2 Mar 2008

තණමල්විල අහිංසකයි !

තණමල්වි‍ල ප්‍රජාව හඳුනාගැනීම

තණමල්විල තිබෙන්නේ ආදී බින්තැන්න ප්‍රදේශයේ. එය හපුතලේ කඳුව‍ලටත්, වලවේ ගඟටත්, වැල්ලවාය යාල ආශ්‍රිත කැලෑබවටත් මායිම පිහිටි ඉතාම දුප්පත් ප්‍රදේශයක්. තණමල්විල පාදේශීය ලේකම් කොට්ඨාශය කණ්ඩියපිට වැච ඉතාම සුන්දර අහිංසක ගමක්. අප කණ්ඩායම මුලින්ම එහි ගියේ නැණසළ බලන්න. ධාරිතාවෙන් එය ඉතාම පහළ තත්වයක තිබුනේ. ශිල්ප සයුර ව්‍යාපෘතිය ඔවුනට මහඟු අත්වැලක් උනේ හුදකලාව පිහිටීම නිසා. බලන්ගොඩට කි.මී 35 ක් හා තණමල්විල නගරයට කි.මී 40 ක් තිබූ මේ ගම්මානයේ තරම් සුහදශීලිත්යක් අප ගිය දකුණේ සහ උවේ ගම්මාන 29 කින් කොහේවත් දැක්නේ නෑ.

තණමල්විලට වැස්ස එන්නේ කාලෙකට. ඒ කාලෙට වහින වෙලාව කියන්න බෑ. එහාට මෙහාට යන අය අතරමං වෙනවා එන්ඩ බැරිව පාරවල් යටවෙලා. දම්වැල් ඕඩය එහි විදුලිය නැති ගමක්. නන්දා මාලනිය වගේ කටහඬ තියන මදුශිකා දුව අපට හමුවුනේ එහිදි. කවි ඇය විතරක් නොවේ කවි කියා සමස්ථ ලංකා ජයග්‍රහණ ගත් තව අය එහි හිටියා , දම්වැල් ඕඩය කවි කියන ගම්මානයක්.






කණ්ඩියපිට වැව නැණසළේ ළමයි 300 කට වඩා ශිල්ප සයුරෙන් ඉගන ගන්නවා. ඔවුන්ට ගුරුවරුන් නෑ. පරිගණක 20 ක් තියන විද්‍යාගාරයක් තිබුණත් ගුරුවරයෙක් නැති නිසා වසර දෙකක් තිස්සේ වහලා. නැණසළේ පරිගණක හතර කරන සේවය ඉතා ඉහලයි. ඒ ගමේ තරුණ පරපුර හරි දක්‍ෂයි. විශ්ව විද්‍යාලයට යන සහ ගිය අයත් අපට හමුවුනා. අපොස සාමාන්‍ය පෙළ ගණිතයට හා විද්‍යාවට විශිෂ්ඨ සම්මාන ගන්නා ළමයි උසස් පෙළ කරන්නේ කළා විශයන්. ගුරුවරු නැහැ ලඟ පාතක.

ඒත් පුදුමයි ශිල්ප සයුර ප්‍රගතිය හොඳින්ම පෙන්වූ ගමක් තමා කණ්ඩියපිටවැව, ඔවුන් දැන් තණමල්විල නගරයේත් නැණසළකට සහය වෙනවා. ශිල්ප සයුර ක්‍රියාත්මක කරන ස්වේච්චා සමූහය ගමේ තරුණ සමාජය. ඒ අතර ඉන්නවා සමස්ථ ලංකා කෙටිකතා තරඟ දිනන ඒත් තමන්ගේ කෙටිකතා පළ කරගන්නට හයිය නැති මාලා සොයුරිය. ශිල්ප සයුර ඇයට උදව් කරනවා කෙටිකතා පොතක් පළ කරන්න.
ශිල්ප සයුර හොඳින්ම කළ නිසා එහි වාර්ෂික උත්සවයට අප යොදාගත්තේ තණමල්විල, කණ්ඩියපිටවැව ගම. හම්මු අපට දුන් සහය ඉස්තරම්. අපිත් එක්ක එහේ ගිය අය සිංහල යුනිකෝඩ් සමූහය , එතකොට ඒක හරි පුංචියි, කොළඹ විශ්ව විද්‍යාලයේ අය, ICTA, දුක්ගන්නාරාළ, විදුල, ප්‍රසන්ම, තලගල, වැනි මාධ්‍ය වේදීන්. ඒ උත්සවය එක්ක සොකරි නැටුමකුත් තිබුනා. මේ දවස්වල රූපවාහිනියේ රූුන වැඩ සටගනේ "සොකරි" නටන්නේ ඒ කණ්ඩායම. ඔවුන් සංවර්ධනය කරලා රූපවාහිනියට හඳුන්වා දුන්නේ අපි.

තණමල්විල ඉන්න බොහොමය‍ක් අහිංසක කුඹුරු හා හේන් ගොවීන්.
සරුසාරකම තිබුනාට ඵල හොඳ වුනාට ඔවුන්ගේ නිශ්පාදන විකුණා ගැනීමට ක්‍රම නෑ, හුදකලා වීම නිසා. තණමල්විල පාරේ බස් දෙකයි වැඩ කරන්නේ. කැඩුනොත් නෑ. එක් දුක්බර කථාවක් අපිට ඇහුනේ වතුර ගලලා බස් එක නැතිව විභාගෙට යන්න බැරි උන ළ‍මයි ගැන.

තණමල්විල ප්‍රදේශයේ ඉන්න අහිංසක මිනිසුන්ගේ කථා තව ගොඩයි. ඔවුන් සියල්ල නීති විරෝධී වැඩ කරන ජනතාවක් කියා පහත් කොට සළකීමට පෙර ඒ ගම්මාන වලට ගොහින් ආ යුතුයි. අප එහේ ගිහින් ඔවුන්ගහ රතු හාලින්, කෙකටිය දල්ලෙන්, බටු මාලුවෙන් , කැවුම් කිරිබත් වලින් සන්තර්පනය වූ අය, ඔවුන් ගැන කථා කළ යුතුයි.


තණම‍ල්විල නම කියූ පමණින් මිනිසුන් අවතක්සේරුකර නින්දාවට පත් කරන අය අපේ රටේ ඉඳීම කණගාටුවක්. තණමල්විල ඉපදෙන දරුවෙකුට මුදුකාංග සංවර්ධකයකු වන්නට අයිතියක් නැතිද ? ඒ සඳහා එම දරුවා නගරයට ආ යුතුද ? තණමල්විල අහල පහලවත් ජාත්‍යන්තර පාසල් නැති නිසා එහේ ඉන්න තරුණ තරුණියෝ හුගක් ජාත්‍යන්තර පුරුදු වලට ඇබ්බැහි වෙලා නෑ .

මීගමුව දංකොටුවේ නීති විරෝධී මත්පැන් හැදුවට, කොළඹ මත් කුඩු විකුණුනාට, පොළොන්නරුවේ ගල් විහාරයේ ස්ත්‍රී දූශණයක් උනාට ඒ ප්‍රදේශවල මිනිසුන් අප අවතක්සේරු කොට කතා කරනවාද ?
සමහරක් එහෙම හිතනවා. ඒක හරි නෑ.

හරියට වැද්දා අශිෂ්ඨයි සුද්දා ශිෂ්ඨයි කියනව අය වගේ. පෘතුගීසි , ලන්දේසි හා ඉංග්‍රීසින් ආවේ අපිව සුද්ද කරන්න නෙවේ ශිෂ්ඨ කරන්න කියනවා වගේ.

එහෙනම් ලංකාවම අසරණයි.
නොදැන, නොපෙනෙන, නොදැකි, කරන, කියන දේ අසාධාරණයි. මේ සටගන තැබෙන්නේ ජාලයේ නැති තණමල් විල ගොවීන් වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන්. සහ කරුනු තේරුම් කරගන්න.


නැණසළ දේශපාලන වැඩක් ලෙස පෙනුනත් නගරයේ අය විතරක් භුක්ති විඳින තොරතුරු සවිය ගම්මාන ව‍ලටත් දීලා බුද්ධිමය පරතරය අඩු කරන වැඩක්. රටක සංචර්ධනයට ඒක අවශ්‍යයයි. ඒ සඳහා දේශපාලන නායකත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය නායකත්වය එහි මූලික වීමේ පාඩම ලෝකයට ලැබුනේ ක්‍රොඒශියාවෙන්. කණගාටුවට අපගේ තොරතුරු තාක්‍ෂණ උසස් අධ්‍යාපනයේ ICT4D හා Digital Divide වැනි දැනුම නෑ. යන්තන් O/L ICT වලට ඇතුලත් කර තියනවා.


මවාගැනීමෙන් වැරදි චිත්‍ර මැවෙනවා. බිත්ති හතරකට හිරවෙලා, නිල්ලක් නොදැක, ඇස් දෙක ඉදිමෙනකන් පරිගණක තිර දිහා බලා හිටපු අපි දැන් ගම් වල වැඩක් කරනවා. තණමල්විලට, ගමරාළලාට තියන තරහා නැතිකරගන්න, එන්න යන්න අපත් එක්ක වැඩක් කරන්න.
එතකොටයි වටිනාකම.

මේ ප්‍රශ්න OOP වඩා වෙනස්. ලෝකයේ අවධානය මේ ගැන යොමුවී තිබෙනවා. බලන්න
http://www.i4donline.net/

http://www.gkpeventsonthefuture.org/

මේ තණමල්විල කණ්ඩියපිටවැව වීඩියෝ ටිකක්
http://www.shilpasayura.org/uniportal/news/info.asp?xp=380&xi=416&xl=1&o=0&t=

මේ තණමල්විල ළමයි, කාන්තාවන් සහ ගොවීන්
http://www.shilpasayura.org/uniportal/news/info.asp?xp=380&xi=406&xl=1&o=0&t=

තණමල්විල අහිංසකයි!



2 comments:

samanalee said...

මේ සටහන ගොඩාක්‌ වටිනවා!
සල්ලි වලටම යට වෙලා ඉන්න සමාජයක මේ වගේ දක්‍ෂ ලමයින්ට ලැබිය යුතු තැන අහිමි වෙනවා, සුදුසුකම් නැති ඒත් කාසි බලය තියෙන අයටමයි තැන දෙන්නෙ. මහ අපරාධයක්‌, අසාධාරනයක්‌ මේ ළමයින්ට කෙරෙන. එහෙම එකේ ඔයාලා මේ කරන සේවය ඉතා වැදගත්!
ස්‌තූතී අයියෙ මේවා අන්තර්ජාලය තුලින් අපටත් පෙන්නනවට!

Unknown said...

බොහොම අගේ ඇති වැඩක්. හුගක් ඉස්තූතීයි අපිත් එක්ක මේවා බෙදාගන්නචට.