11 Jul 2017

BBC micro:bit - පළමු අත්විඳීම



1981 ආ BBC මයික්‍රෝ මම භාවිතා කර නොමැත. ඒත් මා මිතුරු අනුරාධ රත්නවීර සිසුවකු ලෙස එය භාවිතා කරමින් පසු කලෙක තාක්‍ෂණය අගතැන් සොයාගත් බව මම දනිමි. BBC මයික්‍රෝ අධ්‍යාපනයේ දියුණුව සඳහා  BBC ආයතණය නිර්මාණය කළ රළු, දීර්ග කල හැකි අනර්ඝ මෙහෙයුම් පද්ධතියක් වූ බව පැවසේ.

https://en.wikipedia.org/wiki/BBC_Micro

අද ප්‍රභාත් වෙතින් මා අතට පත් micro:bit පරිගණකයද BBC ආයතනයෙන්ම එක්සත් රාජධානියේ අධ්‍යාපනයේ දියුණුව සඳහා  නිර්මාණය කර ඇත.

ද්‍රෘඩාංගයක් නොමැතිව  https://makecode.microbit.org සමාකෘතියෙන් මගේ පළමු micro:bit අත්දැකීම මෙසේ ලිවීමට අදහස් කරමි.

පසුගිය වසරේ සිට ලංකාවේ ජනප්‍රිය Arduino, Raspberry Pi අතරට එකතුවු micro:bit ක්‍රමලේකනයට පහසුම නිහිත පද්ධතියකි (Embedded System). නිහිත පද්ධති නිවාස, මෝටර් රථ, රොබෝවරුන්, අභ්‍යාවකාශ යානා, කාර්මික ආදියේ පාලකයන් සඳහා යොදාගනී.  BBC micro:bit එක්සත් රාජධානියේ වයස 11 සිට සෑම ලමයෙකුටම ලබාදීමට අදහස් කරයි. මා සිතන්නේ ලංකාවේ ප්‍රාථමික පංතිවල පවා මෙය භාවිත කළ හැකි බවයි.

උදාහරණයක් වශයෙන් දෙවන්ජිත්ගේ පහත කේතය නොනවතින බිටු 8 සංගීතයක් ලබාදේ.

basic.forever(() => {
    led.toggle(Math.random(5), Math.random(5))
    music.playTone(Math.random(1000), 100)
})


එහෙත් අප එය දකින්නේ  රූපමය ක්‍රමලේඛනයක් ලෙසය.



මේ අනුව ළමුන්ට ක්‍රමලේඛන අදහස් , තර්කනය, ගණිතය හා පද්ධති මෙහයුම පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකියාව ලබාදේ. මේ කුඩා පරිඝණකය  භාවිතයෙන් ඉතා කුඩා වයසේ සිට ළමුන්ට ක්‍රමලේඛනය, තාර්කික චින්තනය හා නිර්මාණත්මක හැකියා ලබාදීමට හැකිවේ.

විද්‍යාව, තාක්‍ෂණය , ඉංග්‍රීසි හා ගණිතය ඉගනීමටද micro:bit උදව් වන අතර සමූහ ව්‍යාපෘති තුලින් ක්‍රමලේඛනය හා ඉලෙක්ට්‍රෝණික තාක්‍ෂණ හැකියා ලබාදේ.

https://makecode.microbit.org/_boJfToTqHfae

දෘඩාංගයක් නැතිව වුව අන්තර්ජාලයෙන් අත්දැකීම හැකිවීම මා වඩාත්ම අගය කල දේය.
ටැබ් එකකට වඩා මිල අඩු,  වැඩ වැඩි micro:bit අපේ ළමයින්ටත් ලබා දෙනවා නම් හුඟක් හොඳයි සිතේ.

ඉදිරි දිනවල ඇත්තටම micro:bit භාවිතා කරලා තවත් තොරතුරු ලබා දීමට අදහස් කරමි.

එතෙක් අත්විඳින්න නිහිත ක්‍රමලේඛනය  https://makecode.microbit.org සෑම අයෙකුටම පුලුවන්.

Download Local Version from https://github.com/Microsoft/pxt-microbit