18 Dec 2010

ශිල්ප සයුර ගැන පුංචි සිත් සටහනක්‌!

ශිල්ප සයුරට වසර 4 යි.



2006 නොවැම්බර් 15 වැනිදා අප කොළඹින් පිටත් උනේ ගමට අළුත් දෙයක් අරගන. අපි එනකන් සබරගමුවේ, මාතර, මොණරාගල සහ හම්බන්තොට නැණසළ 20ක් බලාගන හිටියා. ශිල්ප සයුර නැණසළවලට ගෙනියනකොට සිංහල යුනිකෝඩ් ගම්වල තිබුනේ නෑ. තිස්සමහාරාම ළමයි කළේ නාසා පිංතූර බලන එක. නැණසළ වල වයිරස් පිරිලා. නෙට්වර්ක් වැඩ කළේ නෑ. අපි ශිල්ප සයුර විතරක් නොවේ නැණසළට අලුත් තාක්‍ෂණයත්, නව බලාපොරොත්තු එකතු කළා. පුංචි වැඩසටහන් කරලා ගම නැණසළට එකතු කළා. අපේ කණ්ඩායමත් නැණසලත් එක්ක විශාල උනා. අපිත් හූඟක් දේ ඉගන ගත්තා, අඩුපාඩු හදාගන අපිත් වෙනස් උනා. ශිල්ප සයුරත් දිගටම දියුණු උනා. ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම, දෙවන හා තෙවන ජාත්‍යන්තර සම්මාන අපි ගෙන ආවා. අන්තර්ජාලයේ නොතිබුණ කණ්ඩියපිටවැව වගේ ගම් ගණනාවක් ගැන ලෝකය දැනගත්තේ අපි ඒ ගම් වලට ගියාම. වහලා තිබුණ නැණසළ ගණනාවක් නැවත විවෘත කරලා අති සාර්ථක මට්ටමට ඒම අපට සතුටක්. අපි ලබාගත්ත නිදහස් අධ්‍යාපනයටත් , 5 ශිශ්‍යත්වයටත්, ඉන් ලද ශිශ්‍යත්ව ආධාරයටත් දැන් ණය නැහැ කියලා හිතෙන එක සාධාරණ සතුටක්. හැමදාමත් නැණසළ දියුණුවත් ශිල්ප සයුරේ දියුණුවත එකට බැඳී තිබුනා.



ඒක තමා තොරතුරු තාක්‍ෂණයෙන් සංවර්ධනය කියලා අපිට තේරුණේ.
වෙනස් කම් තිබුණත් ගැටළු විසඳාගන එකට වැඩ කිරීම.

ශිල්ප සයුර ගමනේදී අපට හොඳ නරක හැම දෙයක්ම ලැබුනා. ගම්වල දෙමාපියන්ගෙන් ලැබුණු ආශිර්වාදයත්, නැණසළවල සහෝදර සහෝදරියන්ගෙන් ලද ශක්තියත්, ICTA ලද සහයෙනුත්, දේශීය විදේශීය පිළිගැනීමෙනුත් ලද පන්නරය අපට තිරසාර ලෙස මහපොළවේ පැළවෙන්නට අවස්ථාව ලබාදුන්නා.

ඒ අතීතය

මේ වර්ථමානය!

2010 දෙසැම්බර් මාසේ 21 වෙනිදා තායිලන්තයේදී එක්සත් ජාතීන්ගේ
මධ්‍යස්ථානයේ දී "සමාජ සංවර්ධනය සඳහා අනාගතයේ ලෝකයේ නැතුවම බැරි තොරතුරු හා සන්නිවේදන" සම්මන්ත්‍රණයේදී
ශිල්ප සයුර නිබන්ධනය ඉදිරිපත් කෙරෙනවා.

(Future Imperatives of Communication and Information for
Development and Social Change)

මාතෘකාව
Local language e learning at rural Telecentres -
An imperative of ICT for increasing access to education

http://www.jcconference.co.cc/.It

අප මේ ඉදිරිපත් කරන්නේ ඉ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ඉ සමාජයේ , නැණසළේ සහ සිංහල යුනිකෝඩ් සාර්ථකත්වයයි. ඒක අප කවුරුත් එකමුතුව කළ වැඩක් ලෙසයි අප සළකන්නේ. අප කළේ එය ක්‍රියාත්මක කිරීමයි. අවුරුදු 5 ක ශිල්ප සයුරේ අත්දැකීම් ගැන මහාවංශය වගේ ලියන්න පුළුවන්. විශාල චරිත ගණනාවක්, සිදුවීම් සහිත රසවත් කථාවක් ඒක.

ශිල් සයුර ව ICT4D පර්යේෂණයක්!
අවුරුදු 4 ක මහ පොළවේ කළ මනා අත්හදා බැලීමක්
එය සාර්ථකයි!
ඒ අත්දැකීම චිශාලනය කරලා
අපේ රටේ ග්‍රාමීය අධ්‍යාපනයේ
ගැටළු විසඳාලීමෙන්
ලොකු වෙනසක් කරන්න
පුළුවන් කියලා අපට හිතෙන්නේ ඒකයි!

ඔබේ සහය ලැබේනම් අපට ඒක කරන්න පුළුවන්!

ශිල්ප සයුර 2011 දැන් අවසාන අදියරේ.
ජනවාරියේදී සූදානම්!

අනාගතය ගැන අනාවැකි කියන්න බැරි උනත්,
මේ දක්වා ශිල්ප සයුර තුලින් ගම්වල දුප්පත් සිසුන් ලබාගත් දියුණුව ගැන අපට සතුටුයි.

ඔබටත් මේ ගැන කියන්න යමක් ඇති.
අහන්න ආසයි අපටත් කියන්න.

http://www.shilpasayura.org
http://www.telecenter.lk



2007 Video

No comments: