17 Feb 2009

නැණසළ පරිපාලන හා ක්‍රියාත්මක ආකෘතිය

නැණසළ සංවර්ධනය සඳහා නැණසළ පරිපාලන හා ක්‍රියාත්මක ආකෘතිය

නැණසළක් යනු කුඩා ආයතනයකි. එහෙත් එයද නිසි පරිපාලන ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීම තුලින් දියුණුව ඇතිවේ.
දැනටමත් සමහර නැණසළවල මේ ලක්‍ෂණ පවතී,එහෙත් ව්‍යුහමය ලෙස සැදී නොමැත. නැණසළ සංවර්ධනයට යෝජනා කරන ව්‍යුහයක් පහත දැක්වේ. එය බොහෝ නැණසළ වලට ක්‍රියාත්මක කළ හැකු ක්‍රම වේදයකි.



නැණසළක වැදගත්ම අංශ 3 කි

සේවා, මුදල්, ප්‍රචාරකය
මේ අංශ තිදෙනකුට හෝ තනියම හෝ කරන්න පුළුවන්
එක් එක් අංශයේ අය තම අංශය කළමණාකරනය කරන අතර එහි දියුණුවට පොදු සහ පෞද්ගලික කාලයක් වෙන් කළ යුතුයි. සෑම සතියක් වෙන්කල දිනක මෙම අංශ රැස්විය යුතුය. රැස්වීම් කාලය පැයයි. පසුගිය සතියේ ගත් තීරණවල ප්‍රගතිය එකිනෙකා ඉදිරිපත් කිරීම, මුදල් , සේවා හා ප්‍රචාරණ තත්වය විමසීම, ව්‍යාපෘති ප්‍රගතිය, නව අදහස් තමා න්‍යාය පත්‍රය. නැණසළ දියුණුවන විට පැයක් මදිවේවි.

මේ එක් එක් අංශ වල පරමාර්ථ නම්
මුදල් - නිසි ගිණුම්කරණය, ගෙවීම්, අයකිරීම්, මිල ගණ න්, ඇස්තමණ්තු, ව්‍යාපෘති අධීක්‍ෂණය, මුදල් වාර්ථා

සේවා
තාක්‍ෂණය ලබාගැනීම, තාක්‍ෂණික නඩත්තුව, සේවා ලබාගැනීම, සේවා සැපයීම, තත්වය උසස කිරීම, ව්‍යාපෘති ව්‍යාපෘති සැලසුම් සහ මෙහෙයුම, පාරිභෝගික හා ආදායක සේවා, පර්යේෂණ සහ දත්ත,

ප්‍රචාරණ
සන්නිවේදනය, ප්‍රචාරක කටයුතු, උත්සව සැලසුම හා නියෝජනය, වැඩමුලු,ප්‍රජා සම්බනිධතා, ව්‍යාපෘති ප්‍රචාරණය, ආධාර, වෙබ් අඩවිය, සමාජ ප්‍රචාරණය, අරමුදල් සඳහා ප්‍රචාරණය, සම්බන්ධතා ගොඩනැගීම, සංග්‍රහ සහ අනුග්‍රාහකත්වය, ලේඛන කටයුතු

මේ සඳහා තිදෙනකුගේ නායකත්වය තිබීම අවශ්‍ය අතර, තම තමන්ගේ අවශ්‍යතා පරිදි නැණසළේ ස්වේච්චාවෙන් එන අයද මේ සඳහා එකතු කරගත හැක. තීරණ ගැනීමේදී නැණසළට වඩාත් ආර්ථිකව වාසිදායකභාවය මෙන්ම සමාජ සංවර්ධනය අරභයාද තීරණ ගැනීම සුදුසුය.

මෙහිදී සහභාගී වන සෑම අයකුට සේවා භාවිතා ප්‍රතිලාභද, ආර්ථික ප්‍රතිලාභ මෙන්ම සමාජීය ප්‍රතිලාභ ලැබීම සුදුසුය

සේවා භාවිතා ප්‍රතිලාභ
අර්ධ අයකිරීම් සේවා
නොමිලේ ලබාදෙන සේවා

සමාජීය ප්‍රතිලාභ
අධ්‍යාපනය
පුහුණුව

දැනුම හුවමාරුව
පෞද්ගලික සංවර්ධනය
සමූහයක සහභාගීත්වය
නෑණසළ නියෝජනය
සම්බන්ධතා ගොඩනැගීම

ආර්ථික ප්‍රතිලාභ
මුදල් ඉතිරිය
අධ්‍යාපන අවස්ථා
පුහුණු අවස්ථා
රැකියා අවස්ථා
වියදම් සහ දීමනා
වැටුප්

මෙවැනි කළමණාකරන ආකෘතියක් යටතේ ක්‍රියාත්මක නැණසළක සමාජ ව්‍යාපාරයක මූලික ලක්‍ෂණ නිර්මාණය වේ.

එහි වාසි වන්නේ
නැණසළ තිරසාර භාවයට පත්කරිම සාමුහික වගකීමක් බවට පත්වීම
නැණසළ තිරසාර භාවයට පත්කරිමට වැඩ සැලැසමක් නිර්මාණය
නැණසළේ පරිපාලනය ක්‍රමාණුකූල වීම
නැණසළේ ගැටළු හදූනාගැනීම සහ පිළියම් යෙදීමට පහසුවීම
නැණසළේ ක්‍රියාකාරීත්වය දියුණුවීම
සේවා තත්වය දියුණු වීම
නැණසළ කටයුවල‍ ප්‍රජා සහභාග්ත්වය වැඩ්වීම
නැණසළ ක්‍රියාකරු කණ්ඩායමේ සුහදතාවය වර්ධනය
නැණසළ සමාජය තුල ප්‍රචාරණය වීම
නැණසළට ආධාර ලබාගැනීමට ඇති හැකියාව වර්ධනය
නැණසළ ක්‍රියාකරු හැකියා සහ දැනුම වරිධනය
නැණසළ සම්බන්ධතා වර්ධනය
නැණසළේ සේවා තත්වය වර්ධනය
නැණසළට වැඩි ආදායමක් ලැබීම
නැණසළ ක්‍රියාකරුවන්ට ප්‍රතිලාභ වැඩිවීම
සමාජයට නැණසළේ වටිනාකම වැඩිවීම

මෙලිසින් ක්‍රියාත්මක වන ආද්ශ නැණසළක් වී ඔබටම වෙනස වටහා ගත හැකිය.

නිරංජන් මීගමිමන
ශිල්ප සයුර ව්‍යාපෘතිය
Uva RIT Team Leader
http://www.shilpasayura.org
http://telecenter.ning.com
http://telecentre.org
http://nenasala.ning.com

1 comment:

Narada said...

ඔබටත් නැණසැලටත් සුභ පැතුම්!