6 Nov 2008

ලෝකයේ නව ප්‍රවණතාවක් වන නැණසළ

ලෝකයේ නව ප්‍රවණතාවක් වන නැණසළ අන්තගතය ගැන හුඟක් අයගේ දැක්ම පුලුල් නෑ. එය තාක්‍ෂණය සමග මිනිස් ජීවිත යහපත් කිරීමේ ක්‍රමවේදයක්. ලෝකයේ නැණසළ 25000 ක් පමණ තිබුනත්, තනි ජාලයක් ලෙස විශාලම එක ශ්‍රී ලංකාවේ නැණසළ ජාලය. ඒ නිසාම එයට ආවේණික ගැටළු සඳහා අපම පිළියම් සොයාගත යුතුයි. සමහර ලෝක නියැදි අපට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්, ඒවා අප අනුවර්ථනය කර සකසා ගත යුතුයි.

මා පසුගිය වසර තුන ගත කළේ ශිල්ප සයුර ව්‍යාපෘතිය තුලින් නෑණසළ බිමි මට්ටමේ අධ්‍යනය කරමින්. ඉන් ලද දැනුම හා අත්දැකීම් මත තොරතුරු තාක්‍ෂණය තුලින් සංවර්ධනය දෙසට ඉබේම යොමු උනා වගේම, ඉන්දීයාවේ, මැලේසියාවේදී හා ස්වීඩනයේදී බුද්ධිමතුන් හමුවී හුවමාරුවූ දැනුමෙන් හා අධ්‍යනයන් තුලින් ද ICT4D කේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ වල වටිනාකම තේරුම් ගත්තා.

මෙහිදී අප "නැණසළ තිරසාරභාවයට පත්කිරීමේ ක්‍රමවේද" පිළිබඳ පර්යේෂණ කිරීමටත්, ඉන් ඉගනගන්නා පාඩම් මත, තිබෙන ගැටළුවලට පිළියමි යෙදීමත්, නැණසළ අනාගතය සැලසුම් කිරීමත් අවශ්‍ය බවද වැටහුනා.

e3 ව්‍යාපෘතිය බිහිවන්නේ ඉන් අනතුරුව.

e3 සඳහා ප්‍රථමයෙන්ම අප කළේ අවශ්‍යතා අධ්‍යයනයක්, ඒ සඳහා නැණසළ 60 ක් භාවිතා කළා දත්ත පදනම ලෙස, වැඩමුලු ආදියෙන් තොරුතුරු ලබා ගත්තා, සංවාද හා සම්මුඛ
පරීක්‍ෂණ, ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ තුලින් හා පැරණි අධ්‍යයන හා පළකිරීම්
මගින්ද තොරතුරු ලබාගන විශ්ලේෂණය කරම්න් පූර්ණ වාර්ථාවක් සැකසුවා.

අවශ්‍යතා අධ්‍යයනයක අදහස අවශ්‍යතා හා සමිපත් හඳුනාගන ඒවා එකිනෙක පිරිද්දීමයි.

මා ඒ වාර්ථාව සකසද්දී ගොඩනැගූ සංකල්ප කිහියපක් සරළව මේ

1. නැණසළ තිරසාරභාවය යනු නෑණසළක් තම සමාජ කාර්යේ යෙදෙමින් පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආදායම් ඉපයීමය. (සමාජ ව්‍යවසායකත්වය)

2. නැණසළ රැක බලා ගත යුතු සමාජ හා ආර්ථික සංවර්ධනයේ වෙනසක් කළහැකි රාජ්‍ය හා ප්‍රජා කොටස් කරුවෙකි. (සමාජ ප්‍රතිදායකත්වය)

3. නැණසළ තිරසාර කිරීම යනු ඒ හා බැඳුනු මානව ජාලය තිරසාර බවට පත් කිරීමය. (නැණසළ තිරසාරකතා මානව සංවර්ධනය)

4. නැණසළ තිරසාරබාවයේ ගැටළු වල‍ට මූලික හේතුව අවශ‍ය දැනුමි සම්පත් හිඟකමය.

5. ඒ දැනුමි සම්පත් අප අතරම ඇති අතර ඒවා ඒකරාශී කරන විවිධ ප්‍රතිදායක බුද්ධි ජාලයක් (Multi Satke Holder Knowledge Network) ගොඩනැගිය යුතුයි.

නැණසළ තිරසාරභාවය ගැන කටයුතු කරන හා උනන්දුවක් දක්වන ප්‍රජාව එක්කර , අවශ්‍ය සංවාද කර අපට සුදුසු පරිදි "නැණසළ තිරසාරතා ජා‍ලයක්" ගොඩනගන වැඩ පිළිවෙළක් අරඹීම කළ යුතු වන අතර ඊට බිම් මටිටමේ සිට ඉහළම මටටමේ අයර සහභාගි විය හැකි විවෘත පදනමක්ද තිබීම වැදගත්.
අපට ඉගනගත හැකිදේ කොපමණද ?

No comments: