මෙහිදී නැණසළ ජාලයේ පැවැත්මේ නව අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට ජාතික නැණසළ සමුළුව ප්‍රයෝජනයට ගත හැකිය. දිනකින් ගෙවීයන හුදු විනෝදමත් සුහද හමුවකට වඩා මනස් කළඹවා, නව අදහස් මතුවන, මානව සඹඳතාවයන් ගොඩ නගන නව අවස්ථාවක් වීම ඊට සූදුසුය.
රටක් වශයෙන් අද ශ්‍රී ලංකාව පෙර කිසිදවසක මුහුණ නොදුන් සන්ධිස්ථානයකට පත්ව ඇතැයි මා සිතමි. අද අපට තිබෙන ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ ජාතීන් අතර සුහද තාවයක් ගොඩනැගීමයි.
ඒ සඳහා නැණසළට විශාල කාරියක් කළ හැකිය. ඒ ජාතික සමගිය සඳහා සන්නිවේදනය ලබා දීමෙනි.
මේ අනුව සෑම නැණසළකම අප සැමට පොදු භාෂාව වන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම, විවිධ ජාතීන් නැණසළ තුලිනි සම්බන්ධ කිරීම, එම ජාතීන්හට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි බසින් සන්නිවේදනයට මග පෑදීම ගැන ජාතික සමුළුවේදී කතුකාවක් ඇතිවීම වඩාත් සුදුසු ආරම්භයකි.
නිරංජන් මීගම්මන
ශිල්ප සයුර ව්‍යාපෘතිය
No comments:
Post a Comment