
මේ අනුව අප විසින් අධ්‍යයනබය කළ පරිදි නැණසළ ජාලය පවතින්නේ මේ තරුණ මාබව ජලය නිසයි. නැණසළ අයිතිකරුවන්ට ඔවුනට නිසි වැටුපක් හෝ ස්ථිර දීමනාවක් ලබාදීමට මැලියි. දැනුම හා සහය ලැබෙනවා නම් ඔවුන්ද ඉතා උනන්දුයි යමක් කරන්න.

බොහෝ නැණසළ දුපපත් කමේ ආගාධ වල පිහිට තියෙන නිසාත්, තොරතුරු තාක්‍ෂණය දුගී ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රමූඛතාවය නොවන නිසාත් ලැබෙන ආදායමද අඩුයි. කෘෂිකර්මයේ නියලි ග්‍රාමීය ප්‍රජාව ආදායමක් ලබන්නේ චසරකට දෙපාරයි. යල සහ මහ කන්න අවසානයේදී ඇසෙන මැසිවිලි ගැන ඔබ දන්නවානේ. ඔවුන්ගේ දරුවන්ට තමා ICT හා දැනුම ඕනේ. ඒ අචස්ථාව මුදල් හිඟකම නිසා නැති කගන්න බැහැ. අපේ රටේ අනාගතයට ඔවුන් දැනුවත් කිරීම හා ICT හැකියා වර්ධනය ඉතා අවශ්‍යයි.
මේ නිසා නෑණසළ පැවත්ම සඳහා විකල්ප ආදායම් ඉපිදවීමේ ක්‍රම අවශ්‍යයි. ග්‍රාමීය සිසුන්ගෙන් ලබන ආදායමට වඩා එය සේවයක් විය යුතුයි. රජය මේ සඳහා දිගටම ආයොහනය කළ යුතුයි.
ශිල්ප සයුරේ අත්දැකීම්ද සහිතව මේ ගැටළු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම් නිර්මාණය කරණ හා, ඒවා ක්‍රියාත්මක කන ව්‍යාපෘතියක අප යෙදී සිටින්නේ.
පසුෆිය මාස 5 ක අප කල ක්‍රියාවන්හි මේ සේයාරූ එකතුව බලන්න.
http://telecenter.lk/photos/
ඔබට තවත් දේ තේරුම් යාවි!
සැලසුම් කිරීම පහසුයි. එය සෛද්ධාන්තිකයි. සිදධාන්තයන් මහපොලවේ ප්‍රතිනිර්මාණය අසීරුයි. එහිදී සැලසුම් අවස්ථාවේදී අපට හමු නොවුම මානව,සාමාජීය, ආර්ථික හා සඛස්කෘතික සාධක බල පැවැත්වෙනවා. එවන් සාධක පෙරදකින්නට අත්දැකීම් අවශ්‍යයි. එම අත්දැකීම් ලබා ගන්නට එය කර බැලිය යුතුයි. නැණසළ සංවර්ධනය පිහිනීම ඉගනීම වගෙයි. ගොඩ සිට බෑ. වතුරට බහින්නම වෙනවා. එයත් තනියම බැහැ. කණ්ඩායමක් අවශ්‍යයි.
No comments:
Post a Comment