27 Feb 2008

භූතයන්ගේ වත ගොත

භූතයින් ඇතිවූයේ මිනිසුන් භූතයින් විශ්වාස කළ නිසාවෙනි. භූතයින්ට කළ හැකිදේ බොහෝය. බත් වලට වැලි දැමීම අංක එකේ වැඩේය. භූතයින් දවල්ට නොසිටින්නේ උන් ඇඳුම් නොදඳින චාරයක් නැති අය නිසාය. භූතයින්ට නිසි වාසස්ථානයක් නැත. සමහරවිට උන් සිටින්නේ අතහැරිය භූත බංගලා වලය. භූතයින්ට කළ හැකි දෙයක් නැත. භූතයින් අල්ලන ක්‍රම වේදද තිබේ. මන්තරෙන් අල්ලා සිරකර, බොතලයකට දමා ගඟක මූදක දැමීම එක විදියකි. දෙවැන්න භූතයා විසින් කළ කී දෑ විධිමත් අධ්‍යයනයකින් භූතයා සොයාගැනීමය. කෙසේ වෙතත් භූතයින් කවමදාකවත් මහ ලොකු දෙයක් කර නැත. කළ දෙය අනුන්ගේ බත් පතට වැලි දැමීමය.

භූතයෙක් බිහිවන්නේ මරණයෙන් පසුවය. ඒ ජීවත්වබ කාලයේ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බැරි වූ විටය. සතුටින් සිටින මිනිසුන් බේද කිරීමට බත් පතට වැලි දමන්නේ ඒ නිසා විය හැකිය. ඒ ගැන අනුකම්පා කළ යුතු අතර, භූතයා අල්ලා සිරකිරීම හෝ පිං පෙත් පමුණුවා චුත කිරීමට කට්ටඬියො සිටිත්.

ජීවත්ව සිටියදී භූතාත්මයක් ලැබීම නම් මහම කරුමයකි. එය සිදුවූ අවස්ථාවන් The Omen, Exorsist චිත්‍රුපටි වල පෙන්වයි. ක්‍රිස්තියානි භක්තිකයින් සාතන් නම් භූතයකු ගැන සිතති. පිරිත් දේශනා කර අසූ කෙල කෝටියක් භූතයින් පලවා හරියි. භූතයෙකුට මිනිස් ආත්මයක් නැත. භූතාත්මයක් වූ වූ විට සාමාන්‍ය මිනිස් කම්ද නැත. භූත සංස්කෘතිය තුල වටිනාකම් නැත, මහා පණ්ඩිතයකු මෙන්ම කසල ශෝධක විලාසයද ගැනීම අපහසු නොවේ.

භූතයින්ගෙන් මිනිසුන්ට සේවයක් නැත. විවිධාකාරයෙන් තැන තැන පෙනී සිට වැඩ අවුල් කිරීම හා බත් පතට වැලි දැමීම හැර භූතයින්ගේ අලුත් වැඩක් නැත. ත්‍රස්තවාදීන්ට මෙන් භූතයින්ට තැනක් නොතැනක්, වැදගත්කමක් නැත. මනුස්ස ආත්මයක් නැති නිසා ආත්ම ගෞරවයක්ද නැත. අනුන්ගේ ගෞරවය කෙලෙසීමට මැලි නොවන්නේ ඒ බැවින් විය යුතුයි. මිනිසකු කරන කියන දේට සමාජය තුල වගකීමක් තිබුනද භූතයන්ට එසේ නොවේ.

ජීවත්ව සිටියදී භූතාත්මයක් වීමට නම් ක්‍රෝධය , වෛරය, පසුතැවිල්ල, ලැජ්ජාව, අමනකම ආදී සියලු අඥාන ගති තුරුළු කර ගත යුතු අතර එහි උපරිමය ලඟාවූ කල භූතාත්මය ලැබේ යන්න පැරණි විශ්වාසයකි. යමෙකුට භූතාත්මය පළවා හැරිය හැක්කේ ඒ ගති දුරලීමෙන් මිස භූත භාවයේ උපරිමයට ලඟා වීමෙන් නොවේමය. භූතභාවයේ උපරිමය නම් දිනෙක අල්ලා සිරවීමය.

No comments: