19 Sept 2007

කියවීම යන ක්‍රියාව

කියවීම යන ක්‍රියාව තුල අවබෝධ කරගැනීම නම් උප ක්‍රියාවද, රස වින්දනය යන පසු ක්‍රියාවද , විමසුමට භාජනය කිරීම නම් අවසාන ක්‍රියාවද වේ.

රූපවාහිනියේ මේ තුනම නිවේදිකාව විසින් කරන නිසා අපට කරන්නට දෙයක් නැතිව බලා ඉඳිමු.

~රූපවාහිනී නිවේදිකාවට ල‍ියු කවිය.
නුඹ කියවයි
පොතක් නැතිව

නව වේග පන්දු යවන්නාට දුන් උපදෙස

වරෙන් දුවගන අක්තාර් වගේ
දාපන් පන්දුව මාලිංග වගේ
ගනිං විකට් එක අසීෆ් වගේ
එපා පාගන්නට ඉරින් එහා
එපා යවන්නට ඉරි දෙකෙන් එහා
දාපං හරියට ලෙන්ත්
තියපං බොලේ ලයින්
කපපන් බෝලේ ඇතුලෙන්
රැකපං බෝලේ සීමාවේ
හිටපන් ඉඳගන අව්වේ
එනකං එනකං තේරුම් කමිටුව
මේ පෑත්තේ

"කෝ මේ හිටපු බෝලර්"

No comments: