10 Apr 2008

සිංහල යුනිකෝඩ් ප්‍රජා ගත වීම තුල නිමවෙන අපේ කාර්යය භාරය


සිංහල යුනිකෝඩ් ප්‍රජා ගත වීම තුල නිමවෙන අපේ කාර්යය භාරය එක්දාස් නවසිය බර ගණන් වල සහ දෙදහස් මුල් ගණන් වල සිංහල යුනිකෝඩ් තිබුනේ ඉතාම දුර්වල තත්වයක. සම්මතය සැකසිලා තිබුනට අකුරු, දුවන දිබ්බේ නෑ. ආචාර්ය ගිහාන් ICTA එක තුලට ඒමත්, මංජු හත්තොටුවගේ දුර දක්නා නුවණත් එක්ක, මුරසු ලංකාවට ඇවිත් අකුරු හදන්න උනන්නලා අකුරු වැල් කීපයක් එලියට ආවා. අනුරාධලා ඊට කලින් යුනිකෝඩ් වෙලා තිබුණාලු.

ucsc හර්ෂ තමා ඒලඟ ප්‍රශ්නය විසදන්නේ වින්ඩෝස් දර්ශන යන්ත්‍රයක් හදලා. දැන් මයිකෝඉමේජ් හා කපුටා යතුරු ධාවකත් එනවා. ඒත් තවම සිංහල ලියවීමක් නෑ. gov.lk එක සිංහල‍ වෙන්නේ මේ කාලේමයි. ඒකට එක ෆෝන් කෝල් එකයි ආවේ. "සති දෙකකින් සිංහල/දෙමළ යුනිකෝඩ් ව‍ලින් gov.lk එක ඕනේ" කියන්නේ වසන්ත. අපිටත් උණනේ, දිවා රෑ නොබලා හැදුවා. හැබැයි gov.lk එක කවදාවත් සද්දේ දාලා දියත් වුනේ නෑ. අපිට ඒක රජ්ජුරුවන්ට කරන රාජකාරියක් වගේ උනා. ප්‍රතිලාභ ලැබුණත් නැතත් බැණුං අහ අහ වැඩ.

සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ වෙනකොට මට ජී මේල් එකතුත් නෑ. යාහූ තමා. තුසිත gov.lk එක හදන්න හදපු යුනිරෝමන් තමා ඒ කාලේ භාවිතය. ටිකක් ලියන්න ඒක ඇති. මේ වෙනකොට බරපතල වැඩ‍ක් යුනිකේතයෙන් කෙරිලා තිබුනා. ඒ තමා ucsc වචන 70000 ලියලා පෙන්නුවා. මේ කාලයේම ශිල්ප සයුර සැලසුම් වෙන්නේ gov.lk අත්දැකීම් මත. අපට ටිකක් බයත් තිබුනා. ඒත් කොන්වර්ටර්ස් එහෙම ලියාගත්තට පස්සේ ටිකක් බය අඩුවුනා.

සිංහල යුනිකෝඩ් ගැන කථා කරන්න තිබුණේ භෞතික හමුවීම් විතරයි. සිංහල යුනිකෝඩ් සමූහය පිහිටවන එක ගැන මම ඉස්සෙල්ලම කතාකළේ රමේෂ් තිරුචෙල්වම්ට, සිංහල කියලා දාලා හිත රිදේවිද බලන්න. ඉස්සෙල්ලම එයා, ඊලඟට තුසිත, වසන්ත දේශප්‍රිය හොඳ දහිරියක් දුන්නා, යුග මෙහෙවරක් ආරම්භ වුණා සිංහල යුනිකෝඩ් සමූහය සාහිත්‍යයෙන් රසවත් වෙන්නේ අනුරාධගේ ආගමනයෙන්, ලක්ෂාන්, දසුන්, සපුමල්,බුද්ධික සහ තවත් අය සිංහල යුනිකේතය වර්ණවත් කලා,රකාරාංශ ප්‍රශ්නය විසඳුනා. යුනිරයිටර්, සිංග්ලිෂ්, ගාර්ප් හැදුනා.

පොඩි විජේ ගැන පවා කතා කලා, තාක්‍ෂණිකයින්ට සීමාවූ යුනිකෝඩ් අනිත් අයටත් ගියා. සිංහල වචන සදන විකිය පටන් ගන්නේ අනුරාධ, ඊට පස්සේ අනිත් තැන් ව‍ලත් ඒක පටන් ගත්තා. ඒ වැඩේ අන්තිමේදි අල වූ බව නම් කිය යුතුයි. ඒක මුල සිට නැවත හරියට පටන් ගන්න වෙනවා. සෝඩා බොතලය වගේ යමක් පටන් ගත් විටම, බුබුලු දමා දිවුවට නියම සැලසුමක් හා ප්‍රජා මූලික නායකත්වයක් නැතිව සමහට දේ අඩපණ වෙනවා.

fonts.lk යුනිකේතයට විශාල සේවයක් කලා, සිංහල යුනිකෝඩ්.org හැදෙන්නේ සිංහල තාක්‍ෂණ දැනුම අඩවියක් වෙන්න. ඒක තමා සිංහලෙන් තිබුණු යුනිකෝඩ් පෙර පාසළ, එතකොටම සියබස් ආවා, ඒ අවශ්‍යතාවය පිරිමැහුණා. සිංහල යුනිකෝඩ් සමූහයේ අදහස් තුලින් මේ වනවිට හුඟක් ව්‍යාපෘති පටන් අරන් තියනවා. සමහරක් තවම ප්‍රජාගත වී නෑ. ඒ ගැන නැචත සිතනවා නම් හොඳයි.

ව්‍යාපෘතියක් ඉලක්ක ප්‍රජාවට ලඟා නොවීමට හේතුව ප්‍රායෝගික ගැටලු, ඒවාට විසඳුම් ගමන යන ගමන් මිස පටන් ගන්න කොට නෑ, අඹ ගහට වදින්න හඳට ගහන්න කියා මංජු හත්තොටුව කීවේ ඒකයි. අඹ ගහට නැගලාම ගෙඩිය කඩා ගැනීම වඩා ෂුවර් කියා මට හිතෙනවා දැං.

සිංහල යුනිකේතය ප්‍රචාරණය සඳහා අවශ්‍යතාවයක් ගොඩ නැගෙද්දී අප යම් නායකත්වයක් ලබා දුන්නා. නමුත් එය කෙනෙකුට පෙනුනේ වෙනස් අයුරකට. සමහර ඒවා පෞද්ගලික ජීවිතයටද බලපාන තරම් බලවත් උනා. මිතුරන් රැසක් යුනිකේතයෙන් ලැබීම භාග්‍යක් උනාට හමවූ මිතුරන් පස මිතුරන් වීම හොඳ දෙයක් නොවුනද, සමාජයේ ඉදිරියෙන් සිටීමේදී හමුවන ගැටළු ලෙස ඒවා උපේක්‍ෂාවෙන් දරා ගැනීමට අප පුරුදු වූවා. භෞතික සමූහ ක්‍රියාකාරීත්වයද ඉන් අඩපණ වූයේ නෑ. මේ අපේ කතාව වගේ වෙනත් කතාද ඇති. හුඟක් අය අප සමග දායක වූවා. සමහරක් අප නොදැන.

සිංහල තාක්‍ෂණය තුල යුනිකොඩ් කියන්නේ පහලම තොරතුරු පදනම. ඒ මත තමා සියලු ක්‍රියාකාරීකම් ඇතිවන්නේ. ඒ නිසා අපගේ එදිනෙදා වැඩවලට සිංහල යුනිකෝඩ් වල භාවිතය තීරණාත්මකයි. අප කලේ මේ තීරණාත්මක සාධකය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට මුල් වීම පමණයි. ඉන් අප ලද මූල්‍යමය ලාභයක් නැතත් ලද සමාජමය ප්‍රතිලාභ අගය කරනවා.

දැන් අපගේ සිංහල යුනිකෝඩ් ප්‍රජාවට ගෙන යාමේ කාර්ය භාරය අවසානයි කියා අප සිතනවා. අපෙන් මුවහත් වූ ප්‍රජාවම නව එම කාර්යයට අත ගසා ඇති බැවින් නැවත හිදැසක් ඇතිවන්නේ නෑ. අන්තර්ජාලයේ දැන් සිංහල යුනිකෝඩ් ස්ථාපිතයි. අප දැරූ බරින් නිදහස් වන්නට අපට කාලය හරි. දැන් අප සිටි මට්ටමෙන් වෙනත් ත‍ලයකට මාරු වීම පමණකි. එකම දේ එක දිගට කිරීම පෙර ගමන් කරුවකුගේ ලක්‍ෂණය නොවේ.

අපට කල යුතු වෙනත් වැඩ තිබෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ සිට නවතම මගකට යොමුවීමට සිතනවා. සිතේ සතුට ප්‍රධාන කොටගත් ජීවිතයකට පිවිසීම ඉන් ප්‍රධානයි. පැය ගණන් පරිගණක තිරයට එබී අන්තර්ජාලයේ හා තාක්‍ෂණයේ ගතකළ අපූරු නොවන දිවිය වෙනුවට වඩා සමාජයට ඵලදායක ලෙස කාලය භාවිතා කිරීමට අපට දැන් කාලයයි. භෞතික ක්‍රියාකාරීත්වය තුලින් පහලම ප්‍රජාවට සැලසෙන සේවයට මුල් තැන දෙන වැඩක් වීම අනිවාර්යයි.

සිංහල යුනිකෝඩ් පෙර ගමන් කරුවන්ට අපගේ සුභ පැතුම් පිළිගැන්වීමටද මේ වේලාවයි.

මේ ලිපිය අවසාන වන්නේ මා ඉතාමත් ආදරය කරන මේ ගීතයෙන්.
ඉන් අනතුරුව චුත වීමට කාලයයි!

ආදරයේ ඔබ ඔබමය
ඔබ මා නොව
මා ඔබ නොව
දවසක්දා
හඳුනාගත්තොත් ඔබ මා

සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org/
http://www.vishwakala.org/
http://peradiga.blogspot.com/
http://groups.google.com/group/Sinhala-Unicode
http://www.kaputa.com/uniwriter
http://www.srilanka1.com/srilankaphotos
http://www.lastminute.lk/
http://www.srilankarefrence.org/
http://www.kaputa.com/
http://www.sinharaja.com/
++

No comments: