18 Feb 2009

Rock Band Sing e - Sri Lanka : Unokuuged






“Sihinayak” (‘a dream’) – a bouquet of lyrics and an ecstasy of entertainment by Sri Lankan contemporary musicians Nadeeka, Kasun & Chapa

Over to all music lovers! Enjoy the website in whatever part of the world you may be and for those who can make it the CD bouquet of lyrics “Sihinayak” (‘A dream’) - a taste of rare entertainment is available on 23 rd February - BMICH to visit and enjoy.


E Sri Lanka Theme Song


Rock Me Nenasala ,,,


“Sihinayak” (‘a dream’) the first anthology of brilliant new generation composer Nadeeka Jayawardhana together with Kasun Kalhara & Indrachapa Liyanage will make inroad into the Sri Lankan world of music next Monday (23). “Parallel to this steps have been taken to introduce the CD worldwide through internet”,
Team Work Media Solutions

17 Feb 2009

නැණසළ පරිපාලන හා ක්‍රියාත්මක ආකෘතිය

නැණසළ සංවර්ධනය සඳහා නැණසළ පරිපාලන හා ක්‍රියාත්මක ආකෘතිය

නැණසළක් යනු කුඩා ආයතනයකි. එහෙත් එයද නිසි පරිපාලන ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීම තුලින් දියුණුව ඇතිවේ.
දැනටමත් සමහර නැණසළවල මේ ලක්‍ෂණ පවතී,එහෙත් ව්‍යුහමය ලෙස සැදී නොමැත. නැණසළ සංවර්ධනයට යෝජනා කරන ව්‍යුහයක් පහත දැක්වේ. එය බොහෝ නැණසළ වලට ක්‍රියාත්මක කළ හැකු ක්‍රම වේදයකි.



නැණසළක වැදගත්ම අංශ 3 කි

සේවා, මුදල්, ප්‍රචාරකය
මේ අංශ තිදෙනකුට හෝ තනියම හෝ කරන්න පුළුවන්
එක් එක් අංශයේ අය තම අංශය කළමණාකරනය කරන අතර එහි දියුණුවට පොදු සහ පෞද්ගලික කාලයක් වෙන් කළ යුතුයි. සෑම සතියක් වෙන්කල දිනක මෙම අංශ රැස්විය යුතුය. රැස්වීම් කාලය පැයයි. පසුගිය සතියේ ගත් තීරණවල ප්‍රගතිය එකිනෙකා ඉදිරිපත් කිරීම, මුදල් , සේවා හා ප්‍රචාරණ තත්වය විමසීම, ව්‍යාපෘති ප්‍රගතිය, නව අදහස් තමා න්‍යාය පත්‍රය. නැණසළ දියුණුවන විට පැයක් මදිවේවි.

මේ එක් එක් අංශ වල පරමාර්ථ නම්
මුදල් - නිසි ගිණුම්කරණය, ගෙවීම්, අයකිරීම්, මිල ගණ න්, ඇස්තමණ්තු, ව්‍යාපෘති අධීක්‍ෂණය, මුදල් වාර්ථා

සේවා
තාක්‍ෂණය ලබාගැනීම, තාක්‍ෂණික නඩත්තුව, සේවා ලබාගැනීම, සේවා සැපයීම, තත්වය උසස කිරීම, ව්‍යාපෘති ව්‍යාපෘති සැලසුම් සහ මෙහෙයුම, පාරිභෝගික හා ආදායක සේවා, පර්යේෂණ සහ දත්ත,

ප්‍රචාරණ
සන්නිවේදනය, ප්‍රචාරක කටයුතු, උත්සව සැලසුම හා නියෝජනය, වැඩමුලු,ප්‍රජා සම්බනිධතා, ව්‍යාපෘති ප්‍රචාරණය, ආධාර, වෙබ් අඩවිය, සමාජ ප්‍රචාරණය, අරමුදල් සඳහා ප්‍රචාරණය, සම්බන්ධතා ගොඩනැගීම, සංග්‍රහ සහ අනුග්‍රාහකත්වය, ලේඛන කටයුතු

මේ සඳහා තිදෙනකුගේ නායකත්වය තිබීම අවශ්‍ය අතර, තම තමන්ගේ අවශ්‍යතා පරිදි නැණසළේ ස්වේච්චාවෙන් එන අයද මේ සඳහා එකතු කරගත හැක. තීරණ ගැනීමේදී නැණසළට වඩාත් ආර්ථිකව වාසිදායකභාවය මෙන්ම සමාජ සංවර්ධනය අරභයාද තීරණ ගැනීම සුදුසුය.

මෙහිදී සහභාගී වන සෑම අයකුට සේවා භාවිතා ප්‍රතිලාභද, ආර්ථික ප්‍රතිලාභ මෙන්ම සමාජීය ප්‍රතිලාභ ලැබීම සුදුසුය

සේවා භාවිතා ප්‍රතිලාභ
අර්ධ අයකිරීම් සේවා
නොමිලේ ලබාදෙන සේවා

සමාජීය ප්‍රතිලාභ
අධ්‍යාපනය
පුහුණුව

දැනුම හුවමාරුව
පෞද්ගලික සංවර්ධනය
සමූහයක සහභාගීත්වය
නෑණසළ නියෝජනය
සම්බන්ධතා ගොඩනැගීම

ආර්ථික ප්‍රතිලාභ
මුදල් ඉතිරිය
අධ්‍යාපන අවස්ථා
පුහුණු අවස්ථා
රැකියා අවස්ථා
වියදම් සහ දීමනා
වැටුප්

මෙවැනි කළමණාකරන ආකෘතියක් යටතේ ක්‍රියාත්මක නැණසළක සමාජ ව්‍යාපාරයක මූලික ලක්‍ෂණ නිර්මාණය වේ.

එහි වාසි වන්නේ
නැණසළ තිරසාර භාවයට පත්කරිම සාමුහික වගකීමක් බවට පත්වීම
නැණසළ තිරසාර භාවයට පත්කරිමට වැඩ සැලැසමක් නිර්මාණය
නැණසළේ පරිපාලනය ක්‍රමාණුකූල වීම
නැණසළේ ගැටළු හදූනාගැනීම සහ පිළියම් යෙදීමට පහසුවීම
නැණසළේ ක්‍රියාකාරීත්වය දියුණුවීම
සේවා තත්වය දියුණු වීම
නැණසළ කටයුවල‍ ප්‍රජා සහභාග්ත්වය වැඩ්වීම
නැණසළ ක්‍රියාකරු කණ්ඩායමේ සුහදතාවය වර්ධනය
නැණසළ සමාජය තුල ප්‍රචාරණය වීම
නැණසළට ආධාර ලබාගැනීමට ඇති හැකියාව වර්ධනය
නැණසළ ක්‍රියාකරු හැකියා සහ දැනුම වරිධනය
නැණසළ සම්බන්ධතා වර්ධනය
නැණසළේ සේවා තත්වය වර්ධනය
නැණසළට වැඩි ආදායමක් ලැබීම
නැණසළ ක්‍රියාකරුවන්ට ප්‍රතිලාභ වැඩිවීම
සමාජයට නැණසළේ වටිනාකම වැඩිවීම

මෙලිසින් ක්‍රියාත්මක වන ආද්ශ නැණසළක් වී ඔබටම වෙනස වටහා ගත හැකිය.

නිරංජන් මීගමිමන
ශිල්ප සයුර ව්‍යාපෘතිය
Uva RIT Team Leader
http://www.shilpasayura.org
http://telecenter.ning.com
http://telecentre.org
http://nenasala.ning.com

5 Feb 2009

61 වන නිදහස් දිනයේ ප්‍රථමාරම්භය


2006 ජනවාරි 13 දා ඇරඹි සිංහල යුනිකෝඩ් සමූහය ආරමිභ කරමින් ලියූ මේ අදහස පලගැන්වී සිංහල යුනිකේතය අන්තර්ජාලයේ ප්‍රධාන ප්‍රවාහයක් වී ඒ වටා ජන සමුදායක් එක් රැස්වී තිබෙනවා. එයින්ම එය තිරසාර වී අප දුටු අනාගත සිහිනය සැබෑවී තිබෙනවා.



වසර ගණනකට පසුව පැවති 2006 පෙබරවාරි 05 දින නිදහස් සමරුවේ කාහල නාදයේ උද්දාමයෙන් ලියූ මේ අදහසත් අද සඵල වී තිබෙනවා.



දේශාභිමානය එහි අරටුවක් වී, අප රටට වින කළ සතුරන් පරදමින්, අප එක සේසත් වෙමින් සිටිනවා. එක් දේශයක් ලෙස අපට මේ ලෙසින් සතුටු විය හැකි වන්නේ ඒ අරමුණ අරභයා අප ලියූ කියූ දේ පමණක් නොව ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ හෙයින් ද අපට සමාජයේ ප්‍රවර්ධනයක දායක වන්නට හැකිවීමයි.

අපගේ ගමන වලකාලන්නට ව්විධා‍කාර ප්‍රයෝගයන් එල්ල වූවද අප්‍රහ්ත ධෛර්යය හා නොසැලීම ඉදිරියේ ඒ ප්‍රයන්තයන් හිරු දුටු පිණි මෙන් පහව ගියාහුය. හුඟක් අයගේ නිර්මාණශීලි අදහසුත් ධනාත්මක සහයත් ඊට නොඅඩුව ලද බවද කිව යුතුයි. ඉන් අප සැම ලද තෘප්තියත්, සමූහයක් ලෙස ලබාගත් ජයග්‍රහණත් වඩාත් නිවැරදි සේ පසක් වී ඇති ඒ මාවතේම නැණ නුවණින් ඉදිරියට යාමට අපට ලැබෙන මහත් සවියක්.

අනාගතය දැකීමට මෙන්ම එය ගොඩ නැගීමට පරමාදර්ශ සැපයීම ද රටක බුද්ධිමතුන්ගේ කාර්ය භාරයක්. ඒ සඳහා පහල මට්ටමේ ජනතාව පෙරමුණු ගැන්වීමද බුද්ධිමතුන් විසින් කර ඇති බව අතීතයෙන්ද වර්ථමානයෙන්ද පැහැදිලියි. අප විසින් කරන දේවල් වල ප්‍රතිඵල දීර්ඝ කාලීන නිසා, එක් වරම සැවොම ඒවා වටහා නොගනිත්. ඒ සැවොම එක හා සමාන දැක්මක් නොදකින නිසාය.
අපට සන්නිවේදනය වැදගත් වන්නේ මේ අවස්ථාවේය. ඒ අප දකින දර්ශනය අන් අයටද පෙන්වා දීමටය. ඒ සඳහා පොදු භාෂාවක් තිබීම කොතරම් සුදුසුද ? එහෙත් අප රටේ ප්‍රධාන භාෂා තුනක් පවතී. අප රටේ 80%ක් පමණ කථාකරන්නේ ලියන්නේ එක භාෂාවකි. භාෂා දෙකක් දන්නෝ ටිකය. භාෂා තුනක් දන්නෝ ඊටත් අල්පය.මේ නිසා අවම වශයෙන් ද්වී භාෂා හැකියාවන් වර්ධනය මේ නිසා වෑදගත්ය.

මේ සඳහා තාක්‍ෂණය භාවිතා කළ හැකි බව අප කියන්නේ මන්ද ?මේ උදාහරණය ඊට නිදසුනකි.

அ ஆ இ ஈ உ ஊ எ ஏ ஐ ஒ ஓ ஔ



භාෂා හැකියා වර්ධනයේ සාම්‍ප්‍රදායික ක්‍රම වේද අතරට ICT ගෙන ඒම අපගේ අරමූණයි. අප ඒ ගැන ව්ශ්වාස කරන්නේ ශිල්ප සයුර ව්‍යාපෘතියෙන් අප ලත් අත්දැකීම් පෙරටු කොටගෙනය. තව වසර තුනකින් එය සත්‍ය බව පිළිගැනෙනු ඇත. එය ක්‍රියාත්මක කිරීමට අපට තිබෙන පහසුකම් හා ගැටළු පිළිබඳව අප මේ අනුව අධ්‍යයනය කරමු. ඒ සඳහා සැකසෙන තාක්‍ෂණික ප්‍රජා සමූහය ICT4UNITY සමූහය වේ.


ජාතික සමගියට විවිධ ක්‍රමවේද තිබුනත් අප දන්නා තාක්‍ෂණය හා බ්ම් මට්ටමේ අත්දැකීම්ද භාවිතා කරමින් ලඟාව්ය හැකි පොදු අරමුණකට ඉලක්කයකි ICT4UNITY.


ICT4UNITY අභිමතාර්තය විවිධ වෙනස් කම් වලින් හා අවිශ්වාසයේ අඳුරු වලාවෙන් වෑසී දුරස්ව සිටින අප රටේ විවිධ ජාතීන් අතර භාෂා හැකියාවන් වෑඩවීමට හා ධනාත්මක සන්නිවේදනය ඇතිකිරීමට අපගේ තාක්‍ෂණික හැකියාවන් යොගැනීම වන අතර , එක මවකගේ දරුවන් ලෙස එකම රටක , එක්සේසත් වීමට මුලපුරන මේ යුගයේ කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමක් ද වෙයි.
තොරතුරු තාක්‍ෂණයෙන් ජාතික සමගිය ගොඩ නගමු.

අප ඊට මේ 2009 ලබන 61 වන නිදහස් දිනයේ ප්‍රථමාරම්භය තැබුවා.


සෙත්වේවා!

නිරංජන් මීගමිමන

4 Feb 2009

ICT 4 National Unity

We are on a door step of a new era, an important time of our history, building a new society. Lets leave the fear, mistrust and indifferences that darkened us, lets become children of our motherland to build National Unity as Sri Lankans Let us use ICT to help our people learn Sinhala, Tamil and English to communicate and we will lead building National Unity through ICT.

ICT4UNITY Project is just for that!

Volunteer Now!

අද අප ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක, ඉතිහාසයේ නව යුගයක දොරටුව අභියස සිටිමු. උදාවන හෙටට නවමු සමාජයක් බිහි කිරීම අපගේ වගකීමයි. සමානාත්මතාවයෙන් බිය, සැකය, වෙනස්කම් අඳුරු වලා දුරු කර, අපි ශ්‍රී ලාංකීය මව් බිමෙහි එකම දරු කැලක් ලෙස ජාතික සමගිය ගොඩනැඟීමට එක් වෙමු. තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය යොදාගැනිමින් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂා ඉගෙනුමටත් අප ජනතාවට සන්නිවේදනය තුලින් ජාතික සමගිය ගොඩනැඟීමටත් දායක වෙමු.

ICT4UNITY ව්‍යාපෘතිය ඒ සඳහායි!
ස්වේච්චාවෙන් දායක වන්න

புது யுகத்தின் வாசலில், எமது வரலாற்றின் மிக முக்கியமான தருணத்தில் நாம் ஒரு புதிய சமுகத்தை கட்டி எழுப்புகின்றோம். எம்மை இருளில் வைத்திருந்த எமது பயங்கள், அவநம்பிக்கைகள் வேற்றுமைகளை களைந்து எமது தாய் திரு நாட்டின் ஒன்று பட்ட குழந்தைகளாக நாட்டின் ஒற்றுமையை கட்டி எழுப்புவோம். சிங்கள, தமிழ், அங்கில மொழிகளை அனைவரும் கற்றுக்கொள்ள ICT ஐ பயன்படுத்தி அதன்முலம் தேசத்தின் ஒருமை பாட்டை நிலைநிறுத்த நாம் வழிகாட்டுவோம்.

ICT4UNITY செயல் திட்டம் இதற்கெனவே உருவாக்கப்பட்டுள்ளது!

தன்னார்வத்துடன் இணையுங்கள்

Initiate the Change in You!

23 Jan 2009

නැණසළ නායකයකු යනු කවරෙක්ද ?

නැණසළ සංකල්පයේ පරිසමාප්ත අර්ථය නමි තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයෙන් ප්‍රජා සංවර්ධනයට මගපෑදීමයි.

එම කර්ත්‍යවයේ විවිධ තලවල පෙරගමන් කරුවකු වීම නම් නායකයකු වීමයි.


නායකයකු වීම සඳහා සුවිසල් පුද්ගලයෙකු වීම අවශ්‍ය නොවන අතර, තම ගාහැකියාව අනුව නිරන්තර දැනුම ලබාගනිමින්, එම දැනුම බෙදාගනිමින් අන් අයටද තම සහය ලබාදිය හැකිනම් එය නායකත්වයි.

සමූහයක සිටීම, තම සමූහය සමග සන්නිවේදනය, සමූහයක නායකත්වය බෙදාගැනීම, සඝුහයක විශ්වාසනීය ගොඩනගා ගැනීම, අරමුණක් වෙනුවෙන් කැපවීම, බාධක හමුවේ නොසැලීම නායකත්වයයි.

නායකත්වය පහසු හෝ අපහසු නැත. එය කුඩා හෝ ලොකුද නැත. සෑම අයෙකුටම නායකයෙක් විය හැක. නැණසළ ජාලය තිරසාර වීමට නම් නායකයින් අවශ්‍යය. ඔවුන් බිම් මට්ටමේ සිට බිහිවීම අවශ්‍යය. අද නැණසළට එන සිසුවා හෙට නැණසළ ජාලයේ නායකයකු විය හැක.

නායකයින් ආනයනය කළ නොහැක. නායකයින් බිහිවන්නේ ඔබ අතරිනි. නැණසළ නායකයකු වීමට ඔබටද හැකිය. නායකයින්ගේ සමූහයකට එකතු වන්න.


නිරංජන් මීගම්මන
ශිල්ප සයුර ව්‍යාපෘතිය