5 Nov 2008

නැණසළ නිර්වචනය

නැණසළ යනු
නැණසල යනු තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන සේවා සහ උපදෙස් ලබා ගත හැකි පොදු ස්ථානයකි. ඒකපුද්ගලික අයිතියෙන් පරිගණක හා අන්තර්ජාල පිවිසුම් හසුකම් වෙනුවෙන් වියදම දැරිය නොහැකි ගමිවැසි ජනතාවට බෙදාහදා ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ශණය සඳහා අත්‍යාවශ්‍ය මෙවලම්, දැනුම සහ අන්තර්ජාල පිවිසුම ලබා දීම නැණසල මගින් මූලිකවම සිදුකෙරේ.


නැණසළ උපයෝගී කොටගෙන ගමිවැසි ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම, හැකියා ප්‍රවර්ධනය, රැකියා අවස්ථා වැඩි කිරීම, දෙස් විදෙස් වෙලඳපොල අවස්ථා ලබා දීම මගින් තාක්ශණ හා දැනුම් පරතරය අවම කර වුන්ගේ ජීවන තත්වය උසස් කිරීම
බලාපොරොත්තු වේ.

නාගරික ප්‍රජාවට ඇති තාක්ශණ මෙවලම් සහ එම දැනුම වෙත ඇති ප්‍රවේශයට අවස්ථා වැඩි වීම ඔවුන්ට විෂේශ වරප්‍රසාදයක් වී ඇත. මෙම වරප්‍රසාදය නොමැති ග්‍රාමීය ප්‍රජාවට වරප්‍රසාද ලත් නාගරිග ප්‍රජාව සමඟ තරඟ කිරීමේදී තොරතුරු හිඟවීම මත ඉගෙනුම්,රැකියා, වෙලඳපොල ආදී අවස්ථා ද අහිමි වේ. ගම් වැසි ජනතාවටද සමාන අවස්ථා උදා කරමින් පනතාව අතර ඇති තාක්ශන පරතරය පිරිද්දීම නෑණසළේ උත්සාහයයි.

ප්‍රජාව තම රජයට සම්බන්ධ කිරීම,දුරස්ථව අධ්‍යාපනය ලාබාදීම, දේශීය සහ විදේශීය වෙළඳපළ අවස්ථා උදාකිරීම,රැකියා අවස්ථා ප්‍රවර්ධනය, ගම්මාන වල ගැටළු කෙරේ ජනතා අවධානය යොමු කිරීම හස ප්‍රජා සංවර්ධන නායකත්වය තුලින් ගමි වැසි ජනතාවගේ ජීවිත වල වෙනසක් ඇතිකිරීමට නව්‍යතම තොරතුරු තාක්‍ෂණ හා නිනිනිවංදන ක්‍රමවේද භාවිතය භාවිතය නැණසළේ මූලික අරමුණයි.

ඒ සිංහල යුනිකෝඩ් සමූහයේ අප නිර්මාණය කළ නැණසළ නිර්වචනයයි.

No comments: