6 Jun 2016

කාලගුණේ කථාච පටන් ගැනීම

මීට කලින් සටහනක කාලගූණය ගැන යමක් කරන බව මා කීවා. නමුත් වැඩේට බැස්සට පස්සේ තමා තේරුණේ කාලගූණ සූදානම කොයිතරම් වැදගත්ද ජීවිතේට කියලා. 

කාලගුණ  
දත්ත හැමතැනම තිබුණක් කාලගූණ විද්‍යාඥයෙකුට ඇර හියුමිඩිටිය, උශ්ණත්වය ගැන හිතල වැස්ස එනවද - අව්ව තියෙයිද කියලා කියලා කියන්න බෑනේ. ඉතිං මම හිතුවා වැස්ස ආවාට පස්සේ කාලගූණ අනාවැකි  කියන අපේ රටේ,   හොඳම තාක්‍ෂණය භාවිතා කරලා ඉදිරි සතියේ කාලගුණය ගැන කාලගුණයෙන් පීඩා විඳින අය අතර අදහසක් ඇති කරන්න පුලුවන්ද කියලා . ඒ කියන්නේ අපි හැමෝම. 

මේ System Design එක කරද්ද මම ගොඩක් දේ හිතුවා. දත්ත ලබා ගැනීම, සැකසූම සහ විශ්ලශේණය, ගබඩා කිරීම, බෙදා හැරීම අභියෝගයක් උනේ ලංකාවට අවශ්‍යම කරන දෙයක්! ලොකු ජනගහනයකට දෙන එක අමාරුයි. තාක්‍ෂණය බරයි, සංකීර්ණයි, වියදම්. 2000 දී Kaputa.com වගේ නැවත හිතුවා. 

සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම මොබයිල් එකට කරන එකත් තව අභියෝගයක්.  ඉතාම තුනී දත්ත ප්‍රමාණයක් ගෙන ඇලොගරිතම මගින් විශ්ලශණය කර බලය අඩු ජංගම දුරකථනයට ලබාදීමත්. සජීවී ලෙස කාලගූණ තත්වය ගැන සරළව වටහා දීමත් තව අභියෝගයක් උනා.

අභියෝග එන්න එන්න වැඩේ හොඳටම කරන්න හිතුණේ කාලෙකට පස්සේ ආසා හිතෙන වැඩක් කරන නිසා.  කාලගුණේ  පටන් ගත්තේ ගංවතුර දවස්වල, Google I/O ගිහින් ඇවිත් උපරිමය කලා. නිදි නෑ. වැස්ස ඉවරත් නැහැ. දිගටම වහිනවා. 

දත්ත කාලගුණ හැගීමකට පරුවර්ථනයේදී මා ආවේනික වර්ණ හා දීප්තිය යොදාගත්තා. මූලික දත්ත වෘත්තීමය වැඩට වඩා හොඳ උනත්, පුංචි ලමයෙකුට උනත් තේරෙන විදියට වැස්ස අවදානමත් අව්ව පැය ගණනත් සතිය තුල ප්‍රස්තාර ගත කිරීමෙන් මටම ප්‍රයෝජනවත් උනා. කාලගුණයේ ස්වභාවය හඳුනාගන්න.  කාලගුණේ 
හදන්න තිබුණේ කලිං. කමක් නෑ දැන් තියනවානේ.

කපුටා.com , gov.lk, ශිල්ප සයුර හැදුවට කාලෙකට පස්සේ හැදුව, මාත් ගොඩක් වැඩ ඉගන ගත්ත වැඩක් කාලගුණේ.
ආපුහු යමක් කරන්න ලැබුණ එක සතුටුයි. 

කාලගුණේ වර්ෂන් 2 ඉවර කළා.
ඉදිරි අදහස් ගොඩයි!   

ප්‍රතම දැක්ම ඔබට - හොඳද බලන්න. 
හොඳයි නම් අනිත් අයට දෙන්න. තාම Testing!

 දැන් අපි www.kaalagune.com බලමුද?

ඔන්න ආයෙත් කපුටා කට්ටිය රටට වැඩ.













No comments: