අප කරන්නේ සිනමාව ඒමට පෙර ඒ හැඩතල වලින් අබා වියුණ සැරසීමය. ආවාට පසු එය බලාගත හැකියි. මීට කලින් මාලනී , රවීන්ද්‍ර, ශ්‍රියන්ත, සබීතා ආදී රංගධර රුවෙන් මෙලෙස අන්තර්ජාලය සැරසී නැත.
මේ චායාරූප චිත්‍රපටියේ කැමරාවේ නෙගටිව් වලින් නොවේ. සිනමා නිශ්චල ඡායාරූපකරණය ද වෙනම කළාවකි. එහි ෆ්ලෑෂ් තහනම්ය. පොයින්ට් ඇන්ඩ් ෂූට් බැරිය. රූප රාමුද තරමක් වෙනස් කෝණයකිනි. චලනය උකහා නොගනී. නමුත් තත්වය ඉතා උසස්ය. අධ්‍යක්‍ෂක රෑප රාමු ලෙස මුලින්ම දකින්නේ මේවාය.
එවායින් හොඳම ඒවා තෝරා, රන් රාමු සොයා, කපා, හැඩකර, මතුකර, කුඩා කර අන්තර්ජාලයටත්, මාධ්‍යන්ටත් නිකුත් කරන එය එක දවසට දෙපාරක් පණයන වැඩක්.
මේ සමහර රූප රාමු අපි චිත්‍රපටියක දකින්නේ නෑ, සුමින්දගේ කැමරාවෙන් ගත් රූප රාමු හුඟක් කැපෙනවා සංස්කරණයෙන්.
සංස්කරණය නොකල චිත්‍රපටිය පැය අටහමාරක් නෙගටිව් පටිවලින්ම, පැය එක හමාරකට එය අඩුකරන්නේ රවීන්ද්‍ර ගුරුගේ. ඊට පස්සේ දෙබස් කැවීම සහ අනිත් දේ. දැවැන්ත කතාවකදී මෙය මහා විශාල වැඩක්. ඒත් සමහර චිත්‍රපටි මාසෙනුත් හැදිලා තියෙනවා. කතාව හා දෙබස් පමණයි. අබාහි වැදගත් රූප රාමු, ඒ කාලය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ගත් රූපමය උත්සාහයක්.
අපි මේ කථා කරන්නේ ක්‍රි.පූ. පස්වන සියවස හරිය, ලංකාවට බුද්ධාගම ඇවිත් නෑ, යකඩ කර්මාන්තය තිබුනා, මිනිස්සු ඇඳුම් ඇන්දා, පළවෙනි වැවත් හැදුවේ පණ්ඩුකාභය, මිනිසුන් ගතකළේ ගෝත්‍රික ජීවිත, ඒ රූපමය අත්දැකීම දැකපු කවුරුත් නෑ දැන්, ජැක්සන්ගේ සිතිවිලි මේ වගේ.
http://media.aba.lk
කලාවට කැමති අයට
දැනට රස විඳින්නට තියෙන දේ තමා මේ
තම නිර්මාණයෙන් එලියට එන විවිධ දේ ගැන ඇතිවන අන්තර්ජාලයේ සංවාදයක් ඇතිවීමත්, ඒ සංවාදය තමන් අගයන සිංහල භාෂාවෙන් කියවීමට ලැබීමත්, ඉන් තම නිර්මාණය දියුණු කරගැනීමට ලැබෙන අවස්ථාවත් ජැක්සන් ලද භාග්‍යක්, මෙන්න කැට අබා ලංකාවේ අංක 1 ආදායම් වාර්ථා තියන චිත්‍රපටිය බවට පත් වෙන බවට, මීට පුථම එසේ වූ චිත්‍රපටිය නම් "සරෝජා". ඊටත් අප වියුණක් තනා දුන්නේ හොඳ දේ අගය කරන නිසායි. අබා අපටත් හොඳ අත්දැකීමක්.
No comments:
Post a Comment