24 Dec 2008

Some Talks, Some TImes, Say Some

Shilpa Sayura wins 4th International Award

Shilpa Sayura, the flagship e-SDI rural e learning project from Sri Lanka won DISKOBOLOS 2008 international award, At final ceremony in the Hotel Continental Belgrade, on 18th December 2008, this year's the most qualitative solutions in the application of information and communication technologies in almost all spheres of economy and non-economy were announced.

Ms. Jasna Matić, Minister of Telecommunication and Information Society of Serbia, opened the ceremony and award recognition attended the highest bodies of Serbia and President of CEPIS - Council of European Professional Informatics Societies,

Mr. Đorđe Dukić, president of JISA – Union of IT Societies of Serbia, as a 14-year-old organizer of recognition Diskobolos, by welcome speech stressed the fact that this recognition, unique by its purpose and emphasizing the positive experiences.

During the last 14 years, in cooperation with ICT association councile, European Economic Chamber, the West Balkans economic chambers and ICT associations, JISA traditionally gives a Diskobolos award for the most successful modern technologies applying in everyday business.

Speaking of the achivement "Telecenters and Shilpa Sayura keep growing, We are exploring new possibilities and dimensions to reach rural people at large", says Niranjan Meegammana, the Designer of Shilpa Sayura.

Shilpa Sayura rural e learning project, funded by ICTA e-SDI Programme implemented in South- East Sri Lanka by e fusion won three other international Awards I4D 2007 in India, GKP 2007 in Malaysia, Stockholm Challenge 2008 in Sweden, and Best Corporate Citizen Merit by CCC in Sri Lanka.

More information on Shilpa Sayura

+94 (0)812 801 802

About DISKOBOLOS 2008 Award

10 Dec 2008

Recognising the Silent Operators before they are gone!

If I do not write this note, the world may forget Pushpa Rani soon. I am writing this note as I think She is symbolic as a Nenasala (Telecenter) Operator and also important us to remember as a person who contributed for the success in the Nenasala Movement.

We met Pushparani in 28th January 2007, when we visited Koslanda Nenasala. She was teaching ICT to some kids.

Until that day she was an unknown Nenasala Operator, Innocent, humble and beautiful too. She could not speck much Sinhala or English But we communicated using all languages. She was wonderful Nenasala Operator with right education and commitment.

She had come to Nenasala as a one of the first students to Learn ICT. She did well under Srikanthan Teaching and later became Nenasala Operator and ICT teacher for Students. When we asked about her future plans, she said

that her aim is to learn more ICT, complete a degree and become a better ICT Teacher at Nenasala to develop the Children. Then today, I hear that she has passed away after meeting a tragic landslide accident created by last rain.

She became a Telecenter Operator as she wanted to serve. She didn't take a job offers came her way in Colombo. It may have been because she wanted to be in the community and with her family.

She served the one's who are least Served in Koslanda, a distant rural village from us. She delivered what we plan, She was the interface and the most important link to the community we serve. Her community was mostly poor estate children.

She may have taken only a small amount of money as an allowance. She gave her youth life totally committed to Nenasala and to develop her community.

When I met her again for the second time in May 2008, we didn't have much time for conversatio. She served us a home grown cup of tea. I can stil remember her as a happy smilling person, a one that needed by Telecenters.

She may have been the First ICT Teacher for many kids who will remember her kindness and what she thought. Someday some of these Kids will take her route in Nenasala Movement to become Nenasala Operators, or do more things to change the world.

In Coming January we had planned her to invite for e-BIT online degree programme by Colombo University, She was one of the good prospectus ith the need and commitment. Before she could not complete her Telecenter Journey, we hear that she's gone.

As I hear, Her house went under a landslide in heavy rain, her family has become homeless, now living in an orphanage, and she faced major injuries and fought for her life for several days. She was supposed to bring to Colombo National ospital when she closed her eyes for ever. I think we have had some way to help her when she was helpless in ICU of a rural hospital.

Life would have become different, if she left Nenasala and took the job in Colombo, or got married and left the community. However she choosed to be a Nenasala Operator until she crossed the line of living.

When Kids come to Nenasala for their next lesson of ICT, She is no longer there. Some Kids are so small to understand a death, will wait until she shows up and some may even stop coming to Nenasala.

When Pushpa Rani faced with the tragic accident of a natural disaster, she was doing her service, she was not known to many although she was member of a large community movement.

At least now we can recognize her service and contribution, which makes significant and a nobel act to up lift the sprit of Nenasla community. We have to remember her, because she represents many such silent Telecenter Operators, who serve the last, taking nothing but giving everything to develop our world.

She was not another person but a symbolic Telecenter Operator, a community leader, an ICT Teacher and a friend of many. Let us remember Pushpa Rani (Meaning the Queen of Flowers) as a continuing Spirit in Nenasala Movement.

At the sometime let us work towards to uplift other Nenasala Operator lives like Pusha Rani, before

it's too late to recognize them. May her attend Nirvana.

In Memory of Pushpa Rani
The Smiling Nenasala Operator of Koslanda

Niranjan Meegammmana
10th December 2008

24 Nov 2008

ICT4D, Telecenters, Awards and Blogging in Local

People try to find new meaning for Blogging, and it includes me. Blogs are a wonderful way to breed new ideas to help shape communities.

When the blogging initially got to Sri Lanka, No body much cared for it. But a group of us initiated blogging in "Sinhala" Local Language, which made the difference. It made more outreach to people who are concerned. Now there is a growing local blog culture. Local Language Makes the Difference.

Similarly ICT4D was explained in as many as presentations. However the concepts restricted to concepts and Academic Needs. It just circled around Colombo, Until we used local language to explain what it means. Now rural people have begun to feel the value of Telecenters. Now they walk into Telecenters that they thought distant. Local Language Makes the Difference.

e Learning had been here for years, but only few benefited. But when it turned into Local language people were amused, students thoughts it's the future. Shilpa Sayura went to win 3 World Awards i4D , GKP and Stockholm Challenge 2008 for Local Language e Learning for Rural Communities. Local Language Makes the Difference.

Right now we are a minority as we speak and write in English. We will become a majority if we go local and blog in local languages of the world.

Get Local it's the only way to involve rural communities, who actually get served from Telecenters. Local Language Makes the Difference.

The Text below is in "Sinhala" my local language. 19.5 Million people out of 20 million people understand it as well as most of the Telecenters use it in ICT.

Local Language Makes the Difference.

Get Sinhaka Unicode Fonts from

නැණසළ සාර්ථක වීමට
නැණසළ නියම සමාජ ව්‍යාපාරයක් වී සාර්ථක වීමට එහි නියැලි සියල්ලන්ම ප්‍රජා සංවර්ධනය පෙරමුණු කරගත් අදහස් අනුච ක්‍රියා කළ යුතුයි. සාර්ථක ලෙස ක්‍රියාත්මක සමහර නැණසළ වලින් සමහරක් ලක්‍ෂණ ගිලීහී ගොසින්, ඒවා ICT ව්‍යාපාර වූ අවස්ථා තියෙනවා. ඉල්ලුම පරිදි සැපයුමට වඩා අවශ්‍යතාවයන් හඳුනාගන ඒ අනුව තම සේවා සැලසුම නැණසළක අදහසයි.

එම ක්‍ෂේත්‍ර ලෙස සැලකිය හැක්කේ

ළමා හැකියා සහ අධ්‍යාපන සංවර්ධනය
කෘෂිකාර්මික,ජීවනෝපාය දැනුම හා ආර්ථික සංචර්ධනය
තරුණයින්ට සහ කාන්තාවන්ගේ නායකත්ව සංවර්ධනය
සමාජීය ආකල්ප, සහ සංස්කෘතික සංචර්ධනය
රාජ්‍ය සේවා තොරතුරු සන්නිවේදනය හා ප්‍රජා සම්බන්ධතා ගොඩ නැගීම
පාරිසරික හා සෞඛ්‍ය සංචර්ධනය

නැණසළ උපයෝගී කරගන්නා ක්‍රමචේදය මේ කාර්යයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදනයද , තාක්‍ෂණයද ලබා දීමයි.

මේ සංකල්ප සියල්ල, එකක් , හෝ මුසුවක් නැණසළේ ආකෘතිය විය හැකියි. එය තීරණය වන්නේ නැණසළ ප්‍රජා පරිසරය, සම්පත් ප්‍රමාණය, නැණසළ නායකත්වය සහ දක්‍ෂතාවන්ය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළවල් දූරදර්ශී වීම, සැලසුම් සහගත වීම හා ඉලක්ක සහිත වීම වැදගත්.

සෑම විටම ප්‍රමාණය වැඩි වීමට වඩා සේවා තත්වයෙන් උසස්වීම ඒ මෙන්ම ප්‍රජාවගේ සහය සහ ප්‍රසාදයද ලබාගැනීමද වැදගත්. නැණසළක ප්‍රජා සහභාගීත්වය වැඩිවන විට එහි අගයද කළ හැකි සේවාවද වැඩිවේ. ප්‍රජාවගේ බුද්ධිමතුන් නැණසළ කටයුතු වලට යොදවා ගැනීම ඉතා පහසු කටයුත්තකි.

Local Language Makes the Difference.
any ideas ?
Niranjan Meegammana

6 Nov 2008

නැණසළ සාර්ථක වීමට

නැණසළ නියම සමාජ ව්‍යාපාරයක් වී සාර්ථක වීමට එහි නියැලි සියල්ලන්ම ප්‍රජා සංවර්ධනය පෙරමුණු කරගත් අදහස් අනුච ක්‍රියා කළ යුතුයි. සාර්ථක ලෙස ක්‍රියාත්මක සමහර නැණසළ වලින් සමහරක් ලක්‍ෂණ ගිලීහී ගොසින්, ඒවා ICT ව්‍යාපාර වූ අවස්ථා තියෙනවා. ඉල්ලුම පරිදි සැපයුමට වඩා අවශ්‍යතාවයන් හඳුනාගන ඒ අනුව තම සේවා සැලසුම නැණසළක අදහසයි.

එම ක්‍ෂේත්‍ර ලෙස සැලකිය හැක්කේ

ළමා හැකියා සහ අධ්‍යාපන සංවර්ධනය
කෘෂිකාර්මික,ජීවනෝපාය දැනුම හා ආර්ථික සංචර්ධනය
තරුණයින්ට සහ කාන්තාවන්ගේ නායකත්ව සංවර්ධනය
සමාජීය ආකල්ප, සහ සංස්කෘතික සංචර්ධනය
රාජ්‍ය සේවා තොරතුරු සන්නිවේදනය හා ප්‍රජා සම්බන්ධතා ගොඩ නැගීම
පාරිසරික හා සෞඛ්‍ය සංචර්ධනය

නැණසළ උපයෝගී කරගන්නා ක්‍රමචේදය මේ කාර්යයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදනයද , තාක්‍ෂණයද ලබා දීමයි.

මේ සංකල්ප සියල්ල, එකක් , හෝ මුසුවක් ඔබගේ නැණසළේ ආකෘතිය විය හැකියි. එය තීරණය වන්නේ ඔබගේ ප්‍රජා පරිසරය, සම්පත් ප්‍රමාණය, නැණසළ නායකත්වය සහ ඔබගේ නැණසළ දක්‍ෂතාවන්ය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළවල් දූරදර්ශී වීම, සැලසුම් සහගත වීම හා ඉලක්ක සහිත වීම වැදගත්.

සෑම විටම ප්‍රමාණය වැඩි වීමට වඩා සේවා තත්වයෙන් උසස්වීම ඒ මෙන්ම ප්‍රජාවගේ සහය සහ ප්‍රසාදයද ලබාගැනීමද වැදගත්. නැණසළක ප්‍රජා සහභාගීත්වය වැඩිවන විට එහි අගයද කළ හැකි සේවාවද වැඩිවේ. ප්‍රජාවගේ බුද්ධිමතුන් නැණසළ කටයුතු වලට යොදවා ගැනීම ඉතා පහසු කටයුත්තකි.

ලෝකයේ නව ප්‍රවණතාවක් වන නැණසළ

ලෝකයේ නව ප්‍රවණතාවක් වන නැණසළ අන්තගතය ගැන හුඟක් අයගේ දැක්ම පුලුල් නෑ. එය තාක්‍ෂණය සමග මිනිස් ජීවිත යහපත් කිරීමේ ක්‍රමවේදයක්. ලෝකයේ නැණසළ 25000 ක් පමණ තිබුනත්, තනි ජාලයක් ලෙස විශාලම එක ශ්‍රී ලංකාවේ නැණසළ ජාලය. ඒ නිසාම එයට ආවේණික ගැටළු සඳහා අපම පිළියම් සොයාගත යුතුයි. සමහර ලෝක නියැදි අපට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්, ඒවා අප අනුවර්ථනය කර සකසා ගත යුතුයි.

මා පසුගිය වසර තුන ගත කළේ ශිල්ප සයුර ව්‍යාපෘතිය තුලින් නෑණසළ බිමි මට්ටමේ අධ්‍යනය කරමින්. ඉන් ලද දැනුම හා අත්දැකීම් මත තොරතුරු තාක්‍ෂණය තුලින් සංවර්ධනය දෙසට ඉබේම යොමු උනා වගේම, ඉන්දීයාවේ, මැලේසියාවේදී හා ස්වීඩනයේදී බුද්ධිමතුන් හමුවී හුවමාරුවූ දැනුමෙන් හා අධ්‍යනයන් තුලින් ද ICT4D කේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ වල වටිනාකම තේරුම් ගත්තා.

මෙහිදී අප "නැණසළ තිරසාරභාවයට පත්කිරීමේ ක්‍රමවේද" පිළිබඳ පර්යේෂණ කිරීමටත්, ඉන් ඉගනගන්නා පාඩම් මත, තිබෙන ගැටළුවලට පිළියමි යෙදීමත්, නැණසළ අනාගතය සැලසුම් කිරීමත් අවශ්‍ය බවද වැටහුනා.

e3 ව්‍යාපෘතිය බිහිවන්නේ ඉන් අනතුරුව.

e3 සඳහා ප්‍රථමයෙන්ම අප කළේ අවශ්‍යතා අධ්‍යයනයක්, ඒ සඳහා නැණසළ 60 ක් භාවිතා කළා දත්ත පදනම ලෙස, වැඩමුලු ආදියෙන් තොරුතුරු ලබා ගත්තා, සංවාද හා සම්මුඛ
පරීක්‍ෂණ, ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ තුලින් හා පැරණි අධ්‍යයන හා පළකිරීම්
මගින්ද තොරතුරු ලබාගන විශ්ලේෂණය කරම්න් පූර්ණ වාර්ථාවක් සැකසුවා.

අවශ්‍යතා අධ්‍යයනයක අදහස අවශ්‍යතා හා සමිපත් හඳුනාගන ඒවා එකිනෙක පිරිද්දීමයි.

මා ඒ වාර්ථාව සකසද්දී ගොඩනැගූ සංකල්ප කිහියපක් සරළව මේ

1. නැණසළ තිරසාරභාවය යනු නෑණසළක් තම සමාජ කාර්යේ යෙදෙමින් පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආදායම් ඉපයීමය. (සමාජ ව්‍යවසායකත්වය)

2. නැණසළ රැක බලා ගත යුතු සමාජ හා ආර්ථික සංවර්ධනයේ වෙනසක් කළහැකි රාජ්‍ය හා ප්‍රජා කොටස් කරුවෙකි. (සමාජ ප්‍රතිදායකත්වය)

3. නැණසළ තිරසාර කිරීම යනු ඒ හා බැඳුනු මානව ජාලය තිරසාර බවට පත් කිරීමය. (නැණසළ තිරසාරකතා මානව සංවර්ධනය)

4. නැණසළ තිරසාරබාවයේ ගැටළු වල‍ට මූලික හේතුව අවශ‍ය දැනුමි සම්පත් හිඟකමය.

5. ඒ දැනුමි සම්පත් අප අතරම ඇති අතර ඒවා ඒකරාශී කරන විවිධ ප්‍රතිදායක බුද්ධි ජාලයක් (Multi Satke Holder Knowledge Network) ගොඩනැගිය යුතුයි.

නැණසළ තිරසාරභාවය ගැන කටයුතු කරන හා උනන්දුවක් දක්වන ප්‍රජාව එක්කර , අවශ්‍ය සංවාද කර අපට සුදුසු පරිදි "නැණසළ තිරසාරතා ජා‍ලයක්" ගොඩනගන වැඩ පිළිවෙළක් අරඹීම කළ යුතු වන අතර ඊට බිම් මටිටමේ සිට ඉහළම මටටමේ අයර සහභාගි විය හැකි විවෘත පදනමක්ද තිබීම වැදගත්.
අපට ඉගනගත හැකිදේ කොපමණද ?

5 Nov 2008

නැණසළ නිර්වචනය

නැණසළ යනු
නැණසල යනු තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන සේවා සහ උපදෙස් ලබා ගත හැකි පොදු ස්ථානයකි. ඒකපුද්ගලික අයිතියෙන් පරිගණක හා අන්තර්ජාල පිවිසුම් හසුකම් වෙනුවෙන් වියදම දැරිය නොහැකි ගමිවැසි ජනතාවට බෙදාහදා ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ශණය සඳහා අත්‍යාවශ්‍ය මෙවලම්, දැනුම සහ අන්තර්ජාල පිවිසුම ලබා දීම නැණසල මගින් මූලිකවම සිදුකෙරේ.

නැණසළ උපයෝගී කොටගෙන ගමිවැසි ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම, හැකියා ප්‍රවර්ධනය, රැකියා අවස්ථා වැඩි කිරීම, දෙස් විදෙස් වෙලඳපොල අවස්ථා ලබා දීම මගින් තාක්ශණ හා දැනුම් පරතරය අවම කර වුන්ගේ ජීවන තත්වය උසස් කිරීම
බලාපොරොත්තු වේ.

නාගරික ප්‍රජාවට ඇති තාක්ශණ මෙවලම් සහ එම දැනුම වෙත ඇති ප්‍රවේශයට අවස්ථා වැඩි වීම ඔවුන්ට විෂේශ වරප්‍රසාදයක් වී ඇත. මෙම වරප්‍රසාදය නොමැති ග්‍රාමීය ප්‍රජාවට වරප්‍රසාද ලත් නාගරිග ප්‍රජාව සමඟ තරඟ කිරීමේදී තොරතුරු හිඟවීම මත ඉගෙනුම්,රැකියා, වෙලඳපොල ආදී අවස්ථා ද අහිමි වේ. ගම් වැසි ජනතාවටද සමාන අවස්ථා උදා කරමින් පනතාව අතර ඇති තාක්ශන පරතරය පිරිද්දීම නෑණසළේ උත්සාහයයි.

ප්‍රජාව තම රජයට සම්බන්ධ කිරීම,දුරස්ථව අධ්‍යාපනය ලාබාදීම, දේශීය සහ විදේශීය වෙළඳපළ අවස්ථා උදාකිරීම,රැකියා අවස්ථා ප්‍රවර්ධනය, ගම්මාන වල ගැටළු කෙරේ ජනතා අවධානය යොමු කිරීම හස ප්‍රජා සංවර්ධන නායකත්වය තුලින් ගමි වැසි ජනතාවගේ ජීවිත වල වෙනසක් ඇතිකිරීමට නව්‍යතම තොරතුරු තාක්‍ෂණ හා නිනිනිවංදන ක්‍රමවේද භාවිතය භාවිතය නැණසළේ මූලික අරමුණයි.

ඒ සිංහල යුනිකෝඩ් සමූහයේ අප නිර්මාණය කළ නැණසළ නිර්වචනයයි.

අපට හමුවූ නැණසළවරයන් සහ නැණසළවරියන්

මේ දක්වා අපට හමුවූ අපට හමුවූ නැණසළවරයන් සහ නැණසළවරියන් ඉතා කැපවීමකින් යුතුව, බොහෝ ආර්ථික පීඩා විඳිමින් ඔවුන් කරන කර්තව්‍යය ඉතාම අනර්ඝයි. ඔවුනට දැනුම හිඟයි, තක්‍ෂණ සහය අඩුයි, පහසුජම් සීමිතයි, බලාපෝරෝත්තු වැඩියි. ඔවුන් බොහෝදෙනා උසස්් අධ්‍යාපනයේ යෙදෙන ගමන් නැණසළ සේවය කරන්නේ. ඔවුන් නැණසළට සේවය කරන්නේ ගෙදරින් ඉල්ලා ගන්නා මුද‍ලින් යැපෙමින්. මේ අගනා මානව සම්පත සංවර්ධනය කිරීමට නිසි වැඩ පිළිවෙළක් අවශ්‍යයි. එය ඔවපන්ග අවශ්‍යතාවයන් අනුව මිස අපගේ අවශ්‍යතාවයන් අනුව සිදු නොවිය යුතුයි.

මේ අනුව අප විසින් අධ්‍යයනබය කළ පරිදි නැණසළ ජාලය පවතින්නේ මේ තරුණ මාබව ජලය නිසයි. නැණසළ අයිතිකරුවන්ට ඔවුනට නිසි වැටුපක් හෝ ස්ථිර දීමනාවක් ලබාදීමට මැලියි. දැනුම හා සහය ලැබෙනවා නම් ඔවුන්ද ඉතා උනන්දුයි යමක් කරන්න.

බොහෝ නැණසළ දුපපත් කමේ ආගාධ වල පිහිට තියෙන නිසාත්, තොරතුරු තාක්‍ෂණය දුගී ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රමූඛතාවය නොවන නිසාත් ලැබෙන ආදායමද අඩුයි. කෘෂිකර්මයේ නියලි ග්‍රාමීය ප්‍රජාව ආදායමක් ලබන්නේ චසරකට දෙපාරයි. යල සහ මහ කන්න අවසානයේදී ඇසෙන මැසිවිලි ගැන ඔබ දන්නවානේ. ඔවුන්ගේ දරුවන්ට තමා ICT හා දැනුම ඕනේ. ඒ අචස්ථාව මුදල් හිඟකම නිසා නැති කගන්න බැහැ. අපේ රටේ අනාගතයට ඔවුන් දැනුවත් කිරීම හා ICT හැකියා වර්ධනය ඉතා අවශ්‍යයි.

මේ නිසා නෑණසළ පැවත්ම සඳහා විකල්ප ආදායම් ඉපිදවීමේ ක්‍රම අවශ්‍යයි. ග්‍රාමීය සිසුන්ගෙන් ලබන ආදායමට වඩා එය සේවයක් විය යුතුයි. රජය මේ සඳහා දිගටම ආයොහනය කළ යුතුයි.

ශිල්ප සයුරේ අත්දැකීම්ද සහිතව මේ ගැටළු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම් නිර්මාණය කරණ හා, ඒවා ක්‍රියාත්මක කන ව්‍යාපෘතියක අප යෙදී සිටින්නේ.

පසුෆිය මාස 5 ක අප කල ක්‍රියාවන්හි මේ සේයාරූ එකතුව බලන්න.


ඔබට තවත් දේ තේරුම් යාවි!

සැලසුම් කිරීම පහසුයි. එය සෛද්ධාන්තිකයි. සිදධාන්තයන් මහපොලවේ ප්‍රතිනිර්මාණය අසීරුයි. එහිදී සැලසුම් අවස්ථාවේදී අපට හමු නොවුම මානව,සාමාජීය, ආර්ථික හා සඛස්කෘතික සාධක බල පැවැත්වෙනවා. එවන් සාධක පෙරදකින්නට අත්දැකීම් අවශ්‍යයි. එම අත්දැකීම් ලබා ගන්නට එය කර බැලිය යුතුයි. නැණසළ සංවර්ධනය පිහිනීම ඉගනීම වගෙයි. ගොඩ සිට බෑ. වතුරට බහින්නම වෙනවා. එයත් තනියම බැහැ. කණ්ඩායමක් අවශ්‍යයි.

3 Nov 2008

නැණසළ ජාලයේ තිරසාරභාවයේ වැදගත්කම 2

නැණසළ සම්බන්ධව සංවාදයකදී ඒ ගැන හරියට අවබෝධයක් නොමති අයට ඒ ගැන යම් දැනුමක් ලබා දීම වඩා වැදගත් වන්නේ සංවාදය එක් අරමුණකට යොමු කිරීමයි.

නැණසළ ආරම්භයේදී එය ආරම්භ වූයේ විශ්ව ඥාණ කේන්දඌ (VGK) යන නමින්. එය අත්හදා බලමින් සිටුින විට e library නමින් කුඩා නැණසළ ඇතිකිරීම සිදුවුනා. පසුව ම සියල්ල "නැණසළ" එකම නාමයකින් යන්නටත් තීරණය වී නැණසළ 1000 ක ඉලක්කය නිර්මාණය වූවා.

නියමු ව්‍යාපෘතියක් වූ නැණසළ , 1000 ක ඉලක්කය කරා යාමේදී යම් වෙනස්කම් වලට භාජනය වුනා. ප්‍රධාන වෙනස්කම තමා නැණසළ විහාරස්ථානවල හා ගම්වල ප්‍රජා සංවිධාන වලට ‍ලබාදීම. මුලින් ලබාදුන් VGK අයිතිය තිබුනේ පෞද්ගලික අංශයට. ඔවුනගේ පරිපාලනයට අවශ්‍ය දැනුම හා උද්යෝගය නිසා ඒවා ආර්ථික වශයෙන් සාර්ථක වූවා. ඒ අතරම රජය විසින් උපකරණ, අන්තර්ජාල සම්බන්ධතා සග රජයෙන් අනුග්‍රහය ලබන වවුචර ක්‍රමයක් නිසා එම නැණසළ වලට සාර්ථක වීමට හැකියාව ලැබුනා.

පසුව එම නැණසළ බොහෝමයක් නැණසළ සමාහ සංවර්ධන සංකල්පයට වඩා පෞද්ගලික සංවර්ධනය කරා යොමුවීම නිසා , පෝදු ආයතනවල නැණසළ පිහිටුවීමට තීරණයක් ගැනුණා කියා සිතිය හැකියි. මෙහිදී විහාරස්ථාන වලට මූලිකත්වය දීමට හේතුද සලකා බැලිය යුතුයි.

විහාරස්ථාන ගමේ කාටත් පොදු ස්ථානයක් වීමත්, සාම්ප්‍රදායික ලෙස එඋ ගමේ අධ්‍යයන කේන්ද්‍රස්ථානය වීමත්, රාජ්‍ය ප්‍රතිපත්තියත් ඊට ප්‍රධාන හේතු ලෙස සලකන්නට පුළුවන්. ඒ අතරම හ්‍රාමීය ප්‍රජා සංවිධානවලටද මේ අවස්ථාව ලැබුණා.

නැණසළක් ආරම්භ කරන විට ගම්වල අයට නොයෙකුත් බලාපොරොත්තු ලැබෙනවා. රජයෙන් උපකරණ හා අන්තර්ජාල පහසුකම් දෙන නිසා, එය පවත්වාගන යාමට ඔවුන් දක්වන මූල්‍යමය දායකත්වය ඉතා අඩුයි. ගම්වල ආර්ථික ගැටළු නිසා පරිගණක පුහුණුව සැපයීමෙන්ම අවශ්‍ය ආදායම ලබාගන්නට බැහැ. මේ නිසා ස්වේච්චා අය මිස පූර්ණකාලීනව කාර්ය මණ්ඩලයක් යොදවා ගැනීමට
අපහසු වී තිබෙනවා.

එම නිසා බොහෝ විට තාක්‍ෂණික දැනුම සපිරි අයගේ සේවය නැණසළකට ලබාගන්නට අපහසුයි. ඉන්න කාර්යය මණ්ඩලයත් දැනුම ලබාගන වෙනත් රැකියා සඳහා යනවා. දුරස්ථ භාවයේ හා විවිධ ගැටළු නිසා නැණසළකට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබාගැනීමේ අපහසුතා තියෙනවා.

මින් ප්‍රධාන ප්‍රශ්නයක් තමා ඉංඟ්‍රීසි, තාක්‍ෂණ හා කළමණාකරණ දැනුම හිඟකම. මේ නිසා නැණසළට තම ඉලක්ක කරා යාමට අපහසුයි. ඒ අතරම නැණසළේ ක්‍රියාවලියට ගමේ බුද්ධිමතුන්ගේ සහභාගීත්වයේ අඩුවක්ද තියෙනවා. එවත් ප්‍රධාන ගැටළුවක් තමා නැණසළ ජාලයක්ට වඩා තනි තනිව ක්‍රියාත්මක වීම. මේ ආදී ගැටළු ගැන කළ අවශ්‍යතා අධ්‍යයනයකින් අප නැණසළ සංවර්ධනයට නව සංකල්ප හඳන්වාදිය යුතු බව තේරුම ගත්තා.

නැණසළ සංකල්පය අප රටට ඉතා වැදගත් බව පසක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස කොළඹ ඕනෑඝ තැනක පොදු අන්තර්ජාල පහසුකම් තිබුනත් මොණරාගල දිස්ත්‍රක්කයේ එවැනි ස්ථාන 20-25 අතර ප්‍රමාණයක් තියෙන්නේ. එන් වැඩි ප්‍රමාණයක් නැණසළ. ඉතින් අප අතර කෙතරම් දැනුම පරතරයක් ඇතිවී තිබෙනවාද ? නැණසළ නිසා තාක්‍ෂණික දැනුම ලබනා නව සිසු පරම්පරාවක් ගම්බල බිහිවී තිබෙනවා. රැකියා අවස්ථා වර්ධනය වී නැණසළ ගම්වල නව පිබිදීමක්ද දක්නට පුළුවන්. නැණසළ ජාලය මේ ගතකරන්නේ අසීරු අවධියක්. පැවත්ම සඳහා ඔවුන් බොහෝදෙනා විශාල උත්සාහයක් දරනවා. අප එය ඉතා අගට කළ යුතුයි.

ඉන් දියුණු බන්නේ අපහං රටයි. නැණසළ දිගටම පවත්වා ගැනීමට ඔවුනට සහයක් අවශ්‍යයි. එය සමාජය තුලින්ම උකහා ගැනීමට පුළුවන් නම් කෙතරම් හොඳද ? නැණසළ සමාජ ඇවැසිතාවයක් නිසා සමාජය විසින්ම එය රැකබලාගැනීමට මුල්විය යුතුයි.

ඔබ සැමට සෙත්වේවා
නිරංජන් මීගම්මන

30 Oct 2008

අපේ රටට නැණසළ ජාලයේ තිරසාරභාවයේ වැදගත්කම


මීට වසර තුනකට ප්‍රථම සිංහල යුනිකෝඩ් භාවිතයේ වැදගත් කම අලලා මවිසින් සම්පාදනය කරන ලද ලිපි තුලින් ඇතිවූ අප සමූහයේ ක්‍රියාත්මක වලින් අද සිංහල යුනිකේතය ප්‍රධාන ප්‍රචාහයක් බවට පත්වී තිබෙන නිසා බොහො දුරට අපගේ මූලික පරමාර්ථ සඵල වී තිබෙන බව සිතන්නට පුළුවනි.

මහවැලිය ආරම්භ කිරීමේදී ඇතිවුනු මූලික ගැටළු එකක් තමා මැලේරියාව, මිනිසුන් විස්තාපනය එහෙත් අද ශ්‍රී ලංකාවට සපයන බත සැපයීමේ මූලික කාර්යයේ මහවැලිය පෙරමුණ අරගෙන. මේ අදහසම අපට නැණසළ ගැන කියන්නට පුළුවන්.

බොහෝ අය නැණසළ කියා දකින්නේ අහම්බෙන් ටවුමක හෝ ප්‍රසිද්ධ විහාරස්ථානයක නැණසළක් පමණයි.
නමුත් නැණසළ ජාලයේ වැඩි හරිය ඒ වගේ නොවෙයි. එක් එක් නැණසළ ආකෘතියෙන් සමවූවත් ක්‍රියාකාරීත්වයෙන් හා සේවාවෙන් වෙනස්. ඒවා එක් එක් අතින් ඉදිරියෙන්ද, සමහර අතින් පසින්ද සමහරවිට ආර්ථික ශක්තියෙන්ද සමහරවිට සමාජීය ශක්තියෙන්ද පවතිනවා.

ඒත් ඇයි නැණසළ ?

රට පුරාම පරිගණක ආයතන තියෙද්දි ? ඒ අපට හිතෙන හැටි. වචනයේ පරිසමාප්ත අර්ථයේ නැණසළ යනු කුමක්ද ? එය දේශපාලනික උවමනාවක්ද ? නැතහොත් අසාර්ථක වැඩ පිළිවෙලක්ද ? එහි අනාගත සාර්ථකත්වයක් සඳහා කළ යුතු දේ මොනවාද ?

පසුගිය මාස 5 තුල ඌව නැණසළ 60 ක් ඉතා ගැඹුරෙන් විමසා බලමින් මා කළ පර්යෂණාත්මක අධ්‍යයනයන් කෙරෙන් මතුවූ කරුණු අනුව නැණසළ සම්බන්ධව ඇති මත කිහිපයක් සළකා බැලිනි.

1. නැණසළ අසාර්ථක වැඩපිළිවෙලක්ද ?
2. නැණසළ දේශපාලන සංකල්පයක්ද ?
3. නැණසළ සාර්ථක කරගැනීමට කළ යුත්තං කුමක්ද?
4. එම කටයුත්තේදී රාජ්‍ය , පෞද්ගලික හා ප්‍රජා වගකීම් කවරේද ?

මේ ගැන විවිධ අදහස් තිබුණත්, විද්‍යාත්මකව මේ කරුණු අධ්‍යයනයකට කැමති ඔබට මීට ආරාධනා කරමි. අපේ දැනුම ගමට දීමටද මේ තවත් අවස්ථාවක්.

ඔබ සැමට සෙත්වේවා !

නිරංජන් මීගම්මන෴

10 Apr 2008

සිංහල යුනිකෝඩ් ප්‍රජා ගත වීම තුල නිමවෙන අපේ කාර්යය භාරය

සිංහල යුනිකෝඩ් ප්‍රජා ගත වීම තුල නිමවෙන අපේ කාර්යය භාරය එක්දාස් නවසිය බර ගණන් වල සහ දෙදහස් මුල් ගණන් වල සිංහල යුනිකෝඩ් තිබුනේ ඉතාම දුර්වල තත්වයක. සම්මතය සැකසිලා තිබුනට අකුරු, දුවන දිබ්බේ නෑ. ආචාර්ය ගිහාන් ICTA එක තුලට ඒමත්, මංජු හත්තොටුවගේ දුර දක්නා නුවණත් එක්ක, මුරසු ලංකාවට ඇවිත් අකුරු හදන්න උනන්නලා අකුරු වැල් කීපයක් එලියට ආවා. අනුරාධලා ඊට කලින් යුනිකෝඩ් වෙලා තිබුණාලු.

ucsc හර්ෂ තමා ඒලඟ ප්‍රශ්නය විසදන්නේ වින්ඩෝස් දර්ශන යන්ත්‍රයක් හදලා. දැන් මයිකෝඉමේජ් හා කපුටා යතුරු ධාවකත් එනවා. ඒත් තවම සිංහල ලියවීමක් නෑ. gov.lk එක සිංහල‍ වෙන්නේ මේ කාලේමයි. ඒකට එක ෆෝන් කෝල් එකයි ආවේ. "සති දෙකකින් සිංහල/දෙමළ යුනිකෝඩ් ව‍ලින් gov.lk එක ඕනේ" කියන්නේ වසන්ත. අපිටත් උණනේ, දිවා රෑ නොබලා හැදුවා. හැබැයි gov.lk එක කවදාවත් සද්දේ දාලා දියත් වුනේ නෑ. අපිට ඒක රජ්ජුරුවන්ට කරන රාජකාරියක් වගේ උනා. ප්‍රතිලාභ ලැබුණත් නැතත් බැණුං අහ අහ වැඩ.

සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ වෙනකොට මට ජී මේල් එකතුත් නෑ. යාහූ තමා. තුසිත gov.lk එක හදන්න හදපු යුනිරෝමන් තමා ඒ කාලේ භාවිතය. ටිකක් ලියන්න ඒක ඇති. මේ වෙනකොට බරපතල වැඩ‍ක් යුනිකේතයෙන් කෙරිලා තිබුනා. ඒ තමා ucsc වචන 70000 ලියලා පෙන්නුවා. මේ කාලයේම ශිල්ප සයුර සැලසුම් වෙන්නේ gov.lk අත්දැකීම් මත. අපට ටිකක් බයත් තිබුනා. ඒත් කොන්වර්ටර්ස් එහෙම ලියාගත්තට පස්සේ ටිකක් බය අඩුවුනා.

සිංහල යුනිකෝඩ් ගැන කථා කරන්න තිබුණේ භෞතික හමුවීම් විතරයි. සිංහල යුනිකෝඩ් සමූහය පිහිටවන එක ගැන මම ඉස්සෙල්ලම කතාකළේ රමේෂ් තිරුචෙල්වම්ට, සිංහල කියලා දාලා හිත රිදේවිද බලන්න. ඉස්සෙල්ලම එයා, ඊලඟට තුසිත, වසන්ත දේශප්‍රිය හොඳ දහිරියක් දුන්නා, යුග මෙහෙවරක් ආරම්භ වුණා සිංහල යුනිකෝඩ් සමූහය සාහිත්‍යයෙන් රසවත් වෙන්නේ අනුරාධගේ ආගමනයෙන්, ලක්ෂාන්, දසුන්, සපුමල්,බුද්ධික සහ තවත් අය සිංහල යුනිකේතය වර්ණවත් කලා,රකාරාංශ ප්‍රශ්නය විසඳුනා. යුනිරයිටර්, සිංග්ලිෂ්, ගාර්ප් හැදුනා.

පොඩි විජේ ගැන පවා කතා කලා, තාක්‍ෂණිකයින්ට සීමාවූ යුනිකෝඩ් අනිත් අයටත් ගියා. සිංහල වචන සදන විකිය පටන් ගන්නේ අනුරාධ, ඊට පස්සේ අනිත් තැන් ව‍ලත් ඒක පටන් ගත්තා. ඒ වැඩේ අන්තිමේදි අල වූ බව නම් කිය යුතුයි. ඒක මුල සිට නැවත හරියට පටන් ගන්න වෙනවා. සෝඩා බොතලය වගේ යමක් පටන් ගත් විටම, බුබුලු දමා දිවුවට නියම සැලසුමක් හා ප්‍රජා මූලික නායකත්වයක් නැතිව සමහට දේ අඩපණ වෙනවා.

fonts.lk යුනිකේතයට විශාල සේවයක් කලා, සිංහල යුනිකෝඩ්.org හැදෙන්නේ සිංහල තාක්‍ෂණ දැනුම අඩවියක් වෙන්න. ඒක තමා සිංහලෙන් තිබුණු යුනිකෝඩ් පෙර පාසළ, එතකොටම සියබස් ආවා, ඒ අවශ්‍යතාවය පිරිමැහුණා. සිංහල යුනිකෝඩ් සමූහයේ අදහස් තුලින් මේ වනවිට හුඟක් ව්‍යාපෘති පටන් අරන් තියනවා. සමහරක් තවම ප්‍රජාගත වී නෑ. ඒ ගැන නැචත සිතනවා නම් හොඳයි.

ව්‍යාපෘතියක් ඉලක්ක ප්‍රජාවට ලඟා නොවීමට හේතුව ප්‍රායෝගික ගැටලු, ඒවාට විසඳුම් ගමන යන ගමන් මිස පටන් ගන්න කොට නෑ, අඹ ගහට වදින්න හඳට ගහන්න කියා මංජු හත්තොටුව කීවේ ඒකයි. අඹ ගහට නැගලාම ගෙඩිය කඩා ගැනීම වඩා ෂුවර් කියා මට හිතෙනවා දැං.

සිංහල යුනිකේතය ප්‍රචාරණය සඳහා අවශ්‍යතාවයක් ගොඩ නැගෙද්දී අප යම් නායකත්වයක් ලබා දුන්නා. නමුත් එය කෙනෙකුට පෙනුනේ වෙනස් අයුරකට. සමහර ඒවා පෞද්ගලික ජීවිතයටද බලපාන තරම් බලවත් උනා. මිතුරන් රැසක් යුනිකේතයෙන් ලැබීම භාග්‍යක් උනාට හමවූ මිතුරන් පස මිතුරන් වීම හොඳ දෙයක් නොවුනද, සමාජයේ ඉදිරියෙන් සිටීමේදී හමුවන ගැටළු ලෙස ඒවා උපේක්‍ෂාවෙන් දරා ගැනීමට අප පුරුදු වූවා. භෞතික සමූහ ක්‍රියාකාරීත්වයද ඉන් අඩපණ වූයේ නෑ. මේ අපේ කතාව වගේ වෙනත් කතාද ඇති. හුඟක් අය අප සමග දායක වූවා. සමහරක් අප නොදැන.

සිංහල තාක්‍ෂණය තුල යුනිකොඩ් කියන්නේ පහලම තොරතුරු පදනම. ඒ මත තමා සියලු ක්‍රියාකාරීකම් ඇතිවන්නේ. ඒ නිසා අපගේ එදිනෙදා වැඩවලට සිංහල යුනිකෝඩ් වල භාවිතය තීරණාත්මකයි. අප කලේ මේ තීරණාත්මක සාධකය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට මුල් වීම පමණයි. ඉන් අප ලද මූල්‍යමය ලාභයක් නැතත් ලද සමාජමය ප්‍රතිලාභ අගය කරනවා.

දැන් අපගේ සිංහල යුනිකෝඩ් ප්‍රජාවට ගෙන යාමේ කාර්ය භාරය අවසානයි කියා අප සිතනවා. අපෙන් මුවහත් වූ ප්‍රජාවම නව එම කාර්යයට අත ගසා ඇති බැවින් නැවත හිදැසක් ඇතිවන්නේ නෑ. අන්තර්ජාලයේ දැන් සිංහල යුනිකෝඩ් ස්ථාපිතයි. අප දැරූ බරින් නිදහස් වන්නට අපට කාලය හරි. දැන් අප සිටි මට්ටමෙන් වෙනත් ත‍ලයකට මාරු වීම පමණකි. එකම දේ එක දිගට කිරීම පෙර ගමන් කරුවකුගේ ලක්‍ෂණය නොවේ.

අපට කල යුතු වෙනත් වැඩ තිබෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ සිට නවතම මගකට යොමුවීමට සිතනවා. සිතේ සතුට ප්‍රධාන කොටගත් ජීවිතයකට පිවිසීම ඉන් ප්‍රධානයි. පැය ගණන් පරිගණක තිරයට එබී අන්තර්ජාලයේ හා තාක්‍ෂණයේ ගතකළ අපූරු නොවන දිවිය වෙනුවට වඩා සමාජයට ඵලදායක ලෙස කාලය භාවිතා කිරීමට අපට දැන් කාලයයි. භෞතික ක්‍රියාකාරීත්වය තුලින් පහලම ප්‍රජාවට සැලසෙන සේවයට මුල් තැන දෙන වැඩක් වීම අනිවාර්යයි.

සිංහල යුනිකෝඩ් පෙර ගමන් කරුවන්ට අපගේ සුභ පැතුම් පිළිගැන්වීමටද මේ වේලාවයි.

මේ ලිපිය අවසාන වන්නේ මා ඉතාමත් ආදරය කරන මේ ගීතයෙන්.
ඉන් අනතුරුව චුත වීමට කාලයයි!

ආදරයේ ඔබ ඔබමය
ඔබ මා නොව
මා ඔබ නොව
හඳුනාගත්තොත් ඔබ මා

සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා

නිරංජන් මීගම්මන

8 Apr 2008

අවුරුදු කුමාරි : ෂඃ මටත් පේන හීන

අවුරුදු කුමාරිට පසු වදනක්


මම අන්තර්ජායට ගැලපෙන අලුත් ශෛලියකට ලියන්න උත්සාහ කරන්නේ. කතාව ලියන්න කලින් දවස්, සති, මාස ගණන් ආකෘති හිතනවා. වේගයෙන් පැය දෙකෙන් ලියලා,මගේ කතාවලට අකමැති කාටහරි පෙන්නලා, එක පාරක් එඩිට් කරනවා. සමහරකට එය රසවත් වීම ගැන සතුටුයි. සමුහරු මේ කථාව කියවා අඬලා තියෙනවා. කෙනෙක් ඇහුවා ඔහොම ලියන්නේ කොහොමද කියලා.

මා නිතරම උත්සාහ කරන්නේ වචනයකින් අදහසකට වඩා රූපයක් මවන්න. ඊට හේතුව රූපය වඩා හොඳින් තේරෙනවා. කතාචේ චරිත කීුයයි,. කෙටි දෙබස්. කියවන පාඨකයාට හිතන්න මවාගන්න දේ ගොඩයි.

මම ලියනකොට වචන නෙවේ ලියන්නේ, රූප තමා හිතට එන්නේ, ටිකක් හැඟීම් බරයි, මම මේ වනවිට කෙටි කථා කීපයක්ම ලියා තිටෙනවා. දෙකක් ටිකක් අදහස් අනුවර්ථන. තව දෙකක් විතර ලියන්නට හිතේ කැරකෙනවා. වෙසක් එකට කතාවක් ලියන්න හිතන් ඉන්නවා, තාම බීජයක් පැළ උනේ නැහැ.

පොසොන් වලට නම් අදහසක් දැම්ම තියෙනවා. අන්තිමේදී පොතක් වගේ පළකරන්න පුලුවන් පාඨකයෝ වැඩි උනොත්. එතකොට මම "අහවලා" නැමති කෙටි කතා රචකයා.

මගේ පොතක් පුස්ථකාලෙක අපි ආසාවෙන් කියවපු පොත් අතර තිබ්බොත්!
ෂඃ මටත් පේන හීන.

පරණ කෙටිකතා පළවුනේ http://www.queen.lk

7 Apr 2008

හැංගි හැංගි වෙස් බැඳීම හා හඳ එලියේ නැටීම

මාතෘකාව ලීවට ලියන්නේ මොනවද ? ලියන්නට දේ ගොඩයි. හිතේ තියන තිත්ත ඇත්ත ලිව්වොත් මඩකරියෝත් මඩ කයි!.

කොහෝදෝ ඉඳඟන සරණාගත වෙලා, අපේ ගෙදරට රිංගලා කාලා , බීලා ඊට පස්සේ හිමිහිට බේද ඇතිකරලා, කොටවලා අන්තිමේදී රණ්ඩු වෙලා මඩ ගහලා ආයේ ඔය ගුබ්බෑයමට එන්නේ නෑ කියපු ලංසි ආතා වෙන වෙස් මූණක් දාගෙන ගෙදරම රිංගලා හිටිය බව දැනගත්තාම මොකද හිතෙන්නේ.

තමන්ට හෙවන දීපු, ශිල්පය දීපු මිනිහෙක් එක්ක, එකම රටක එකම බිල්ඩිමේ ඉද්දි, අරයා ගැන අහපුවාම, අනේ එයා ඉන්නේ හුඟක් ඈත කියලා අනිකා දන්නේ නෑ වගේ ඉඳගන, තනියම ගමන් යන, මිනිසුන් කොටවන අය ගැන ඇත්ත දැන් එලිවෙන කොට මොකද හිතෙන්නේ.

තමන් මහා ශ්‍රද්ධාවන්තයෙක් කියලා හිතාගන අනුන්ගේ වැරදිම කිරන ,කන්නාඩියකින්වත් තමන් නොදකින මිනිස්සු ගැන මොමවද කියන්නේ ?

මේ මිනිස්සු නෙමේ චුත වෙන්ඩ බැරිව තැන තැන ඇචිදින ප්‍රේත අවතාර කියලා බණේ කියන්නේ. අසූහාරදාහේ පහන් පිංකම් අසූහාරදාහක් කරලා පීං දීලාවත් ගොඩදාන්න බැරි ලොස් වෙච්ච ආත්ම.

අසේවනාච බාලා නම්

1 Apr 2008

එකම කාලය ග්‍රීසිය සහ ලංකාව අවබෝධ කරගැනීම

උපුල් ශාන්ත සන්නස්ගල වෙබ් අඩවියක් නොදා සන්නස්ගල.com කියා 2000 දී පෝස්ටරයක් වැදුනා. ඒ නමින් වෙබ් අසවියක් දාලා නෙමේ එතුමා පෝස්ටරය ගැහුවේ. සන්නස්ගල අඩිවියක් නොදා පෝස්ටරය ගහන තරමට අපේ රටේ අන්තර්ජාල දැනුම අඩුයි ඒ කාලේ. ඉන් අදහස් වන්නේ සන්නස්ගලට බුද්ධිය නෑ කියන එක නොවේ. ඔහුත් නොදන්නා දේ තිබීමයි. නමුත් ඩොට් com නම ගමට යන්නට ඔහුත් යමක් කළා.

2000 කියන්නේ ඇමරිකාවේ අන්තර්ජාල බුබුල හැදිලා පිපිරුණ කාලේ. මේ අපේ රටේ වෙනස. සමස්ථ ජනතාව සසඳන කළ අපි ලෝකයට පසු පසින් ඉන්නේ , අපේ කිහිප දෙනකු ලෝක මට්ටමේ හෝ ඊටත් ඉහළ උනාට එකපාරටම ප්‍රජාවට අපි වාගේ වෙන්න බෑ.

කපුටා.com තමා 2000 දී ප්‍රථමයෙන් පෝස්ටරයකින් වෙබ් අඩවියක් ප්‍රචලිත කළේ. 2000 කාලේ අන්තර්ජාලේ වැඩි දෙනෙක් හිටපු නැති නිසා පෝස්ටරය තමා කපුටා.com තෝරාගත්තේ. අන්තර්ජාලේ නේමේ අපි කපුටා දැන්වීම දැම්මේ තාප්පවල. ඒ දේසේ හැටියට බාසේ නිසා. සන්නස්ගලත් ඒ මග ගියා. ටියුෂන් ඇඩ්වල පුංචි බබාලා දාන්නේ ගෑණු ළමයි ඇදගන්න. ගෑණු ළමයි යන තැනට පිරිමි ළමයිනුත් එනවානේ. සරළ මොළය.

එකම කාලය ග්‍රීසිය සහ ලංකාව ඉතිහාසයේදී වෙනස් වෙන්න ඇත්තේ මේ විදියට වෙන්න ඇති. මේ පුංචි වෙනස අවබෝධ කරගත්තාම හරි. ලංකාව දාලා යන අය ගොඩක් කියන්නේ ලංකාව හරි නෑ කියලා. ඒ වුනාට අපිට ලංකාව රන් මලක්, පින් බිමක්, පුද බිමක්.

අපි තාක්‍ෂණය අරගන ගමට ගියාම ඔවුන්ගේ මට්ටමට එනවා. අපි දන්න උපරිම දේ ඔවුනට සැර වැඩියි. ටික ටික තමා අප්ග්‍රේඩ් කරන්නේ. ඒ ක්‍රමය හරි. ටික ටික ගෙවන්න යමක් ගන්නවා වගේ ටික ටික තමා ප්‍රජා තාක්‍ෂණ ගමන යන්න වෙන්නේ.

පණ්ඩිතානංච සේවනා කිව්වාට පණ්ඩිතයින්ට ඒ දණ්ඩේ යන්න බෑ කියලා කතාවක් හැදුනේ සුදු මහත්තයෙක් සපත්තු දාලා ඒ දණ්ඩේ ගිය නිසාද කියලා මට හිතෙනවා. සමහර සුදු මහත්තුරු සිංහලයෝ දකින්නේ විකටයින් විදියට. හරියට පින්කරලා දිව්‍ය ලෝකේ ගියාම තමන් එක්ක හිටපු මනුස්සයින්ට දෙවිවරු හිනා වෙනවා වගේ.

"සිහි බුද්ධියෙන් කෙලින් හිටගෙන “බනින්නන්” දෙස විමසිලිමත්ව බැලූවහොත් ඒ ඇණුම් බැනුම්, තෙපරබෑම් සහ ගතුකීම් වැඩිහරියක් කුහකකම,ඉරිසියාව, අවස්ථාව නො ලැබීම, හීනමානය, ජනප්‍රියකම අඩුවීම, නූතන සමාජය විසින් ගණන් නො ගැනීම, මුදල් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, අහිමිවීම් ආදී මනෝ ව්‍යාධි තුළ ගිලී ගිය ඒවා බව පැහැදිලි ය. එහෙත් මේ මනෝ ව්‍යාධිය සමාජ ප්‍රකාශනයක් වන්නේ සිවිල් කටකින් නිසාත්, මුද්‍රිත අත්අකුරු වලින් නිසාත්, මාධ්‍ය හරහා නිසාත්, පොත් දොරට වැඩීම් සහ “සංවාද” නැති කතිකාවත් හරහා නිසාත් ඒවා සමාජගත වන විට දිගුකාලීන මනෝ ව්‍යාධිය තාවකාලික බලයක් වී සමාජගත වේ."

උපුල් ශාන්ත සන්නස්ගල - ආලවක නරක නෑ රාළගේ පොතින්


මේ රාළගේ සිංදු පොතට සන්නස්ගල ලිවූ ලිපියක ගත යුතු යමක් තියනවා කියලා මට හිතෙනවා. අපේ රටේ දේචල් හෑල්ලු කරන, යාලු වී වැඩ අවුල් කරන, පිටරට දේම අගයන කාටත් කියවීම සුදුසුයි.

අනුන්ට පෙර තමන් තුලට එබී හිස් බව වටහා ගැනීමට මිනිසුන් හට හැකි වේවා.
යමක් ආක්‍රමණය කර නොව ආදරයෙන් ලබාගත හැකිබව අවබෝධ වේවා.

වාණිජද ? ප්‍රජාද ? දෙකමද ? - අනාගතය දෙස හොරැහින් බැලීම

අනාගතය දෙස කෙලින් බැලීමට අප නොහැක්කේ , අනාගතය නිරන්තර බාධක සහිත මගක වැටී තිබෙන නිසාය. අප යන දිශාව වැදගත් වන්නේ සමහර ගමන් ආපසු හැරිය නොහැකි බැවිනි. අපසු හැරීමට වඩා යම් ගමනක් පටන් නොගැනීම වැදගත් එබැවිනි.

අන්තර්ජාලය විවිධ චරිත පිරි අභෞතික සමාජයකි. නානාවිධ වෙස් ගත්තෝ බොහෝය. අන්තර්ජාලයේ අප දිවෙන් දිව ගාගන්නේ යම් දිනක අපට නින්දා කරන්නෙකු සමග විය හැක. මේ නිසා වැඩක් පටන්ගත යුත්තේ විශ්වාසවන්ත මිනිසුන් සමගය. එවිට වැඩය කෙරේ.

වැඩක් කර පෙන්වීම වැඩක් කිරීමට ඇති එකම මග බව අයින්ස්ටයින් කියා ඇත. වැඩක් කිරීමට විවිධ ක්‍රම වේද තිබෙන බව දන්නේ වැඩක් කළ මිනිසුන්ය. ඒ ක්‍රමවේදයන් අතර සාමුහික සමූහයක් ගොඩනැගීමට ආයතනික ව්‍යුහයක් තිබීමද එකකි.

ප්‍රජා සේවය අද වෘත්තිමය බවට පත්වී තිබේ. රතු කුරුස , ඇපාචි අපේ ගමේ මරණාධාර සමිතිය නම් උදාහරණය. ප්‍රජා සේවයේ යෙදී සිටින්නෝ එය තම යුතුකම ලෙස සළකති.

තම යුතුකම ගැන සිතන සමූහයක් එකතු වීම ප්‍රජා සේවා සමූහයක ආරම්භයයි. සමූහයක් ලෙස සමාජයේ කටයුතු කිරීමට ක්‍රමවේද සමාජයේම තිබේ. ප්‍රජා සමූහයක් ලියාපදිංචි වීම යනු තම කාර්යය පිළිබඳ නීතිමය වගකීමක් දැරීමට එකඟ වීමයි. එය වගකීමකින් වැඩ කිරීම පිළිබඳව පළවෙනි පියවරයි. එක දවසක "වරෙල්ලා මචං" ශ්‍රමදානයක් දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකින් වෙනස් වන්නේ එහෙයිනි.

අනාගතයට කැපූ පාරවල් නැත. අප තියන පියවර මත හැදෙන අඩි පාරවල් අනාගතයේ පාරවල් වේවි. බොරුවක් නම් දුවිල්ලෙන් මැකී යාවි. ඉතිහාසය එක දවසකින් ලිවිය නොහැක. ඉතිහාසයක් තිබෙන අය එය දනිත්. මේවා තේරුම් ගැනීමට නොහැකිවන්නේ ප්‍රජා අත්දැකීම් හිඟ විටය.

අතීතයේ බෙහෙත් හල් නඩත්තු කළේ ජල බද්දෙන් කොටසකිනි. ප්‍රජා සේවා ආයතන මිනිසුන්ට රැකියාද සපයයි. ලෝකයං බොහෝ දෙනා ප්‍රජා ආයතන වල වැටුප් ලබා රැකියාව කරති. එම වැටුපෙන් කොටසක් බැංකුවේ දැමීම ලාභය නොවේද ? එය වාණිජද ? ප්‍රජාද ? දෙකමද ?

වැඩක් කිරීමට ඇති එකම මග එය කර පෙන්වීම පමණකි යනු අයින්ස්ටයින් කියා තිබේ. කරගන වැඩකට අකුල් හෙලීම නම් එකට වැඩක් කිරීමට බැරිකම බව අපට කීමට තිබේ.

ප්‍රජාවට වැඩ කිරීමේ අත්දැකීම් ගැන මුළ ඉඳන්ම දැනගන්න බලන්න මේ ව්‍යාපෘතිය.


චැටුප් පවා නොගෙන මේ වගේ දේවල් වලට සහභාගී වීමට ලැබුණ එකත් වාසනාවක්.
එය වටිනා දේකට කාලය ගත කලා වෙනවා.

මේ කතාව ඈවරයි දැවරයි තුන් ඈවරයි!

29 Mar 2008

ප්‍රථම චිත්‍රපටියේ ඉඳන් සම්මාන දිනපු සුමින්ද වීරසිංහ

අප ජැක්සන් ඇන්තනිගේ දුටු නිර්මාණ විශේෂත්වය තමා හොඳම තාක්‍ෂණය යොදාගැනීම. ලංකාවේ නැති සිනමා කැමරා තාක්‍ෂණය සොයා ඔහු ඉන්දියාවට ගියා. අශෝක් චිත්‍රපටය කළ කැමරා කට්ටලය තමා ලංකාවට ජැක්සන් ගෙනාවේ. ඒ තාක්‍ෂණයේ උපරිම ඉහලම සිනමාවටම හදපු කැමරා.

ඒකට ගුරු හරුකම් දුන්නේ සුමින්ද වීරසිංහ. ප්‍රථම චිත්‍රපටියේ ඉඳන් සම්මාන දිනපු - අන්තර්ජාතික සම්මාන ලාබී එයාගේ කැරැට්ටුව මෙන්න.


අබා පෙර පටියේ (ට්‍රේලරයේ) ඔහුගේ කැමරා අධ්‍යක්‍ෂණය ටිකක් පේනවා. නිශ්චල චායා රූප තුලින් මා දකින්නේ අන්තිම ඉහල‍ ගණයේ ආලෝකණයක්. ඒ සුමින්දගේ එක් දක්‍ෂතාවයක්.
හඳුනාගන්න ජාතෘන්තර මට්ටමේ සිටින ලංකාවේ සිනමා දක්‍ෂයෙක්.

අප සුමින්ද නම් කැමරා අධ්‍යක්‍ෂක හඳුනාගන්නේ අබා තුලින්

අබා ට සහ ජැක්සන් ඇන්තනිගේ සිනමාවට අපි එකතුවූයේ වසර ගණනාවක්, විවිධ රසයෙන් ඔහු අප පිනවූ අයකු නිසා. ඔහු සමග තාක්‍ෂණ වැඩකිරීම ඉතා හොඳ සතුටක්. අපට හුඟක් වෙනස් සිනමා දැනුම ලැබෙනවා. ඉල්ලීම් ඉහලයි,හොඳ දේ අගය කරනවා.

http://media.aba.lk/ හි සේයා රූ දැනට 225, අපට සේයා රූ ඩීවීඩී 4 ක් ලැබිලා තියෙනවා, ලංකීය ධනාත්මක සිනමාවේ මේ ඇතිවන්නට යන නවෝදයට දායක වන්නට ලැබීමට අකමැත්තෝ ඇත්ද? රටට වැඩක් වෙන වැඩක් නිසා අපටත් වැඩක්. අබා එන විට සිංහල යුනිකේතයත් හරි ගිහින් තියන හැටු බලන්න ! අපට ඒ ගැන කතා කරන්න පුලුවන්. ලෝක සිනමාවේ සංවාදය පටන්ගන්නේ මුහුරත් එකෙන්.

28 Mar 2008

අබා හි නිශ්චල සේයා රන් රාමු රස විඳීම

සිනමාවක අග්ගිස්ස නම් චිත්‍රපටි ශාලාවක සිට නරඹන්නාය. නරඹන්නා පිනවීමට විවිධාකාරයෙන් දායක වන මිනිසුන් රැසකි. සැබෑ නිර්මාණයක් බිහිවන්නේද ඒ සහභාගී වන මිනිසුන් හරහාය. එය සැමදාම මිනිසුන් අගය කල කටයුත්තක් වී ඇත. කලාවක් රසවිඳීමේ හැකියාව ගොඩනගාගැනීම ද හැකියාවකි.

අප කරන්නේ සිනමාව ඒමට පෙර ඒ හැඩතල වලින් අබා වියුණ සැරසීමය. ආවාට පසු එය බලාගත හැකියි. මීට කලින් මාලනී , රවීන්ද්‍ර, ශ්‍රියන්ත, සබීතා ආදී රංගධර රුවෙන් මෙලෙස අන්තර්ජාලය සැරසී නැත.

මේ චායාරූප චිත්‍රපටියේ කැමරාවේ නෙගටිව් වලින් නොවේ. සිනමා නිශ්චල ඡායාරූපකරණය ද වෙනම කළාවකි. එහි ෆ්ලෑෂ් තහනම්ය. පොයින්ට් ඇන්ඩ් ෂූට් බැරිය. රූප රාමුද තරමක් වෙනස් කෝණයකිනි. චලනය උකහා නොගනී. නමුත් තත්වය ඉතා උසස්ය. අධ්‍යක්‍ෂක රෑප රාමු ලෙස මුලින්ම දකින්නේ මේවාය.

නමුත් ඉතා ලංව රංග කලාවේ අතිදක්‍ෂයින් වන වසන්ත විට්ටච්චිගේ වේශ නිරූපනය, සුබෝධගේ කළා අධ්‍යක්‍ෂණය, නලු නිළි රුව, ආංගික අභිනය, සුමින්දගේ ආලෝකණය, සහභාගී වූ 600 කට අධික මිනිසුන්, රූගත කළ පරිසරයන් ආදිය 12000 කට අධික රූප රැසක්. සිනමාවේ රූගත කිරීම් වල අඩුපාඩු හොයන්නේ මේ රූප වලින්, හැමදාම ඒවා මුද්‍රණය කරලා සෙට් එකට ගේනවා. ඒකත් පණ යන වැඩක්.

එවායින් හොඳම ඒවා තෝරා, රන් රාමු සොයා, කපා, හැඩකර, මතුකර, කුඩා කර අන්තර්ජාලයටත්, මාධ්‍යන්ටත් නිකුත් කරන එය එක දවසට දෙපාරක් පණයන වැඩක්.

මේ සමහර රූප රාමු අපි චිත්‍රපටියක දකින්නේ නෑ, සුමින්දගේ කැමරාවෙන් ගත් රූප රාමු හුඟක් කැපෙනවා සංස්කරණයෙන්.

සංස්කරණය නොකල චිත්‍රපටිය පැය අටහමාරක් නෙගටිව් පටිවලින්ම, පැය එක හමාරකට එය අඩුකරන්නේ රවීන්ද්‍ර ගුරුගේ. ඊට පස්සේ දෙබස් කැවීම සහ අනිත් දේ. දැවැන්ත කතාවකදී මෙය මහා විශාල වැඩක්. ඒත් සමහර චිත්‍රපටි මාසෙනුත් හැදිලා තියෙනවා. කතාව හා දෙබස් පමණයි. අබාහි වැදගත් රූප රාමු, ඒ කාලය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ගත් රූපමය උත්සාහයක්.

අපි මේ කථා කරන්නේ ක්‍රි.පූ. පස්වන සියවස හරිය, ලංකාවට බුද්ධාගම ඇවිත් නෑ, යකඩ කර්මාන්තය තිබුනා, මිනිස්සු ඇඳුම් ඇන්දා, පළවෙනි වැවත් හැදුවේ පණ්ඩුකාභය, මිනිසුන් ගතකළේ ගෝත්‍රික ජීවිත, ඒ රූපමය අත්දැකීම දැකපු කවුරුත් නෑ දැන්, ජැක්සන්ගේ සිතිවිලි මේ වගේ.


කලාවට කැමති අයට
දැනට රස විඳින්නට තියෙන දේ තමා මේ

තම නිර්මාණයෙන් එලියට එන විවිධ දේ ගැන ඇතිවන අන්තර්ජා‍ලයේ සංවාදයක් ඇතිවීමත්, ඒ සංවාදය තමන් අගයන සිංහල භාෂාවෙන් කියවීමට ලැබීමත්, ඉන් තම නිර්මාණය දියුණු කරගැනීමට ලැබෙන අවස්ථාවත් ජැක්සන් ලද භාග්‍යක්, මෙන්න කැට අබා ලංකාවේ අංක 1 ආදායම් වාර්ථා තියන චිත්‍රපටිය බවට පත් වෙන බවට, මීට පුථම එසේ වූ චිත්‍රපටිය නම් "සරෝජා". ඊටත් අප වියුණක් තනා දුන්නේ හොඳ දේ අගය කරන නිසායි. අබා අපටත් හොඳ අත්දැකීමක්.

20 Mar 2008

ආයුබොවන් !
ඔබට මතක ඇති අපි කපුටා 2.0 සංකල්පය පිළිබඳව සංවාදයක් කළා, 100% නැති උනත් ඒ සංකල්ප තරමක් යොදාගන කරපු තවමත් සම්පූර්ණයෙන්ම නිමි නැති විශ්වකලා.org අඩවිය පිළිබඳව ඔබගේ සිත යොමු කරනවා.

ජූනි මාසයේදී ලෝක දැනුම් අඩවියක් ලෙස නිර්මාණය සංකල්පමය හා තොරතුරු වශයෙන් ඔබට නව අත් දැකීමක් ගෙන දේවි.

අත්විඳින්න http://www.vishwakala.org/

මීට ලියූ පසුවදන

ශ්‍රී ලංකිකයින් වන අපට නව මගක් මින් පෙන්වාදෙන්නට කැමතියි, එනම් අපගේ දැනුම හා හැකියාවන් මගින් ලෝක දැනුම් ආර්ථිකයට (Global Knowledge Economy) සම්බන්ධ වීමට, අයාලේ යන දේට වැය කරන කාලය යොමු කර ඔබටත් මෙවැනි K4D නිර්මාණයකට සහභාගී වන්නට හෝ ආරම්භච කරන්නට පුලුවන්.

සිංහල, ඉංග්‍රීසි හා ඉන්දු භාෂාවෙන් වැඩ කරන මේ ව්‍යාපෘතිය තවම ලදරුවෙක් නමුත් ඉන්දියාවේ කලාව,ගෘහ නිර්මාණ,පුරාවිද්‍යාව සහ ඉතිහාසය හදාරන්නන්ට ඉතා වැදගත් වන පරිදි නිර්මාණය වුනා. ලංකාවේ උසස් පෙළ/සරසවි තුල‍ ඉන්දීය ඉතිහාසය පුමුඛ විශයක්.

දැනට චායාරූප 7000 ආසන්නච අඩංගුයි, එය 15000 දක්වා දියුණුවේවි. මෙහි විශේෂත්වය කුඩා ආදායම් තිරසාර භාවය මත සැකසීමයි (Micro Revenue Sustainability). ච්‍යාපෘතියට සහභාගීවන අය අතර ආදායම් බෙදී යනවා. සාමුහික ලෝක ප්‍රජාවක් බැවින් ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. මේ අඩවිය Creative Commons 3.0 මතයි සැකසෙන්නේ, නමුත් සහභාගී සමුහයට ආදායම් ලැබෙන විදියට. ඉන් තිරසාරබව ලඟාකරගන්නවා. මේවා තනිවම හො වාණිජ මට්ටමෙන් කළ හැකි වැඩ නොවේ. ටිකක් විතර විකී වගේ, ඊට වඩා හුඟක් වෙනස්, ලංකාවෙන් හැදෙන ක්‍රම වේදයක්.

මෙහි යෙදී ඇති තාක්‍ෂණය ඉතාම සරළයි. වැදගත් කොට සැලකෙන්නේ තොරතුරයි. (content centric vs Technology Centric). නමුත් තොරතුරු මිලියනයක් හෝ දක්වා යා හැකි මුදුකාංග සැලසුමක් ( Archetecture) SQL දත්ත ගබඩාවක් මැදිකර ගොඩ නංවා ඇති බැවින්, දත්ත Web 2.0, Mobile, wso2 වැනි ක්‍රමවේද තුලින් ලබාගන්නට පුලුවන්. dotnet 2.0 , php, java ඕනේම මුදුකාංග සංවර්ධන පරිසරයකට භාවිතා කරන්න පුලුවන්. අපි මීට ආදරේට කියන්න කපුටා 2.0 සැලසුම (Archetecture)

තාක්‍ෂණය කේන්ද්‍රීය වීම නිසා අචතැන් වෙන අතාක්‍ෂණික ප්‍රජාවට තොරතුරු කේන්ද්‍රීය කොටගත් ප්‍රජාව විසින් ප්‍රජාවගේ දැනුම වඩවන ගෝලීය ක්‍රමවේදයක්, K4D සම්මාන ලාභී ලංකාවෙන්.

අප මෙවැනිම නමුත් මීට වඩා දැවැන්ත සිංහල K4D ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා සිංහලෙන්. ඊට අවශ්‍ය සම්පත් ලබාගැනුනු වහාම දිනක එහි වැඩ ඇරඹේවි. සියු සමූහයට එහි දැවැන්ත කාර්ය භාරයක් පැවරෙනවා. ඒ සඳහා අප දැනට අවශ්‍ය අඩිතාලම දමාගන තියෙනවා, සියලු ආකාරයේ බාදා කිරීම් මැද වුවත් අප යන ගමනේ ඉලක්කයන් වෙනස් වී නෑ. තාවකාලික පසුබෑම් K4D හි ලක්‍ෂණයක් (Exception Handling, Change Mangement, SWOT) තියෙන්නේ ඒවට. ඒ සඳහා අප ලෝකය සමග මෙන්ම අප අප අතරද අත්වැල් බැඳ ගැනීම කළ යුතුයි.

සමූහය තුලින් හඳුනාගන දැනටමත් මේ මගට පිවිස අප සමග ඉතා ලඟින්ම කටයුතු කරණ ශක්තිමත් කණඩායමක් මේ පිටුපස සිටිනවා. තවත් අයට ඕනෑ තරම් අවස්ථා මේ වැඩ සටහන තුල තියෙනවා.

මා දකින පරිදි අප සමූහයේ සිටින සමහර මිතුරන් ලෝකයේ අති දක්‍ෂ අය අතරට වැටෙනවා. විශාල ගඟක් පටන් ගන්නේ දිය උල්පතකින්. එය පිරිසිදුයි, ගලායද්දී යමෙක් අපවිත්‍ර කළද, ගලන ගඟක් පිරිසිදු වෙනවා. එය බැමි බැඳ නවතන්න බෑ, බැමි කඩාගන ඉදිරියට යනවා. www.vishwakala.org ඊට උදාහණයක්. එය ඉතා විශාල කැපවීමක් තුළ කළ දෙයක්, ශිල්ප සයුරට තුලින් එය උපන්නේ. අප කපුටා පටන් ගත්තේ මෙහෙමයි, ඉතා සුලුවට, දැන් එය පුරාණයි හරියට අන්තර්ජාල පුරාවස්තුවක් වගේ අපට. ඒකයි අප එය වෙනස් නොකර අලුත් දේ නිර්මාණය කරන්නේ. ඒත් ආරම්භය එතන.

මේ අඩවිය සාමාන්‍ය ජනතාවටත් ප්‍රයෝජනචත් වේවි ඉන්දියාව දකින්න. ඊට වඩා අපගේ අදහස ලෝක බුද්ධි ප්‍රජාව වෙත දැනුම රැගෙන ලඟාවීමයි. කලාව අගය නොකරන අයට මින් වැඩක් නෑ. කලාව අගය නොකරන අය මට හමුවී නෑ.

ඔබට මෙය තාක්‍ෂණික අධ්‍යයනයට අවමව පැය දෙකක්වත් අවශ්‍යයි. තොරතුරු එකතු කරන්න සැහෙන කළක් ගියා ඒ නිසා මාස 3-4 ක් යාවි සම්පූර්ණයෙන් දැක විඳින්න.

පෙර අග දර්ශනය පිළිබඳව තවම අවසාන තීරණයක් අරන් නෑ, නමත් කුඩා ළමයෙකුට පවා පහසුවෙන් භාවිතා කළ හැකි අයුරිනුයි නිර්මාණය වෙන්නේ. වසර 2 ක් තුල ලෝකයේ අගනාම නිර්මාණයක් බවට මෙය පත්කිරීමයි අපගේ අදහස. අත්‍යාවශ්‍ය නොවන හිස් දේ වෙනුවෙන් යෙදවෙන කාලය වැදගත් ලෙස යොදාගැනීමත් K4D සංකල්පයක්.

අප සමග සිටින ඔබගේ ධෛර්යෙන් සහ සහයෙන් තමා මෙවැනි දේ නිර්මාණය වන්නේ. මෙවැනි ප්‍රථමාරම්භ මිල කළ නොහැකියි. ඉතිහාසය තමා ඊට වටිනාකමක් සපයන්නේ. දැනට සිංහල වියුණු සටහන් කීපයක් ඉතා හොඳ K4D ආරමභ ගෙන තිබෙනවා. ගණිතය වියුණ, සිංහල ෆොස් වියුණ, ජෝතිෂය වියුණ එනම් අපගේ පාරම්පරික දැනුම (indigenous knowledge), සාහිත්‍ය නිර්මාණ අඩංගු වියුණු සටහන්ද ඉතා හොඳ උදාහරණ. ඒ සෑම දෙයක්ම එකතු කරන K4D සංකල්පය අනුව අන්තර්ජාලයේ ඉදිරියෙන් සිටින්නේ දැනුම.

17 Mar 2008

අවුරුදු කුමාරි

දඩස් දඩස් ගාලා පාන්දර කෝච්චිය ගියේ පපුව උඩින් වගේ, එලාම් ඕනේ නෑ ඒකට තමා හැමෝම ඇහැරෙන්නේ. සුමාලි ඇස් ඇරියා බාගෙට, ආයේ වහගත්තා, විනාඩියක් හිටියා, මොහොතකින් ඇරියා, දෙපාරක් තුන්පාරක් එහෙම කරනකොට කොටස් වශයෙන් සුමාලිට ඇහැරුනා. පොරවාගත් රෙද්ද පහලටම ගිහින්, පුරුද්දට පෙරෙව්වට රස්නේ නිසා කකුල් හරිය තමා හැමදාම වහගන්නේ, මදුරුවෝ කනවට.සුමාලි ඇඳෙන් බැස්සට ලයිට් දැම්මේ නෑ,

හඳ එලිය තාම ජනේලෙන් එළිය කරනවා, කුමාරි අක්කා තාම ගොරව ගොරවා නිදි, එහා ඇඳේ දෙන්නත් එහෙමයි. උන්නං ඔලුවටම පොරවාගෙන, රස්නේ ගාණක් වත් නෑ, මදුරුවන් කාලා කැතවෙනවට වෙන්නැති.

ඇඳන් අතර තිබ්බ පුංචි තීරුව දිගේ ඇවිදලා සුමාලි කාමරේ දොර ලඟට ආවා. වතුර ජෝගුව අරගන දොර ඇරියා. හඳ එළිය කාමරේට දෝර ගලාගෙන ආවා. හීන් හුළඟට දැනුනු හීතලට සුමාලි ඇඹරුනා, ඇත්තටම හතර දෙනෙක් ඉන්න කාමර කෑල්ලට වැඩිය එලිය කොච්චර හොඳද? ටැප් එක ඇරපු සුමාලි ජෝගුවට වතුර පුරවාගත්ත්ත, ටැප් එකෙන්ම අත තියලා වතුර බීලා කටහෝදලා මිදුලට කෙල ගැහුවා.

එහා ගෙදර උයන සුවඳක් ආවා, සුමාලිට ගම මතක් උනා. අම්මා මේ වෙලාවට නැගිටලා උයනවා ඇති නංගිටයි මල්ලිටයි ඉස්කෝලේ ගෙනියන්න. තාත්තා කොහොමත් නිදි නෑනේ. සීයා ඉස්සරහ පිලේ බුලත් විටක් කොටනවා. මල්ලි වංගෙඩිය උඩ ඉඳගන, නංගි දොර ගාව, එයානම් පාඩම් කරනවා තේ හැදෙනකන්. පාඩම් කරනවා නෙමේ කරනවා කියලා අම්මට පෙන්නනවා, නැත්තම් බැනුම් නේ, ඒක නංගිට කියලා දුන්නේ සුමාලි. සුමාලි උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකන් ඉන්නේ. කැම්පස් නම් යැවෙන්නෑ, එකස්ටර්නල් තමා කරන්න හිතාගන ඉන්නේ සුමාලි.

හීටරේ පුංචි හින්දා දෙන්නට විතරයි සුමාලි වතුර තිබ්බේ, එයාටයි කුමාරි අක්කටයි. අර දෙන්නා වෙනම. තේ එක හැදීගන එනකොට කුමාරි අක්කත් ඇහැරිලා.
මෝනිං, කුමාරි අක්කා නින්දෙන්ම කිව්වා
මොනිං, ඔයාම සීනි දාගන්න මදිනං, සුමාලි තේ එක දෙන ගමන් කිව්වේ ආයේ පාරක් යන්න බැරි නිසා, හැමදාම කුමාරිට සීනි මදි,
කුමාරි ඇඳට නැගිටලා ඉඳගෙන, කකූල් දෙක වකුටු කරගත්තා, ඊට පස්සේ අම්මා හදලා දෙන තේ එක වගේ ඒක බිව්වා,
නංගි කවදද ගෙදර යන්නේ
පඩිදාට පහුවදා
පඩිදාට පහුවදා නිවාඩු නෑනේ
ඒ උනාට මම යනවා
ආපුවාම පඩි කපයි!
මම ආයේ එන්නේ නැනේ..
ඇයි බඳිනවද?
අක්කා කියන ඒවා, රිසලස් එනවා
මම ගෙදර නවතිනවා ක්ලාස් යන්න
අපරාදේ මම හදලා දුන්න රස්සාව
මම කිව්වනේ රිසලස් එනකන් කියලා
ඉතිං හවස යන්න පුලුවන්නේ
මට බඩු වගයක් ගන්න තියනවා
මං දන්නවා අවුරුදු කුමාරි වෙන්න නේද?
සුමාලි හිනාඋනා
ඊට පස්සේ අනිත් දෙන්නත් නැගිට්ටා, කාමරේ කලබල උනා, වට පිටාවෙත් සද්ද වැඩිඋනා, කපුටෝ කෑගහනවා
දෙන්නා ඈඳගෙන පාරට පැන්නා.
ෆැක්ටරියට අතේ දුර හොඳ ඒකයි
ඔයා අපරාදේ යන්නේ
වැඩ හොඳයි කියලා සුපරවයිසර් කිව්වා
ඒ වුනාට තාම තනියම වැඩක් නෑනේ
ඔහොම තමා ඉස්සෙල්ලම නූල් කපන්න දෙන්නේ
ඊ ලඟට වාටි මහන්න ඊට පස්සේ බොත්තම්, කොලර්, අන්තිමේදී සම්පූර්ණ වැඩ,
මම තාම වාටිනේ
ඒක තමා සුපර් කිව්වේ
ඒ කොහොමද?
ඒයාලා දන්නවා වාටි මහනකෝට වැඩ හොඳද නරකද කියලා
හ්ම් .. මම අසා ගුරුවරියක් වෙන්න
දහම් පාසලේද බං
නෑ බාබර් සාප්පවක
දෙන්නම හයියෙන් හිනාඋනා
පාරේ කොල්ලොත් බැලුවා
දෙන්න හන්දියෙන් හැරුනා
අන්න අදත් ඉන්නවා,
අර හැමදාම ඉන්න කොල්ලා
එයා ඉන්නේ බස් එකටද නැත්තං අපි එනකන්ද?
ඌ බලන්නේ උඹ දිහා
නෑ අක්කා දිහා
මං දිහා බලනවානම් ඌ මෙලාකටත් මම දාගන
උඹ හිනාවෙයන් ඌට, ගොනා වගේ එයි පස්සෙන්
මට බෑ
මං දන්නවා අර ගමේ කොල්ලා ගැන නේද උඹේ හිත
සුමාලි ඇඹරුනා
මං දන්නවානේ උඹ රස්සාවට ආවෙත් එයා හින්දනේ

සුමාලිගේ හිත එක පාරටම ගමට ගියා. වැවෙන් නාලා සුමාලි කොණ්ඩය පැත්තකට දාගත්තා, ගවුම ටිකක් කොටයි, බාල්දිය එක අතක, අනිකේ සාලුව ගලින් ගලට අඩිය තිය තිය වැව් බැම්බට නැග්ගා. බැම්ම උඩ කුමාරයෙක් වගේ සුරංගයියා, බයිසිකලේ නවත්තගන බලාගෙන ඉන්නේ සුමාලි දිහා. නාලා එනකොට පහුගිය දවස් දෙක තුනේම මෙයා ආවා. මොනවා කියයිද දන්නෑ, සුමාලි අත මැදට කරගත්තා සාලුවෙන් ගවුමේ කොට වැහෙන්න.

හිච්චි මැණිකේ නංගී නාලා වගේ.
සුමාලිට නෑයෝ ඔක්කොම කියන්නේ හිච්චි මැණිකේ කියලා, සුමාලි කෑල්ල ගමට මොඩ් වැඩියි වගේ.
අයියා කොහෙද යන්නේ? සුමාලි එහෙම ඇහුවේ මෙයා අහුලන්නේ හොරගල් බව දැනගනමයි, ඒ වුනාට සුරංග අයියා එනවට සුමාලි කැමතියි.
නංගි අද නම් හරි ලස්සනයි!
සුමාලිට ඒ කථාව නම් බලපොරොත්තු උනේ නෑ, අම්මාවත් එහෙම කියලා නැ සුමාලිට. සුමාලිගේ ඇගේ ගිනි සැරයක් ගියා වගේ
තොල් වේලුනා, බාල්දිය බිම තිබ්බා, තාලෙකට කොණ්ඩේ අතින් පස්සට දාගන, ඔලුව පාත්කරගන සපරංගයියා දිහා බැලුවා
එයා තාම හිනා වෙනවා. සුමාලි තොල් පිට පෙරලුවා හිනා උනේ ටිකයි.

අයියාගේ කෝලම්
නෑ ඇත්තටම ඔයා ලස්සනයි
මං කියන්නේ බොරුනම් කන්නාඩියකින් බල‍න්න
නැත්තං මේ පාර අවුරුදු කුමාරි තරඟෙට ගිහින් බලන්න

සුමාලි ඒ පාර හිනාවෙලා ගෙදර ආවා. ඒ ආවේ අවුරුදු කුමාරි තරඟෙට යන්න හිතාගන. ගියපාර බයිසිකල් රේස් එකෙන් දින්නේ සුරංගයියා. සුමාලිලා පාරේ අයිනේ ඉඳලා කෑගැහුවා, වතුර ගැහුවා. සුමාලිට ගිය අවුරුද්දේ ටිවී එකේ අවුරුදු කුමාරි තරගේ සිහිවුනා

ගෙදර ආපු සුමාලි රෙදි වනන්නෙත් නැතිව කෙලින්ම දිව්වේ තාත්ත රැවුල කපන තැනට, වටපිට බලලා කැඩ්ච්ච කන්නාඩි කැල්ල ගත්ත සුමාලි එහෙට මෙහෙට හරවා මූණ, ලැම, නිතඹ , කොණ්ඩේ, පංච කල්‍යාණයම බැලුවා.
ටිකක් වෙලා ගියාම සුමාලිට පෙනුනේ අවුරුදු කුමාරිට ඇඳලා ඉන්න එයාවම. සුමාලිගේ හිතට විදුලි කොටනවා වගේ රූප එනවා
ඔන්න සුරංගයියා බයිස්කල් රේස් එක දිනලා , එයා අවුරුදු කුමාරි වෙලා , ටීවී එකෙනුත් ඇචිත්, පොටො ගහනවා, තෑගි දෙනවා, අන්තිමේදි තරුණි පත්තරේත් මුල් පිටුව සුමාලිගෙන් සැරසිලා
කඩාපන් ඕක හැඩ බලලා

අම්මා එහෙම කියනකොට සුමාලි ලැජ්ජාවෙන් ඇඹරිලා පිලිකන්නට දිව්වා, අම්මා බලාගෙන හිනා උනා වයස හරි එයා හිතන්නැති.
සුමාලිට තනිවම හිනා
අන්න අරූ උඹට හිනාවෙනවා
සුමාලි ආපහු පියවි ලෝකයට ආවා
ඇත්තමයි අර කොල්ලගේ කට කණේ
මං ඌට නෙවේ හිනා උනේ!
මටම හිනා ගියා ගමේ සිද්ධියක් මතක් වෙලා
ඒ උනාට මාසයක් ඔතන බලා ඉන්න ඒක ඇති
ඔයා දන්නවාද ඌ අර යතුර කරකවා කරකවා හිටියේ ඇයි කියලා?
ඌ ආවේ බයික් එකක හරි කාර් එකක හරි කියලා පෙන්නන්න
එහෙනම් බස් හොල්ට් එකේ ඉන්නේ
පෙට්රල් ගහගන්න වෙන්නැති,

කුමාරි අක්කා මහා හයියෙන් හිනා උනා, ආයෙමත් වට පිට මිනිස්සු බ‍ලනවා එයාට ගාණක් වත් නෑ. කුමරි සුමාලිගේ නැන්දගේ ලොකු දුව, එහා ගමේ හිටියේ, කොළඹ ගාමන්ට් එකකට ඇචිත් එයාට නගරේ හොඳට පුරුදුයි. දැන් අවුරුදු තුනක්, ප්‍රමෝෂන් ලැබි‍ලා හෙට අනිද්දම සුපර්වයිසර් කෙනෙක් වෙයි, එයා තමයි සුමාලිව ගාමන්ට් එකට ගත්තේ අත් උදව් කරන රස්සාවට. ඒ කියන්නේ ට්‍රේනිං

සුමාලි රස්සාවට ආවේ අවුරුදු කුමාරි තරඟෙට සල්ලි හොයාගන්න. මනමාලියෝ අන්දන බිංදු අක්කා හමුවෙන්න ගියාට පස්සේ තමා රස්සාවක් ඕනේ උනේ, එයා හිටපු අවුරුදු කුමාරියක්. අවුරුදු කුමාරි දිනන්න නම් මනමාලියෙකුට දාන මේකප් එකක් දාන්න ඕනේ, ලස්සන ඔසරියක් තමා, කර ටිකක් වැඩිපුර ඇරලා බඩ පේන පොඩි හැට්ටයක් අඳින්න ඕනේ, ඇඟට තදට ඔසරිය ඇරලා. අඩි උස සෙරෙප්පු දාලා තනි ඉරක තාලෙට ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. ඔයා මේ බඩු ටික ගේන්න මම ඔයාව අන්දලා දෙන්නම්.

සුමාලිට අඩි උස සෙරෙප්පු කොහෙද? ඇඟලි වලින් ඇවිදින්න පුරුදු උනා එයා දෙකක් ගන්නකන්. දවසක් එයාට හම්බු උනා පරණ අඩි උස සපත්තු දෙකක්, ගෙදර කවුරුත් නැති වෙලාවක අම්මාගේ ඔසරිය ඇඳගන එයා අචුරුදු කුමාරි වෙන්න පුරුදු උනා, මල්ලියි නංගියි තමා නරඹන්නෝ, පස්සේ තමා සුමාලි දන්නේ, ඒ කතාව ගම පුරාම ගිගින්. මල්ලිගේ කට හොඳ නෑ.

ඊට පස්සේ සුමාලි කුමාරි අක්කත් එක්ක ගාමන්ට් එකේ වැඩට ආවා අවුරුදු කුමාරි වෙන්න ඕනේ බඩු ටිකට සල්ලි හොයා ගන්න. බිංදු අක්කටත් කීයක් හරි දෙන්න වෙයි, නැත්තන් එයා වෙන කෙනකුට අන්දයි. ඒ හින්දා සුමාලි ලියමක් දාලා බිංදු අක්කව බුක් කළා, කොල් කරලත් කිව්වා, එයාගේ ගාන 3000 යි. සුමාලිට ඕනෑවුනේ සුරංග අයියාට පේන්න අවුරුදු කුමාරි වෙන්නයි, එතකොට දෙන්නම දිනුම්, එදාට එයා මට ආදරෙයි කියයි, අම්මලත් කැමතිවෙයි, නෑදෑකමෙනුත් දුරින් මස්සිනා කෙනෙක්නේ සුමාලිට හිතුනා.

දවස ගෙවෙන්නේ හරි හිමිහිට, සුමාලි වැඩකරන ගමන් ඔරලෝසුව බැලුවා, හරියට තනට පඩි දෙන්න පටන් ගත්තා. සුමාලිට පඩි ලැබුනේ හතරට. හරිම සතුටයි, ජීවිතේ පලවෙන පඩිය. හතර හමාර වෙනකොට පාරට ආවා, කුමාරි අක්කා හමුඋනා, දෙන්නම ගියා ෂොපින්,

අම්මලාට තාත්තලාට බඩු ගන්නවාද?
මේ සල්ලි මදිවෙයිද දන්නෑ
ඉස්සෙල්ලා එහෙනම් උඹේ බඩු ටික ගනිමු, අපේ අවුරුදු කුමාරිනේ….

සුමාලිට ලැජ්ජා හිතුනා, ගමේ අයත් අවුරුදු කුමාරි කථාව දන්නවා, දැන් නම් තරඟෙට ගිහින් බෑ, මේ පාර ටීවී එකේත් ඒක යනවා
කඩෙන් කඩේට ගිය දෙන්නම අවුරුදු කුමාරි බඩු ගත්තා. බඩු මනමාලියෙකුටද කියලා කඩේ කොල්ලත් ඇහුවා. මල්ලිටයි නංගිටයි ටී ෂර්ට් , තාත්තට සරමයි, සීයට තුවායයි ඔන්න සල්ලි මදි උනා,

හරි වැඩේ සල්ලි මදි
කොච්චරක්ද ?
මං දෙන්නම්
බස් එකටත් මදි වෙයි
මම උඹට පන්සීයක් දෙන්නම් පස්සේ ගමු, දිනපුවාම සල්ලිත් හම්බු වෙනවා.
අනේ අක්කේ එපා
ගනින් ගනින් මට බොනස් ලැබුනා
අන්තිමේදී අම්මාට ගත්තෙත් පුංචි තුවායක්
දෙන්නා බොඩිමට ආවේ අතින් කටින් බඩු එල්ලාගන.
ඇඳ උඩ තියාගන බඩු තේරුවා.
ලස්සන රෙද්දක්! කොට්න් නේද?
මගුල් ගෙදරකටද?
කාමරේ අනිත් දෙන්නා කිව්වා
සුමාලි හිනාවුනා විතරයි.
කුමාරි අක්කා හිනාවෙවී අතීත කථාවම කිව්වා
මේ ඔසරියයි, හැට්ට රෙද්දයි දෙකම වෙනම බෑග් එකකර දාමු
අතේම ගෙනිච්චේ නැත්තං පොඩි වෙයි.
අනේ අපට ඇඳලා පෙන්නන්නකෝ
කරදරේ වැඩිකමට සුමාලි කැමති උනා

තුන්දෙනාම එකතු වෙලා සුමාලිට ඇන්දෙව්වා. සුමාලි අන්තිමේදී කන්නාඩියෙන් බැලුවා. අඩි උස සපත්තු දාලා ඇවිද්දා. එයාට කන්නාඩිය ඇල්ලුවේ කුමාරි අක්කා. සුමාලිට මම අවුරුදු කුමාරි තමා කියලා හිතෙන තරමටම එයාවම කන්නාඩියෙන් පෙනුනා.
බිංදු අක්කා හරි, ඇඳුමයි , මේක් අප් තමා කැපිලා පේන්නේ, අනික සුමාලිගේ ඇඟත් හැඩයිනේ, පහුගිය මාස තුනේම සුමාලි රූප ලාවන්‍ය කලා, තරුණි පත්තර ඔක්කම කියව කියව සියලු දේම කළා. පැය ගනන් හඳුන් ගාගන හිටියා, කොමාරිකා කෑවා, සමන් පිච්ව චතුර බීවා, ව්‍යායාම කලා, දිනන්නම තමා එයාට ඕනෑ උනේ.

පහුවදා උදේම නැගිට්ට සුමාලි ගෙදර යන්න පිටත් උනා, බස් එක ගමට ලඟාවෙනකන් එයා දැක්කේ අවුරුදු කුමාරි හීනේ. බස් එකෙන් බහින කොට හචස තුනයි. වෙල අයිනේ ගුරු පාර දිගේ සුමාලි ඇවිදගෙන ගියා. අතරමගදි හමුවුනේ කිරි අම්මා. ඒ කිව්වේ පුංචිකාලේ එයාලව හදපු අත්තම්මා කෙනෙක්.

ගමේ ළමයිම හදලා වයසට ගිය අත්තම්මා කෙනෙක්. එයාට හැමෝම කිව්වේ කිරි අම්මා කියලා. බැඳලා නැති උනාට පුතෙකුත් හිටියා. එයා කොහොම ලැබුණද කියලා කවුරුත් දන්නෑ, මිනිස්සු කිව්වේ ඒත් හදාගත්ත දරුවෙක් කියලා. ලඟටම එනකන් කිරි අම්මා සුමාලිව ඇඳිනුවේ නෑ.

කිරි අම්මේ මං සුමාලි
මට දැන් ඇහැ පෙනෙනවා අඩුයි දුවේ
ඒ උනාට හිනාවෙන් මං හිච්චි මැණිකේ ඇඳිරුවා
අවුරුදු හොඳද කිරි අම්මේ
අනේ දුවේ උඹ දන්නේ නැද්ද?
ඇයි කිරි අම්මේ, සුමාලි ටිකක් කලබලෙන්
අනේ දුවේ අලියා ගහලා අපේ කොලුවා නැති උනානේ
මේ පාර කුඹුරු වැඩ කලෙත් නෑ
කන්නේ බොන්නෙත් අමාරුවෙන්
මං විතරයි ගෙදර, ලේලිත් මහ ගෙදර ගියා
අනේ මගේ කොල‍්ලා හිටියනම් මට මෙහෙම වෙන්නෑ....

කිරිඅම්මා පාත්වෙලා කිලිටි රෙද්දෙන් කඳුලු පිහදාගත්තා. සුමාලිට කිරි අම්මා එයාට කථා කියනවා මැවිලා පෙනුනා.
ඕන් දුවේ එහෙම තමා ගැමුණු කුමාරයා කොත්මලේ කලු මැණිකේට ආදරේ උනේ, පස්සේ ඉතින් අක්කයි නංගියි දෙන්නම කැන්දන් ගියා බිසෝ මාලිගාවට, ඉතින් කිරි අම්මේ ඒ දෙන්නගෙන් අග බිසව උනේ කවුද? නංගි අග බිසව කරගන්නේ නෑ නේද?
ඕං පැහිච්ච කථා කියනවා, මං කොහොමද දන්නේ ඒක.
කිරිඅම්මා සුමාලිගේ ඔළුව අතගාලා හිනා උනා

සුමාලිට ආයේ පියවි ලෝකයට එනකොට, කඳුලු පිහදාපු කිරිඅම්මා එයා ඉස්සරහ හිටගන ඉන්නවා.
ඊට පස්සේ
මං යඤ්ඤං දුවේ කියලා උනදෑ යන්න ගියා.
සුමාලි ගල් ගැහිලා බලාගෙන හිටියා
කිරි අම්මේ ඔහොම චූට්ටක් ඉන්න
කිරි අම්මා හැරුණා
සුමාලි එයා ලඟට ගියා
කිරි අම්මේ මේක ගන්න

අවුරුදු කුමාරි තරඟෙට පරිස්සමෙන් ගෙනාපු හැට්ට රෙද්දයි, ඔසරි රෙද්දයි කිරිඅම්මාට දුන්නා. පර්ස් එක ඇරලා බිංදු අක්කට දෙන්න තියාගත්ත සල්ලි කවරෙත් ගත්තා, ඒකත් දුන්නා, බිමට නැමි‍ලා දණ ගහලා වැන්දා,
මගේ හිච්චි මැණිකෙට තුණුරුවන්ගේ සරණයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරස්සාවයි, යන ගමන, එන ගමන කරන කියන රැකියාවල් … කිරි අම්මා නොනවත්වා පිං දෙනවා.
සුමාලි නැගිට්ටා
කිරි අම්මේ මං ගිහින් එන්නම්
උඹ අවුරුදු කුමාරියක් වගේ දුවේ
කිරි අම්මා අවුරුදු කුමාරි ඇඳුම් අරගන යන්න ගියා.
සුමාලි ඇත්තටම අවුරුදු කුමාරියක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ගියා.

රචනය නිරංජන් මීගම්මන

කෙටි අවුරුදු ටෙලියකට කතා වස්තුවක් ඕනෑ වුනා ශක්තිට, දුශ්‍යන්තට “කරළිය” ගීතය ලීවේ එයයි. මම කලින් ලියපු දියකුමාරි කථාවට එයා වශී උනා, ඒක දෙසැම්බර් තිබුණානම් කි‍යලා කියවුනා. ඒක තිබ්බා ඒත් අපි යාලුවෝ වෙලා හිටියේ නෑ, එයා කිව්වා මට වෙනස් අවුරුදු කථාවක් ඕනේ කියලා, කැවුම් කොකිස් නැති අවුරුදු කථාවක් මට ඕනේ කියලා එයා දුන්න අභියෝගය. ඒක පහසු උනේ නැහැ, මම හිතාගත්තා පරණ අවුරුදු ලබන්න කලින් කතාව ඉවර කරන්න, පටන්ගත්තා නමක් දාලා “අවුරුදු කුමාරි” කියලා, මට ඕනේ උනේ ගාමන්ට් එන ගමේ කෙල්ලක් ගැන ලියන්න. ඉතිරි චරිත, විෂුවල් මැවුනේ පස්සේ,
නිර්මාණ ඔහොම තමයි.

7 Mar 2008

අබා වියුණේ නිර්මාණ පසුබිමට පසුවදනක්

චිත්‍රුටියක් හැදෙන්නේ අධ්‍යක්‍ෂකගේ හිතේ ඇතිවබ රූප සහ හැඩතල අනුව. තිරපිටපතේ තියෙන්නේ දෙබස් පමණයි. අධ්‍යක්‍ෂක තමා චිත්‍රපටියේ සිදුවීම්වල රූපමය ස්වභාවයත්, එයට පණදෙන නලු නිලි කැලත්, ශිල්පීන්ද ගීත ආදිය දකින්නේ. ඒක තියෙන්නේ ඔහුගේ හිතේ. චිත්‍රපටිය හදන්නට එකතුවන අන් සැමදෙනකුම අධ්‍යක්‍ෂකට පිටින් යන්න බෑ. චිත්‍රුපටියේ සාර්ථක උනොත් හැමෝටම ලකුණු සහ සම්මාන. අසාර්ථක චිත්‍රපටියක බර බාරගන්න ඉන්නේ අධ්‍යක්‍ෂක විතරයි. ,මේ නිසා අධ්‍යක්‍ෂකවරයාට තමා චිත්‍රපටියක නියම බර දැනෙන්නේ.

එම නිසා වෙනත් කණ්ඩායම් වැඩව‍‍දී මෙන් නොව චිත්‍රුපටියකදී අධ්‍යක්‍ෂකවරයා තමයි නිර්මාණයේ ප්‍රධාන තීරණ ගන්නේ. මෙය චිත්‍රපටියේ නළු නිලියන් තෝරාගැනීම, චරිත ස්වභාව, වේශ නිරූපන, කලා අධ්‍යක්‍ෂණය, කැමරා කෝණ, සංගීතය , හඬ කැවීම, පෙර පටිය ආදී සෑම දේකම මුල , මැද සහ අග අධ්‍යක්‍ෂකවරයාගේ අණ අනුව තමා වෙන්නේ.

චිත්‍රපටියක වෙබ් අඩවියද නව ලෝකයේ ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා. චිත්‍රපටිය ජනතාවට ලැබෙන තුරු එහි රූපමය හැඩය, වින්දනයේ හැඟීම් ලබාදෙන්නේ වෙබ් අඩවියයි. එහිදී අධ්‍යක්‍ෂකවරයාගේ අවශ්‍යතාවය හා චිත්‍රපටයේ හැඩය අනුව මූලික නිර්මාණයක් කෙරෙනවා. සමහරවිට එය කිහිප වරක් හැදෙනවා. වෙබ් අඩවිය නිර්මාණකරුවා අධ්‍යක්‍ෂකවරයාගේ ලබාදෙන චායාරූප හා විස්තර කිරිම් වලින් ඔහුගේ හිතේ ඇඳුනු චිත්‍රපටියේ රූපය මතුකරන්නට උත්සාහ ගන්නවා. ඒ උත්සාහයේ සාර්ථකත්වය තමා වියුණ නිර්මාණයට අධ්‍යක්‍ෂකවරයා කැමති වීම.

මෙතුවක් ලංකාවේ වූ නිර්මාණ වල කථා වස්තුව හොඳ උනාට සම්මාන දිනුවාට ලෝකයේ අනිකුත් රටවල වෙළඳපලට ලඟාවී නෑ. චිත්‍රපටියකට වියදම් කරන මුදල නිශ්පාදකවරයාට ලබාදීමත් අධ්‍යක්‍ෂකවරයෙකුගේ වගකීමක්. හුඟක් අධ්‍යක්‍ෂක වරු දෙවන චිත්‍රුටියක් එකම නිශ්පාදකවරයා සමග නොකරන්නේ මේ හේතවද කියන්න බෑ. සාර්ථක අධ්‍යක්‍ෂකවරු අවසානය නිශ්පාදකවත් දිනවනවා. දිගටම චිත්‍රපටි කරනවා.

"අද අපේ ජන සමාජය වීරත්වයෙන් පිරිහිණු අසුභවාදී, සෘණ මාණසිකත්වයකට ඇද වැටෙමින් තිබෙනවා යයි කියැවෙන මතවාදයට වර්තමාන සිනමාව වග කිව යුතුය. ඛේදනීය සමාජ මනෝභාවයන් අතරට එකතුවන වීරත්වය, සුභවාදය, අභිමානය, මාමකත්වය, වාත්සල්‍යය ආදී ධනාත්මක තේමාවන් කැඳවීම සිංහල නව සම්ප්‍රදායක ආරම්භයයි."
ජැක්සන් ඇන්තනි

මේ සන්දර්භය තුල තමා අද චිත්‍රපටි නිර්මාණයක් කරන්නේ. ලංකාවේ ප්‍රේක්‍ෂකයින් බලන චිතපටි හුඟක් හින්දි, දෙමළ සහ ඉංග්‍රීසි. ඒ කතා හොඳ හින්දාම නොවේ. තාක්‍ෂණයේ රසය. ද මැට්රික්ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්, ස්ටාර් වෝර්ස්, අශෝක, 300 ස්පාටන්ස් මේ ඔක්කෝම මායාමය ලක්‍ෂණ සහිත චිත්‍රුපටි. ඇයි මිනිස්සු ඒවා බලන්නේ ? ඒවා සාර්ථක වෙන්නේ ඇයි? ඊට පිළිතුරක් දෙනවාට වඩා ලෝක චිත්‍රපටි කර්මාන්තයේ වාණිජ හැඩය ඒකයි.

මේ අනුව නොයන සම්මාන ගන්න චිත්‍රපටිද තියනවා. ඒවාට වියදම ටිකයි, ආදායමද ටිකයි. මේ සියල්ල කැටිකර සිතුවිට මිලියන සියයක වියමින් කෙරෙන අබා චිත්‍රපටියට ජාත්‍යන්තර වෙළඳ පළට යන ප්‍රථම චිත්‍රපටිය වෙන්නත් පුලුවන්. ඒ නිසා සැම කාරියකම ජාතෘන්තර අනුරුව ජැක්සන් ඇන්තනි අතින් මැවෙනවා. අබා - පණ්ඩුකාබය කුමාරයා ගැනයි. ඒක අපි හැමෝම දන්න කතාවක්. එත් ජැක්සන් ඊට රූපමය හැඩයක් දෙනවා. www.aba.lk අඩවිය හැදෙන්නේත් ඒ හැඩයට.

අධ්‍යක්‍ෂකගේ සිතුම් පැතුම් අප එහි ප්‍රතිනිර්මාණය කළා. ඔහු ඊට කැමති උනා. ලෝන්ච්කල දිනයේදී මාධ්‍ය වේදීන් එය අගය කළා. ළමා ළපටි තරුණ මහලු හැමෝම නරඹන චිත්‍රපටියක් වීමට අබාට උපරිම සුදුසුකම් තියනවා. මේ චිත්‍රපටිය ලෝක සම්මාන වලට පාත්‍රවන අතරම වාණිජ අතින්ද අති සාර්ථක වන්නේ සියලුම ලාංකිකයින් එය බලනු ඇති බව සිතීමෙනි.

කුමන තාක්‍ෂණ හා රූපමය ලක්‍ෂණ තිබුනද අබා අපේ කතාවයි.
තවම චිත්‍රපටිය නොදැක්කද මට හිතෙන්නේ එහෙමයි.

6 Mar 2008

www.aba.lk අබා වියුණ හැදුනු විදිය

http://www.aba.lk/ අබා වියුණ හැදුනු විදිය

ජැක්සන් ඇන්තනිගෙන් දුරකථන ඇමතුමක්. "නිරංජන් මල්ලි අනිද්දා මගේ ෆිල්ම් එකේ මුහුරත් එක, පොඩ්ඩක් ඇවිත් යනවාද ?"
හරි අයියා මම එන්නම්.

ඊට පස්සේ මම හිතන්න ගත්තා මොකද්ද ජැක්සන් ඇන්තමි කරන්න යන වැඩේ කියලා. කොහොම උනත් ජැක්සන් අයියට උදව්වක් කරන්නම ඕනේ. මම එයාගේ රසිකයෙක්නේ. ඒ හිතවත් කම ඇතිවුනේ 1997 TOYP සම්මාන උලෙළේදී , එයාට සංස්කෘතියට, සණත් ජයසූරියට ක්‍රීඩාවට, මට සිංහල තාක්‍ෂණ සංවර්වර්ධනයට (ලංකාදීප හා වීරකේසරී අන්තර්ජාල ගත කිරීම)

ඊට පස්සේ ජැක්සන් අයියාගෙයි , කුමාරි අක්කගෙයි වෙරළු මල් ප්‍රසංගයට අපි වෙබ් පිටුවක් හදා දුන්නා. හැම තැනකම හමුවුන වෙලාවකදී ජැක්සන් අයියා කිව්වේ "මට ඔයාගෙන් වැඩක් ගන්න තියනවා" කියලා. ඒක මොකද්ද කියලා මම ඇහුවේ නෑ, අපි දන්නේ වෙබ් කියලා එයා දන්නචා.

රාළ එක්ක වොටර්ස් එජ් එකට මම ගිහින් බහින කොටම මට ෆිල්ම් එක හිට් උනා, ඒ එදා සරසලා තිබුන හැටි දකින කොටමයි. මම පොටෝ ටිකක් අරහන ආවා. ඊට පස්සේ මම මේ තමා ලිපිය ලීවේ

ජැක්සන් අයියා දවසක් මට කිව්වා ආයෙත් එන්න කියලා,මේ පාර වෙබ් හදන්න නොවේ අබාගේ සෙට් ඩිසයින් එක මාධ්‍යට පෙන්වන දා. සෙට් එකේ සේයාරූප මගේ කැමරාවේ ආයෙත් සඳහන් උනා. මම පුංචි කතාවකුත් ලිව්වා.


රාජාංගනය හරිම ලස්සන ගමක්.

ඔය අතරේ මම ඉන්දියාවේ ගියා, ආයේ ආවේ මාස එක හමාරකට පස්සේ, ජැක්සන් අයියා එතකොට රූගත කිරීම් සෑහෙන්ඩ අවසාන කරලා. මම කථාකලා,ජැක්සන් අයියා මම ආවා!ඕ මල්ලි ආවද ?ඔව් අයියා අපිට ඉන්දියාවේදී සම්මානයකුත් හම්බු උනාඔව් ඔව් ඔව් මට දුකා කිව්වා, හරි සතුටුයි මල්ලි. අපි තමයි මේවා කරන්න ඉන්නේ

ඊට පස්සේ මම ජැකසන් අයියාව හමුවුනා,අයයේ මේක කොහොමද වෙන්න ඕනේ?"මල්ලි මට අබා විකුන්න ඕනේ ජාත්‍යන්තරයට, මේක ලෝඩ් ඔෆ් ද රින්ග් හැරී පොටර් වගේ මට්ටමකට හැදෙන්න ඕනේ" එයානේ ඩිරෙක්ටර් එයා විස්තර ගොඩක් කිව්වා.

මම උත්සාහ කළේ එයාගේ හිතේ තියන රූපය තේරුම් ගන්න. අපි දෙතන් පාරක් හමුවුනා. චූලා වෙබ් එකේ වැඩ ටික කලා. මම හැසිරෙව්වා, ජැකසන් අයියා මාව වෙබ් අධ්‍යක්‍ෂක කෙනෙක් කළා.

ඊට පස්සේ වෙබ් අඩවිය බෙලගමගේ මහත්මයාට පෙන්වූවා, අබා කියන්නේ ජාතික කර්තව්‍යයක්, ඒකට දායක වීමත් සතුටක්, මේ විදියට වෙබ් එක කැඩි කැඩි හැදි හැදි ගියා, අන්තිමේට ඊයේ ලෝන්ච් උනා! මාත් හෙඩ් ටේබල් එකේ ජෑක්සන් අයියාගේ කංඩායමේ අය සමග, කපුටා කට්ටියම ඇචිත්.

අන්තිමේදී ජෑක්සන් අයියා කිව්වා

"මල්ලී ෆිල්ම් එක වගේම වෙබ් එකත් හිට් වෙයි කියලා"

අබා පණිවිඩය දෙන්න මේ ඇති කියන එක තමා ජැක්සන් අයියා හිතුවේ.

ඔහුගේ හිතේ ඇඳුන දේ නිර්මාණය කරගන්න පුලුවන් වීම හින්දා
බැණුම් අහන්න වෙනනේ නැතිවීම ගැන මට දැනුනේ සතුටක්.

චිත්‍රපටියක වෙබ් අඩවියකට වඩා සිනමා ඉතිහාසයේ සළකුණක් තබන මොහොතකදී
එහි අන්තර්ජාල සලකුණ තැබීම තමා කපුටා ටීම් එකට තියන සතුට.

4 Mar 2008

උඹ විතරයි දන්නේ ඔන්න

අහස කඩාගෙන වැටෙද්දි
පොළව පැලී ගිනි ගනිද්දි
වැව කැඩිලා ජලේ එද්දි
උඹ විතරයි හිටියේ ඔන්න
උඹ විතරයි හිටියේ ඔන්න
පුංචි සින්දුවක් කියන්න
පුංචි සින්දුවක් කියන්න

හීන් හඬින් මට ඇහෙනා
කවි මුතුවැල් සිත් බඳිනා
සිතට සතුට නුඹ ගේනා
උඹ විතරයි දන්නේ ඔන්න
උඹ විතරයි දන්නේ ඔන්න
කඳුළු නැතිව ඉකි බිඳින්න
කඳුළු නැතිව ඉකි බිඳින්න

රන් කුරහන පාලුවෙලා
වට්ටක්කා මල් හැලිලා
දඬුවැට වේයෝ කාලා
හේන අපේ අත හැරිලා
දැන්වත් බින්දක් හිතන්න
දැන්වත් බින්දක් හිතන්න
සෝලි නැතිව ගෙදර එන්න

ගීත රචනය නිරංජන් මීගම්මන
creative commons 3.0

2 Mar 2008

තණමල්විල අහිංසකයි !

තණමල්වි‍ල ප්‍රජාව හඳුනාගැනීම

තණමල්විල තිබෙන්නේ ආදී බින්තැන්න ප්‍රදේශයේ. එය හපුතලේ කඳුව‍ලටත්, වලවේ ගඟටත්, වැල්ලවාය යාල ආශ්‍රිත කැලෑබවටත් මායිම පිහිටි ඉතාම දුප්පත් ප්‍රදේශයක්. තණමල්විල පාදේශීය ලේකම් කොට්ඨාශය කණ්ඩියපිට වැච ඉතාම සුන්දර අහිංසක ගමක්. අප කණ්ඩායම මුලින්ම එහි ගියේ නැණසළ බලන්න. ධාරිතාවෙන් එය ඉතාම පහළ තත්වයක තිබුනේ. ශිල්ප සයුර ව්‍යාපෘතිය ඔවුනට මහඟු අත්වැලක් උනේ හුදකලාව පිහිටීම නිසා. බලන්ගොඩට කි.මී 35 ක් හා තණමල්විල නගරයට කි.මී 40 ක් තිබූ මේ ගම්මානයේ තරම් සුහදශීලිත්යක් අප ගිය දකුණේ සහ උවේ ගම්මාන 29 කින් කොහේවත් දැක්නේ නෑ.

තණමල්විලට වැස්ස එන්නේ කාලෙකට. ඒ කාලෙට වහින වෙලාව කියන්න බෑ. එහාට මෙහාට යන අය අතරමං වෙනවා එන්ඩ බැරිව පාරවල් යටවෙලා. දම්වැල් ඕඩය එහි විදුලිය නැති ගමක්. නන්දා මාලනිය වගේ කටහඬ තියන මදුශිකා දුව අපට හමුවුනේ එහිදි. කවි ඇය විතරක් නොවේ කවි කියා සමස්ථ ලංකා ජයග්‍රහණ ගත් තව අය එහි හිටියා , දම්වැල් ඕඩය කවි කියන ගම්මානයක්.

කණ්ඩියපිට වැව නැණසළේ ළමයි 300 කට වඩා ශිල්ප සයුරෙන් ඉගන ගන්නවා. ඔවුන්ට ගුරුවරුන් නෑ. පරිගණක 20 ක් තියන විද්‍යාගාරයක් තිබුණත් ගුරුවරයෙක් නැති නිසා වසර දෙකක් තිස්සේ වහලා. නැණසළේ පරිගණක හතර කරන සේවය ඉතා ඉහලයි. ඒ ගමේ තරුණ පරපුර හරි දක්‍ෂයි. විශ්ව විද්‍යාලයට යන සහ ගිය අයත් අපට හමුවුනා. අපොස සාමාන්‍ය පෙළ ගණිතයට හා විද්‍යාවට විශිෂ්ඨ සම්මාන ගන්නා ළමයි උසස් පෙළ කරන්නේ කළා විශයන්. ගුරුවරු නැහැ ලඟ පාතක.

ඒත් පුදුමයි ශිල්ප සයුර ප්‍රගතිය හොඳින්ම පෙන්වූ ගමක් තමා කණ්ඩියපිටවැව, ඔවුන් දැන් තණමල්විල නගරයේත් නැණසළකට සහය වෙනවා. ශිල්ප සයුර ක්‍රියාත්මක කරන ස්වේච්චා සමූහය ගමේ තරුණ සමාජය. ඒ අතර ඉන්නවා සමස්ථ ලංකා කෙටිකතා තරඟ දිනන ඒත් තමන්ගේ කෙටිකතා පළ කරගන්නට හයිය නැති මාලා සොයුරිය. ශිල්ප සයුර ඇයට උදව් කරනවා කෙටිකතා පොතක් පළ කරන්න.
ශිල්ප සයුර හොඳින්ම කළ නිසා එහි වාර්ෂික උත්සවයට අප යොදාගත්තේ තණමල්විල, කණ්ඩියපිටවැව ගම. හම්මු අපට දුන් සහය ඉස්තරම්. අපිත් එක්ක එහේ ගිය අය සිංහල යුනිකෝඩ් සමූහය , එතකොට ඒක හරි පුංචියි, කොළඹ විශ්ව විද්‍යාලයේ අය, ICTA, දුක්ගන්නාරාළ, විදුල, ප්‍රසන්ම, තලගල, වැනි මාධ්‍ය වේදීන්. ඒ උත්සවය එක්ක සොකරි නැටුමකුත් තිබුනා. මේ දවස්වල රූපවාහිනියේ රූුන වැඩ සටගනේ "සොකරි" නටන්නේ ඒ කණ්ඩායම. ඔවුන් සංවර්ධනය කරලා රූපවාහිනියට හඳුන්වා දුන්නේ අපි.

තණමල්විල ඉන්න බොහොමය‍ක් අහිංසක කුඹුරු හා හේන් ගොවීන්.
සරුසාරකම තිබුනාට ඵල හොඳ වුනාට ඔවුන්ගේ නිශ්පාදන විකුණා ගැනීමට ක්‍රම නෑ, හුදකලා වීම නිසා. තණමල්විල පාරේ බස් දෙකයි වැඩ කරන්නේ. කැඩුනොත් නෑ. එක් දුක්බර කථාවක් අපිට ඇහුනේ වතුර ගලලා බස් එක නැතිව විභාගෙට යන්න බැරි උන ළ‍මයි ගැන.

තණමල්විල ප්‍රදේශයේ ඉන්න අහිංසක මිනිසුන්ගේ කථා තව ගොඩයි. ඔවුන් සියල්ල නීති විරෝධී වැඩ කරන ජනතාවක් කියා පහත් කොට සළකීමට පෙර ඒ ගම්මාන වලට ගොහින් ආ යුතුයි. අප එහේ ගිහින් ඔවුන්ගහ රතු හාලින්, කෙකටිය දල්ලෙන්, බටු මාලුවෙන් , කැවුම් කිරිබත් වලින් සන්තර්පනය වූ අය, ඔවුන් ගැන කථා කළ යුතුයි.

තණම‍ල්විල නම කියූ පමණින් මිනිසුන් අවතක්සේරුකර නින්දාවට පත් කරන අය අපේ රටේ ඉඳීම කණගාටුවක්. තණමල්විල ඉපදෙන දරුවෙකුට මුදුකාංග සංවර්ධකයකු වන්නට අයිතියක් නැතිද ? ඒ සඳහා එම දරුවා නගරයට ආ යුතුද ? තණමල්විල අහල පහලවත් ජාත්‍යන්තර පාසල් නැති නිසා එහේ ඉන්න තරුණ තරුණියෝ හුගක් ජාත්‍යන්තර පුරුදු වලට ඇබ්බැහි වෙලා නෑ .

මීගමුව දංකොටුවේ නීති විරෝධී මත්පැන් හැදුවට, කොළඹ මත් කුඩු විකුණුනාට, පොළොන්නරුවේ ගල් විහාරයේ ස්ත්‍රී දූශණයක් උනාට ඒ ප්‍රදේශවල මිනිසුන් අප අවතක්සේරු කොට කතා කරනවාද ?
සමහරක් එහෙම හිතනවා. ඒක හරි නෑ.

හරියට වැද්දා අශිෂ්ඨයි සුද්දා ශිෂ්ඨයි කියනව අය වගේ. පෘතුගීසි , ලන්දේසි හා ඉංග්‍රීසින් ආවේ අපිව සුද්ද කරන්න නෙවේ ශිෂ්ඨ කරන්න කියනවා වගේ.

එහෙනම් ලංකාවම අසරණයි.
නොදැන, නොපෙනෙන, නොදැකි, කරන, කියන දේ අසාධාරණයි. මේ සටගන තැබෙන්නේ ජාලයේ නැති තණමල් විල ගොවීන් වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන්. සහ කරුනු තේරුම් කරගන්න.

නැණසළ දේශපාලන වැඩක් ලෙස පෙනුනත් නගරයේ අය විතරක් භුක්ති විඳින තොරතුරු සවිය ගම්මාන ව‍ලටත් දීලා බුද්ධිමය පරතරය අඩු කරන වැඩක්. රටක සංචර්ධනයට ඒක අවශ්‍යයයි. ඒ සඳහා දේශපාලන නායකත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය නායකත්වය එහි මූලික වීමේ පාඩම ලෝකයට ලැබුනේ ක්‍රොඒශියාවෙන්. කණගාටුවට අපගේ තොරතුරු තාක්‍ෂණ උසස් අධ්‍යාපනයේ ICT4D හා Digital Divide වැනි දැනුම නෑ. යන්තන් O/L ICT වලට ඇතුලත් කර තියනවා.

මවාගැනීමෙන් වැරදි චිත්‍ර මැවෙනවා. බිත්ති හතරකට හිරවෙලා, නිල්ලක් නොදැක, ඇස් දෙක ඉදිමෙනකන් පරිගණක තිර දිහා බලා හිටපු අපි දැන් ගම් වල වැඩක් කරනවා. තණමල්විලට, ගමරාළලාට තියන තරහා නැතිකරගන්න, එන්න යන්න අපත් එක්ක වැඩක් කරන්න.
එතකොටයි වටිනාකම.

මේ ප්‍රශ්න OOP වඩා වෙනස්. ලෝකයේ අවධානය මේ ගැන යොමුවී තිබෙනවා. බලන්න


මේ තණමල්විල කණ්ඩියපිටවැව වීඩියෝ ටිකක්

මේ තණමල්විල ළමයි, කාන්තාවන් සහ ගොවීන්

තණමල්විල අහිංසකයි!

වොෂින්ටනයෙන් තණමල්විලට නියෝගයක්

අන්තර්ජාලය ලෝකයට බිහිවී සෑහෙන කලක් ගත වුනත් එහි ප්‍රයෝජන ගම්වල ඉන්න මිනිස්සුන්ට ලැබී නෑ. සිංහල යුනිකෝඩ් හා නැණසළ වැනි ව්‍යාපෘති නොතිබුනානම් මේ තියන ටිකත් නෑ. බොහෝ ගම්වල "අන්තර්ජාලය" අහලා තියන, ඒත් භාවිතා නොකරන දෙයක්. මේ නිසා වොෂින්ටනයට අන්තර්ජාලයේ වැඩි වාසියක් සහ බලයක් අත්වෙනවා.

තණමල්විල අය කෘෂිකර්මය ගැන කථා කළත් වොෂින්ටනයෙන් ඒකට පනින්න අන්තර්ජාලයේදී පුලුවන්. හරියට පුවත්පත් කරුවෙක් ගමරාළ කෙනෙක් එක්ක කෘෂිකර්මය ගැන පැටලෙනවා වාගේ. අන්තිමේදී තීරණය වන්නේ වොෂින්ටනයේ බීජ තණමල්විල වපුරන්නයි. ඊට නියෝග ලැබෙනවා. අකමැතිනම් කැමති වෙනතුරු වටකර ගුවන් ප්‍රහාර ලැබෙනවා.

ඒ වුනාට වොෂින්ටන් බීජ තණමළ්විල පැළවෙන්නේ නැති බව ගමරාළලා අත්දැකීමෙන්ම දන්නවා ? ඒත් ගමරාළ කවදාකවත් වොෂින්ටන් වල තණමල්විල බීජ වපුරන්න කියලා නෑ. ඒවා එහේ පැළ නොවෙන තරමට පොළව විෂ බව ගමරාළ දන්නවා.

28 Feb 2008

සතුට වෙනුවට පළමුව දුකක් ඇති උනේ කවුරු හරි බනියිද කියලා ...

UNESCO රේඩියෝවේ කල සාකච්චාවක් ලෝක දැනුම 3 (GK3) සම්පන්ත්‍රණයේ තෝරාගත් දහය අතරට ලංකාවේ අපත් ආවේ මෙහෙමයි. ඒ ඉන්න අනිත් අයගේ රසිකයෝ තමා අපි (ගෝලයෝ කියන්තත් පුලවන් අහනකොට අදහස්. අහක දාන්න කිසිවක් නෑ, ඉතාම සුහදශීලියි, හදවතින් තරුණයි, ලෝක සමාජ ව්‍යවසායකයෝ කියන්නේ එයාලට. අපිටත් එහෙම තැනක් ලැබුනාම ඇතිවන සතුට වෙනුවට පළමුව දුකක් ඇති උනේ. කවුරු හරි බනියිද කියලා. ..

Kamak Ne' :( Den --> :)

Audio Podcast Download

අපි ඕනේ දේකට හිනා වෙන හැඟීම් ආවේග වලින් රට හදන මිනිස්සුනේ.
මේ අපේ රටේ අපේ බසින් අපිම හදපු අපිට වටින දේ ලෝකයා අගය කරන හැටි. අපටත් එහෙම පුලුවන්නම් කොච්චර හොඳද ? මේ සංකල්පයට කියන්නේ k4D. Knowledge 4 development සංවර්ධනය සඳහා දැනුම. යමක් බැහැල කරන්න මිනිසුනට එකතු වෙන්න කැමති, දැනුම, ගටැති තරුණ හදචත් වලට තමා හරියන්නේ.

යසොදරාව ගැන ඊයේ කියවුනා. යසොදරාවත කියෙව්වානම් ඔහෝම කියන්නේ නෑ, අන්තිම කවි ටික www.queen.lk දැම්මා. ඒක තරූණ අයට දැනුම, නිර්මාණශීත්වය, මාධ්‍යකරණය සංවර්ධනය කරන ක්‍රමයක්. සිංහල යුනිකොඩ් සමූහයේ සාමාජිකන්ට ආරාධනා. කතෘලා වෙන්න.

27 Feb 2008

භූතයන්ගේ වත ගොත

භූතයින් ඇතිවූයේ මිනිසුන් භූතයින් විශ්වාස කළ නිසාවෙනි. භූතයින්ට කළ හැකිදේ බොහෝය. බත් වලට වැලි දැමීම අංක එකේ වැඩේය. භූතයින් දවල්ට නොසිටින්නේ උන් ඇඳුම් නොදඳින චාරයක් නැති අය නිසාය. භූතයින්ට නිසි වාසස්ථානයක් නැත. සමහරවිට උන් සිටින්නේ අතහැරිය භූත බංගලා වලය. භූතයින්ට කළ හැකි දෙයක් නැත. භූතයින් අල්ලන ක්‍රම වේදද තිබේ. මන්තරෙන් අල්ලා සිරකර, බොතලයකට දමා ගඟක මූදක දැමීම එක විදියකි. දෙවැන්න භූතයා විසින් කළ කී දෑ විධිමත් අධ්‍යයනයකින් භූතයා සොයාගැනීමය. කෙසේ වෙතත් භූතයින් කවමදාකවත් මහ ලොකු දෙයක් කර නැත. කළ දෙය අනුන්ගේ බත් පතට වැලි දැමීමය.

භූතයෙක් බිහිවන්නේ මරණයෙන් පසුවය. ඒ ජීවත්වබ කාලයේ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බැරි වූ විටය. සතුටින් සිටින මිනිසුන් බේද කිරීමට බත් පතට වැලි දමන්නේ ඒ නිසා විය හැකිය. ඒ ගැන අනුකම්පා කළ යුතු අතර, භූතයා අල්ලා සිරකිරීම හෝ පිං පෙත් පමුණුවා චුත කිරීමට කට්ටඬියො සිටිත්.

ජීවත්ව සිටියදී භූතාත්මයක් ලැබීම නම් මහම කරුමයකි. එය සිදුවූ අවස්ථාවන් The Omen, Exorsist චිත්‍රුපටි වල පෙන්වයි. ක්‍රිස්තියානි භක්තිකයින් සාතන් නම් භූතයකු ගැන සිතති. පිරිත් දේශනා කර අසූ කෙල කෝටියක් භූතයින් පලවා හරියි. භූතයෙකුට මිනිස් ආත්මයක් නැත. භූතාත්මයක් වූ වූ විට සාමාන්‍ය මිනිස් කම්ද නැත. භූත සංස්කෘතිය තුල වටිනාකම් නැත, මහා පණ්ඩිතයකු මෙන්ම කසල ශෝධක විලාසයද ගැනීම අපහසු නොවේ.

භූතයින්ගෙන් මිනිසුන්ට සේවයක් නැත. විවිධාකාරයෙන් තැන තැන පෙනී සිට වැඩ අවුල් කිරීම හා බත් පතට වැලි දැමීම හැර භූතයින්ගේ අලුත් වැඩක් නැත. ත්‍රස්තවාදීන්ට මෙන් භූතයින්ට තැනක් නොතැනක්, වැදගත්කමක් නැත. මනුස්ස ආත්මයක් නැති නිසා ආත්ම ගෞරවයක්ද නැත. අනුන්ගේ ගෞරවය කෙලෙසීමට මැලි නොවන්නේ ඒ බැවින් විය යුතුයි. මිනිසකු කරන කියන දේට සමාජය තුල වගකීමක් තිබුනද භූතයන්ට එසේ නොවේ.

ජීවත්ව සිටියදී භූතාත්මයක් වීමට නම් ක්‍රෝධය , වෛරය, පසුතැවිල්ල, ලැජ්ජාව, අමනකම ආදී සියලු අඥාන ගති තුරුළු කර ගත යුතු අතර එහි උපරිමය ලඟාවූ කල භූතාත්මය ලැබේ යන්න පැරණි විශ්වාසයකි. යමෙකුට භූතාත්මය පළවා හැරිය හැක්කේ ඒ ගති දුරලීමෙන් මිස භූත භාවයේ උපරිමයට ලඟා වීමෙන් නොවේමය. භූතභාවයේ උපරිමය නම් දිනෙක අල්ලා සිරවීමය.

17 Feb 2008

රූපවාහිනිය එපා වීම

චැනල් වැඩිවීම හොඳයි කියලා කවුද කියන්නේ
වැඩිවෙන කොට හැම එකකම කොලිටි බහිනවා
මට හිතෙන්නේ එහෙමයි,
කාලයක් අපි රූපවාහිනී වැඩ සටහන් එනකන්
බලාගන හිටියා සතියක්
ඒවා දැන් බල‍න්න බැරි තරම් පරණයි
දැන් ආසාවට වැඩ සටහනක් හොයා ගන්න බෑ
නොවරදවා බලන්න ,
ඒ හින්දා චැනල් මාරු කර කර
තියෙන ඒවා ඔක්කොම බලනවා

1 Feb 2008

සොරි අනේ !

සමහර මිනිස්සු අහස වගේ
වෙනස් වෙන්නේ වලාකුළු වගේ
කලුවෙලා වහින්න ගත්තට
වැස්ස නෑ
පුංචි හුළඟක් හැමුවාම
පාවෙලා යනවා හරියට වලාකුළක් නෙවේ වගේ
සොරි තමා එයාලාගේ ප්‍රියතම ඉංග්‍රීසි වචනය
සොරි කියන්නේ නොදැන වූ දේකට
ඒත් ඒක මාස ගාණකට සැරයක් මිසක්
සැම දවසකම, සෑම පැයකම,
සෑම කෙනෙකුටම කියනවා නම්,
සොරි තමා!