහය කරන්නේ මහා මාධ්‍ය නත්තල් සාදයට ගිය නිසා.
කිලිනොච්චි, සිට මුලතිව් හා යාපනේ නැගෙනහිරත් අපි යනවා. ඔබේ මොබයිල් එක, කැමරාව අරන් ඔබටත් එන්න පුළුවන්. අපි මේ ආපදාවට ලක්වූ අයගේ ඇත්ත කතා මූණුපොතට එකතු කරමු. අපට ඔවුන් ගැන හුඟක් දේ දැනගන්න පුලුවන්. නත්තලට වැහුණු 86500+ අතරමංවූ මේ සිදුවීම ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඇත්තම තරුවක් පායලා උතුර දකුණ පාලම එළිය කරාවි.

අපේ සරළ සැලැස්ම 28 උදේ කොළඹ සිට යාපනය බලා යන 05:24 දුම්රියේ යන්න කිලිනොචියට 11.00. නුවරින් 5.00 දුම්රිය ඊට පොල්ගහවෙලදී හමුවෙනවා වෙනවා. කිලිනොච්චියේ සිට අපට බෙදී බටහිර, උතුර , නැගෙනහිර, මුලතුව් උතුර සහ දකුණ ආපදා ස්ථාන වලට යන්න පුළුවන්. දෙදෙනක් හෝ තුනක කුඩා කණ්ඩායමක් තමා සුදුසු.

බස් වැඩකරයි, ත්‍රී වීල් , බෝට්ටුවෙන් හා පයින් යන්නත් වෙයි. මේ කාරියේදී මිනිස්සු එක්ක වැඩ කරපු අත්දැකීම හා ඔබේ ආරක්‍ෂාවත් අවශ්‍යයි. විනෝද ගමනක් නෙමේ. ක්‍ෂේත්‍රයේදීම අමු මාධ්‍ය මූණුපොතට ලබා දීමයි අදහස. භාෂාව ගැටළුවක් ලෙස සලකන්න එපා. කරගන්න පුළුවන්. ඔවුන් අසරණ වුවත් මාධ්‍ය ලබාගැනීමේදී ආචාරශීලී සහ සදාචාරවත් වීමත් ඔවුනට ගෞරවයෙන් සැ‍ලකීමත් අවශයි. අවම කළමණා බරක්, පොරවනයක්, වැස්සට තොප්පි, කුඩයක්, සුලු බෙහෙත් හා අවම ඩිගිටල් උපකරණ ගෙන එන්න. පහසුකම් තියෙයි සහතික කළ නොහැකියි.

එවැනි කුඩා කණ්ඩායමක් ඔබටත් සිටීනම් inbox කරන්න.
https://www.facebook.com/pg/yesmedialive/

15 Sept 2018

Education Data Collection System Can Risk Privacy and Safety of Students

The rapid growth of Education Technologies that help adaptation of personalized learning experiences, collaboration. They are designed to collect data useful student monitoring and evaluation, school administration, tracking academics, disciplinary issues. Many student information systems, online classroom management system served through EdTech services.


As a result, types of data that are collected can include, but are not limited to:
  • personally identifiable information (PII);
  • biometric data;
  • academic progress;
  • behavioral, disciplinary, and medical information;
  • Web browsing history;
  • students’ geolocation;
  • IP addresses used by students; and
  • classroom activities.
Malicious use of this sensitive data could result in social engineering, bullying, tracking, identity theft, or other means for targeting children. Therefore, the FBI is providing awareness to schools and parents of the important role cybersecurity plays in the securing of student information and devices.

Sensitive Student Data

The widespread collection of sensitive information by EdTech could present unique exploitation opportunities for criminals. For example, in late 2017, cyber actors exploited school information technology (IT) systems by hacking into multiple school district servers across the United States.

They accessed student contact information, education plans, homework assignments, medical records, and counselor reports, and then used that information to contact, extort, and threaten students with physical violence and release of their personal information. The actors sent text messages to parents and local law enforcement, publicized students’ private information, posted student PII on social media, and stated how the release of such information could help child predators identify new targets. In response to the incidents, the Department of Education released a Cyber Advisory alert in October 2017 stating cyber criminals were targeting school districts with weak data security or well-known vulnerabilities to access sensitive data from student records to shame, bully, and threaten children.

Cybersecurity issues were discovered in 2017 for two large EdTech companies, resulting in public access to millions of students’ data. According to security researchers, one company exposed internal data by storing it on a public-facing server. The other company suffered a breach and student data was posted for sale on the Dark Web.


Inter-connected Networks and Devices


EdTech connected to networked devices or directly to the Internet could increase opportunities for cyber actors to access devices collecting data and monitoring children within educational or home environments. Improperly secured take-home devices (e.g. tablets, laptops) or monitoring devices (e.g. in-school surveillance cameras or microphones), particularly those with remote-access capabilities, could be exploitable through cyber intrusions or other unauthorized means and present vulnerabilities for students.

Recommendations

The increased use of connected digital tools in the learning environment and widespread data collection introduces cybersecurity risks of which parents should be aware.

In US many who are working hard to address cybersecurity matters in their schools to protect students and their data. For schools seeking assistance, there are numerous online resources, consortiums, and organizations available that can provide support on data protection matters and cybersecurity best practices.

How ever across the world specially in developing countries there is a lack of awareness and education on the issue, due to lack of organisms and knowledge.
So we encourages teachers, parents and families to:
  • Research existing student and child privacy protections of the Family Educational Rights and Privacy Act (FERPA), the Protection of Pupil Rights Amendment (PPRA), the Children’s Online Privacy Protection Act (COPPA), and state laws as they apply to EdTech services.
  • Discuss with their local districts about what and how EdTech technologies and programs are used in their schools.
  • Conduct research on parent coalition and information-sharing organizations which are available online for those looking for support and additional resources.
  • Research school-related cyber breaches which can further inform families of student data vulnerabilities.
  • Consider credit or identity theft monitoring to check for any fraudulent use of their children’s identity.
  • Conduct regular Internet searches of children’s information to help identify the exposure and spread of their information on the Internet.
If you have evidence your child’s data may have been compromised, or if you have experienced any of the Internet crimes described in this PSA, please file a complaint with relevent authorities.

Source (FBI PSA)

28 Aug 2018

AlgoHack #WEBONE අළුත් වැඩක්!


Mastering Modern Web Design & Hosting Technology
Advanced Diploma Level - 1 Year Online

HTML5, Web Design, Programming, CMS, e Commerce මුල සිට නවතම තාක්‍ෂණය Google, Facebook and Twitter API හා Hosting & Security අඩංගු පාඨමාලාවක් සැප්තැම්බර් 15 ඇරඹේ. විස්තර සහ සහභාගී වීමට inbox කරන්න. බඳවා ගැනීම සීමිතයි.

Full Stack Web Tech from Experts!
Start your own business, teaching and employment on WEB.
Compliance with international industry skills.

Learning Coverage:
Internet Governance, HTML5, CSS, Graphics, Video, JS, PHP, mySQL, CMS, SEO, e Commerce, SSL, Web Frameworks, Social Media, oAuth2, Google, Facebook and Twitter API, Hosting & Security.