21 Sept 2007

කවි ගීත ලියන්න සමහරවිට දින ගණන් වෙහෙසෙන්න වෙනවා. ඒත් සමහර ගී ලියන්න යන්නේ මිනිත්තු ගණනයි. ඒ ජීවිත අත්දැකීමක් කවියකට මුසු උනාම.

කාගේ උනත් හිතට දැනෙන අත්දැකීමක් නිර්මාණ කරුවෙකුට ප්‍රස්තූතයක්... ඊට මනංකල්පිතයකුත්එකතු කරගත්තාම නිර්මාණයක් වෙනවා ..

මේ අත්දැකීමට හා ගීතයට හරියටම දැන් මිනිත්තු 10 ක් වත් නැහැ..

හිතේ දුකට ලියවෙන කවි
උඹට කියන්නේ කෝමා
දුරු රටකට උඹ යනකොට
බලන් ඉඳින්නේ කෝමා

සඳ එනකොට පුර පෝදා
පන්සල් යන්නේ කෝමා
නැගිටිනකොට හිමිදිරියේ
උඹව දකින්නේ කෝමා

එදා දැනුණු ලමැද සුවේ
ආයේ විඳින්නේ කෝමා
ඇසේ නැගෙන කඳුලු බිංදු
පෙන්නන්නේ මං කෝමා

නිරංජන් මීගම්මන

1 comment:

ගීත් said...

ිමඉස්'සබඒකනම් ඇත්ත. සමහර ගීත ලියන්න සති මාස ගනන් යනවා නමුත් තවත් සමහර ඒවා ලියවෙන්න යන්නේ නොහිතන තරම් කාලයක්. ඒත් ගීතයක් ලියන්න ඕන කියන පරමාර්ථයෙන් ලියන ඒවට වඩා නිසගයෙන් ලියවෙන ගීපද රසවත් .