2 Mar 2018

පාසල් ICT අධ්‍යාපනයට කුමණ පරිගණක භාෂාව භාවිතා කළ යුතුද?


6 වන ශේණියේ සිට ICT ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය ඉතා වැදගත්. එහි විශය නිර්දේශයේ පළමු මොඩුලයේම embedded devices අැතුලත්. 9 වන ශේණයේ ඇලොගරිතම ඇතලත් උසස් පෙළට IoT එකතු කර තිබෙනවා.මේ අනුව ප්‍රථම දිනයේම ළමුන්ට coding හඳුන්වා දීම වැදගත්.

මෙහිදී හුඟක් ගුරුවරුන් අහන ප්‍රශ්නයක් මේ සඳහා කුමණ පරිගණක භාෂාව භාවිතා කළ යුතුද යන්න. දැනට තිබෙන ICT නිර්දේශය අනුව සඳහා පැස්කල්ද උසස් පෙළට පයිතන් තිබුනත් ඇලොගරිතම මට්ටමට ගැඹුරු නැහැ. එමනිසා අනිවාර්යෙන්ම එය ඉදිරියේදී වෙනස් වේවි.

ළමුන්ට පරිගණක භාෂා හඳුන්වාදීමට පෙර syntax error නොඑන scrath, ගනිදු, microbit coding හඳුන්වාදීමෙන් ආරම්භ කරන්න පුළුවන්. ඇලොගරිතම සඳහා පරිගණක භාෂාවක් භාවිතා කිරීම පහසුයි.   මෙහිදී අපට pascal, c, java, python, php යන භාෂා සලකා බලන්න පුළුවන්. පැස්කල් සම්බන්ධව තිබෙන විවේචනය එහි අනාගත භාවිතාවක් නැතිකම. ඒ වගේම 64 bit පරිගණකයක පැස්කල් භාවිතා කිරීම නොගැලපීමක් වීම.

c පරිගණක භාෂාවල රජු. එහි ගැටළුව සංකීර්ණ භාවය සහ c කේතනයට ඉක්මනින් හුරුවීමේ අපහසුව. නමුත් Arduino කරන සිසුන් c භාවිතා කරනවා. c++, c# වටිනාකමක් තිබෙන භාෂා. භාවිතා රැසයි. නමුත් පහල පංතිවලදී ඉගනීමට සංකීර්ණ වැඩියි.

Java සම්බන්ධව කිව හැක්කේ එය වෘත්තීමය කටයුතු සඳහා සුදුසු සංකීර්ණ භාෂාවක් බවය. එය oop සඳහාම නිර්මාණය වී ඇති නිසා, ළමුන්ට oop සංකල්ප ඉගැන්වීමට සිදුවන බවය. ව්‍යුහගත කේතන ක්‍රම හඳුන්වා දීම ඉතා පහසු නිසා oop ක්‍රම භාවිතාවන java පාසල් ළමුනට ඉතා අමාරු විය හැක.

php වෙබ් තාක්‍ෂණයේ ගැඹුරට භාවිතා වන අතර, python, java script සමග ඉතා හොඳින් භාවිතා වෙනවා. නමුත් ලබාගැනීමට පහසු debugger එකක් නැතිවීම පරිගණක ක්‍රමලේඛන සංකල්ප හා ඇලොගරිතම ඉගන්වීමට සුදුසු නොවේ. එය වෘත්තීමය කාර්යයන් සඳහා වඩා සුදුසුය.

python පරිගණක භාෂාවක් ලෙසත් කේතනයට පහසු idle පරිසරය නිසාත්, iot, web, data communications, information security යෙදුම් නිසාත් අනාගත මානව සංවර්ධන ආයෝජනයකට වඩාත් සුදුසු බව මගේ අදහසයි.

මේ වසරේ සිට IoI සඳහාද python ඇතුලත් කර ඇති නිසාත්, MIT ඇතුලු ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල python ඉගැන්වුම් භාෂාව ලෙස තෝරාගන තිබීමත් අපට හොද මගපෙන්වීමක්. කෙසේ උවද සමස්ථ විශය නිර්දේශය හා අනාගතය ගැන සළකා බලන විට ළමුන් එක පරිගණක භාෂාවකට වඩා ඉගනීම ඉතා සුදුසුයි. මෙහිදී අප සලකා නොබැලූ java script අනිවාර්යෙන්ම එකතු විය යුතුයි. එය දැන් client සහ server දෙපසම භාවිතා වනවා විශේෂයෙන් IoT වලදී. 

microbit java script, python, c තුනෙන්ම කේතනය කරන්න පුළුවන්. Arduino c මගින්ද, Raspberry Pi pyhon, c, javascript, java සැම මගින්ද කේතනය කරන්නට පුළුවන්. මේ අනුව පහළ සාමාන්‍ය පෙළට microbit ද, සාමාන්‍ය පෙළට Arduino ද, උසස් පෙළට Raspberry Pi ද ඒවාට අදාල ක්‍රමලේඛන භාෂාද හඳුන්වා දෙන්නේ නම් ළමුන්ටද , රටටට ඉතා හොඳය. ඒ මගින් අනාගත IoT ක්‍ෂේත්‍රයේ ලෝක නියමුවකු වීමටද අපේ රටට මග පාදනු ඇත.

එමනිසා මුලදී පරිගණක භාෂාවක් නොවන coding blocks භාවිතා වන scratch, microbit වලින් ආරම්භ කර, ළමුන්ගේ ඉගනුම් හැකියාව අනුව python සහ c භාවිතයෙන් ඇලොගරිතම ඉගනීමට යොමු කිරීම සුදුසුය. මේ සඳහා සුදුසු පොත පත හිඟකම මගහැරීමට දැනටමත් microbit, arduino, raspberry-pi කේතනය සඳහා AlgoHack ව්‍යාපෘතිය යටතේ මුළ සිට coding, python සහ c අත්පොත්  පෙළක් මේ වන විට ශිල්ප සයුර විසින් නිම කරමින් සිටින අතර මූල්ම පොත් දැනටමත් නිකුත්ඔ කර ඇත.

මැතකදී Hacker Rank කළ පර්යේෂණයකින් හෙලිවී ඇත්තේ වැඩිම දෙනකු භාවිතා කරන භාෂාව Java Script බවය. ඒ python දෙවැනි තේරීම වූ අතර c++,c# තෙවැනි තේරීම විය. මේ අනුව ලෝකයේ නව තාක්‍ෂණිකයින් බොහෝමයක් Java Script, python හා c++/c# කේතනය තෝරාගන්නා බව පෙනේ. 

java script, python හා c ප්‍රධාන කේතන භාෂා ලෙස පාසල් ICT අධ්‍යාපනය තුළ භාවිතා කිරීමට ඔබත් එකඟද?