30 Oct 2008

අපේ රටට නැණසළ ජාලයේ තිරසාරභාවයේ වැදගත්කම

ආයුබොවන්!

මීට වසර තුනකට ප්‍රථම සිංහල යුනිකෝඩ් භාවිතයේ වැදගත් කම අලලා මවිසින් සම්පාදනය කරන ලද ලිපි තුලින් ඇතිවූ අප සමූහයේ ක්‍රියාත්මක වලින් අද සිංහල යුනිකේතය ප්‍රධාන ප්‍රචාහයක් බවට පත්වී තිබෙන නිසා බොහො දුරට අපගේ මූලික පරමාර්ථ සඵල වී තිබෙන බව සිතන්නට පුළුවනි.

මහවැලිය ආරම්භ කිරීමේදී ඇතිවුනු මූලික ගැටළු එකක් තමා මැලේරියාව, මිනිසුන් විස්තාපනය එහෙත් අද ශ්‍රී ලංකාවට සපයන බත සැපයීමේ මූලික කාර්යයේ මහවැලිය පෙරමුණ අරගෙන. මේ අදහසම අපට නැණසළ ගැන කියන්නට පුළුවන්.




බොහෝ අය නැණසළ කියා දකින්නේ අහම්බෙන් ටවුමක හෝ ප්‍රසිද්ධ විහාරස්ථානයක නැණසළක් පමණයි.
නමුත් නැණසළ ජාලයේ වැඩි හරිය ඒ වගේ නොවෙයි. එක් එක් නැණසළ ආකෘතියෙන් සමවූවත් ක්‍රියාකාරීත්වයෙන් හා සේවාවෙන් වෙනස්. ඒවා එක් එක් අතින් ඉදිරියෙන්ද, සමහර අතින් පසින්ද සමහරවිට ආර්ථික ශක්තියෙන්ද සමහරවිට සමාජීය ශක්තියෙන්ද පවතිනවා.

ඒත් ඇයි නැණසළ ?

රට පුරාම පරිගණක ආයතන තියෙද්දි ? ඒ අපට හිතෙන හැටි. වචනයේ පරිසමාප්ත අර්ථයේ නැණසළ යනු කුමක්ද ? එය දේශපාලනික උවමනාවක්ද ? නැතහොත් අසාර්ථක වැඩ පිළිවෙලක්ද ? එහි අනාගත සාර්ථකත්වයක් සඳහා කළ යුතු දේ මොනවාද ?

පසුගිය මාස 5 තුල ඌව නැණසළ 60 ක් ඉතා ගැඹුරෙන් විමසා බලමින් මා කළ පර්යෂණාත්මක අධ්‍යයනයන් කෙරෙන් මතුවූ කරුණු අනුව නැණසළ සම්බන්ධව ඇති මත කිහිපයක් සළකා බැලිනි.

1. නැණසළ අසාර්ථක වැඩපිළිවෙලක්ද ?
2. නැණසළ දේශපාලන සංකල්පයක්ද ?
3. නැණසළ සාර්ථක කරගැනීමට කළ යුත්තං කුමක්ද?
4. එම කටයුත්තේදී රාජ්‍ය , පෞද්ගලික හා ප්‍රජා වගකීම් කවරේද ?

මේ ගැන විවිධ අදහස් තිබුණත්, විද්‍යාත්මකව මේ කරුණු අධ්‍යයනයකට කැමති ඔබට මීට ආරාධනා කරමි. අපේ දැනුම ගමට දීමටද මේ තවත් අවස්ථාවක්.

ඔබ සැමට සෙත්වේවා !

නිරංජන් මීගම්මන෴

10 Apr 2008

සිංහල යුනිකෝඩ් ප්‍රජා ගත වීම තුල නිමවෙන අපේ කාර්යය භාරය


සිංහල යුනිකෝඩ් ප්‍රජා ගත වීම තුල නිමවෙන අපේ කාර්යය භාරය එක්දාස් නවසිය බර ගණන් වල සහ දෙදහස් මුල් ගණන් වල සිංහල යුනිකෝඩ් තිබුනේ ඉතාම දුර්වල තත්වයක. සම්මතය සැකසිලා තිබුනට අකුරු, දුවන දිබ්බේ නෑ. ආචාර්ය ගිහාන් ICTA එක තුලට ඒමත්, මංජු හත්තොටුවගේ දුර දක්නා නුවණත් එක්ක, මුරසු ලංකාවට ඇවිත් අකුරු හදන්න උනන්නලා අකුරු වැල් කීපයක් එලියට ආවා. අනුරාධලා ඊට කලින් යුනිකෝඩ් වෙලා තිබුණාලු.

ucsc හර්ෂ තමා ඒලඟ ප්‍රශ්නය විසදන්නේ වින්ඩෝස් දර්ශන යන්ත්‍රයක් හදලා. දැන් මයිකෝඉමේජ් හා කපුටා යතුරු ධාවකත් එනවා. ඒත් තවම සිංහල ලියවීමක් නෑ. gov.lk එක සිංහල‍ වෙන්නේ මේ කාලේමයි. ඒකට එක ෆෝන් කෝල් එකයි ආවේ. "සති දෙකකින් සිංහල/දෙමළ යුනිකෝඩ් ව‍ලින් gov.lk එක ඕනේ" කියන්නේ වසන්ත. අපිටත් උණනේ, දිවා රෑ නොබලා හැදුවා. හැබැයි gov.lk එක කවදාවත් සද්දේ දාලා දියත් වුනේ නෑ. අපිට ඒක රජ්ජුරුවන්ට කරන රාජකාරියක් වගේ උනා. ප්‍රතිලාභ ලැබුණත් නැතත් බැණුං අහ අහ වැඩ.

සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ වෙනකොට මට ජී මේල් එකතුත් නෑ. යාහූ තමා. තුසිත gov.lk එක හදන්න හදපු යුනිරෝමන් තමා ඒ කාලේ භාවිතය. ටිකක් ලියන්න ඒක ඇති. මේ වෙනකොට බරපතල වැඩ‍ක් යුනිකේතයෙන් කෙරිලා තිබුනා. ඒ තමා ucsc වචන 70000 ලියලා පෙන්නුවා. මේ කාලයේම ශිල්ප සයුර සැලසුම් වෙන්නේ gov.lk අත්දැකීම් මත. අපට ටිකක් බයත් තිබුනා. ඒත් කොන්වර්ටර්ස් එහෙම ලියාගත්තට පස්සේ ටිකක් බය අඩුවුනා.

සිංහල යුනිකෝඩ් ගැන කථා කරන්න තිබුණේ භෞතික හමුවීම් විතරයි. සිංහල යුනිකෝඩ් සමූහය පිහිටවන එක ගැන මම ඉස්සෙල්ලම කතාකළේ රමේෂ් තිරුචෙල්වම්ට, සිංහල කියලා දාලා හිත රිදේවිද බලන්න. ඉස්සෙල්ලම එයා, ඊලඟට තුසිත, වසන්ත දේශප්‍රිය හොඳ දහිරියක් දුන්නා, යුග මෙහෙවරක් ආරම්භ වුණා සිංහල යුනිකෝඩ් සමූහය සාහිත්‍යයෙන් රසවත් වෙන්නේ අනුරාධගේ ආගමනයෙන්, ලක්ෂාන්, දසුන්, සපුමල්,බුද්ධික සහ තවත් අය සිංහල යුනිකේතය වර්ණවත් කලා,රකාරාංශ ප්‍රශ්නය විසඳුනා. යුනිරයිටර්, සිංග්ලිෂ්, ගාර්ප් හැදුනා.

පොඩි විජේ ගැන පවා කතා කලා, තාක්‍ෂණිකයින්ට සීමාවූ යුනිකෝඩ් අනිත් අයටත් ගියා. සිංහල වචන සදන විකිය පටන් ගන්නේ අනුරාධ, ඊට පස්සේ අනිත් තැන් ව‍ලත් ඒක පටන් ගත්තා. ඒ වැඩේ අන්තිමේදි අල වූ බව නම් කිය යුතුයි. ඒක මුල සිට නැවත හරියට පටන් ගන්න වෙනවා. සෝඩා බොතලය වගේ යමක් පටන් ගත් විටම, බුබුලු දමා දිවුවට නියම සැලසුමක් හා ප්‍රජා මූලික නායකත්වයක් නැතිව සමහට දේ අඩපණ වෙනවා.

fonts.lk යුනිකේතයට විශාල සේවයක් කලා, සිංහල යුනිකෝඩ්.org හැදෙන්නේ සිංහල තාක්‍ෂණ දැනුම අඩවියක් වෙන්න. ඒක තමා සිංහලෙන් තිබුණු යුනිකෝඩ් පෙර පාසළ, එතකොටම සියබස් ආවා, ඒ අවශ්‍යතාවය පිරිමැහුණා. සිංහල යුනිකෝඩ් සමූහයේ අදහස් තුලින් මේ වනවිට හුඟක් ව්‍යාපෘති පටන් අරන් තියනවා. සමහරක් තවම ප්‍රජාගත වී නෑ. ඒ ගැන නැචත සිතනවා නම් හොඳයි.

ව්‍යාපෘතියක් ඉලක්ක ප්‍රජාවට ලඟා නොවීමට හේතුව ප්‍රායෝගික ගැටලු, ඒවාට විසඳුම් ගමන යන ගමන් මිස පටන් ගන්න කොට නෑ, අඹ ගහට වදින්න හඳට ගහන්න කියා මංජු හත්තොටුව කීවේ ඒකයි. අඹ ගහට නැගලාම ගෙඩිය කඩා ගැනීම වඩා ෂුවර් කියා මට හිතෙනවා දැං.

සිංහල යුනිකේතය ප්‍රචාරණය සඳහා අවශ්‍යතාවයක් ගොඩ නැගෙද්දී අප යම් නායකත්වයක් ලබා දුන්නා. නමුත් එය කෙනෙකුට පෙනුනේ වෙනස් අයුරකට. සමහර ඒවා පෞද්ගලික ජීවිතයටද බලපාන තරම් බලවත් උනා. මිතුරන් රැසක් යුනිකේතයෙන් ලැබීම භාග්‍යක් උනාට හමවූ මිතුරන් පස මිතුරන් වීම හොඳ දෙයක් නොවුනද, සමාජයේ ඉදිරියෙන් සිටීමේදී හමුවන ගැටළු ලෙස ඒවා උපේක්‍ෂාවෙන් දරා ගැනීමට අප පුරුදු වූවා. භෞතික සමූහ ක්‍රියාකාරීත්වයද ඉන් අඩපණ වූයේ නෑ. මේ අපේ කතාව වගේ වෙනත් කතාද ඇති. හුඟක් අය අප සමග දායක වූවා. සමහරක් අප නොදැන.

සිංහල තාක්‍ෂණය තුල යුනිකොඩ් කියන්නේ පහලම තොරතුරු පදනම. ඒ මත තමා සියලු ක්‍රියාකාරීකම් ඇතිවන්නේ. ඒ නිසා අපගේ එදිනෙදා වැඩවලට සිංහල යුනිකෝඩ් වල භාවිතය තීරණාත්මකයි. අප කලේ මේ තීරණාත්මක සාධකය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට මුල් වීම පමණයි. ඉන් අප ලද මූල්‍යමය ලාභයක් නැතත් ලද සමාජමය ප්‍රතිලාභ අගය කරනවා.

දැන් අපගේ සිංහල යුනිකෝඩ් ප්‍රජාවට ගෙන යාමේ කාර්ය භාරය අවසානයි කියා අප සිතනවා. අපෙන් මුවහත් වූ ප්‍රජාවම නව එම කාර්යයට අත ගසා ඇති බැවින් නැවත හිදැසක් ඇතිවන්නේ නෑ. අන්තර්ජාලයේ දැන් සිංහල යුනිකෝඩ් ස්ථාපිතයි. අප දැරූ බරින් නිදහස් වන්නට අපට කාලය හරි. දැන් අප සිටි මට්ටමෙන් වෙනත් ත‍ලයකට මාරු වීම පමණකි. එකම දේ එක දිගට කිරීම පෙර ගමන් කරුවකුගේ ලක්‍ෂණය නොවේ.

අපට කල යුතු වෙනත් වැඩ තිබෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ සිට නවතම මගකට යොමුවීමට සිතනවා. සිතේ සතුට ප්‍රධාන කොටගත් ජීවිතයකට පිවිසීම ඉන් ප්‍රධානයි. පැය ගණන් පරිගණක තිරයට එබී අන්තර්ජාලයේ හා තාක්‍ෂණයේ ගතකළ අපූරු නොවන දිවිය වෙනුවට වඩා සමාජයට ඵලදායක ලෙස කාලය භාවිතා කිරීමට අපට දැන් කාලයයි. භෞතික ක්‍රියාකාරීත්වය තුලින් පහලම ප්‍රජාවට සැලසෙන සේවයට මුල් තැන දෙන වැඩක් වීම අනිවාර්යයි.

සිංහල යුනිකෝඩ් පෙර ගමන් කරුවන්ට අපගේ සුභ පැතුම් පිළිගැන්වීමටද මේ වේලාවයි.

මේ ලිපිය අවසාන වන්නේ මා ඉතාමත් ආදරය කරන මේ ගීතයෙන්.
ඉන් අනතුරුව චුත වීමට කාලයයි!

ආදරයේ ඔබ ඔබමය
ඔබ මා නොව
මා ඔබ නොව
දවසක්දා
හඳුනාගත්තොත් ඔබ මා

සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org/
http://www.vishwakala.org/
http://peradiga.blogspot.com/
http://groups.google.com/group/Sinhala-Unicode
http://www.kaputa.com/uniwriter
http://www.srilanka1.com/srilankaphotos
http://www.lastminute.lk/
http://www.srilankarefrence.org/
http://www.kaputa.com/
http://www.sinharaja.com/
++

8 Apr 2008

අවුරුදු කුමාරි : ෂඃ මටත් පේන හීන

අවුරුදු කුමාරිට පසු වදනක්

http://niranjanmeegammana.blogspot.com/search?updated-max=2008-03-20T05%3A33%3A00%2B05%3A30&max-results=1

මම අන්තර්ජායට ගැලපෙන අලුත් ශෛලියකට ලියන්න උත්සාහ කරන්නේ. කතාව ලියන්න කලින් දවස්, සති, මාස ගණන් ආකෘති හිතනවා. වේගයෙන් පැය දෙකෙන් ලියලා,මගේ කතාවලට අකමැති කාටහරි පෙන්නලා, එක පාරක් එඩිට් කරනවා. සමහරකට එය රසවත් වීම ගැන සතුටුයි. සමුහරු මේ කථාව කියවා අඬලා තියෙනවා. කෙනෙක් ඇහුවා ඔහොම ලියන්නේ කොහොමද කියලා.

මා නිතරම උත්සාහ කරන්නේ වචනයකින් අදහසකට වඩා රූපයක් මවන්න. ඊට හේතුව රූපය වඩා හොඳින් තේරෙනවා. කතාචේ චරිත කීුයයි,. කෙටි දෙබස්. කියවන පාඨකයාට හිතන්න මවාගන්න දේ ගොඩයි.

මම ලියනකොට වචන නෙවේ ලියන්නේ, රූප තමා හිතට එන්නේ, ටිකක් හැඟීම් බරයි, මම මේ වනවිට කෙටි කථා කීපයක්ම ලියා තිටෙනවා. දෙකක් ටිකක් අදහස් අනුවර්ථන. තව දෙකක් විතර ලියන්නට හිතේ කැරකෙනවා. වෙසක් එකට කතාවක් ලියන්න හිතන් ඉන්නවා, තාම බීජයක් පැළ උනේ නැහැ.

පොසොන් වලට නම් අදහසක් දැම්ම තියෙනවා. අන්තිමේදී පොතක් වගේ පළකරන්න පුලුවන් පාඨකයෝ වැඩි උනොත්. එතකොට මම "අහවලා" නැමති කෙටි කතා රචකයා.

මගේ පොතක් පුස්ථකාලෙක අපි ආසාවෙන් කියවපු පොත් අතර තිබ්බොත්!
ෂඃ මටත් පේන හීන.

පරණ කෙටිකතා පළවුනේ http://www.queen.lk

7 Apr 2008

හැංගි හැංගි වෙස් බැඳීම හා හඳ එලියේ නැටීම

මාතෘකාව ලීවට ලියන්නේ මොනවද ? ලියන්නට දේ ගොඩයි. හිතේ තියන තිත්ත ඇත්ත ලිව්වොත් මඩකරියෝත් මඩ කයි!.

කොහෝදෝ ඉඳඟන සරණාගත වෙලා, අපේ ගෙදරට රිංගලා කාලා , බීලා ඊට පස්සේ හිමිහිට බේද ඇතිකරලා, කොටවලා අන්තිමේදී රණ්ඩු වෙලා මඩ ගහලා ආයේ ඔය ගුබ්බෑයමට එන්නේ නෑ කියපු ලංසි ආතා වෙන වෙස් මූණක් දාගෙන ගෙදරම රිංගලා හිටිය බව දැනගත්තාම මොකද හිතෙන්නේ.

තමන්ට හෙවන දීපු, ශිල්පය දීපු මිනිහෙක් එක්ක, එකම රටක එකම බිල්ඩිමේ ඉද්දි, අරයා ගැන අහපුවාම, අනේ එයා ඉන්නේ හුඟක් ඈත කියලා අනිකා දන්නේ නෑ වගේ ඉඳගන, තනියම ගමන් යන, මිනිසුන් කොටවන අය ගැන ඇත්ත දැන් එලිවෙන කොට මොකද හිතෙන්නේ.

තමන් මහා ශ්‍රද්ධාවන්තයෙක් කියලා හිතාගන අනුන්ගේ වැරදිම කිරන ,කන්නාඩියකින්වත් තමන් නොදකින මිනිස්සු ගැන මොමවද කියන්නේ ?

මේ මිනිස්සු නෙමේ චුත වෙන්ඩ බැරිව තැන තැන ඇචිදින ප්‍රේත අවතාර කියලා බණේ කියන්නේ. අසූහාරදාහේ පහන් පිංකම් අසූහාරදාහක් කරලා පීං දීලාවත් ගොඩදාන්න බැරි ලොස් වෙච්ච ආත්ම.

අසේවනාච බාලා නම්

1 Apr 2008

එකම කාලය ග්‍රීසිය සහ ලංකාව අවබෝධ කරගැනීම

උපුල් ශාන්ත සන්නස්ගල වෙබ් අඩවියක් නොදා සන්නස්ගල.com කියා 2000 දී පෝස්ටරයක් වැදුනා. ඒ නමින් වෙබ් අසවියක් දාලා නෙමේ එතුමා පෝස්ටරය ගැහුවේ. සන්නස්ගල අඩිවියක් නොදා පෝස්ටරය ගහන තරමට අපේ රටේ අන්තර්ජාල දැනුම අඩුයි ඒ කාලේ. ඉන් අදහස් වන්නේ සන්නස්ගලට බුද්ධිය නෑ කියන එක නොවේ. ඔහුත් නොදන්නා දේ තිබීමයි. නමුත් ඩොට් com නම ගමට යන්නට ඔහුත් යමක් කළා.

2000 කියන්නේ ඇමරිකාවේ අන්තර්ජාල බුබුල හැදිලා පිපිරුණ කාලේ. මේ අපේ රටේ වෙනස. සමස්ථ ජනතාව සසඳන කළ අපි ලෝකයට පසු පසින් ඉන්නේ , අපේ කිහිප දෙනකු ලෝක මට්ටමේ හෝ ඊටත් ඉහළ උනාට එකපාරටම ප්‍රජාවට අපි වාගේ වෙන්න බෑ.

කපුටා.com තමා 2000 දී ප්‍රථමයෙන් පෝස්ටරයකින් වෙබ් අඩවියක් ප්‍රචලිත කළේ. 2000 කාලේ අන්තර්ජාලේ වැඩි දෙනෙක් හිටපු නැති නිසා පෝස්ටරය තමා කපුටා.com තෝරාගත්තේ. අන්තර්ජාලේ නේමේ අපි කපුටා දැන්වීම දැම්මේ තාප්පවල. ඒ දේසේ හැටියට බාසේ නිසා. සන්නස්ගලත් ඒ මග ගියා. ටියුෂන් ඇඩ්වල පුංචි බබාලා දාන්නේ ගෑණු ළමයි ඇදගන්න. ගෑණු ළමයි යන තැනට පිරිමි ළමයිනුත් එනවානේ. සරළ මොළය.





එකම කාලය ග්‍රීසිය සහ ලංකාව ඉතිහාසයේදී වෙනස් වෙන්න ඇත්තේ මේ විදියට වෙන්න ඇති. මේ පුංචි වෙනස අවබෝධ කරගත්තාම හරි. ලංකාව දාලා යන අය ගොඩක් කියන්නේ ලංකාව හරි නෑ කියලා. ඒ වුනාට අපිට ලංකාව රන් මලක්, පින් බිමක්, පුද බිමක්.

අපි තාක්‍ෂණය අරගන ගමට ගියාම ඔවුන්ගේ මට්ටමට එනවා. අපි දන්න උපරිම දේ ඔවුනට සැර වැඩියි. ටික ටික තමා අප්ග්‍රේඩ් කරන්නේ. ඒ ක්‍රමය හරි. ටික ටික ගෙවන්න යමක් ගන්නවා වගේ ටික ටික තමා ප්‍රජා තාක්‍ෂණ ගමන යන්න වෙන්නේ.

පණ්ඩිතානංච සේවනා කිව්වාට පණ්ඩිතයින්ට ඒ දණ්ඩේ යන්න බෑ කියලා කතාවක් හැදුනේ සුදු මහත්තයෙක් සපත්තු දාලා ඒ දණ්ඩේ ගිය නිසාද කියලා මට හිතෙනවා. සමහර සුදු මහත්තුරු සිංහලයෝ දකින්නේ විකටයින් විදියට. හරියට පින්කරලා දිව්‍ය ලෝකේ ගියාම තමන් එක්ක හිටපු මනුස්සයින්ට දෙවිවරු හිනා වෙනවා වගේ.

"සිහි බුද්ධියෙන් කෙලින් හිටගෙන “බනින්නන්” දෙස විමසිලිමත්ව බැලූවහොත් ඒ ඇණුම් බැනුම්, තෙපරබෑම් සහ ගතුකීම් වැඩිහරියක් කුහකකම,ඉරිසියාව, අවස්ථාව නො ලැබීම, හීනමානය, ජනප්‍රියකම අඩුවීම, නූතන සමාජය විසින් ගණන් නො ගැනීම, මුදල් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, අහිමිවීම් ආදී මනෝ ව්‍යාධි තුළ ගිලී ගිය ඒවා බව පැහැදිලි ය. එහෙත් මේ මනෝ ව්‍යාධිය සමාජ ප්‍රකාශනයක් වන්නේ සිවිල් කටකින් නිසාත්, මුද්‍රිත අත්අකුරු වලින් නිසාත්, මාධ්‍ය හරහා නිසාත්, පොත් දොරට වැඩීම් සහ “සංවාද” නැති කතිකාවත් හරහා නිසාත් ඒවා සමාජගත වන විට දිගුකාලීන මනෝ ව්‍යාධිය තාවකාලික බලයක් වී සමාජගත වේ."

උපුල් ශාන්ත සන්නස්ගල - ආලවක නරක නෑ රාළගේ පොතින්

http://rala.info.lk/?p=28

මේ රාළගේ සිංදු පොතට සන්නස්ගල ලිවූ ලිපියක ගත යුතු යමක් තියනවා කියලා මට හිතෙනවා. අපේ රටේ දේචල් හෑල්ලු කරන, යාලු වී වැඩ අවුල් කරන, පිටරට දේම අගයන කාටත් කියවීම සුදුසුයි.

අනුන්ට පෙර තමන් තුලට එබී හිස් බව වටහා ගැනීමට මිනිසුන් හට හැකි වේවා.
යමක් ආක්‍රමණය කර නොව ආදරයෙන් ලබාගත හැකිබව අවබෝධ වේවා.