28 Nov 2007

තමන් යනු අනුන් ද ?

ධනාත්මක හා උත්ප්‍රේරණය වූ මිනිඅප වශයෙන් අප නිතර දකින්නේ අනාගතයයි. ඒත් ජීවිතයේ කිසියම් මොහොතක මදක් නැවතී ආපසු හැරී බලා මෙතෙක් ආමග දෙසට නෙත් යොමු කර ජීවිතය ස්වයං ඇගයීමකට ලක් කරීමට විරාමයක් ලැබෙන්නේ කළාතුරකිනි.

සමහර අවස්ථාචල ජීවිතය මන් සන්දි වලට පැමිණේ, එහිදී සතර, අට ආදී මාර්ග තිබේ. සමහර මං තමන් වෙනුවෙනි. සමහර මං අනුන් වෙනිවෙනි. අනුන්ද විවිධ වර්ග වේ. තම ලේ මසින් සැදුනි දරුවන්, නීතියෙන් හෝ සිතින් බැඳි සහකරුවන්, වෘත්තීමයය ලෙස බැඳි සුහර්දයින්ද හා පස මිතුරන්ද වෙත්.

මේ අතර අනුන් යයි නොසැලකෙන මේ තමන්ම යයි සිතන කොටසක්ද වෙති. ඒ තමන්ගෙන් සේවයක් බලාපොරොත්තු වන මිනිසුන්ය. උදාහරණයක් ලෙස කිසිදාක නොහඳුනන රෝගියකු සුවපත් කරන වෙදදුරෙකුට ඒ රෝගියා අනුන් නොව තමන්ය. සිසුවකුට පාඩමක් කියාදෙන ගුරුවරයාට එම සිසුවා තමුන්ය.

දියේ ගසාගන නාඳුනන අයකු බේරාගන්නට ගොස් දිවිදුන්නකු එය එසේ විය හැකි මුත් නොවන බව විශ්වාස කරයි. රණබිමට යන විරුවකු තම මරණය සිදුවන බව දන්නා මුත් එසේ වනතුරු අද එය වේ යයි නොසිතයි. ඒ ධනාත්මක ජීවිතයයි.

ජීවිත මආ සන්ධි වලදී තීරණ ගැනීමේදී අපට අප ගැන ආත්මාර්ථයෙන් සිතා තීරණ ගැනීමට බැරි ඇයිද ? ආත්මාර්ථය වරදක් බව අප සිතම කියන්නේ ඇයිද ? අනුන්ගේ යහපතට අපට දුක් ලැබෙන තීරණ ගත යුත්තේ මන්ද ? හැරදා යා නොහැකි දේ ලොව ඇතිද ? මරණය යනු සියල්ල අතහැර යාමක්ද ? නැවතීමක් කර නැවත කරන ආරම්භයක්ද ?

ජීවිතයට හමු නොවුනු පිටස්තරයකු මා ගැන දන්නේ මොනවාද ? සියඹලාවක පිට පොත්ත අතගා එහි රසය කිය හැකිද ? වසර ගණනාවක් විශ්වාස කල දේවල් එක දිනකින් වෙනස් විය හැකිද ? තවත් කෙනකුගේ ඇතුලාන්තය විනිශ්චයකට භාජනය කිරීමට පිටස්තරයකු හැකිද ?

වසර ගණනාවක අත්දැකීම්වල අගය බිංදුවක් විය හැකිද? පවතින යමක් කළ අයකු හා නොකල අයකුගේ වෙනස කුමක්ද? ජීවිත කාලයකදී උපයා ගත් කීර්තිය ද ධනයද වඩා වටින්නේ ?
එක රැයකින් ඒවා නැතිකළ හැකිද? ගොළුවකු හා කතා කළ හැකි අයකුගේ වාදයක් තිබිය හැකිද? එය සාධාරණද ?

මිනිසෙකුගේ ආත්මය ඔහුගේ වැඩ තුල තිබිය හැකිද ? මාර්ටින් වික්‍රමසිංහ හා මඩොල්දූව වෙන්කල හැකිද ? බර්ටෝල් බ්‍රේස්ට්ගේ නම නොකුයා හෙන්රි ජයසේනට හුණු වටය කළ හැකිද ? දුක්ගන්නාරාළ සහ අහංකාර නගරේ යනු දෙකක්ද ? නිර්මාණයක් සහ නිර්මාණකරුවා වෙන්කර සැළකිය හැකිද ?

මේවාට උත්තර සෙවිය යුත්තේ අනුන්ගෙන් නොව තමා තුලිනි. නිර්මාණයක් නොකළ අයකු එය නොදනී. නිර්මාණකරුවාට නිර්මාණයක් මැණිකකි. නිර්මාණයකට පහරදීම යනු නිර්මාණකරුවා මරා දැමීමට සමානය. සාධාරණ විවේචනයක් යනුවෙන් යමක් තිබේද ? එය සාධාරණ බවට විනිශ්චය කරන්නේ විවේචකයාද ?

තමා තුලට හැරී බලා මිස අනුන් දෙස නොබලන්න යයි කොන්ෆියුසියස් කීවේ ඔහු තුලට හැරී බලාද ? අනුන් යනු තමන් නොවේද ?
එසේ නම් මං සන්ධියකදී තොරාගන්නේ කුමන මගද ?

අනුන්ගේ මගද ? තමන්ගේ මගද ?
තමන් යනු අනුන් නම් යා යුත්තේ අනුන්ගේ මගද ?

මේ වාට උත්තර සෙවීම කලුනික සෙවීමටත් වඩා අමාරුද?
නැතහොත් තමන් අනුන් බව සිතා සතුටු වී ආගමන යාමද ?

No comments: