7 Mar 2008

අබා වියුණේ නිර්මාණ පසුබිමට පසුවදනක්

චිත්‍රුටියක් හැදෙන්නේ අධ්‍යක්‍ෂකගේ හිතේ ඇතිවබ රූප සහ හැඩතල අනුව. තිරපිටපතේ තියෙන්නේ දෙබස් පමණයි. අධ්‍යක්‍ෂක තමා චිත්‍රපටියේ සිදුවීම්වල රූපමය ස්වභාවයත්, එයට පණදෙන නලු නිලි කැලත්, ශිල්පීන්ද ගීත ආදිය දකින්නේ. ඒක තියෙන්නේ ඔහුගේ හිතේ. චිත්‍රපටිය හදන්නට එකතුවන අන් සැමදෙනකුම අධ්‍යක්‍ෂකට පිටින් යන්න බෑ. චිත්‍රුපටියේ සාර්ථක උනොත් හැමෝටම ලකුණු සහ සම්මාන. අසාර්ථක චිත්‍රපටියක බර බාරගන්න ඉන්නේ අධ්‍යක්‍ෂක විතරයි. ,මේ නිසා අධ්‍යක්‍ෂකවරයාට තමා චිත්‍රපටියක නියම බර දැනෙන්නේ.

එම නිසා වෙනත් කණ්ඩායම් වැඩව‍‍දී මෙන් නොව චිත්‍රුපටියකදී අධ්‍යක්‍ෂකවරයා තමයි නිර්මාණයේ ප්‍රධාන තීරණ ගන්නේ. මෙය චිත්‍රපටියේ නළු නිලියන් තෝරාගැනීම, චරිත ස්වභාව, වේශ නිරූපන, කලා අධ්‍යක්‍ෂණය, කැමරා කෝණ, සංගීතය , හඬ කැවීම, පෙර පටිය ආදී සෑම දේකම මුල , මැද සහ අග අධ්‍යක්‍ෂකවරයාගේ අණ අනුව තමා වෙන්නේ.

චිත්‍රපටියක වෙබ් අඩවියද නව ලෝකයේ ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා. චිත්‍රපටිය ජනතාවට ලැබෙන තුරු එහි රූපමය හැඩය, වින්දනයේ හැඟීම් ලබාදෙන්නේ වෙබ් අඩවියයි. එහිදී අධ්‍යක්‍ෂකවරයාගේ අවශ්‍යතාවය හා චිත්‍රපටයේ හැඩය අනුව මූලික නිර්මාණයක් කෙරෙනවා. සමහරවිට එය කිහිප වරක් හැදෙනවා. වෙබ් අඩවිය නිර්මාණකරුවා අධ්‍යක්‍ෂකවරයාගේ ලබාදෙන චායාරූප හා විස්තර කිරිම් වලින් ඔහුගේ හිතේ ඇඳුනු චිත්‍රපටියේ රූපය මතුකරන්නට උත්සාහ ගන්නවා. ඒ උත්සාහයේ සාර්ථකත්වය තමා වියුණ නිර්මාණයට අධ්‍යක්‍ෂකවරයා කැමති වීම.

මෙතුවක් ලංකාවේ වූ නිර්මාණ වල කථා වස්තුව හොඳ උනාට සම්මාන දිනුවාට ලෝකයේ අනිකුත් රටවල වෙළඳපලට ලඟාවී නෑ. චිත්‍රපටියකට වියදම් කරන මුදල නිශ්පාදකවරයාට ලබාදීමත් අධ්‍යක්‍ෂකවරයෙකුගේ වගකීමක්. හුඟක් අධ්‍යක්‍ෂක වරු දෙවන චිත්‍රුටියක් එකම නිශ්පාදකවරයා සමග නොකරන්නේ මේ හේතවද කියන්න බෑ. සාර්ථක අධ්‍යක්‍ෂකවරු අවසානය නිශ්පාදකවත් දිනවනවා. දිගටම චිත්‍රපටි කරනවා.

"අද අපේ ජන සමාජය වීරත්වයෙන් පිරිහිණු අසුභවාදී, සෘණ මාණසිකත්වයකට ඇද වැටෙමින් තිබෙනවා යයි කියැවෙන මතවාදයට වර්තමාන සිනමාව වග කිව යුතුය. ඛේදනීය සමාජ මනෝභාවයන් අතරට එකතුවන වීරත්වය, සුභවාදය, අභිමානය, මාමකත්වය, වාත්සල්‍යය ආදී ධනාත්මක තේමාවන් කැඳවීම සිංහල නව සම්ප්‍රදායක ආරම්භයයි."
ජැක්සන් ඇන්තනි

මේ සන්දර්භය තුල තමා අද චිත්‍රපටි නිර්මාණයක් කරන්නේ. ලංකාවේ ප්‍රේක්‍ෂකයින් බලන චිතපටි හුඟක් හින්දි, දෙමළ සහ ඉංග්‍රීසි. ඒ කතා හොඳ හින්දාම නොවේ. තාක්‍ෂණයේ රසය. ද මැට්රික්ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්, ස්ටාර් වෝර්ස්, අශෝක, 300 ස්පාටන්ස් මේ ඔක්කෝම මායාමය ලක්‍ෂණ සහිත චිත්‍රුපටි. ඇයි මිනිස්සු ඒවා බලන්නේ ? ඒවා සාර්ථක වෙන්නේ ඇයි? ඊට පිළිතුරක් දෙනවාට වඩා ලෝක චිත්‍රපටි කර්මාන්තයේ වාණිජ හැඩය ඒකයි.

මේ අනුව නොයන සම්මාන ගන්න චිත්‍රපටිද තියනවා. ඒවාට වියදම ටිකයි, ආදායමද ටිකයි. මේ සියල්ල කැටිකර සිතුවිට මිලියන සියයක වියමින් කෙරෙන අබා චිත්‍රපටියට ජාත්‍යන්තර වෙළඳ පළට යන ප්‍රථම චිත්‍රපටිය වෙන්නත් පුලුවන්. ඒ නිසා සැම කාරියකම ජාතෘන්තර අනුරුව ජැක්සන් ඇන්තනි අතින් මැවෙනවා. අබා - පණ්ඩුකාබය කුමාරයා ගැනයි. ඒක අපි හැමෝම දන්න කතාවක්. එත් ජැක්සන් ඊට රූපමය හැඩයක් දෙනවා. www.aba.lk අඩවිය හැදෙන්නේත් ඒ හැඩයට.

අධ්‍යක්‍ෂකගේ සිතුම් පැතුම් අප එහි ප්‍රතිනිර්මාණය කළා. ඔහු ඊට කැමති උනා. ලෝන්ච්කල දිනයේදී මාධ්‍ය වේදීන් එය අගය කළා. ළමා ළපටි තරුණ මහලු හැමෝම නරඹන චිත්‍රපටියක් වීමට අබාට උපරිම සුදුසුකම් තියනවා. මේ චිත්‍රපටිය ලෝක සම්මාන වලට පාත්‍රවන අතරම වාණිජ අතින්ද අති සාර්ථක වන්නේ සියලුම ලාංකිකයින් එය බලනු ඇති බව සිතීමෙනි.

කුමන තාක්‍ෂණ හා රූපමය ලක්‍ෂණ තිබුනද අබා අපේ කතාවයි.
තවම චිත්‍රපටිය නොදැක්කද මට හිතෙන්නේ එහෙමයි.

No comments: