1 Apr 2008

වාණිජද ? ප්‍රජාද ? දෙකමද ? - අනාගතය දෙස හොරැහින් බැලීම

අනාගතය දෙස කෙලින් බැලීමට අප නොහැක්කේ , අනාගතය නිරන්තර බාධක සහිත මගක වැටී තිබෙන නිසාය. අප යන දිශාව වැදගත් වන්නේ සමහර ගමන් ආපසු හැරිය නොහැකි බැවිනි. අපසු හැරීමට වඩා යම් ගමනක් පටන් නොගැනීම වැදගත් එබැවිනි.

අන්තර්ජාලය විවිධ චරිත පිරි අභෞතික සමාජයකි. නානාවිධ වෙස් ගත්තෝ බොහෝය. අන්තර්ජාලයේ අප දිවෙන් දිව ගාගන්නේ යම් දිනක අපට නින්දා කරන්නෙකු සමග විය හැක. මේ නිසා වැඩක් පටන්ගත යුත්තේ විශ්වාසවන්ත මිනිසුන් සමගය. එවිට වැඩය කෙරේ.




වැඩක් කර පෙන්වීම වැඩක් කිරීමට ඇති එකම මග බව අයින්ස්ටයින් කියා ඇත. වැඩක් කිරීමට විවිධ ක්‍රම වේද තිබෙන බව දන්නේ වැඩක් කළ මිනිසුන්ය. ඒ ක්‍රමවේදයන් අතර සාමුහික සමූහයක් ගොඩනැගීමට ආයතනික ව්‍යුහයක් තිබීමද එකකි.

ප්‍රජා සේවය අද වෘත්තිමය බවට පත්වී තිබේ. රතු කුරුස , ඇපාචි අපේ ගමේ මරණාධාර සමිතිය නම් උදාහරණය. ප්‍රජා සේවයේ යෙදී සිටින්නෝ එය තම යුතුකම ලෙස සළකති.

තම යුතුකම ගැන සිතන සමූහයක් එකතු වීම ප්‍රජා සේවා සමූහයක ආරම්භයයි. සමූහයක් ලෙස සමාජයේ කටයුතු කිරීමට ක්‍රමවේද සමාජයේම තිබේ. ප්‍රජා සමූහයක් ලියාපදිංචි වීම යනු තම කාර්යය පිළිබඳ නීතිමය වගකීමක් දැරීමට එකඟ වීමයි. එය වගකීමකින් වැඩ කිරීම පිළිබඳව පළවෙනි පියවරයි. එක දවසක "වරෙල්ලා මචං" ශ්‍රමදානයක් දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකින් වෙනස් වන්නේ එහෙයිනි.

අනාගතයට කැපූ පාරවල් නැත. අප තියන පියවර මත හැදෙන අඩි පාරවල් අනාගතයේ පාරවල් වේවි. බොරුවක් නම් දුවිල්ලෙන් මැකී යාවි. ඉතිහාසය එක දවසකින් ලිවිය නොහැක. ඉතිහාසයක් තිබෙන අය එය දනිත්. මේවා තේරුම් ගැනීමට නොහැකිවන්නේ ප්‍රජා අත්දැකීම් හිඟ විටය.

අතීතයේ බෙහෙත් හල් නඩත්තු කළේ ජල බද්දෙන් කොටසකිනි. ප්‍රජා සේවා ආයතන මිනිසුන්ට රැකියාද සපයයි. ලෝකයං බොහෝ දෙනා ප්‍රජා ආයතන වල වැටුප් ලබා රැකියාව කරති. එම වැටුපෙන් කොටසක් බැංකුවේ දැමීම ලාභය නොවේද ? එය වාණිජද ? ප්‍රජාද ? දෙකමද ?

වැඩක් කිරීමට ඇති එකම මග එය කර පෙන්වීම පමණකි යනු අයින්ස්ටයින් කියා තිබේ. කරගන වැඩකට අකුල් හෙලීම නම් එකට වැඩක් කිරීමට බැරිකම බව අපට කීමට තිබේ.

ප්‍රජාවට වැඩ කිරීමේ අත්දැකීම් ගැන මුළ ඉඳන්ම දැනගන්න බලන්න මේ ව්‍යාපෘතිය.

http://www.shilpasayura.org/

චැටුප් පවා නොගෙන මේ වගේ දේවල් වලට සහභාගී වීමට ලැබුණ එකත් වාසනාවක්.
එය වටිනා දේකට කාලය ගත කලා වෙනවා.

මේ කතාව ඈවරයි දැවරයි තුන් ඈවරයි!

No comments: