20 Sept 2007

කාලය කල වෙනසක අරුමය

දශකයකටත් ඉහත CSSL සම්මන්ත්‍රණයක
සැඳෑ සාදයකට ගියා,

පුංචි සංවාදයකදී සිංහල භාෂාව පරිගණකවල යෙදවීමේ වැදගත්කම කීම දැඩි සමච්චලයට ලක්වුණා ..
ලැජ්ජාවට කථා නැතිවම ආවා ..
ඒත් දිගටම සිංහල කෙරුණා ..
ආයේ මං සැඳෑ සාද නං ගියේ නෑ...

e India 2007 දී I4D සම්මානය ලද සිංහල බසින් කළ ශිල්ප සයුර CSSL 2007 සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කළේ ඔවුන්ගේ ආරාධනයෙන්.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මා ගියේ බසයෙන්, පොල්කටු බොත්තම් අල්ලලා නිලූ නංගී අතින් මහල පේන්ට් කරපු අමුරෙදි කමිසය තමා ශිල්ප සයුර නිල ඇඳුම.

ඔබරෝයි එකට දැං කියන්නේ සිනමන් ග්‍රෑන්ඩ්
කවුද දන්නේ.. නගරය මිස් වෙලා

ෂාඃ!
මේක පුංචි සුර ලෝකයක්!

මලා!
අනිත් ඔක්කොම ටයි කෝට්!
ෂිඃ!
තාත්තගේ පරණ කෝට් එකවත් දාගන ආවනම්?

අලුත් මුහුණු හුඟක් !
පටන් ගත්තේ හිමිහිට
ටිකක් චකිතයෙන්!
ටිකක් වෙලා ගියා!
කට්ටිය සාවධානව බලා සිටියා!
වැඩේ නෑගලා යනවා!
ඒ පාර ඔන්න ආඩම්බරයි!

වෑඩේ ඉවර උනා..
සහානි ඇවිත් හොඳයි කිව්වා!
සැඳෑ සාදයට ආරාධනා ලැබුනා..
අරගොල්ල නෑහැ වගේ!
යංතං ලේ ටිකක් ඉනුවා..
ආ ... ආවද කියලා ඇහුවනං!

වෑඩිම ප්‍රතිචාර ආවේ එතකොට..
ශිල්ප සයුර ඔවුන් ඉතා අගය කළා ...
වැඩි දෙනෙක් කොළඹ නොවේ වගේ !

මට මහා.සමරනායකයන් මතක් උනා
හිටියනං සංතෝස වෙයි ..
උන්නාන්සේ කොහේ හිටියත් පිං වේවා!
යුනිකෝඩ් දියුණු කලාට!

මෙන්න බොලේ උප සභාපති ප්‍රසන්න
කමිටුවේ එකට වැඩකරපු කෙනෙක්
තවත් හිතවතුන් හිටියා
අපගේ සහය ඔවුන්ටත්
ලබා දෙන්නට කියා කීවා.
මටත් පුදුමයි.. එත් ඇත්තයි
ගමට සහ සිංහල බසට CSSL හි තැනක්

කාලය මැවූ වෙනසක අරුමේ!
CSSL අළුත් ගමණක් යයි වගේ

1 comment:

ගීත් said...

ඇත්තටම මට ඔබ තුමා ගැන ආම්බරයි. ඒ ඔබ තුමා අපේ ගමේ කෙනෙක් නිසාම නොවෙයි, නිහඩවම රටට ජාත්‍යන්තර කීර්ති ගෙන දෙන්නෙක් නිසාද නොවෙයි, ඒ වරිගේ ගුණ නොසගා වරිගේ සිරිත් විරිත් නොසගා කුමන අවස්ථාවකදී වුවත් මීගම්මන යන වචනයෙන් ඉස්මතුවෙන ගැමිකම සහිත පුද්ගලයාම ඒ ඒ අවස්ථාවන්ට සහභාගිවීමයි. ටයිකොට් සරොම් හැද සිටියත්, ටී සර්ට් ඩෙනිම් හැද සිටියත්, හිල්ටන් එකේ සිනමන් එකේ හිටියත්, ඉන්දියාවේ ඇමෙරිකාවේ සිටියත්, මහින්ද රාජපක්ෂ උතුමානන් සමග සිටියත් අළුත්වත්තේ ගැමියන් එක්ක සිටියත් ඒ ස්ථානය නියෝජනය කරන්නේ ඒ මීගම්මන ගැමියාම නිසාවෙනි. අපේකම, ගැමිකම , සනුහරේකම, සිංහලකම, බෞද්ධකම ජාතියෙන් හා ජාත්‍යන්තරයෙන් ලැ‍බෙන කීර්ති, ප්‍රසංසා, ත්‍යාග, ජයග්‍රහණ හා ගෞරව භහුමාණයන් හේතුකොට ගෙන අමතක නොකල විශිෂ්ඨ පරිඝණක වේදියෙක් වූ නිසාය.