4 Nov 2016

අපි ළමයි දාහක් විතර පුරුදුවෙලා අමරදේව එක්ක ගැයුවා


අමරදේව ගැන මම දැනගන්නේ 12 වසරේදී, A/L පංතිවල ක්‍රියාකාරී අය අතර හිටි මට මහින්ද සහ ලලිත් සර් උදව් කලා නාට්‍යක් හදන්න පළාත් තරඟයට, අපේ විවාද කණ්ඩායම බාරව හිටියේත් ලලිත් සර්. වලල ඉස්කෝලේ හොස්ටල් එකේ හිටපු අපි ඝාන්ටාරේ ලඟ පඩිපෙලට මෙහා ලොකු පංතියේ දවසක් හවස සර්ලව හමු උනා නාට්‍ය වැඩේට. සර්ලා ටිකක් අරං වෙන්නැති හිටියේ. හවසනේ. අපේ නාට්‍ය පැත්තක තියලා සර්ලා අමරදේවගේ සිංදු කිව්වා. 
සන්නාලියනේ ගීතයත්  මා මල පසු සොහොන් කොතේ ගීතයත් මට හොඳටම මතක තිබුණා. පංචිකාලේ ජෝතිපාල ඇන්ජලින් මිල්ටන් එම් එස් ලාගේ චිත්‍රපටි සිංදු වලින් Boneyem, Aba වලට මාරුවෙලා හිටපු අපේ යෞවනය සංගීත රසය වගේම ආකල්ප වෙනස් කලේ අමරදේව සහ මහගමසේකර සුසංයෝගය බව මට හිතෙනවා. පසුව කපුගේ.







මටත් පූංචි සතුටක් තියනවා අමරදේව එක්ක ගීයක් ගයපු කෙනෙක් හැටියට. ඒ පොල්ගොල්ලේ මහවැලිය ඩෑම් එක විවෘත කරනකොට අපි ළමයි දාහක් විතර පුරුදුවෙලා අමරදේව එක්ක ගැයුවා.
මහවැලි මහවැලි
මහවැලි මහවැලි මහාවැලි
සිරිපද ලස සමණල සිරසේ - සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ //
යෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලි

තාමත් මතකයි!
අපි හරිම ආසාවෙන් කිවිවේ .
මේ ඒක ලයිව්
මුතු මෙන් බැඳි පදවැල් මියුරු හඬින් සහ සංගීතයෙන් අපට රූප මැව්ව අමරදේව. සිංදු ගොඩක් මැද අමරදේව ගී ගැයුවා. ගායකයන් දහස් ගානක් බිහිකලා. අපි හැමෝටම අමරදේවගේ ගීත කට පාඩම්ගී ඒකයි.
පුංචිම පුංචි ලමයින්ට මුනි සිරිපාවද, යෞවනයට රත්නදීපයද, ප්‍රේමයට හන්තානේ කඳුමුදුනද, සැදැහ වඩන අඩවන් වූ දෙනෙතද, සිනිදු සුදු මුදු තලාවක පෙණ පිඬුද, මහ වැස්සට පෙර, ස්වර්ණ විමානයට කන්ද උඩින් එන ගෝමරියද කාලෙකට තේරුම් නොගිය වසාසිටි මලවිකරලියද අපේ පරම්පරාවේ සිතුම් පැතුම් වලට පාර කිව්වා.
මට අමරදේව යුග පුරුෂයෙක් වෙන්නේ තම හඬින් මුලු මහත් සමාජයක් පොහොසත් කල නිසාම නොවේ. ඒ හඬින් අපට කියාදුන් අපේකම, පරිසරයේ සුවඳ, ආදරයේ සුන්දර, අවිහිංසාව වගේම ජීවිතයේ යථාව ගැන. ඒවා අපට හැමදාම වටිනවා. අමරදේවගේ සිංදු දැන් අපි වැඩියෙන් අහයි. ඒ ගීත වල අරුතත් අපට දැනේනම් අප මෙන්ම අමරදේවයන්ද වාසනාවන්තයි.
මහා ගාන්ධාර්වයානනි ඔබට නිවන් සුව.

8 Aug 2016

2020 දී ශ්‍රී ලංකාව Progammers Paradise වීමට ගත යුතු මග කුමක්ද?


ICT විෂය ගැන මහත් උනන්දුවක් ඇතිවූ පසුගිය දශයකයේදී ලංකාව පුරා නැණසල, SEMP, e Society, e Village වැනි වැඩ සටහන් තුලින් ලබාදුන් පරිගණක අබලන් වී ඇතත් රට තුල තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය ඉහළ නැංවූ බව සත්‍යයකි.  ඒවා තවමත් ක්‍රියාත්මක වීම සතුටක්.

පසුගිය වසර 2ක තුල රට පුරා පාසල් 1000ක පිහිටවූ පරිගණක 64 ක ජාලයක් සහිත තාක්‍ෂණ විද්‍යාගාර ඉතා වැදගත් යටිතල පහසුකමද, මෑතකදී උසස් පෙළ තාක්‍ෂණය විෂය ධාරාව හඳුන්වා දීම යන කරුණුද සමස්ථයක් ලෙස සලකා බලා පාසල් වල ක්‍රම ලේඛන හැකියාවන් සංවර්ධනය කිරීම කළ යුතු බව මගේ අදහසයි.

මෙහිදී අධ්‍යාපනවේදීන් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වන්නේ සැම දෙනාමට එක ක්‍රම ලේඛන භාෂාවක් නිර්දේෂ කිරීමයි. පාසැල් 5000 ක පමණ තිබෙන විවිධත්වයන් සලකා බලා අවමයක් නිර්දේශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී විය හැකි මුත් ඉන් රටක් වශයෙන් අපට ලබාගත හැකි ප්‍රතිඵල හීන වේ.

දැනට උසස් පෙළට Python භාෂාවද සාමාන්‍ය පෙළට Pascal භාෂාවද උගන්වන අතර. සාමාන්‍ය පෙළ Pascal ඉගැන්වීම ගැන විවාදයක් ඇතිවී ඇත. ඒ සඳහා විවිධ විද්වතුන්, ගුරුවරුන් හා සිසුන් අදහස් දක්වා ඇති අතර පවත්නා සංවාදය අනුව යෝජනා වී ඇති Basic, Pascal, c, python, java, c++ , php, ruby , perl ආදිය යෝජනා වී ඇති අතර Pascal, c, Python කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇත.

සමන් බණ්ඩාර ගුරු මහත්මා ආරම්භ කල සංවාදය
https://m.facebook.com/story.php?story_fbid=10204887710553089&id=1849640335&ref=m_notif&notif_t=like

මේ පිළිබඳව ඉදිරි 15 දින online සංවාදයක්ද පැවැත්වේ.
https://www.facebook.com/events/1263572310344026/


මේ තීරණය සඳහා NIE නිර්දේශයන් විවරණය කර බලමු.

NIE ICT syllabus objectives :
Improve skills required for the development of ICT based solutions for real world problems.

අවශ්‍යතාවය සත්‍ය ලෝකයේ ප්‍රශ්න විසඳීමේ හැකියාව ලබා ගැනීමයි. සත්‍ය ලෝකය නම් අද සහ හෙටයි.

NIE තව දුරටත් නිර්දේශ කරන්නේ...
The syllabus of Grade 11 has been thoroughly revised especially in the area of programming. The dependence on a software tool has been removed and greater emphasis is placed on logical thinking which is a transferable skill to programming in any computer language. Certain subject areas have also been reorganized to meet current developments in the world of ICT.

ක්‍රමලේඛන භාෂාවක් මත රඳා නොපවතින, තාර්කික චින්තනය ගොඩනගන එමෙන්ම වර්ථමානයේ තොරතුරු තාක්‍ෂණ ලෝකයේ සංවර්ධනයන්ට හුවමාරු කල හැකි වීම අප උගන්වන ක්‍රම ලේඛන භාෂාවේ ලක්‍ෂණ විය යුතුය.

තවද National Goals ලෙස NIE සඳහන් කරන්නේ

6. Human resource development by educating for productive work that enhances the quality of life of the individual and the nation contributing to the economic development of Sri Lanka.

ආර්ථික වර්ධනය ප්‍රධාන කොටගත් පරිගණක ක්‍රම ලේඛන භාෂාවක් තමන්ට රැකියාවක් ලබාගැනීමටත්, තමන්ගේ හා රටේ ආර්ථික වර්ධනයටත් දායක වනු ඇත. ඒ සඳහා පවත්නා තොරතුරු තාක්‍ෂණ ආර්ථිකයේ භාවිතා වන භාෂාවක් තෝරාගැනීම වාසි දායකය.

NIE නිර්දේශිත Competencies
IT proficiency: Computer literacy and the use of information and communication technologies (ICT) in learning, in the work environment and in personal life.

පවත්නා පෞද්ගලික හා වැඩ කරන පරිසර වල යොදාගත හැකිවීමට හැකි වර්ථමානයේ භාවිතා වන ක්‍රමලේඛන භාෂාවක් විය යුතුය.

NIE නිර්දේෂිත Competencies
4. Competencies relating to preparation for the World of Work.
Employment related skills to maximize their potential and to enhance their capacity
 To contribute to economic development
 To discover their vocational interests and aptitudes
ආර්ථික සංවර්ධනයට දායක වීමටත් සහ තම අනාගත වෘත්තීන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය හැකියා, විභවය සහ ධාරිතා උච්චස්ථානයට ගෙන ඒමට අවශ්‍ය නිපුණතා ලබාගැනීම වැදගත්ය.

මෙම නිර්දේශ අනුව පාසැල් තුල පරිගණක භාෂා තාර්කික චින්තනය, ආර්ථික සංවර්ධනය, රැකියා ඉලක්ක කිරීම, පවත්නා වැඩපලට යොදාගැනීම, කාලීන හා යාවත් වීම ක්‍රමලේඛන භාෂාව තෝරා ගැනීමේ මූලික පදනමයි.

NIE ක්‍රම ලේඛන භාෂාවක් නියම කර නොමැති බැවින් එය තෝරාගැනීමේ අයිතිය ලැබිය යුත්තේ සිසුවාට බව මගේ අදහසයි. නමුත් ප්‍රායෝගික ගැටළු නිසා එක භාෂාවක් තුල අප කොටුවන අයුරක් පෙනේ. ඒ අතරම සමහර සිසුන් ගැටළු අභිබවා උසස් ක්‍රමලේඛනයෙන් ප්‍රතිඵල ලබා ඇති බවද පෙනේ.

මේ අනුව රටේ සහ සිසුන්ගේ අනාගතය දෙස බලා පහත යෝජනා ඉදිරිපත්ක රමි.

1. පරිගණක ක්‍රම ලේඛනය ICT විෂය තුල මෙන්ම පරිභාහිර ක්‍රියාකාරකමක් ‍ලෙස (බාලදක්‍ෂ වැනි) ඉතා පහළ ශ්‍රේණිවල සිට හඳුන්වාදීම.

2. තමන්ගේ කැමැත්ත මත නිර්දේශිත ක්‍රම ලේඛන භාෂාවන් ගනණකින් එකක් තෝරාගන ඉගැන්වීමේ අයිතිය ගුරුවරයාටද, කැමති භාෂාවක් ඉගනීමේ අයිතිය සිසුවාටද ලබාදීම.

3. නිර්දේශිත ක්‍රම ලේඛන භාෂාවන් කුමකින් හෝ විභාගයේදී පිළිතුරු දීමට හැකි ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීම.

4. විනෝදාත්මකව ක්‍රම ලේඛනය ඉගැන්වීමේ වැඩ පිළිවෙලක් සැකසීම.

5. ක්‍රම ලේඛනය , ගණිතය , විද්‍යාව සහ චිත්‍ර ආදී විෂයන් හා අනුබද්ධ කරන ආකාරයේ ක්‍රියාකාරකම් නිර්මාණය හා බෙදාහැරීම.

6. පළාත්, දිස්ත්‍රික්ක, කොට්ඨාශ මට්ටමෙන් සුවිශේෂී ගුරුවරුන් හා දක්‍ෂ සිසුන් තෝරා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන පුහුණුවක් ලබාදීම සහ ඔවුන්ගේ සහය පාසල් වලට ලබාදීම.

7. විවිධ භාෂා ක්‍රමලේඛනය ඉගනීමට පත පොත හා මෘදුකාංග බහුල කිරීම හා ඒවා නිමැවීමට වැඩ පිළිවෙලක් ආරම්භය.

8. අධ්‍යාපන අමාත්‍යංශයට පරිභාහිර තාක්‍ෂණ හා සමාජ ආයතන, වෘත්තිකයන්ට මේ සඳහා සම්බන්ධ වීමට  හැකි ජාතික ක්‍රම ලේඛන සංවර්ධන Multi Stake Holder වැඩසටහනක් අැරඹීම.

9. කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත් හා ජාතික වශයෙන්ගු රුවරුන් සඳහා ක්‍රම ලේඛන තරඟාවලියක් ඇරඹීම.

10. පාසැල්, කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත් හා ජාතික ගුරුවරුන් සඳහා ක්‍රම ලේඛන තරඟාවලියක් ඇරඹීම.

වසර 2020 දී ශ්‍රී ලංකාව ක්‍රමලේඛන කරුවන්ගේ පාරාදීසයක් (Programmers Paradise) වීමෙන් රැකියා විරහිත භාවයට පිළියමක් සේම විශාල ආර්ථික වර්ධනයක් හිමිකරගත හැකිවන අතර ලෝක පූජිත ඇපල් සමාගමේ නියමු ස්ටීව් ජොබ්ස් ගේ ප්‍රකාශයකින් මේ ලිපිය නිමා කරමි.

"මේ රටේ සෑම කෙනෙකුම පරිගණක ක්‍රමලේඛනය ඉගෙන ගත යුතු වන්නේ එය ඔවුනට සිතන්නට පුරුදු කරන නිසාවෙනි."

“Everybody in this country should learn to program a computer, because it teaches you how to think”


Youth at Lahugala Nenasala Learn to use computers. (2010)
Source : www.shilpasayura.org

22 Jun 2016

අපට වැස්ස ඇතිවන්නේ කෙසේද?

ඉහල සරණ වලකුලු වල ඇතිි ජල වාෂ්ප නිරතුරුව එකතුවීම සහ අපට නොපෙනී පින්න ලෙස ඇද හැලීම සිදුවේ. වැස්සක් ඇතිවීමට ජල වාෂ්ප අංශු ඉතා කුඩා දූවිලි මත එකතූ වී එකිනෙකා අතර ගැටෙන විට ජල බිංදුවක් ඇතිවී වලාකුලෙන්ලෙ නිදහස්ව ගුරුත්වය යටතේ කඩා වැටේ. ජල බිංදුවක් සෑදීමට මිලියන ගණනක වලාකුළු අංශු අවශ්‍ය වේ. එම ජල බිංදුවක් මිලිමීටර 1 කට වඩා කුඩාවේ. සුළග නිසා එකිනෙක ගැටීමෙන් ඒවා වර්ධනය වෙන් තුඩකින් එල්ලී සිටී. පතුල මිලිමීටර 4-5 mm තරම වන විට ජල බිංදු වැස්සක් ලෙස කඩා වැටේ. වැස්ස ඇතිවීමට වලාකුළු තිබිය යුතු අතර දූවිලි අංශු සහ සුළඟ වැස්ස ඇති කරයි. ඉහළ අහසේ විශාල අකුණකින් අංශු අතර ගැටීම් ඇති කල හැකිය එවිට සුළඟ නොමැතිව වැසි ඇතිවේ.


6 Jun 2016

කාලගුණේ කථාච පටන් ගැනීම

මීට කලින් සටහනක කාලගූණය ගැන යමක් කරන බව මා කීවා. නමුත් වැඩේට බැස්සට පස්සේ තමා තේරුණේ කාලගූණ සූදානම කොයිතරම් වැදගත්ද ජීවිතේට කියලා. 

කාලගුණ  
දත්ත හැමතැනම තිබුණක් කාලගූණ විද්‍යාඥයෙකුට ඇර හියුමිඩිටිය, උශ්ණත්වය ගැන හිතල වැස්ස එනවද - අව්ව තියෙයිද කියලා කියලා කියන්න බෑනේ. ඉතිං මම හිතුවා වැස්ස ආවාට පස්සේ කාලගූණ අනාවැකි  කියන අපේ රටේ,   හොඳම තාක්‍ෂණය භාවිතා කරලා ඉදිරි සතියේ කාලගුණය ගැන කාලගුණයෙන් පීඩා විඳින අය අතර අදහසක් ඇති කරන්න පුලුවන්ද කියලා . ඒ කියන්නේ අපි හැමෝම. 

මේ System Design එක කරද්ද මම ගොඩක් දේ හිතුවා. දත්ත ලබා ගැනීම, සැකසූම සහ විශ්ලශේණය, ගබඩා කිරීම, බෙදා හැරීම අභියෝගයක් උනේ ලංකාවට අවශ්‍යම කරන දෙයක්! ලොකු ජනගහනයකට දෙන එක අමාරුයි. තාක්‍ෂණය බරයි, සංකීර්ණයි, වියදම්. 2000 දී Kaputa.com වගේ නැවත හිතුවා. 

සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම මොබයිල් එකට කරන එකත් තව අභියෝගයක්.  ඉතාම තුනී දත්ත ප්‍රමාණයක් ගෙන ඇලොගරිතම මගින් විශ්ලශණය කර බලය අඩු ජංගම දුරකථනයට ලබාදීමත්. සජීවී ලෙස කාලගූණ තත්වය ගැන සරළව වටහා දීමත් තව අභියෝගයක් උනා.

අභියෝග එන්න එන්න වැඩේ හොඳටම කරන්න හිතුණේ කාලෙකට පස්සේ ආසා හිතෙන වැඩක් කරන නිසා.  කාලගුණේ  පටන් ගත්තේ ගංවතුර දවස්වල, Google I/O ගිහින් ඇවිත් උපරිමය කලා. නිදි නෑ. වැස්ස ඉවරත් නැහැ. දිගටම වහිනවා. 

දත්ත කාලගුණ හැගීමකට පරුවර්ථනයේදී මා ආවේනික වර්ණ හා දීප්තිය යොදාගත්තා. මූලික දත්ත වෘත්තීමය වැඩට වඩා හොඳ උනත්, පුංචි ලමයෙකුට උනත් තේරෙන විදියට වැස්ස අවදානමත් අව්ව පැය ගණනත් සතිය තුල ප්‍රස්තාර ගත කිරීමෙන් මටම ප්‍රයෝජනවත් උනා. කාලගුණයේ ස්වභාවය හඳුනාගන්න.  කාලගුණේ 
හදන්න තිබුණේ කලිං. කමක් නෑ දැන් තියනවානේ.

කපුටා.com , gov.lk, ශිල්ප සයුර හැදුවට කාලෙකට පස්සේ හැදුව, මාත් ගොඩක් වැඩ ඉගන ගත්ත වැඩක් කාලගුණේ.
ආපුහු යමක් කරන්න ලැබුණ එක සතුටුයි. 

කාලගුණේ වර්ෂන් 2 ඉවර කළා.
ඉදිරි අදහස් ගොඩයි!   

ප්‍රතම දැක්ම ඔබට - හොඳද බලන්න. 
හොඳයි නම් අනිත් අයට දෙන්න. තාම Testing!

 දැන් අපි www.kaalagune.com බලමුද?

ඔන්න ආයෙත් කපුටා කට්ටිය රටට වැඩ.