25 Nov 2007

සිංහල යුනිකෝඩ් හද බිදූම - Heart Break Sinhala Unicode

අභෞතික අප සමූහයේ සමාජිකයුන්ට ගෞරවයෙන් කියන අනවශ්‍ය එහෙත් කිය යුතු කතාවක් මේ. කියවා සුදුසු තීරණයක් ගන්න.

අන්තර්ජාලයේ අභෞතිකව හා මහපොළවේ භෞතිකව ක්‍රියාත්මක වීමේදී විශාල වෙනසක් තිබෙනවා. ඔබ සැම හුඟක් මහ පොළවේ ප්‍රජා අත් දැකීම් නැති අය. තියන අය සමාවන්න. ඒ නිසා සිංහල යුනිකේත නිල ව්‍යුහය ද ලංකාවේ අනිකුත් වෘත්තීමය ආයතන වගේ කියා හිතනවා ඇති.

අනේ නෑ!

අපගේ ව්‍යුහය තුල ප්‍රජාචට මිස සාමාජිකයින්ට විශේෂ ප්‍රතිලාභ අත්කර දීමක් නෑ. බලන්න අපගේ පරමාර්ථ,

SUGRP පරමාර්ථ වන්නේ

සිංහල යුනිකේතය සමාජයට ප්‍රතිලාභ ලබාදීමට යොදාගැනීම.
සිංහල යුනිකේතය සමාජයේ ඩිගිටල් පරතරය අව කිරීමට යොදාගැනීම.
සිංහල යුනිකේත විශේශඥ දෑනුම ප්‍රජා අවශ්‍යතා සඳහා ලබාදීම.
සිංහල යුනිකේතය ICT මානව සම්පත් සංවර්ධනයට යොදාගැනීම.
සිංහල යුනිකේත යෙදුම් පර්යේෂණය හා සංවර්ධනය
සිංහල යුනිකේතය ග්‍රාමීය රැකියා අවස්ථා ප්‍රවර්ධනය සඳහා යොදාගැනීම.
සිංහල යුනිකේතය වෘත්තිය සඳහා එකතු වන නවකයන් දිරිගැන්වීම.
දැනුම හුවමාරුව සඳහා සිංහ‍ල යුනිකේත වෘත්තිකයින් එක්සත් කිරීම, ජාලකරණය සහ සංවර්ධනය.
සිංහ‍ල යුනිකේත වෘත්තිකයින්ට ඇති අවස්ථා ප්‍රවර්ධනය.
සිංහල යුනිකේතය තාක්‍ෂණය කාර්යක්‍ෂම ලෙස සහ සදාචාරවත් ලෙස භාවිතා කිරීම ප්‍රචාරණය.
සිංහ‍ල යුනිකේත තාක්‍ෂණ වෘත්තිකයින් දිරිගැන්වීමට ප්‍රතිලාභ අවශ්‍ය
සම්පත් ලබාදීම.
සිංහල‍ යුනිකෝඩ් තාක්‍ෂණ වෘත්තියේ ගෞරවාන්විත භාවය නැංවීම.
සිංහල‍ යුනිකෝඩ් ප්‍රජාවට එකතු විය හැකි පොදු ස්ථානයක් ලබාදීම.
සිංහල‍ යුනිකෝඩ් තාක්‍ෂණය සම්බ්න්ධව අදහස්, සංවාද හා ප්‍රථමාරම්භය.
සිංහල‍ යුනිකේතය පිළිබද තාක්‍ෂණය, ප්‍රතිපත්ති සහ සැලසුම් අධ්‍යනය, යෝජනා හා වාර්ථා කිරීම.
සිංහල යුනිකේත සංවර්ධන උත්සාහයන් අගය කිරීම සහ සහය ලබාදීම.
සිංහල යුනිකේතයේ ප්‍රතිලාභ ළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම.

මේ පිළිබඳව කල විවෘත සංවාදය
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/50a12c5484981b41/ce2e37ad7d85a4db#ce2e37ad7d85a4db

මේ දක්වා අප භෞතිකව කළ බොහෝ දේවල බර හුඟක්ම ඉසිලුවේ කපුටා කට්ටිය. අභෞතිකව හුඟක් කතා කරන කරන අයට, භෞතික වැඩකට එන්න කීවාම එන්නේ නෑ, ඉතිං අපිම අදිනවා. අන්තිමේදී අවලාද සහ මඩ අපි මොනවා කලාටද ? බණින කොට හිත රෙදෙන සාමාන්‍ය මිනිස්සු අපි. අපිට බණින්න එපා. ප්‍රජාවට එපා නම් අප ඉවත්වෙන්නම්.
අප සිංහල යුනිකෝඩ් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී නෑ.

ඇයි සියු නිල ව්‍යුහයක් එහෙනම් ?

සිංහල යුනිකේතය බිම් මට්ටමට හා පාසැල් සිසුනට ගෙනයාම තමා සමූහයට අවශ්‍ය වූයේ. එවිට අමාත්‍යශ, පාසැල්, ICTA සහ අනිකුත් සංවිධාන සමග නිල ලෙස කටයුතු කිරීමට සිදුවෙනවා. ලියුම් කියුම්, ලේඛන , රාජ්‍ය නීති හා මුදල්ද සම්බන්ධ වෙනවා.

එහිදී transparency, accountability, good governence තියාගැනීම විතරක් නොවේ කාර්යක්‍ෂමව ව්‍යාපෘති, කාර්යාල, මානව, ප්‍රවාහන ආදී සම්පත් කළමණාකරණයද අවශ්‍යයි. ඒක Softwware Development process එකකට වඩා ගැඹුරුයි, වගකීම් සහිතයි, Bugs තිබුණොත් නිල මණ්ඩලයම හිරේ. SUGRP හි නිල තල අංතට්ටුවක් නොවී වගකීමක් වෙන්නේ ඒ නිසා.

සමූහය තුල කටයුතු වලින් ස්වයං වගකීමක් අප අත පැවරිලා?
සමූහයේ දැන් අවුරුදු දෙකක් විතර කතා කරලා අපි තාම ෆස්ට් එකේ.
ස්වයංක්‍රීයවම හා කොච්චි මිරිස් වගේ, ප්‍රජාවට දැනෙන පරිදි ක්‍රියාත්මක විම අපගේ ක්‍රමයයි!
එහි ප්‍රතිඵල තිබෙන බව ඔබ දන්නවා.
විශ්වාසවන්තභාවය, කැපවීම, ඉවසීම, ධන වීම රළු බවට ඔරොත්තු දීම වැනි කාරණා නිසා තමා සියඹලා ගහක් වගේ කපුටා කට්ටිය එකට ඉන්නේ. වසර ගණනාවක් අපි වගේ එකට වැඩ කරලා තියෙන ප්‍රජා කණ්ඩායමකට ඉන්නේ LKLUG විතරයි.

අප වසර 7ක ආයතනික ව්‍යුහයක් සහිතව රාජ්‍ය, පෞද්ගලික හා ප්‍රජා ඇගයීමකට ලක්වී තිබීම අපගේ සුවිෂේෂත්වයයි. එම නිසා transparency, accountability, good governence ගැන අප දන්නවා. සියු සමූහයට අප එය ලබාදීමට කටයුතු කරනවා. භෞතිකව ක්‍රියාත්මක වීමට කැමති, නිතර හමුවිය හැකි, පිට පළාත්වල යා හැකි ලෙස නිදහස් අය තමා අප සෙව්වේ. ඔවුන් අපට හමුවුඋනේ අප තුලින්මයි. අනිත් අය අභෞතිකව මිස භෞතිකව ආවේ නෑ. උදාහණය LTRL සියු පුහුණුකාර වැඩ මුලුව.
කපුටා කියන්නේ එක ආයතනයක අය නොවේ.

අපිත් එක්ක වැඩ කරන හුඟක් අය පිට ආයතන වල වැඩ. රාජ්‍ය ආයතන වලට කරන්න බැරි උන දෙයක් අප කරන්න හදන්නේ. එහිදී අප යම් නවමු ක්‍රමචේදයක් අනුගමනය කරනවා. ඒක තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව අප අවංකවම පවසනවා.

තරුපහේ අන්තර්ජාල ප්‍රජාතන්ත්‍රවාදයේ අනරඝ ප‍ල භුක්ති විඳපු අපේ මහා. සමරනායකයන් ගැන අමතක කරන්නට අපට බෑ ?

කපුටා 2.0 තුල අප එය සංවාද කළා ! අප දිගටම එම මතයේ සිටිනවා. ඕනෑවට වඩා නිදහස ඕනෑම නැත.

අප සමූහය අභෞතිකව විශ්වයේම විහිදුනත්, අත්සනක් ගන්න රටවටේ හෝ පිටරට යන්න අපට හැකියාවක් නෑ ?

ප්‍රායෝගික වී සාර්ථක වනවා මිස අසාර්ථක වන උත්සාහයකට මුල් වෙන්නට අපට බෑ. එනවා කියලා නොඑන අයට, එන්න වෙලාව නැති අයට, ලංකාවේ දිස්ත්‍රික්ක 22 ක යුනිකෝඩ් උගන්නන්න යන්න කතා කරන්න අපට හැකියාවක් නෑ ? කටින් විතරක් ලැබෙන සහයෝගයක් තුල අපට ක්‍රියාත්මක වෙන්න බෑ.

භෞතිකව අපට එකතු වීමට කැමති අය අප අතර සහ ඈත ගම් වල ඉන්නවා. සමාජිකත්ව සංඛ්‍යාවට, නිල තල වලට වඩා භෞතිකව යුනිකේත විහිදුවාලීමටයි අප කතිකා උනේ‍.

නිලයක් යනු වගකීමක් හා සාමුහික බැඳීමක් එය අංතට්ටුවක් නොවේ.
හොඳ සිංහල භාෂා හැකියාවක්, සිංහල දේශන හැකියාවක් සිංහල‍ යුනිකෝඩ් පුහුණු කරුවෙකුට අවශ්‍යයි. ඉංග්‍රීසියෙන් සිංහල යුනිකෝඩ් උගන්නන්න අප හිතන්නේ නෑ.

වසර 2 ක් පමණ ICTA හා අප වෙර දැරුවත්, පාසැල් ජාලයේ සිංහ‍ල යුනිකේතයෙන් තොරතුරු නෑ, ගුරුවරුන් පුහුණු වී නෑ, රාජ්‍ය අංශයේ සිංහල‍ සන්නිවේදනයක් තවම නෑ, පුද්ගලික අංශය සිංහල ගණන් ගන්නේ නෑ, යුනිකේතය හරියට භාවිතා කරන,ප්‍රජාවට උගන්වන නැණස‍ළවරුන් කීයද ඉන්නේ. ඊ තලය වෙඩි කාපු නිසා යුනිකේත අයනම් වැඩි වෙලා!
අප සමූහයේ ප්‍රශ්න ගැන විවෘතව කතා කළා. ප්‍රශ්න ව‍ට විවෑතව මුහුණ දුන්නා. කිසි කලෙක කිසිවෙක් සමූහයේ මඩ ගැසුවේ නෑ. දැන් ඒකත් වෙනවා විවිධ විධියට.

අප community mobulize කළා විවිධ ආකාර වල‍ට, ඒ ප්‍රජාව යම් තිරසාර වැඩ පිළිවෙලකට ගේන්න. සාමාජිකයින් 348 යි.
CSSL එකේ ඉන්නේ 500 ගාණක්. කොළඹ , මොරටුව, ICTA හා ප්‍රජාව එකතු වෙලා Localization කතා කරනවා, ආණ්ඩුව www.gov.lk ගැන ප්‍රජාවට සමග ධනාත්මක සංවාදයකට පිවිසිලා, නැණසළ වල‍ පොඩි එවුන් දැන් තොරතුරු තාක්‍ෂණවේදියෝ වෙන්න ඉගනගන්නවා, නැණසල ව‍ල බාලදක්‍ෂ, බාලදක්‍ෂිකා ආරම්භ වෙනවා, ගමේ දිලාන් තාජ් එකේ ICBP එක දකිනවා, ඉන්දියාව සිංහල යුනිකෝඩ් එකට සම්මාන දෙනවා, මැලේසියාව සියලු වියදම් දීලා අපට එන්න කියනවා සම්මාන දෙන්න හොඳද බලන්න. තව විස්තර ගොඩයි! මේ කපුටා කට්ටිය මුල් වී කල දේවල ප්‍රතිඵල. සමහරු කපුටන්ට වහෙන් ඔරෙන් බණිනවා.

හැමෝම එනවා, ඉන්නවා , යනවා,
සමහරවිට අපටත් යන්නට කාලය හරි. අවුරුදු හතකට පසු එලෙඹෙන දෙසැම්බර් 31 කපුටන්ට තීරණාත්මකයි. මොණරුන්ට අවස්ථාව දැන්.

බිම් මට්ටමට බැහැලා වැඩ කරළා මිසක් යුනිකේතය ගොඩනගන්න බෑ
ඒක අපි දන්නවා. සමහර නැණසල ව‍ලට ගිහින් ගමක රැයක් ගත කරපු, ප්‍රජාවට හාමුදුරුවන්ට කතා කරපු, ප්‍රථම තාක්‍ෂණිකයෝ අපි. යන්තන් සර්විස් කරලා දුවලා ආවේ නෑ අපි. අපි ගියේ අපේ ගම් ව‍ලට පිටරට නොවේ.

අපි ප්‍රායෝගික මිනිසුන්. යමක් කරන හැටි දන්නවා. ඒ ක්‍රමයට මිස සාම්ප්‍රදායික ක්‍රම වලට අපි යන්නේ නෑ, ශිල්ප සයුර තුලින් අප ලෝකයටම එය පෙන්නුවා. සිංහල යුනිකේතයටයි i4D සම්මානය ලැබුනේ. අපට නොවේ.

ඇත්තටම මේවා ලියලා වැඩක් නෑ. වැඩක් කරන කොට එක විදියට නාඩි වැටෙන කණ්ඩායමක් අවශ්‍යයි. එතකොටයි වැඩක් වෙන්නේ.

සිංහල යුනිකෝඩ් පාර්ලිමේන්තුවක සමාජිකයින් වෙන්න අපට බෑ.

එහෙම නං මේ වැඩ පිළිවෙල භාරගන කරන්න කැමති අය කරන්න. කපුටා කට්ටිය ආපහු ගමට යන්නම්. පරණ වැඩ කරගන අපට සද්ද නැතිව ඉන්න පුලුවන්. සෙනසුරාදා රෑ 1.00ට -2.00 ට ජනතාවට සේවය කරන්න අපට තියෙන උණ හොඳ කරගන්න අපි හදපු සමූහයෙන්ම තිත්ත කසාය ලැබිලා තියනවා.

කපුටා කට්ටිය යුනිකෝඩ් නංවන්න මුල් වෙන්න එපානම් අපි අයින් වෙන්නම්. ඒත් යමක් ප්‍රතමාරම්භ කරලා ඒක අවල් කරන සම්ප්‍රදායක් අප අතර නෑ. ජනතාවට සිංහල යුනිකෝඩ් වලින් දියුණු වෙන්න තියන අවස්ථාව අප අවුල් කරන්නේ නෑ. ඒ වගේම කුණු කතා අහලා අපගේ ජීවිත අවුල් කරගන්නත් අපට බෑ. මේ දක්වා කල සෑම දෙයක්ම සමූහයට භාර කරනවා. ICT ප්‍රජා සේවා කටයුතු වල තව දුරටත් යෙදෙනවාද නැතිද කියා කපුටා කණ්ඩායම තීරණයක් ගන්නවා.

ඒ නිසා භෞතිකව සියු සඳහා ක්‍රියාත්මක වීමට කැමති ඔබ සැම
නොවැ 30 දා සවස 5.00 ට BMICH ඉදිරිපිට ඇති සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට (සුදර්ශිය)එන්න. එහි නුග ගහ යටදී සිංහල යුනිකෝඩ් ව්‍යුහය තනා ගන්න. නිල තල ගැන ගැටෙන්න එපා.

වැඩ කරන්න පුලුවන් අයටයි අවස්ථාව දිය යුත්තේ. ඔවුන් කපුටාද මොණරාද කියා බලන්න එපා. කපුටා එපා නම් කැමති කෙනෙක් අරගන කරගන යන්න. කපුටා අවශ්‍ය යයි සිතෙනවා නම් අපටත් ආත්ම ගරුත්වයක් සහිත මිනිසුන් ලෙස අපේ ක්‍රමයට කරන දේ කරන්නට ඉඩ දෙන්න. ප්‍රතිඵල අපි පෙන්වන්නම්. හැබැයි අපි ලඟ පාර්ලිමේන්තුවේ වගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. තියෙන්නේ අවංකකම, කැපවීම, විවෘතභාවය සහ වගකීම.

නොවැ. 30 භෞතික සාමාජික ප්‍රතිචාර මත කපුටා කණ්ඩායමේ අනාගත සියු සංවර්ක්‍ධන සහභාගීත්වය තීරණය කරනවා.

සමහරවිට මේක සමූහයට වැදගත් ඉතිහාසගත ලියවිල්ලක් නොවේවි. මෙසේ කෙලින්ම ලිවීමට සිදුවීම ගැන කණගාටුයි!
අප තාමත් (+) යි.ඉදිරියට ++ හෝ - වීම ප්‍රජා වගේ + හෝ - ප්‍රතිචාර ප්‍රජාවගේ අවශ්‍යතාවය මතයි.
අපි කෙලින් මිනිස්සු.


සාර්ථක ලෙස අසාර්ථක වීම අසාර්ථක ලෙස සාර්ථක වීමට වඩා වටී.
එතෙක් මේ ගැන තව දුරටත් කතාව නතර කරනවා. ප්‍රතිචාර අනචශ්‍යයි.

නිමී෴

No comments: