23 Jan 2009

නැණසළ නායකයකු යනු කවරෙක්ද ?

නැණසළ සංකල්පයේ පරිසමාප්ත අර්ථය නමි තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයෙන් ප්‍රජා සංවර්ධනයට මගපෑදීමයි.

එම කර්ත්‍යවයේ විවිධ තලවල පෙරගමන් කරුවකු වීම නම් නායකයකු වීමයි.


නායකයකු වීම සඳහා සුවිසල් පුද්ගලයෙකු වීම අවශ්‍ය නොවන අතර, තම ගාහැකියාව අනුව නිරන්තර දැනුම ලබාගනිමින්, එම දැනුම බෙදාගනිමින් අන් අයටද තම සහය ලබාදිය හැකිනම් එය නායකත්වයි.

සමූහයක සිටීම, තම සමූහය සමග සන්නිවේදනය, සමූහයක නායකත්වය බෙදාගැනීම, සඝුහයක විශ්වාසනීය ගොඩනගා ගැනීම, අරමුණක් වෙනුවෙන් කැපවීම, බාධක හමුවේ නොසැලීම නායකත්වයයි.

නායකත්වය පහසු හෝ අපහසු නැත. එය කුඩා හෝ ලොකුද නැත. සෑම අයෙකුටම නායකයෙක් විය හැක. නැණසළ ජාලය තිරසාර වීමට නම් නායකයින් අවශ්‍යය. ඔවුන් බිම් මට්ටමේ සිට බිහිවීම අවශ්‍යය. අද නැණසළට එන සිසුවා හෙට නැණසළ ජාලයේ නායකයකු විය හැක.

නායකයින් ආනයනය කළ නොහැක. නායකයින් බිහිවන්නේ ඔබ අතරිනි. නැණසළ නායකයකු වීමට ඔබටද හැකිය. නායකයින්ගේ සමූහයකට එකතු වන්න.


නිරංජන් මීගම්මන
ශිල්ප සයුර ව්‍යාපෘතිය

No comments: