24 Oct 2017

Step into the future - Start with micro:bit

මිතුරනි, ගුරුවරුනි, සිසුනි
අපි community එකක් විදියට වැඩ කරන්නේ කපුටා.com කාලේ ඉඳලා. නම් නැති , අපේ informal වැඩ තුලින් අපේ රට ලැබූ තාක්‍ෂණ දියුණුව දන්න අය දන්නවා. 2015 ශිල්පසයුර ideamart එකතුවෙන් AppSMART පටන්ගත්තා, ඉගනගත්තා, ඉගැන්වූවා, code4Good, Hakadev හැකතන් ගියා, fishnet failed, http://kaalagune.com හොඳ සේවයක් කරනවා. ඔහොම ගිහින් http://shilpa64.lk STEM නිර්මාණය TADHACK 2016 දිනුවා. අපි Ideamart හැකතන් වලදී IoT උපරිමය අත්හදා බැලුවා. Code Ultimatum, Game of Codes (http://chess.info.lk), AngleHack (http://sky.info.lk) IoT තාක්‍ෂණයෙන් අප පිරිපුන් කලා.

මේ සියල්ල තුල වැදගත්ම දේ තමා අපි හදාගත්ත Tech Community එක. මුදුකාංග සහ ජාල ඉංජිනේරුවෝ, ICT තාක්‍ෂණ ගුරුවරු, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්, හැකර්ලා වැනි විවිධ සමූහ තුලින් අප මොබයිල් එක හා facebook නව අධ්‍යාපන මාධ්‍යයක් බවට පත්කළා. අපි විවෘතව සංවාද කරලා ISOC එකට Girls in Technology අදහස ඉදිරිපත් කරලා පිළිතුරක් බලාගන ඉන්නේ. ඒකත් 2018 හරියයි. 2016 අපි Google සහයෙන් පටන්ගත්ත AlgoHack pilot එක කැබිතිගොල්ලෑව, කෙන්ගල්ල, නුගවෙල, රණබිම, දෙබරවැව, පේරාදෙණිය, නුවර ගේට්වේ පාසල් ළමුන් scratch, microbit, arduino, rPi පුහුණුව  අත්හදා බැලීම් ඉතා සාර්තකයි. Edinex 2017 Exhibition එකෙන් එය විදහා දැක්වූවා.

අපේ ඊ ලඟ මෙහෙයුම Robotic තාක්‍ෂණය සහ AI සොයා යාම. ඒ සියල්ලටම අපට අවශ්‍ය උසස් දැණුම MIT open Courseware එකේ තියනවා. මූලික තාක්‍ෂණ දැණුම AlgoHack community (https://goo.gl/mH5vPS) හදලා තියනවා.  තවත් හැදෙනවා.

අපි microbit club එක හැදුවේ විශේෂයෙන් Coding, IoT හා Robotics දැනුම, අධ්‍යාපනය ලබාදෙන්න වගේම ඒ සඳහා අවශ්‍ය අවශ්‍ය devices ලබාදෙන්න. උසස් පෙළටත් IoT එකතු කරලා. තරමක් ඉහළ නිපුණත්වයක් ඉල්ලා සිටිනවා. අපි දැනටමත් ඒ සඳහා සීමිත මයික්‍රෝබිට් ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා සහන මිලකට ලබාදෙන්න. ප්‍රමුඛතාවය ලබාදෙන්නේ microbit club එකේ අයට.

අපේ අදහස 9 ශේණිය විශේෂව, වයස 12 සිට coding සහ IoT උගන්වන්න. මගේ විශ්වාසය වසර 5ක පාසලට පරිභාහිර අමතර අධ්‍යාපනයකින් පුංචි ළමයෙකුට උනත් වයස 19 දී Robotic Engineer කෙනෙක් ලෙස රැකියාවකට යන්න පුලුවන්.  පසුව online උපාධියක් උනත් පුලුවන් වැඩ දන්න නිසා. එතකොට ලංකාව Robotic hotspot එකක් වෙයි.

මේ දසුන ඔබත් දකිනවානම්, පළමුව එකතුවන්න microbit club එකට, දැනුම ලබාගන්න ළමයින්ට දෙන්න. අපට නොතිබුණු ඒ අවස්ථාව එයාලට ලබාදෙන්න. සහය අපෙන්

මේ තියෙන්නේ සර්වෝ මෝටරයක් වැඩකරන codeඑක
https://makecode.microbit.org/_gDq0w2abDTLy


#FrontlineInnovators #Shipa64 #Algohack #microbit #SriLanka

No comments: