6 Nov 2008

නැණසළ සාර්ථක වීමට

නැණසළ නියම සමාජ ව්‍යාපාරයක් වී සාර්ථක වීමට එහි නියැලි සියල්ලන්ම ප්‍රජා සංවර්ධනය පෙරමුණු කරගත් අදහස් අනුච ක්‍රියා කළ යුතුයි. සාර්ථක ලෙස ක්‍රියාත්මක සමහර නැණසළ වලින් සමහරක් ලක්‍ෂණ ගිලීහී ගොසින්, ඒවා ICT ව්‍යාපාර වූ අවස්ථා තියෙනවා. ඉල්ලුම පරිදි සැපයුමට වඩා අවශ්‍යතාවයන් හඳුනාගන ඒ අනුව තම සේවා සැලසුම නැණසළක අදහසයි.

එම ක්‍ෂේත්‍ර ලෙස සැලකිය හැක්කේ

ළමා හැකියා සහ අධ්‍යාපන සංවර්ධනය
කෘෂිකාර්මික,ජීවනෝපාය දැනුම හා ආර්ථික සංචර්ධනය
තරුණයින්ට සහ කාන්තාවන්ගේ නායකත්ව සංවර්ධනය
සමාජීය ආකල්ප, සහ සංස්කෘතික සංචර්ධනය
රාජ්‍ය සේවා තොරතුරු සන්නිවේදනය හා ප්‍රජා සම්බන්ධතා ගොඩ නැගීම
පාරිසරික හා සෞඛ්‍ය සංචර්ධනය

නැණසළ උපයෝගී කරගන්නා ක්‍රමචේදය මේ කාර්යයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදනයද , තාක්‍ෂණයද ලබා දීමයි.



මේ සංකල්ප සියල්ල, එකක් , හෝ මුසුවක් ඔබගේ නැණසළේ ආකෘතිය විය හැකියි. එය තීරණය වන්නේ ඔබගේ ප්‍රජා පරිසරය, සම්පත් ප්‍රමාණය, නැණසළ නායකත්වය සහ ඔබගේ නැණසළ දක්‍ෂතාවන්ය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළවල් දූරදර්ශී වීම, සැලසුම් සහගත වීම හා ඉලක්ක සහිත වීම වැදගත්.

සෑම විටම ප්‍රමාණය වැඩි වීමට වඩා සේවා තත්වයෙන් උසස්වීම ඒ මෙන්ම ප්‍රජාවගේ සහය සහ ප්‍රසාදයද ලබාගැනීමද වැදගත්. නැණසළක ප්‍රජා සහභාගීත්වය වැඩිවන විට එහි අගයද කළ හැකි සේවාවද වැඩිවේ. ප්‍රජාවගේ බුද්ධිමතුන් නැණසළ කටයුතු වලට යොදවා ගැනීම ඉතා පහසු කටයුත්තකි.

No comments: