6 Mar 2008

www.aba.lk අබා වියුණ හැදුනු විදිය

http://www.aba.lk/ අබා වියුණ හැදුනු විදිය

ජැක්සන් ඇන්තනිගෙන් දුරකථන ඇමතුමක්. "නිරංජන් මල්ලි අනිද්දා මගේ ෆිල්ම් එකේ මුහුරත් එක, පොඩ්ඩක් ඇවිත් යනවාද ?"
හරි අයියා මම එන්නම්.

ඊට පස්සේ මම හිතන්න ගත්තා මොකද්ද ජැක්සන් ඇන්තමි කරන්න යන වැඩේ කියලා. කොහොම උනත් ජැක්සන් අයියට උදව්වක් කරන්නම ඕනේ. මම එයාගේ රසිකයෙක්නේ. ඒ හිතවත් කම ඇතිවුනේ 1997 TOYP සම්මාන උලෙළේදී , එයාට සංස්කෘතියට, සණත් ජයසූරියට ක්‍රීඩාවට, මට සිංහල තාක්‍ෂණ සංවර්වර්ධනයට (ලංකාදීප හා වීරකේසරී අන්තර්ජාල ගත කිරීම)

ඊට පස්සේ ජැක්සන් අයියාගෙයි , කුමාරි අක්කගෙයි වෙරළු මල් ප්‍රසංගයට අපි වෙබ් පිටුවක් හදා දුන්නා. හැම තැනකම හමුවුන වෙලාවකදී ජැක්සන් අයියා කිව්වේ "මට ඔයාගෙන් වැඩක් ගන්න තියනවා" කියලා. ඒක මොකද්ද කියලා මම ඇහුවේ නෑ, අපි දන්නේ වෙබ් කියලා එයා දන්නචා.

රාළ එක්ක වොටර්ස් එජ් එකට මම ගිහින් බහින කොටම මට ෆිල්ම් එක හිට් උනා, ඒ එදා සරසලා තිබුන හැටි දකින කොටමයි. මම පොටෝ ටිකක් අරහන ආවා. ඊට පස්සේ මම මේ තමා ලිපිය ලීවේ
http://www.queen.lk/?p=5

ජැක්සන් අයියා දවසක් මට කිව්වා ආයෙත් එන්න කියලා,මේ පාර වෙබ් හදන්න නොවේ අබාගේ සෙට් ඩිසයින් එක මාධ්‍යට පෙන්වන දා. සෙට් එකේ සේයාරූප මගේ කැමරාවේ ආයෙත් සඳහන් උනා. මම පුංචි කතාවකුත් ලිව්වා.

http://www.queen.lk/index.php?p=25&more=1&c=1

රාජාංගනය හරිම ලස්සන ගමක්.



ඔය අතරේ මම ඉන්දියාවේ ගියා, ආයේ ආවේ මාස එක හමාරකට පස්සේ, ජැක්සන් අයියා එතකොට රූගත කිරීම් සෑහෙන්ඩ අවසාන කරලා. මම කථාකලා,ජැක්සන් අයියා මම ආවා!ඕ මල්ලි ආවද ?ඔව් අයියා අපිට ඉන්දියාවේදී සම්මානයකුත් හම්බු උනාඔව් ඔව් ඔව් මට දුකා කිව්වා, හරි සතුටුයි මල්ලි. අපි තමයි මේවා කරන්න ඉන්නේ

ඊට පස්සේ මම ජැකසන් අයියාව හමුවුනා,අයයේ මේක කොහොමද වෙන්න ඕනේ?"මල්ලි මට අබා විකුන්න ඕනේ ජාත්‍යන්තරයට, මේක ලෝඩ් ඔෆ් ද රින්ග් හැරී පොටර් වගේ මට්ටමකට හැදෙන්න ඕනේ" එයානේ ඩිරෙක්ටර් එයා විස්තර ගොඩක් කිව්වා.

මම උත්සාහ කළේ එයාගේ හිතේ තියන රූපය තේරුම් ගන්න. අපි දෙතන් පාරක් හමුවුනා. චූලා වෙබ් එකේ වැඩ ටික කලා. මම හැසිරෙව්වා, ජැකසන් අයියා මාව වෙබ් අධ්‍යක්‍ෂක කෙනෙක් කළා.

ඊට පස්සේ වෙබ් අඩවිය බෙලගමගේ මහත්මයාට පෙන්වූවා, අබා කියන්නේ ජාතික කර්තව්‍යයක්, ඒකට දායක වීමත් සතුටක්, මේ විදියට වෙබ් එක කැඩි කැඩි හැදි හැදි ගියා, අන්තිමේට ඊයේ ලෝන්ච් උනා! මාත් හෙඩ් ටේබල් එකේ ජෑක්සන් අයියාගේ කංඩායමේ අය සමග, කපුටා කට්ටියම ඇචිත්.

අන්තිමේදී ජෑක්සන් අයියා කිව්වා

"මල්ලී ෆිල්ම් එක වගේම වෙබ් එකත් හිට් වෙයි කියලා"
http://www.aba.lk/

අබා පණිවිඩය දෙන්න මේ ඇති කියන එක තමා ජැක්සන් අයියා හිතුවේ.

ඔහුගේ හිතේ ඇඳුන දේ නිර්මාණය කරගන්න පුලුවන් වීම හින්දා
බැණුම් අහන්න වෙනනේ නැතිවීම ගැන මට දැනුනේ සතුටක්.

චිත්‍රපටියක වෙබ් අඩවියකට වඩා සිනමා ඉතිහාසයේ සළකුණක් තබන මොහොතකදී
එහි අන්තර්ජාල සලකුණ තැබීම තමා කපුටා ටීම් එකට තියන සතුට.

4 comments:

සු said...

අබා වෙබ් අඩවිය හරිම අගෙයි. ස්තූතියි. සිංහල වීර කාව්‍ය සිනමාව සිනමාවට මෙන්ම ලාංකේය ඉතිහාසයට යන 2ම ගැන කැක්කුමක් තියෙන කාටත් සතුටක්.අබා වෙබි අඩවියේ එහා සාරාංශ කතාව කියවීමේදී උඩට ගලාගෙන යාම නවතා තබාගෙන කතාව කියවන්නට ඇත්නම් කියා සිතුණා. අනෙක තමා මේ සිංහල වචන ඔක්කොම හරිද කියලත් හිතුණා.සිංහල වරදන එක නම් පෞද්ගලිකව ම‍ට පෙන්වන්ට බැහැ.විශේෂයෙන් සිංහලම වැඩකදි. මේ මගේම අගේ ඇති වැඩක් තුෂාර පීරිස්ගේ "ප්‍රභාකරන්" වෙබ් අඩවිය.එවැනි ‍දේවල් සිංහල සිනමාවට ආඩම්බරයක්. යළිත් මේ සටහනට ස්තූතියි.

Bo said...

හොද නිර්මාණයක්, මේ චිත්‍රපටිය බලනකම් ඉවසිල්ලක් නෑ, විදෙස් වීරකතා බලද්දී නිතරම හිතුනේ ඇයි අපේ රටේ මෙහෙම දේවල් හැදෙන්නේ නැත්තේ කියලා. වෙබ් පිටුවත් අගෙයි. හොඳ ඳේ අගය කල යුතුමයි. ස්තූතියි.

සු said...

අපොයි දෙයියනේ
"මේ මගේම"..කියන එක .."මේ වගේම"..කියලා නිවැරදි කර මගේ සටහන කියවන්න. ඒක මුද්‍රණ දෝෂයක්..

:(

නැත්නම් වැරදි අරුත් ඒවි.
pennu naga ta sthuthii

෴මඃ෴ said...

සු෴
ස්තූතියි
හුඟක් විට සංස්කරණයට වෙලාවක් නෑ, හිතුනාම ලිව්වා දැම්මා, වරදවා තේරුම් නොගැනීම සතුටක්
ඒ ඔබ ධනාත්මක නිසා,
සෘණ අයට වැරද්දක් ඕනෙම නෑ
පටලවා ගන්න