26 Jun 2009


නැණසළට බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියා කියාදෙන්න හදපු සිත් සටහන, සිංහල යුනිකෝඩ් ගැන ලියලා උණුසුම් උනා‍. ගැටුම් අතෑරලා පසුව සීරියස් ලෙස ලිවීමෙන් හුඟක් දේ දැනගත්තා. මේ අනුව මා සිටින නැණසළ (Telecenter)ක්‍ෂේත්‍රය ගැන ලෝක ප්‍රජාව සමග අදහස් හුවමාරු කරගැනීමට blogging හේතු උනා. ලෝකයේ පූමුඛ නැණසළ සංගමයේ Telecentre.org එකේ තිබූ Blogging Contest එකට ලිවිවේ දිනන්නම නෙමේ. Top 10 ඇතුලට ලංකාව ගෙන එන්න.

http://www.telecentre.org/profiles/blogs/the-blog-contest-results

මේ ජයග්‍රහණය වැදගත් මට වඩා ශිල්ප සයුරටයි. එහි නියැලී ඉන්න අයට දිගටම එහි ඉන්න ශක්තිය ම්න් ලැබෙනවා. අපේ රට ලෝකයේ දියූණු රටවල් සමග තරඟ කිරීමේ හැකියාව මින් පෙනීමෙන් තවත් අය උනන්දු වෙනවා. විශේෂයෙන්ම නැණසළ වල ශිල්ප සයුර කරන පොඩි එවුන්, ක්‍රියාකරුවන්. ඒ සමගම සමහර වැහුණු දොරවල් අරින්න මේ ලිපිය හේතු වෙයි.

එදත් අදත් අපේ ජීවිතේ ප්‍රධානම අංගය අපේ රට. ඒකට අපි තෝරාගත්තේ භාෂාව සහ තාක්‍ෂණය,දැන් අධ්‍යාපනය හා ගම්මාන සංවර්ධනයත් එකතුවෙලා. ශිල්ප සයුර හා නැණසළ දැන් ජීවිතේට බද්ධ වෙලා. ආපහු නගරයට එන්න බැරිතරමට ගම්මාන අපිව වෙලාගෙන. මේ සිත්සටහන ලියවුනේ එහෙමයි. එය ආත්ම ප්‍රකාශණයක් වගේම සාමුහික ක්‍රියාවක සටහනක්. ඒ නිසා අන්තර්ගතය අගය ඉහලයි. මා English භාෂාවේ දන්නා ව්‍යාකරණ හරඹද මීට භාවිතා කලා, (language and Style). ඒ සමගම සෑහෙන වාරයක් සංස්කරණය කළා. අන්තර්ජාලයේ Blog Masters ලා ලිවූ ඔවදන්ද කියවූ මට විශ්වකුමාරත් මට හොඳ feedback දුන්නා. ඒ නිසා හොඳට ලියවුනා. සාමාන්‍යයෙන් Blog ලිවීම හා තරඟයකට ලිවීමේ වෙනස හඳුනාගන ලිවීම මේ තරඟයේදී උදව්වුනා. මේකත් සාමුහික ජයග්‍රහණයක්.

ඔබ මේ සිත් සටහන කියවූවොත් තව බොහෝ දේ වටහා ගනී.

http://telecentrecommunity.ning.com/profiles/blogs/how-shilpa-sayura-became-a

මට මේ ජයග්‍රහණය වැදගත් සිංහල විතරක් දැනගන A/L වලින් එලියට ආ මම ලෝකය සමග English රචනා ලියා දීනු බව දැනගත් අපේ සීයා ලද සන්තෝෂයයි. ඒ නිසා දැන් හොඳට ඉංග්‍රීසි පාස් කියා හිතන්න පුලුවන්. කාලයක් ගතචුනත් Blogging කීට අවස්ථාවේ සිට ලෝක මට්ටමට ඒම නරකද?

සුබ පතන සියලුම blog මිතුරන්ට ස්තූතියි.

විශේෂයෙන්ම සිංහල Bloggers සමූහයේ ඇගයීමට පාත්‍රවීම සතුටක්.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/64eae2c13d693ec2/298a43e62222f2bd?hl=en#298a43e62222f2bd

සමපූර්ණ විස්තරය

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org/
http://www.kaputa.com/

5 comments:

änthräX said...

සුබපෑතුම්!

änthräX said...

සුබපෑතුම්!

Sankha said...

සුභ පැතුම්,
හැකිනම් ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න

Anonymous said...

ජාත්‍යන්තරයට ශ්‍රිලාංකීය අභිමානය ගෙනයාම පිලිබදව ඔබට සුභපැතුම්....

Narada said...

සුභ පැතුම්, දිගටම යන්න!