19 Feb 2009

E3 ආදර්ශ නැණසළ වැඩ සටහන

RIT සේවාව සමග ඌව පළාත් නෑණසළ ලබා ඇති ප්‍රගතිය
සලකා බලා 2009 නොවැම්බර් මස අවසානය වන වන ව්ට සෑම නැණසළකටම ICTA සහය නොමැතිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ලබාගැනීම අදහස් කෙරේ.

ලබාගත යුතු ආර්ථික මට්ටම
1. අන්තර්ජාල ගාස්තු ගෙවීම
2. වැටුප් ගෙවීම
3. වියදම් පියවා ගැනීම

ලබාගත යුතු සමාජමය මට්ටම
1. බුද්ධි මණ්ඩලයක් තිබීම
2. ප්‍රජා සමාජයක් පිහිටුවා තිබීම
3. කලාප හා පළාත් නැණසළ ජාලයේ සහභාගීත්වය

ලබාගත යුතු තාක්‍ෂණික මට්ටම
1. අන්තර්ජාල සන්නිවේදනය සහ පළකිරීම
2. තමන්ගේ උපකරණ තමාම අළුත්වැඩියාව
3. ඔෆිස්, ග්‍රැපික්ස්, ඕඩියෝ වීඩියෝ, ජාලකරණය, ආරක්‍ෂාව
4. වෙබ් ඩිසයින්, නිං, බ්ලොගිං

ව්ශේෂ සේවා
1. ශිල්ප සයුර
2. ඉ බ්ට්
3. ICDL
4. රාජ්‍ය සේවා තොරතුරු
5. ව්‍යාපාර සේවා
6. ජංගම දුරකතන සේවා
7. සෞඛ්‍ය , කෘෂි, කර්මාන්ත තොරතුරු සේවා
8. චිත්‍රණ සහ මුද්‍රණ සේවා
8. වෙබ් අඩවි සේවා

විශේෂ හැකියා
ව්‍යාපාර සැලසුම්, ව්‍යාපෘති නිර්මාණය, ප්‍රජා සංවර්ධනය, සමාජීය ප්‍රචරණ, ආධාර මූලාශ්‍ර, ඉංග්‍රීසි සහ සන්නිවේදනය, රාජ්‍ය සම්බන්ධතා ආදිය

මේ සෑම දෙයක්ම ඔබ කළ හැකියි. සමිපත් හිඟ අය අනිකුත් නැණසළ සමග එකතුවී හෝ වැඩ කල හැකියි. මෙහිදී ජාලයක් ලෙස එක්ව කටයුතු කිරීම වැදගත්ය.

මේ තත්වය ලඟාකරගැනීමට ඔබට සහය වීම අපගේ කාර්යයි. ඒ සඳහා අප විවිධ ක්‍රමවේද අනිගමනය කරන අතර "E3 ආදර්ශ නැණසළ" ලෙස යම් ඌව නැණසළ දියුණු කිරීමට අදහස් කරනවා. එම සෑම නැණසළකටම නොවැම්බර් මස අවසානයේ සිට නව වැඩපිළිවෙක් සමග ඉදිරියට යාමට හැකියාව ලබනවා.

මේ ඉලක්ක සඳහා යාමට ඔබට නෑණසළ ව්‍යාපාරික සැලැස්මක් අවශ්‍ය වෙනවා. අලුත් දේ ඉගන ගන්න වෙනවා. තම කලාපය සහ නැණසළ ජාලය වෙනුවෙන් වැඩකරන්න වෙනවා. නැණසළ දියුණු කරන්න වෙනවා.

සන්න්වේදනය එහි ප්‍රධානම අංශය බව සලකන්න.

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org

No comments: