30 Oct 2008

අපේ රටට නැණසළ ජාලයේ තිරසාරභාවයේ වැදගත්කම

ආයුබොවන්!

මීට වසර තුනකට ප්‍රථම සිංහල යුනිකෝඩ් භාවිතයේ වැදගත් කම අලලා මවිසින් සම්පාදනය කරන ලද ලිපි තුලින් ඇතිවූ අප සමූහයේ ක්‍රියාත්මක වලින් අද සිංහල යුනිකේතය ප්‍රධාන ප්‍රචාහයක් බවට පත්වී තිබෙන නිසා බොහො දුරට අපගේ මූලික පරමාර්ථ සඵල වී තිබෙන බව සිතන්නට පුළුවනි.

මහවැලිය ආරම්භ කිරීමේදී ඇතිවුනු මූලික ගැටළු එකක් තමා මැලේරියාව, මිනිසුන් විස්තාපනය එහෙත් අද ශ්‍රී ලංකාවට සපයන බත සැපයීමේ මූලික කාර්යයේ මහවැලිය පෙරමුණ අරගෙන. මේ අදහසම අපට නැණසළ ගැන කියන්නට පුළුවන්.




බොහෝ අය නැණසළ කියා දකින්නේ අහම්බෙන් ටවුමක හෝ ප්‍රසිද්ධ විහාරස්ථානයක නැණසළක් පමණයි.
නමුත් නැණසළ ජාලයේ වැඩි හරිය ඒ වගේ නොවෙයි. එක් එක් නැණසළ ආකෘතියෙන් සමවූවත් ක්‍රියාකාරීත්වයෙන් හා සේවාවෙන් වෙනස්. ඒවා එක් එක් අතින් ඉදිරියෙන්ද, සමහර අතින් පසින්ද සමහරවිට ආර්ථික ශක්තියෙන්ද සමහරවිට සමාජීය ශක්තියෙන්ද පවතිනවා.

ඒත් ඇයි නැණසළ ?

රට පුරාම පරිගණක ආයතන තියෙද්දි ? ඒ අපට හිතෙන හැටි. වචනයේ පරිසමාප්ත අර්ථයේ නැණසළ යනු කුමක්ද ? එය දේශපාලනික උවමනාවක්ද ? නැතහොත් අසාර්ථක වැඩ පිළිවෙලක්ද ? එහි අනාගත සාර්ථකත්වයක් සඳහා කළ යුතු දේ මොනවාද ?

පසුගිය මාස 5 තුල ඌව නැණසළ 60 ක් ඉතා ගැඹුරෙන් විමසා බලමින් මා කළ පර්යෂණාත්මක අධ්‍යයනයන් කෙරෙන් මතුවූ කරුණු අනුව නැණසළ සම්බන්ධව ඇති මත කිහිපයක් සළකා බැලිනි.

1. නැණසළ අසාර්ථක වැඩපිළිවෙලක්ද ?
2. නැණසළ දේශපාලන සංකල්පයක්ද ?
3. නැණසළ සාර්ථක කරගැනීමට කළ යුත්තං කුමක්ද?
4. එම කටයුත්තේදී රාජ්‍ය , පෞද්ගලික හා ප්‍රජා වගකීම් කවරේද ?

මේ ගැන විවිධ අදහස් තිබුණත්, විද්‍යාත්මකව මේ කරුණු අධ්‍යයනයකට කැමති ඔබට මීට ආරාධනා කරමි. අපේ දැනුම ගමට දීමටද මේ තවත් අවස්ථාවක්.

ඔබ සැමට සෙත්වේවා !

නිරංජන් මීගම්මන෴

No comments: