1 Feb 2008

සොරි අනේ !

සමහර මිනිස්සු අහස වගේ
වෙනස් වෙන්නේ වලාකුළු වගේ
කලුවෙලා වහින්න ගත්තට
වැස්ස නෑ
පුංචි හුළඟක් හැමුවාම
පාවෙලා යනවා හරියට වලාකුළක් නෙවේ වගේ
සොරි තමා එයාලාගේ ප්‍රියතම ඉංග්‍රීසි වචනය
සොරි කියන්නේ නොදැන වූ දේකට
ඒත් ඒක මාස ගාණකට සැරයක් මිසක්
සැම දවසකම, සෑම පැයකම,
සෑම කෙනෙකුටම කියනවා නම්,
සොරි තමා!

2 comments:

සු said...

අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ට නමි සොරි කියවෙන්නෙ නෑ :) වරදක් වුණොත් කම්පා වෙනවා.. ඒ බව මූණෙන් හැගීමෙන් චර්යාවෙන් පෙන්වනවා. හදන්න පුලුවන් වරදක් නම් නිවැරදි කරනවා gud mornin, excuse me, sorry, hi, bye ඕවා මේ කොළඹ ෆැෂන්. දවසම ගෙවෙන්නේ ඕවා එක්ක තමා. හරියට තේරුමක් නොදැන සුද්දන්ටත් වඩා සුද්දෝ ‍වෙන්න ගියාම ඉතින් වැඩි කල් නොයාම අපි හැමෝටම "සොරි.‍කොම් " තමා....

Bo said...

ඇත්ත, මේ ලියූ සටහන තුලින් අද සමාජයේ පවතින යථාර්තය පසක් කරනවා, දිගටම කියවනවා මේ ලිපි, තවත් ලියන්න. ඔබට ජය ,ආයුබෝවන්