26 Jun 2009


නැණසළට බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියා කියාදෙන්න හදපු සිත් සටහන, සිංහල යුනිකෝඩ් ගැන ලියලා උණුසුම් උනා‍. ගැටුම් අතෑරලා පසුව සීරියස් ලෙස ලිවීමෙන් හුඟක් දේ දැනගත්තා. මේ අනුව මා සිටින නැණසළ (Telecenter)ක්‍ෂේත්‍රය ගැන ලෝක ප්‍රජාව සමග අදහස් හුවමාරු කරගැනීමට blogging හේතු උනා. ලෝකයේ පූමුඛ නැණසළ සංගමයේ Telecentre.org එකේ තිබූ Blogging Contest එකට ලිවිවේ දිනන්නම නෙමේ. Top 10 ඇතුලට ලංකාව ගෙන එන්න.

http://www.telecentre.org/profiles/blogs/the-blog-contest-results

මේ ජයග්‍රහණය වැදගත් මට වඩා ශිල්ප සයුරටයි. එහි නියැලී ඉන්න අයට දිගටම එහි ඉන්න ශක්තිය ම්න් ලැබෙනවා. අපේ රට ලෝකයේ දියූණු රටවල් සමග තරඟ කිරීමේ හැකියාව මින් පෙනීමෙන් තවත් අය උනන්දු වෙනවා. විශේෂයෙන්ම නැණසළ වල ශිල්ප සයුර කරන පොඩි එවුන්, ක්‍රියාකරුවන්. ඒ සමගම සමහර වැහුණු දොරවල් අරින්න මේ ලිපිය හේතු වෙයි.

එදත් අදත් අපේ ජීවිතේ ප්‍රධානම අංගය අපේ රට. ඒකට අපි තෝරාගත්තේ භාෂාව සහ තාක්‍ෂණය,දැන් අධ්‍යාපනය හා ගම්මාන සංවර්ධනයත් එකතුවෙලා. ශිල්ප සයුර හා නැණසළ දැන් ජීවිතේට බද්ධ වෙලා. ආපහු නගරයට එන්න බැරිතරමට ගම්මාන අපිව වෙලාගෙන. මේ සිත්සටහන ලියවුනේ එහෙමයි. එය ආත්ම ප්‍රකාශණයක් වගේම සාමුහික ක්‍රියාවක සටහනක්. ඒ නිසා අන්තර්ගතය අගය ඉහලයි. මා English භාෂාවේ දන්නා ව්‍යාකරණ හරඹද මීට භාවිතා කලා, (language and Style). ඒ සමගම සෑහෙන වාරයක් සංස්කරණය කළා. අන්තර්ජාලයේ Blog Masters ලා ලිවූ ඔවදන්ද කියවූ මට විශ්වකුමාරත් මට හොඳ feedback දුන්නා. ඒ නිසා හොඳට ලියවුනා. සාමාන්‍යයෙන් Blog ලිවීම හා තරඟයකට ලිවීමේ වෙනස හඳුනාගන ලිවීම මේ තරඟයේදී උදව්වුනා. මේකත් සාමුහික ජයග්‍රහණයක්.

ඔබ මේ සිත් සටහන කියවූවොත් තව බොහෝ දේ වටහා ගනී.

http://telecentrecommunity.ning.com/profiles/blogs/how-shilpa-sayura-became-a

මට මේ ජයග්‍රහණය වැදගත් සිංහල විතරක් දැනගන A/L වලින් එලියට ආ මම ලෝකය සමග English රචනා ලියා දීනු බව දැනගත් අපේ සීයා ලද සන්තෝෂයයි. ඒ නිසා දැන් හොඳට ඉංග්‍රීසි පාස් කියා හිතන්න පුලුවන්. කාලයක් ගතචුනත් Blogging කීට අවස්ථාවේ සිට ලෝක මට්ටමට ඒම නරකද?

සුබ පතන සියලුම blog මිතුරන්ට ස්තූතියි.

විශේෂයෙන්ම සිංහල Bloggers සමූහයේ ඇගයීමට පාත්‍රවීම සතුටක්.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/64eae2c13d693ec2/298a43e62222f2bd?hl=en#298a43e62222f2bd

සමපූර්ණ විස්තරය

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org/
http://www.kaputa.com/

18 Jun 2009

Technology alone will not bridge knowledge divides

Technology alone will not bridge knowledge divides

UNESCO’s concept of knowledge societies
inclusiveness,
pluralism,
equity,
openness
participation

knowledge societies should not be shaped and driven by technological forces but by societal choices

The concept includes four key principles
freedom of expression
universal access to information and knowledge
respect for cultural and linguistic diversity
quality education for all

remain valid when the world is going through one of its most serious crises since decades, if not centuries

Government leaders increasingly recognize the fact that investments in the large and complex knowledge domains are critical to laying the foundation for recovery, sustainable development, economic growth and prosperity

http://portal.unesco.org/ci/en/ev.php-URL_ID=28757&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html

5 Jun 2009

ශිල්ප සයුරේ සාර්ථකත්වය නම් එහි බැඳුනු සහයක ප්‍රජාවයි

ශිල්පසයුර වි්‍යාපෘතියේ සාර්ථකත්වය


ශිල්පසයුර වි්‍යාපෘති අධ්‍යක්ෂ
නිරංජන් මීගමිමන මහතා අතුළු,
නැණසල ජාලය වටා බැදුණු සියළු මහත්ම මහත්මීන් හට ඉතා සතුටින් දැනුම් දෙමි


ඔබ තුමන්ලාගේ සියළු මගපෙන්වීම් දැනුවත් කරීම් මතින් එකª සිසුවෙක්වත් නොමැතිව අකී‍්‍රයව වැසීගිය මාගේ නැණසල වන පොළොන්නරුව, මැදිරිගිරිය විජයපුර ශී‍්‍ර ආනන්ද විද්‍යා නිකේතන නැණසල - මාගේ වෑයම හා උත්සාහය තුළින් කී‍්‍රයාකාරී තත්වයට මාස 1 1/2 ක් වැන් කෙටි කාලයක් තුුළදී සිසුන් 100කට අදික පිරිසක් සමග පරිගණක තාක්ෂණ දැනුම බෙදා දීමට හැකි ශිල්පසයුරක්ම කරගැනීමට හැකි වීම ගැන මම ඉතා සතුටින් හා ආඩම්බරයෙන් දැනුම් දෙමි.

අල්ප නැණසල පහසුකම් තුළදී (ආයතනය සතුවන්නේ පරිගණක යන්ත‍්‍ර 4ක් පමණි* ඔබ තුමන්ලාගේ ශිල්පසයුරට දැක්වූ කැපවීම උනන්දුව ඉතා සාර්ථකයි, ඔබ තුමන්ලාගෙ මගපෙන්වීම් දැනුවත් කරීම් මතින් මා හට ශිල්පසයුරට ලබාදුන් සිසුන් 100 ඉලක්කයද කිසිම අභියෝගයක් නොමැතිව එම ඉලක්කය අභිමවා ගොස් අප නැණසලේ ආදායම් තත්වයද ඉහල නන්වා ගැනීමට හැකී වු බව සතුටින් දැනුම් දෙමි’. ඒ තුළින් මාගේ ණැනසල දියුණුතත්වයට ගෙනගොස් හොද සේවාවක් සිසුන්ට ලබා දීමට මා උත්සාහ කරමි මේ සදහා තවද උපදෙස් හා මගපෙන්වීම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. සියළු දෙනාහට ස්තූතිය හදපිරි සතුටින් ප‍්‍රකාශ කරමි.


මෙයට
කි‍්‍රශාන්ති ජයලත්
ශී‍්‍ර ආනන්ද විද්‍යා නිකේතන නැණසල
විජයපුර
දියසෙන්පුර

http://shilpasayura.ning.com/profile/KrishanthiJalath


ශිල්ප සයුරේ සාර්ථකත්වය නම් එහි බැඳුනු සහයක ප්‍රජාවයි.