6 Apr 2019

HiFlyer #1.1 සාර්ථක ව්‍යාපාරිකු වීමට මූලික අවශ්‍යතා

සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණය නම් පියවරෙන්-පියවර ප්‍රවේශයයි.
ඒ සඳහා දියුණු කරගත යුතු අවශ්‍ය මූලික පෞද්ගලික ලක්‍ෂණ නම්.


1.0 ධෛර්යය හා කැපවීම:

ඔබගේම වූ ව්‍යාපාරයක් කරගන යාමට දැඩි හැඟීම සහ කැපවීම තිබිය යුතුය. ඔබගේ ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් කැපවීම සහ ඊට ආදරය කිරීම වැදගත්ය. එම කටයුත්ත හොඳ සහ නරක කාලයන් හිදී ඔබට සතුට ලබා දෙන්නේද? එම ව්‍යාපාරය සමාජයට යහපතක් ලබාදෙන ලෙස සැලසුම් කිරීමටත්, නීතිමය අවශ්‍යතා සහ සමාජයීය වටිනාකම් තුල පවත්වාගන යාමට ඔබට හැකියාව තිබේද? බොහෝ ව්‍යාපාර අවදානමෙන් මිදී තිරසාර හා සාර්ථක භාවයට පත් වීමට කාලයක් ගතවේ. එම කාලය ධෛර්යය සම්පන්නව එකම අරමුණක ගෙනයාමට ඔබට ඉවසීම තිබේද?


2.0 දැනුම හා අත්දැකීම්:

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඒ පිළිබඳව මනා දැනුමක් ලබා ගත යුතුය. ව්‍යාපාරය කරන පරිසරයේ තිබෙන ඔබගේ ව්‍යාපාරයට බලපාන සේවාදායකයින්, තරඟකරුවන්, ආදේශ භාණ්ඩ හා සේවා, මූල්‍ය හා උපදේශන සේවා සහ සහසම්බන්ධ ජාල පිලිබද මනා දැනුමක් ඔබ ප්‍රථමයෙන් ලබාගත යුතුය.

එය ව්‍යාපාරය පිළිවඳව කරන මූලික අධ්‍යයනයක් සේ සැලකිය යුතුය. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔබගේ ව්‍යාපාරයේ සැලැස්මක් නිර්මාණය කිරීමට හැකියාව ලබාගත යුතුය. ඊට ඔබට වෘත්තීමය සහය ලබාගැනීමට හැකි වුවද යම් දැනුමක් ඔබම ලබාතිබීම වැදගත්ය.

පළපුරුද්ද, දැනුම සමග නුවණක්කාර බව, පසු විපරම සහ කුඩා විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්ය. මෙහිදී විවිධ පත පොත කියවීමෙන්ද , අනිකුත් ව්‍යාපාරවල සාර්ථක හා අසාර්ථක භාවයන් ගැන ඉගනීමද කල යුතුය. ඔබ ආරම්භ කිරෛමට අපේක්‍ෂා කරන ව්‍යාපාරයේ තරම අනුව මුදල් පාලනය, සේවක පාලනය, භාණ්ඩ හා සේවා සහ ප්‍රචාරණය ගැන ඔබ ලබාගන්නා දැනුම අතිශයන් වැදගත්ය.

3.0 ප්රාග්ධනය සහ සම්පත්:

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යය. එමෙන්ම මූදල් නොවන සම්බන්ධතා වැනි සම්පත්ද වැදගත්ය. ප්‍රථම වසර තුල හෝ ව්‍යාපාරය ලාභ ලබන තුරු ධනාත්මක මුදල් ලැබීමක් පවත්වා ගැනීම සදහා ප්‍රමාණවත් ආරම්භක මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම කල යුතුයි.

ව්‍යාපාරයන් සුළු ආයෝජනයන් ගෙන් ආරම්භ කර අත්දැකීම් අනුව ක්‍රමයෙන් වර්ධනය කර ගත හැක. සමහර කටයුතු ඔබට තනිවම කරගත හැකි වුවත් සමහර කටයුතු සඳහා අන් අයගේ සහය අවශ්‍ය වේ.

ප්‍රථමයෙන්ම තමා විසින්ම කර අත්දැකීම් ලබා පසුව අන් අයට වැඩ පැවරිම ඔබ ව්‍යාපාරයට වඩා සුදුස්සෙකු බවට පත්කරයි. ඔබ කරන ආයෝජනය හා අපේක්ෂා කරන ආදායම මත ඔබගේ ව්‍යාපාරයේ අවදානමද පාලනය කළ හැකිය.
   
Visit https://ezee.lk 
start your internet shop free

(c) Shilpa Sayura Foundation 2006-2019