18 Sept 2007

දුක්ගන්නාරාළගේ බලපෑම

මාගේ නිර්මාණවලට දුක්ගන්නාරාළගේ බලපෑම

දුකා කියා හිතවත්කමට කතාකළත් රාළ සාහිත්‍යයේ ඔහු හැඳින්වෙන නමයි. වසන්ත දුක්ගන්නාරාළගේ කොන්දේසි විරහිත රසිකයකු වන මා ඔහුගේ ගී පොතේ ආ කෙටි කවියක් වූ

"කෙටි දුර ධාවන ශූරියට ලියූ කවිය"
ඔබ දුවන්නේ
කෙටි දුරයි

එය කියවා මා තුෂ්නිම්භූත වූයේ එය කෙටි බව හා අරුත් රැසක් දැකීමෙනි.
මාතෘකාවට වඩා කවිය කොටය. අරුත් බරය.

මේ අනුව රාළ සම්ප්‍රදාය අත්හදා බලන්නට මම ද සිතුවෙමි.
මේ මා ලියූ රාළ පවා අගය කළ කවියක්.

~ අන්ධයා තම බිරිඳට ලියූ කවිය
ඔයා
හරිම
ලස්සනයි

මේ එවැනි කවි කීපයක්
~කලාකරුවාගේ බිරිඳගේ පෙම් කවිය
ඔයා
අද
කලිං

~කෙටිකතා කරුවාගේ සමුගැනීම
යන්නං
මචං

~කලිසම (නොවේ)
පැද්දි පැද්දි වේලියන්
ඈ හමුවන්න තියනවා

~කැමරාකරුවා කැමරාවට ලියු කවිය
උඹට පේන්නේ
පිට විතරයි

~කොරාගේ බිරිඳ ලියු පෙම් කවිය
ඔයා
හරි
කෙලින්
මිනිහෙක්

~අටවකදා හඳට ලියූ කවිය
ඇයි මේ
කෙට්ටු වෙලා

No comments: