22 Jul 2009

නවගොවියා - ICT 4 Modern Agriculture ප්‍රධාන මං සලකුණක් !

නවගොවියා ව්‍යාපෘතියේ එක් ප්‍රධාන මං සලකුණක් තමා නැණසළ ක්‍රියාකරුවන්, කෘෂිකර්ම ගුරුවරුන් හා දක්‍ෂ ගොවීන් 100 ක් එකතුකර දින හතරක් පුරා පැවැත්වූ e-Agriculture පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුව.



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රමූඛ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය තමා තිරසාර හා ආර්ථිකව සපලදායී කෘෂිකර්මය පිළිබඳව නවගොවියා මූලික පාඨමාලාව සැකසූවේ. සිංහල හා දෙමළ භාෂාවෙන් නිමාව නැණසළ මගින් ගොවින් වෙත ලඟාවන නවගොවියාගේ අරමුණ සිංහල හා දෙමළ භාෂාවෙන් e Learning තුලින් ගොවීන්ට නවීන දැනුම ලබාදීම.

කාලයක් තිස්සේ මාත් ගොවි තානාපති වසන්ත දුග්ගන්නාරාළත් එක්වී කළ මේ ව්‍යාපෘතිය අප හැමට අළුත්ම අත්දැකීමක්. විශේෂයෙන් නැණසළේ තරුණ ක්‍රියාකරුවන්ගේ සහයෙන් ග්‍රාමීය කෘෂිකර්මය නංවාලීමටත්, නැණසළ හා තොරතුරු තාක්‍ෂණය ගොවීන් අතර ජනප්‍රිය කරවීමටත් නවගොවියා උදවි වේවි. නුදුරු කාලයේදීම නවගොවියා අන්තර්ජාලයේ නිදහස් වෙනවා.

නවගොවියා ICTA e-SDI සහයෙන් CIC Agribusiness, efusion, Peradeniya University, Nenasala, Shilpa Sayura සහ තවත් විද්වතුන් එක්කළ ව්‍යාපෘතියක්. ගොවියන් හට විශ්ව විද්‍යාල හරහා නවීන කෘෂිකර්ම දැනුම ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය තිරසාර සහ ආර්ථිකව සපලදායී කරවීමට දායක වීම සතුටක්.

ගොවීන්හට ඉහළම දැනුම ලබාගැනීමට තිබෙන පහසුකම් අඩුයි. වසර පණහක් ගොවිතැන් කළත් ගොවීන්ට පිළිගත් සහතිකයක් නෑ. මාස තුනක "නවීන කෘෂිකර්මය" පිළිබඳ පදනම් පාඨමාලාවක් (Foundation Course) ලෙසින් මෙය සංවර්ධනය කිරීමෙන් ඒ සඳහා මුල්වන්නට අපට පුළුවන්.

පාරිසරික සමතුලිත තාවය හා ආහාර සුරක්‍ෂිතභාවය සඳහා තිරසාර කෘෂිකර්මය ඉතා වැදගත්. ඒ සමඟම බලශක්ති අර්බුදයටද නවීන කෘෂිකාර්මික පිළියම් තිබෙනවා. ඒ සඳහා ග්‍රාමීය ප්‍රජාව යොමුකරවීමද නවගොවියා දීර්ගකාලීන අරමුණක්.


නිරංජන් මීගම්මන
ශිල්පසයුර සහ නවගොවියා
http://www.shilpasayura.org/

No comments: