27 Nov 2007

කපුටා කවුද මොනවද කරන්නේ ?

කපුටා.com නමින් හඳපන්වන වියුණේ අභෞතුක අයිතිකරු මා වන්නේ එය පිහිටුවීමට අප අත තිබූ එකම ණය පතින් බර පැන දැරීම හා එම අදහස ක්‍රියාත්මක කිරීමටත්, වරින් වර නිර්මාණශීලී ලෙස මං සළකපණු තැබීමටත්, එහි කීර්තිය මෙන්ම ගල් මුල් වලටද ලක්වූ අය වශයෙනි. නමුත් කපුටා යන නම අපට දැම්මේ තුසිතය. ඒ එකට රැස්වූ නිසාය. එය පණිවිඩයක් ගෙන යන්නා යන අරුත දෙන නිසා අපද කැමති වීමු.

අපගේ ජින්ගල් එක වූයේ

කපුටු කාක් කාක් ගොරක ඩේන් ඩේන්
කපුටු කාක් කාක් ගොරක ඩේන් ඩේන්
අවදි කරයි හි-මි-දි-රි-යේ
කපුටා.කොම්
යන්නයි
වෙබ් අඩවියට තිබුනේ පිටු 5 කි. දුන්නේ නොමි‍ලේ ඊමේල් ය. ඒ අදහසට කල රූපණ චූලාගේය. පාප්ප හැදුවේ සරත්ය. පෝස්ටර ගැහුවේ බොක්සිය. අවසාන දෙදෙනාම පරිඝණක නොඅල්ලන අයය.එදා පටන් කපුටා කණ්ඩායම කෙමෙන් විශාල‍ විය.
ඊ මේල් සේවා සපය්න්නා නොමිලේ සේවාව අතහැර දමන විට 60000 කට අප ඊමේල් සපය තිබුණි. පසුව අප ඔවුන් ගූග‍ල්ට බාර දුනිමු. අප ඉන් මුදල් ඉපයූයේ හෝ ඔවුන්ට spam කළේ නැත.
ඉන් පසුව අප සමග විවිධ ප්‍රජා කාර්යන් හි එතකු වූවෝ හා යෙදුනෝ පුටන්ම වීය. ඒ නම අපට පට බැඳුනේ එහෙමය. අප කළ නිර්මාණ අයිතිය ඒවාට බර පැණ සැපයූ ආයතන වලටය. කපුටා නම දුන්නේ ප්‍රචාරණයටය. හුඟක් දේ දුන්නේ ප්‍රජාවට නිකංය. බුද්ධිමය අයිතිය ඒවාට මුල්වූ හා නිර්මාණය කළ ආයතන වල තබාගැනීම ගැන අපට ප්‍රශ්න කළ නොහැකිය. ඒවා ඔවුන්ගේ අයිතීන්ය. නමුත් ඒවා ජනතාවට නිකං දී කල මෙහෙය අප අගය කරමු.

කපුටා එකෙන් හැදී වැඩී උගත් සමහරු දැන් වර්ටූසාය. සමහරු ඇමරිකාවේය, ස්වීඩනයේය, ජපානය, මැද පෙරදිග මෙන්ම ලෝකය පුරාම රටවල සිටිති. සමගරු තමන්ගේම ව්‍යාපාර අරඹා ඇත. සාමානෘ පෙළින් පසු ජීවිත ගැටළු නිසා අධ්‍යාපනය අත හරින්නට සිතුවෝ සමහරු දැන් මොරටුවේ පරිගණක ඉංජිනේතු විද්‍යාව ඉගන ගන්නේ කපුටෙක් වීම නිසාය. මේ අනුව බොහෝ තැන්වල කපුටා කණ්ඩායමේ අය සිටිති. සමහරු අප සමගය, සමහරුන්ට කපුටා මෙන්ම ලංකාවද අමතකය. ඒ සියල්ලෝම නිසා කපුටා නාමය දියුණු වූ බව කිව යුතුය. පිටු 5කින් පටන් ගත් කපුටා.com එක දැන් එක පිටුවකි. නමුත් එහි යොමු තුලින් සර්වර් 7 ක් දුවයි. ඒ කපුටා නිසාය. කපුටා.com නැතත් ඒවා දුවනු ඇත. බොහෝ දේශීය අඩවි කපුටා.com අනුගමනය කළහ. දැන් කපුටා.com තිබුණත් නැතත් ප්‍රශ්නයක් නැත. එහි දරුවෝ වැඩේ ගෙන යත්.

කපුටා.com පරණ පෙනුමෙන් තිබෙන්නේ දේශීය අන්තර්ජා‍ලයේ එක අවදියක සිහි කිරීමටය, සීගිරිය මෙන් නැතත් එය ඔහේ පැවතී නැතිවී යනු ඇත.

කපුටා සමග සිටින ප්‍රජාව කියන පරිදි එය දැන් ප්‍රජාවගේය. ගූගල් ගූගල්ගේ නොවේය. එය අපේ කරගන සිටින්නේ අපය. ගූගල්ට බන්නත් ගූගල් භාවිතා කරයි. කපුටාට බනින අයත් කපුටා අකුරු හා මෙවලම් භාවිතා කරති. ඒ වියුණේ හැටිය.
කපුටා අඩවියෙන යෝමු කරන ප්‍රවෘත්ති, ක්‍රීඩා, සංගීත, යහලු යෙහෙලි, රචනා ආදී විවිධ විටුණු එක් එක් කපුටන්ගේ නිර්මාණය. ඒවා කපුටා මිතුරන්ගේ නිසා එකට බැඳී පවතී. ඒවා වල ප්‍රුතිලාභ එම මිතුරන්ටය. කිසිම ආයතනයකට හෝ තනි අයෙකු ට නොවේ. එයම අප තවම එක්ව සිටීමට හේතුව වී ඇත. විවිධ ආයතන එනු යනු අප දුටිමු. කපුටා තවම යන්නේ මිතුරු කම නිසාය. අප වැඩ කරන ආයතන කපුටා නාමය ගත්තේ අපට උදව් දීමෙනි. ඒවා වලින්ද එම ආයතන මුදල් උපයන්නං නැත. හුඟක්ම දෙන්නේ නිකංය.
එමනිසා කපුටා එක ප්‍රජා කොට්ඨාශක පිළිපිඹුවක් වී ඇත.
you.kaputa.com පුංචි උදාහරණයක්

කපුටා කණ්ඩායමේ කෙතරම් සිටිත්ද යන ප්‍රශ්නයට අපටත් පිළිතුරු නැත.

අපට පෙනෙන හමුවන කපුටා මිතුරන්ට එහා දුක්ගන්නාරාලලා, ජැක්සන්ලා, ප්‍රමූදිතලා වැනි මාධ්‍ය කරවන්ද, සම්පත්, දිලාන්, ශ්‍රියානි, චතුරිකා, ජනක වැනි ග්‍රාමීය නායකයින්ද, ශ්‍රීමාල්, මධුමාදිනි වැනි සිසුන්ද , රම්‍යා, සුලාරි, වජිරා වැනි ගුරුන්ද ජනනාථ, චින්ති, වේරලියද්ද වැනි කලාකරුවන්ද තවත් බොහෝ අයද අප මානව ජාලයේ සිටිති. ඒ සැමට අමතරව අප නොදන්නා දස දහස් ගණනක් කපුටා වෙත එති යති. කපුටාට ගහන ගල වදින්නේ මේ සැමටය. ඔබට පෙනෙන්නේ මේ සැමගේ නියමුවන් පමණකි.

අපගේ සංකල්ප මොනවාදැයි අපෙන් ඇසිය යුතු නැත. අපගේ කාර්යයන් එය පැහැදිලි කරයි. දේශීයත්චය අපගේ අරටුවයි. එය ජාත්‍යන්තරයෙන් අපට පටවන දේශීයත්වය නොව අපේ කමෙන් පොෂණය වී අපෙන්ම බිහිවන දේශියත්වයයි, එය ජාත්‍යන්තරයද පිළිගත් බව කවුරුත් දනී. සාම්ප්‍රදායික දේ අගයබ කරන අප නවීන ලෝකයට ඉන් පාඩම් ගෙන යමු. අතාත්වික එල්බ ගැනීම් වෙනුවට ප්‍රායෝගික විසඳුම් අපගේ අරමුණයි.

අපගේ ගමන සැකසී ඇත්තේ කාලීන අවශ්‍යතා අනුවය. විවිධ මත තුල පොදු අරමුණක් හා ඉලක්ක කරා යෑම අපගේ අභිප්‍රායයි. අවංක වීම හා නිර්දය වීමෙන් ලබාගන්නා ආත්ම ගෞරවය අප අගයමු. ලාභ ප්‍රයෝජන සඳගා ආත්මය පාවා දීම අප නොකරමු. අප කාගේවත් වන්දි භට්ටයන් නොවෙමු. අප තුලම සිට සාධාරණ ලෙස විරුද්ධ මත දැරීමට අයිතිය අපට ඇත.

අප සාමාන්‍ය මිනිසුන්ය. ඉවසීමේ සීමා අපටද තිබේ. අපට ලොකු මිනිසුන්ගේ මෙන් බොරු අවශ්‍යතා නැත. බස් එකේ යාමට ලැජ්ජා නැත. ශිල්ප සයුර පටන්ගන්නා විට අප මිතුරන්ගේ බිරින්දැවරුන්ට තිබූ රන් සම්පත් දැන් බැංකුවේත් නැත. ලංකාවට සම්මාන ගෙනෙන්නට අප ඉන්දියාවේ ගියේ පරිගණක විකුණාය. ඒවා භෞතික දේය. ශිල‍්ප සයුර අපට ඊට වඩා වටී. ශිල්ප සයුර උළෙලට ආ දුක්ගන්නාරාළගේ මාධ්‍ය කණ්ඩායමට වියදම් රාළ ගෙන්ය. රාළගේ පොත නිකුත්වනවිට පිටු 175 ක යුනිකෝඩ් වලින් තැනූ අඩවිය දුබ්න ඒ නිසාම නොවේ, සිංහල යුනිකෝඩ් ජනප්‍රිය කරවන්නටය. රාළ තාම හිතගන ඉන්නේ ඒ ඔහුට දුන් ප්‍රති උපකාරයක් ලෙසය. දැන් රාළගේ අඩවියට දිනකට මිනිසුන් 100 ක් පමණ එති. රාළගේ අඩවියේ ලියවී තියෙන්නේ එය කපුටා විසින් කළ බව නොව සිංහල‍ යුනිකෝඩ් සමූහය විසින් බවය.

සාමාන්‍ය දිවි පෙවෙතක් සහ අපේ රට හදා ගැනීමට අප දන්නා විදියට යමක් කරමු. එයින් අප තෘප්තිය මිස ඇමතිලා ලෙස නවීන යාන වාහන උපයා ගෙන නැත. කිමී 500 ක් දවසට අප යන්නේ බස් එකේය. ඒ ශිල්ප සයුරේ මුදල් ඉතිරි ගන්නටය. බලහුරුවේ බණමඩුවේ අපට නවාතැනක් වන්නේද ඊ නිසාමය. මේ ඉතිරි වන මුදල ආපහු ශිල්ප සයුරටමය. කණ්ඩියපිටවැව, පදලංගල,හිඟුරුකඩුව ගම්වල මිනිස්සු අපට නවාතැන් හා කෑම බීම දුන්නාම ඒවාට හෝටල් වවුචර දාලා මුදල් අරං නෑ අපි. රජයේ සහ පුද්ගලික සමාගම් වල එහෙමයි. ඒ නිසා තමා අප සාමාන්‍ය ආයතනයක් නොවනනේ. බැංකු ගිණුම් හා දේපළ හා වගකීම් සම්බන්ධ නිසා ශිල්ප සයුර ආයතනයක් යටතේ තිබුනාට එය ආරම්භයේ පටන් ක්‍රියාත්මක වූයේ ප්‍රජා වැඩක් හැටියට. ඒකේ ලීෆ්ලට් එකකවත් අප කපුටා, ආයතන හෝ පුද්ගලික නාම කිසිවක් පුම්බා නෑ. නාම යොදාගන්නේ වගකීම සහ අනන්‍යතාවය සඳහන් වන විට පමණයි.

අප තෘප්තියක් ලබන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශිල්ප සයුර තාමත් පවතින නිසාය. එය ඉදිරියට ඇදෙන නිසාය. ජීවත් වීමට සාධාරණ යමක් හොයාගැනීම මිස ලාභ ලභා සැප දිවියක් ගෙවීම හෝ මහා ව්‍යාපාර ගොඩනැංවීම අපගේ අභිප්‍රාය නොවන වග අප සමග වැඩ කරන්නේ දනිති. ඈත සිට අප තිමිර පටල වලින් බලා තීරණාත්මක කරුණු දක්වන්නෝ අප ගැන කිසිත් නොදැන, හා නොදැක මහ පොළව දෙදරා යන අපට දරාගත නොහැකි සිද්ධාන්ත ගොඩ නැංවීම නම් හිතට දුකකි. ඒ අප දුක දැනෙන ගැමියන් නිසාය. මේ නියඟය ගැන මාතින් ලියූ අනාගතයේ දවසක වේරලියද්ද කියන ගීයක්

නුවර කලාවියේ නියඟය

නෙතට උණන මයේ කඳුළු
ගලායන්න ඉඩ නැතිලු
නිසා අපේ කම් කටොලූ
මහ පොළවත් නිදි නැතිලු

කැළේ ගියා නැති පළවැල හොයන්ටා
වැවේ ගියා නැති කුඩමසු නෙලන්ටා
කුසේ ගින්දරෙන් පහනක් අවුලන්ටා
වැස්ස වලාහක මයේ හේනට වඩින්ටා

පිලේ වැනූ වී පැදුරූ
දිරා ගිහින් නැත ඉසුරූ
හඬා කියමි දුක මිතුරු
නෙතින් දොවා මයේ කඳුළු

අහස් ගැබේ ඉර දෙයියෝ දවන්නා
මයේ පැටව් පිල මත්තේ හැපෙන්නා
රැයේ පුරා නිදි නොලබා ගෙවෙන්නා
නියං කලේ විපත් බොහෝ තියෙන්නා

(ගීත රචනය නිරංජන් මීගම්මන෴)

ඒ නිසා අප කියන්නේ සිංහල යුනිකෝඩ් ප්‍රජාව තුලට ගෙන යන කාරියර අප මුල්වූයේ මුදල් හම්බ කිරීමට නොවන බවය. ඒ සඳහා සැලසුම් සකස් කලේ අත්දැකීම් හා පර්යෂණාත්මක කාර්යයන් බවය. ඒ වෙනුවෙන් මමත්, මගේ මිතුරන්ටත්, අප වටා සිටින සෑම අයකුටත් බැණුම් ඇසීමට නොවන බවය. අපට ලඟාවිය හැකි ගේ මානව ජාලය අති විශාලය. වංචනික ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය නම් ඒ සඳහා අන්තර්ජාලයේ විවෘතව කිය කියා නොසිට ඕනෑ දෙයක් කරන්නට අවශ්‍ය මානව ජාලයක් අපට සිටියද, නියම ප්‍රතිදායජයින් සමග යමක් කිරීමට අප උත්සාහ කළෙමු. උපන් ගෙයිම ඒ බිළිදා මරා දමන්නට අප අතරින්ම යමෙක් උත්සාහ දරත් නම්, අපට මේ ටිල කිව හැකිය.

මහා භාරතයේ ක්‍රීෂ්ණා කන්ස් රජ කළ මදුරා පුරවරයෙන් යමුනා නදියෙන් එතෙර ගෝකූල් ගම්මානයට ගෙන ගොස් හදා වඩා සවිමත් කර නැවත මදුරා පුරවරයට ගෙන ආ ලෙසින් යමක් කරන්නට සිදපවේ යයි අප සිතමු. කන්ස්ට ක්‍රීෂ්ණා මරා දමන්නට විවිධ කාර්යයන් කළ මුත්, දෙවියන් විසින් ක්‍රිෂ්ණා ආරක්‍ෂා කළ හැටි අපූරුය.

වොල්ටෙයාර් කීවේ
ටික දවසකට මිනිසුන් වැඩි ගණනක් මුලා කල හැකිය. දිගු කාලයකදී මිනිසුන් ටික දෙනෙකු මුලා කළ හැකිය. එහෙත් දිගු කාලයදී මිනිසුන් විශාල ගණනක් මුලා කළ නොහැකිය.


මේ ටික ටිකක් සැරයි... කපුටා කැමති කොච්චි මිරිස්, මාලු මිරිස් නොවේ
කපුටා.com එකට අවුරුදු 7+ යි. නමුත් අපගේ සිංහලකරණය 1992 කැන්ඩි අකුරැ වැල් වල සිටය. රජයේ මිනින්දෝරුවකු ලෙස ගම්මාන වල සැරිසරද්දී මැලේටරියා 13 ගමණක් හැදුනේ 1983 සිටය. පරිගණක කෙසේ වෙතත් ගමට යන්ට තියෙන කැලෑ උණට දැන් වසර 20+ ය.

කොළඹදී ටියෂන් කාරයන්ට හා පොහොසත් ළමුන්ට දී විකුණා ගත හැකි ශිල්ප සයර හැ. 100 කට එහා ගමකට ගොස් නිකං දී ගමන් විඩාවට අසනීප වන්නේ ලාභයක් ලැබීමටය. මේ ලාභය මුදල් නොව සතුටයි

ඒ සන්තුශ්ඨී පරමං ධනං - සතුට පරම ධනය නිසාය.
2007 ඇමරිකාව එපාවී ලංකාවට ආවේ ඒක සොයාගනය.
2004 දී කොළඹත් අතහැර මොණරාගලට ගියේ ඒ නිසාට.

ඇමරිකාවේ කොළ පතඑපා කියා ආපහු මේ දෙසටම ආවේ උපන් රටට කඹුරන්නටය. ඒ අප ලබා උපන් හැටිය. කපුටා කලුය. ඒත් කපුටීට අමතන්නේ සුදෝ කියාය. කපුටා කලු වීම කපුටන්ට ලස්සනය. කපුටී වෙන කුරුල්ලන් පසුපස නොයන්නේ ඒ නිසාය.

ගම්මාන වල ලඳුවල බඩවැටිවල දවපු අපට 5 පංතියේදී ශිෂ්‍යත්ව දී, ආණ්ඩුවේ ආධාර දී, පඩි සමග පුහුණුව දී, රජයේ රැකියා දී, ව්‍යාපාර අවස්ථාව දී, ජනතා සේවයට ආධාර ප්‍රදාන ලබාදී අපව ගොඩ නැගුවේ මේ රටේ මිනිසුන්ගේ දාඩියෙනි. ඒ යමක් කරයි කියා තියන බලාපොරොත්තුවටය.

ඒ දේවල් ටිකක් හරි ආපහු දෙන්න හදනකොට, ඒකට වල කපන එක නං හොඳ නෑ. කරන කෙනාට යමක් කරන්න දෙනවා මිසක් , යමක් කරන්න හෝ වෙන්න කලින් කලු කණ්ණාඩියෙන් පේන බලලා ද්වේශයෙන් චරිත ඝාතන සිද්ධාන්ත ගොඩ නැගීම තුළින් බලාපොරොත්තු වන්නේ ස්වයං ආත්ම වින්දනයක් හා සමානයි. එකම දේ නැවත නැවත කියා අනිත් අයට පොවන්නට හදන එක සිරසට සමානයි.

අප මේ සිද්ධාන්ත ගොඩ නැගීමේ කලාව මීට පෙර අත් දැක ඇත්තෙමු. එදත් අදත් අප ඔවුනට අනුකම්පා කරනවා විනා වෛර නොකරමු.

අපව විචේචනය කරන අය සමග අප තරහා නැහැ, නමුත් කරුණු නොදැණ කරන අවලාද ගැන දුකයි! හොඳනං හොඳයි!

සංස්කරණය නොකළ හිතට ආ අදහස්, වරදක් කී නම් සමාවන්න, තොප්පිය හරිනං දාගන්න එපා, හැදෙන්න බලන්නඑතකොට හැමදේම ලස්සනයි!

මිතුරන් රැසක් කියන නිසා 30 දා සවස 5.00ට සුදර්ශියේදී හමුවී බහූමානයෙන් අනාගත තීරණයක් ගැන සිතමු.

භෞතික හා අභෞතික සංවාදයේ වෙනස එයයි.

No comments: