
අහස කඩාගෙන වැටෙද්දි
පොළව පැලී ගිනි ගනිද්දි
වැව කැඩිලා ජලේ එද්දි
උඹ විතරයි හිටියේ ඔන්න
උඹ විතරයි හිටියේ ඔන්න
පුංචි සින්දුවක් කියන්න
පුංචි සින්දුවක් කියන්න
හීන් හඬින් මට ඇහෙනා
කවි මුතුවැල් සිත් බඳිනා
සිතට සතුට නුඹ ගේනා
උඹ විතරයි දන්නේ ඔන්න
උඹ විතරයි දන්නේ ඔන්න
කඳුළු නැතිව ඉකි බිඳින්න
කඳුළු නැතිව ඉකි බිඳින්න
රන් කුරහන පාලුවෙලා
වට්ටක්කා මල් හැලිලා
දඬුවැට වේයෝ කාලා
හේන අපේ අත හැරිලා
දැන්වත් බින්දක් හිතන්න
දැන්වත් බින්දක් හිතන්න
සෝලි නැතිව ගෙදර එන්න
ගීත රචනය නිරංජන් මීගම්මන
creative commons 3.0
No comments:
Post a Comment