3 Nov 2008

නැණසළ ජාලයේ තිරසාරභාවයේ වැදගත්කම 2

නැණසළ සම්බන්ධව සංවාදයකදී ඒ ගැන හරියට අවබෝධයක් නොමති අයට ඒ ගැන යම් දැනුමක් ලබා දීම වඩා වැදගත් වන්නේ සංවාදය එක් අරමුණකට යොමු කිරීමයි.

නැණසළ ආරම්භයේදී එය ආරම්භ වූයේ විශ්ව ඥාණ කේන්දඌ (VGK) යන නමින්. එය අත්හදා බලමින් සිටුින විට e library නමින් කුඩා නැණසළ ඇතිකිරීම සිදුවුනා. පසුව ම සියල්ල "නැණසළ" එකම නාමයකින් යන්නටත් තීරණය වී නැණසළ 1000 ක ඉලක්කය නිර්මාණය වූවා.

නියමු ව්‍යාපෘතියක් වූ නැණසළ , 1000 ක ඉලක්කය කරා යාමේදී යම් වෙනස්කම් වලට භාජනය වුනා. ප්‍රධාන වෙනස්කම තමා නැණසළ විහාරස්ථානවල හා ගම්වල ප්‍රජා සංවිධාන වලට ‍ලබාදීම. මුලින් ලබාදුන් VGK අයිතිය තිබුනේ පෞද්ගලික අංශයට. ඔවුනගේ පරිපාලනයට අවශ්‍ය දැනුම හා උද්යෝගය නිසා ඒවා ආර්ථික වශයෙන් සාර්ථක වූවා. ඒ අතරම රජය විසින් උපකරණ, අන්තර්ජාල සම්බන්ධතා සග රජයෙන් අනුග්‍රහය ලබන වවුචර ක්‍රමයක් නිසා එම නැණසළ වලට සාර්ථක වීමට හැකියාව ලැබුනා.



පසුව එම නැණසළ බොහෝමයක් නැණසළ සමාහ සංවර්ධන සංකල්පයට වඩා පෞද්ගලික සංවර්ධනය කරා යොමුවීම නිසා , පෝදු ආයතනවල නැණසළ පිහිටුවීමට තීරණයක් ගැනුණා කියා සිතිය හැකියි. මෙහිදී විහාරස්ථාන වලට මූලිකත්වය දීමට හේතුද සලකා බැලිය යුතුයි.

විහාරස්ථාන ගමේ කාටත් පොදු ස්ථානයක් වීමත්, සාම්ප්‍රදායික ලෙස එඋ ගමේ අධ්‍යයන කේන්ද්‍රස්ථානය වීමත්, රාජ්‍ය ප්‍රතිපත්තියත් ඊට ප්‍රධාන හේතු ලෙස සලකන්නට පුළුවන්. ඒ අතරම හ්‍රාමීය ප්‍රජා සංවිධානවලටද මේ අවස්ථාව ලැබුණා.

නැණසළක් ආරම්භ කරන විට ගම්වල අයට නොයෙකුත් බලාපොරොත්තු ලැබෙනවා. රජයෙන් උපකරණ හා අන්තර්ජාල පහසුකම් දෙන නිසා, එය පවත්වාගන යාමට ඔවුන් දක්වන මූල්‍යමය දායකත්වය ඉතා අඩුයි. ගම්වල ආර්ථික ගැටළු නිසා පරිගණක පුහුණුව සැපයීමෙන්ම අවශ්‍ය ආදායම ලබාගන්නට බැහැ. මේ නිසා ස්වේච්චා අය මිස පූර්ණකාලීනව කාර්ය මණ්ඩලයක් යොදවා ගැනීමට
අපහසු වී තිබෙනවා.

එම නිසා බොහෝ විට තාක්‍ෂණික දැනුම සපිරි අයගේ සේවය නැණසළකට ලබාගන්නට අපහසුයි. ඉන්න කාර්යය මණ්ඩලයත් දැනුම ලබාගන වෙනත් රැකියා සඳහා යනවා. දුරස්ථ භාවයේ හා විවිධ ගැටළු නිසා නැණසළකට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබාගැනීමේ අපහසුතා තියෙනවා.

මින් ප්‍රධාන ප්‍රශ්නයක් තමා ඉංඟ්‍රීසි, තාක්‍ෂණ හා කළමණාකරණ දැනුම හිඟකම. මේ නිසා නැණසළට තම ඉලක්ක කරා යාමට අපහසුයි. ඒ අතරම නැණසළේ ක්‍රියාවලියට ගමේ බුද්ධිමතුන්ගේ සහභාගීත්වයේ අඩුවක්ද තියෙනවා. එවත් ප්‍රධාන ගැටළුවක් තමා නැණසළ ජාලයක්ට වඩා තනි තනිව ක්‍රියාත්මක වීම. මේ ආදී ගැටළු ගැන කළ අවශ්‍යතා අධ්‍යයනයකින් අප නැණසළ සංවර්ධනයට නව සංකල්ප හඳන්වාදිය යුතු බව තේරුම ගත්තා.

නැණසළ සංකල්පය අප රටට ඉතා වැදගත් බව පසක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස කොළඹ ඕනෑඝ තැනක පොදු අන්තර්ජාල පහසුකම් තිබුනත් මොණරාගල දිස්ත්‍රක්කයේ එවැනි ස්ථාන 20-25 අතර ප්‍රමාණයක් තියෙන්නේ. එන් වැඩි ප්‍රමාණයක් නැණසළ. ඉතින් අප අතර කෙතරම් දැනුම පරතරයක් ඇතිවී තිබෙනවාද ? නැණසළ නිසා තාක්‍ෂණික දැනුම ලබනා නව සිසු පරම්පරාවක් ගම්බල බිහිවී තිබෙනවා. රැකියා අවස්ථා වර්ධනය වී නැණසළ ගම්වල නව පිබිදීමක්ද දක්නට පුළුවන්. නැණසළ ජාලය මේ ගතකරන්නේ අසීරු අවධියක්. පැවත්ම සඳහා ඔවුන් බොහෝදෙනා විශාල උත්සාහයක් දරනවා. අප එය ඉතා අගට කළ යුතුයි.

ඉන් දියුණු බන්නේ අපහං රටයි. නැණසළ දිගටම පවත්වා ගැනීමට ඔවුනට සහයක් අවශ්‍යයි. එය සමාජය තුලින්ම උකහා ගැනීමට පුළුවන් නම් කෙතරම් හොඳද ? නැණසළ සමාජ ඇවැසිතාවයක් නිසා සමාජය විසින්ම එය රැකබලාගැනීමට මුල්විය යුතුයි.

ඔබ සැමට සෙත්වේවා
නිරංජන් මීගම්මන

No comments: