27 Dec 2018

උතුරේ ගංවතුර 2018 - ආපදා සමාජ මාධ්‍ය මෙහෙයුම


ගං වතුරකදී මිනිස්සු ඉස්සෙල්ලම බලන්නේ තමන්ගේ සහ පවුලේ අයගේ ජීවිතය බේරාගැනීම. එයාලා අනාථ කඳවුරු වලට යන්නේ ඇඳගන ඉන්න ඇඳුම පිටින් සමහරවිට. ඊලඟට වතුර, කෑම,ළමයින්ට කිරිපිටි වැසිකිලි පහසුකම්, ඇතිරිලි. ඉස්කෝලෙක 500 ක් විතර ඉන්නකොට, හිතන්න තත්වය. ලෙඩරෝග, ළමයින්ට කම්පනය, දවස් දෙකතුනක් යනකොට ලෙඩ බෝවෙනවා. ගෙදරවල් කැඩිලා, එයාලගේ ඇඳුම්, උයන පිහන බඩු මුට්ටු වතුරේ ගිහින්, ලේඛන නැතිවෙලා. ගෙවල් සුද්ද කරලා හදාගන යනකොට දවස් යනවා. හැමදේම හරිගස්සා ගත්තත් එයාලගේ නැතිවුන ආර්ථිකය කුකුළෝ එළුවෝ හරක් වගාවන් ගහ කොල? ඒවා නැවත ගොඩ නගාගන්න ඕනේ.
හිතන්න ඔබේ පවුලට එහෙම උනොත්.


ගංවතුරට අහුවෙච්ච මිනිස්සු අපි අවස්ථා ගණනකදී දකුණේ, නැගෙනහිර සහ උතුරුමැද, වයඹ දැකලා තියනවා. ඒත් උතුර අපට නුහුරුයි. ඔවුන් යුද්ධයකින් නිදහස්ව යාංතං දිවි ගැටගහන්නා අය අපි හිතන්නේ. අපිට බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අඩුයි. ඒ නිසා මේ ව්‍යසනය ගැන තොරතුරු හොයලා හැමෝම එක්ක බෙදාගන්න #NothernFloodsසමාජ මාධ්‍ය මෙහෙයුමක් අපි කරනවා.
ඒ තොරතුරු අනුව මූණුපොතේ සමූහ වලට සහන සැපයීම කළ හැකියි මම හිතනවා. සුනාමියේදී, 2011, 2014 ගම්වතුර වලදී අපි සාර්ථකව ජනතා අවධානයක් අන්තර්ජාලයෙන් ලබාදුන්නා.
මේ වරත් ඒ උත්සාහය කරන්නේ මහා මාධ්‍ය නත්තල් සාදයට ගිය නිසා.
කිලිනොච්චි, සිට මුලතිව් හා යාපනේ නැගෙනහිරත් අපි යනවා. ඔබේ මොබයිල් එක, කැමරාව අරන් ඔබටත් එන්න පුළුවන්. අපි මේ ආපදාවට ලක්වූ අයගේ ඇත්ත කතා මූණුපොතට එකතු කරමු. අපට ඔවුන් ගැන හුඟක් දේ දැනගන්න පුලුවන්. නත්තලට වැහුණු 86500+ අතරමංවූ මේ සිදුවීම ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඇත්තම තරුවක් පායලා උතුර දකුණ පාලම එළිය කරාවි.

අපේ සරළ සැලැස්ම 28 උදේ කොළඹ සිට යාපනය බලා යන 05:24 දුම්රියේ යන්න කිලිනොචියට 11.00. නුවරින් 5.00 දුම්රිය ඊට පොල්ගහවෙලදී හමුවෙනවා වෙනවා. කිලිනොච්චියේ සිට අපට බෙදී බටහිර, උතුර , නැගෙනහිර, මුලතුව් උතුර සහ දකුණ ආපදා ස්ථාන වලට යන්න පුළුවන්. දෙදෙනක් හෝ තුනක කුඩා කණ්ඩායමක් තමා සුදුසු.

බස් වැඩකරයි, ත්‍රී වීල් , බෝට්ටුවෙන් හා පයින් යන්නත් වෙයි. මේ කාරියේදී මිනිස්සු එක්ක වැඩ කරපු අත්දැකීම හා ඔබේ ආරක්‍ෂාවත් අවශ්‍යයි. විනෝද ගමනක් නෙමේ. ක්‍ෂේත්‍රයේදීම අමු මාධ්‍ය මූණුපොතට ලබා දීමයි අදහස. භාෂාව ගැටළුවක් ලෙස සලකන්න එපා. කරගන්න පුළුවන්. ඔවුන් අසරණ වුවත් මාධ්‍ය ලබාගැනීමේදී ආචාරශීලී සහ සදාචාරවත් වීමත් ඔවුනට ගෞරවයෙන් සැ‍ලකීමත් අවශයි. අවම කළමණා බරක්, පොරවනයක්, වැස්සට තොප්පි, කුඩයක්, සුලු බෙහෙත් හා අවම ඩිගිටල් උපකරණ ගෙන එන්න. පහසුකම් තියෙයි සහතික කළ නොහැකියි.

එවැනි කුඩා කණ්ඩායමක් ඔබටත් සිටීනම් inbox කරන්න.
https://www.facebook.com/pg/yesmedialive/

No comments: