24 Nov 2008

ICT4D, Telecenters, Awards and Blogging in Local

People try to find new meaning for Blogging, and it includes me. Blogs are a wonderful way to breed new ideas to help shape communities.

When the blogging initially got to Sri Lanka, No body much cared for it. But a group of us initiated blogging in "Sinhala" Local Language, which made the difference. It made more outreach to people who are concerned. Now there is a growing local blog culture. Local Language Makes the Difference.



Similarly ICT4D was explained in as many as presentations. However the concepts restricted to concepts and Academic Needs. It just circled around Colombo, Until we used local language to explain what it means. Now rural people have begun to feel the value of Telecenters. Now they walk into Telecenters that they thought distant. Local Language Makes the Difference.

e Learning had been here for years, but only few benefited. But when it turned into Local language people were amused, students thoughts it's the future. Shilpa Sayura went to win 3 World Awards i4D , GKP and Stockholm Challenge 2008 for Local Language e Learning for Rural Communities. Local Language Makes the Difference.



Right now we are a minority as we speak and write in English. We will become a majority if we go local and blog in local languages of the world.

Get Local it's the only way to involve rural communities, who actually get served from Telecenters. Local Language Makes the Difference.

The Text below is in "Sinhala" my local language. 19.5 Million people out of 20 million people understand it as well as most of the Telecenters use it in ICT.

Local Language Makes the Difference.

Get Sinhaka Unicode Fonts from
http://www.locallanguages.lk

නැණසළ සාර්ථක වීමට
නැණසළ නියම සමාජ ව්‍යාපාරයක් වී සාර්ථක වීමට එහි නියැලි සියල්ලන්ම ප්‍රජා සංවර්ධනය පෙරමුණු කරගත් අදහස් අනුච ක්‍රියා කළ යුතුයි. සාර්ථක ලෙස ක්‍රියාත්මක සමහර නැණසළ වලින් සමහරක් ලක්‍ෂණ ගිලීහී ගොසින්, ඒවා ICT ව්‍යාපාර වූ අවස්ථා තියෙනවා. ඉල්ලුම පරිදි සැපයුමට වඩා අවශ්‍යතාවයන් හඳුනාගන ඒ අනුව තම සේවා සැලසුම නැණසළක අදහසයි.

එම ක්‍ෂේත්‍ර ලෙස සැලකිය හැක්කේ

ළමා හැකියා සහ අධ්‍යාපන සංවර්ධනය
කෘෂිකාර්මික,ජීවනෝපාය දැනුම හා ආර්ථික සංචර්ධනය
තරුණයින්ට සහ කාන්තාවන්ගේ නායකත්ව සංවර්ධනය
සමාජීය ආකල්ප, සහ සංස්කෘතික සංචර්ධනය
රාජ්‍ය සේවා තොරතුරු සන්නිවේදනය හා ප්‍රජා සම්බන්ධතා ගොඩ නැගීම
පාරිසරික හා සෞඛ්‍ය සංචර්ධනය

නැණසළ උපයෝගී කරගන්නා ක්‍රමචේදය මේ කාර්යයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදනයද , තාක්‍ෂණයද ලබා දීමයි.

මේ සංකල්ප සියල්ල, එකක් , හෝ මුසුවක් නැණසළේ ආකෘතිය විය හැකියි. එය තීරණය වන්නේ නැණසළ ප්‍රජා පරිසරය, සම්පත් ප්‍රමාණය, නැණසළ නායකත්වය සහ දක්‍ෂතාවන්ය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළවල් දූරදර්ශී වීම, සැලසුම් සහගත වීම හා ඉලක්ක සහිත වීම වැදගත්.

සෑම විටම ප්‍රමාණය වැඩි වීමට වඩා සේවා තත්වයෙන් උසස්වීම ඒ මෙන්ම ප්‍රජාවගේ සහය සහ ප්‍රසාදයද ලබාගැනීමද වැදගත්. නැණසළක ප්‍රජා සහභාගීත්වය වැඩිවන විට එහි අගයද කළ හැකි සේවාවද වැඩිවේ. ප්‍රජාවගේ බුද්ධිමතුන් නැණසළ කටයුතු වලට යොදවා ගැනීම ඉතා පහසු කටයුත්තකි.



Local Language Makes the Difference.
any ideas ?
Niranjan Meegammana

6 Nov 2008

නැණසළ සාර්ථක වීමට

නැණසළ නියම සමාජ ව්‍යාපාරයක් වී සාර්ථක වීමට එහි නියැලි සියල්ලන්ම ප්‍රජා සංවර්ධනය පෙරමුණු කරගත් අදහස් අනුච ක්‍රියා කළ යුතුයි. සාර්ථක ලෙස ක්‍රියාත්මක සමහර නැණසළ වලින් සමහරක් ලක්‍ෂණ ගිලීහී ගොසින්, ඒවා ICT ව්‍යාපාර වූ අවස්ථා තියෙනවා. ඉල්ලුම පරිදි සැපයුමට වඩා අවශ්‍යතාවයන් හඳුනාගන ඒ අනුව තම සේවා සැලසුම නැණසළක අදහසයි.

එම ක්‍ෂේත්‍ර ලෙස සැලකිය හැක්කේ

ළමා හැකියා සහ අධ්‍යාපන සංවර්ධනය
කෘෂිකාර්මික,ජීවනෝපාය දැනුම හා ආර්ථික සංචර්ධනය
තරුණයින්ට සහ කාන්තාවන්ගේ නායකත්ව සංවර්ධනය
සමාජීය ආකල්ප, සහ සංස්කෘතික සංචර්ධනය
රාජ්‍ය සේවා තොරතුරු සන්නිවේදනය හා ප්‍රජා සම්බන්ධතා ගොඩ නැගීම
පාරිසරික හා සෞඛ්‍ය සංචර්ධනය

නැණසළ උපයෝගී කරගන්නා ක්‍රමචේදය මේ කාර්යයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදනයද , තාක්‍ෂණයද ලබා දීමයි.



මේ සංකල්ප සියල්ල, එකක් , හෝ මුසුවක් ඔබගේ නැණසළේ ආකෘතිය විය හැකියි. එය තීරණය වන්නේ ඔබගේ ප්‍රජා පරිසරය, සම්පත් ප්‍රමාණය, නැණසළ නායකත්වය සහ ඔබගේ නැණසළ දක්‍ෂතාවන්ය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළවල් දූරදර්ශී වීම, සැලසුම් සහගත වීම හා ඉලක්ක සහිත වීම වැදගත්.

සෑම විටම ප්‍රමාණය වැඩි වීමට වඩා සේවා තත්වයෙන් උසස්වීම ඒ මෙන්ම ප්‍රජාවගේ සහය සහ ප්‍රසාදයද ලබාගැනීමද වැදගත්. නැණසළක ප්‍රජා සහභාගීත්වය වැඩිවන විට එහි අගයද කළ හැකි සේවාවද වැඩිවේ. ප්‍රජාවගේ බුද්ධිමතුන් නැණසළ කටයුතු වලට යොදවා ගැනීම ඉතා පහසු කටයුත්තකි.

ලෝකයේ නව ප්‍රවණතාවක් වන නැණසළ

ලෝකයේ නව ප්‍රවණතාවක් වන නැණසළ අන්තගතය ගැන හුඟක් අයගේ දැක්ම පුලුල් නෑ. එය තාක්‍ෂණය සමග මිනිස් ජීවිත යහපත් කිරීමේ ක්‍රමවේදයක්. ලෝකයේ නැණසළ 25000 ක් පමණ තිබුනත්, තනි ජාලයක් ලෙස විශාලම එක ශ්‍රී ලංකාවේ නැණසළ ජාලය. ඒ නිසාම එයට ආවේණික ගැටළු සඳහා අපම පිළියම් සොයාගත යුතුයි. සමහර ලෝක නියැදි අපට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්, ඒවා අප අනුවර්ථනය කර සකසා ගත යුතුයි.

මා පසුගිය වසර තුන ගත කළේ ශිල්ප සයුර ව්‍යාපෘතිය තුලින් නෑණසළ බිමි මට්ටමේ අධ්‍යනය කරමින්. ඉන් ලද දැනුම හා අත්දැකීම් මත තොරතුරු තාක්‍ෂණය තුලින් සංවර්ධනය දෙසට ඉබේම යොමු උනා වගේම, ඉන්දීයාවේ, මැලේසියාවේදී හා ස්වීඩනයේදී බුද්ධිමතුන් හමුවී හුවමාරුවූ දැනුමෙන් හා අධ්‍යනයන් තුලින් ද ICT4D කේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ වල වටිනාකම තේරුම් ගත්තා.

මෙහිදී අප "නැණසළ තිරසාරභාවයට පත්කිරීමේ ක්‍රමවේද" පිළිබඳ පර්යේෂණ කිරීමටත්, ඉන් ඉගනගන්නා පාඩම් මත, තිබෙන ගැටළුවලට පිළියමි යෙදීමත්, නැණසළ අනාගතය සැලසුම් කිරීමත් අවශ්‍ය බවද වැටහුනා.

e3 ව්‍යාපෘතිය බිහිවන්නේ ඉන් අනතුරුව.

e3 සඳහා ප්‍රථමයෙන්ම අප කළේ අවශ්‍යතා අධ්‍යයනයක්, ඒ සඳහා නැණසළ 60 ක් භාවිතා කළා දත්ත පදනම ලෙස, වැඩමුලු ආදියෙන් තොරුතුරු ලබා ගත්තා, සංවාද හා සම්මුඛ
පරීක්‍ෂණ, ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ තුලින් හා පැරණි අධ්‍යයන හා පළකිරීම්
මගින්ද තොරතුරු ලබාගන විශ්ලේෂණය කරම්න් පූර්ණ වාර්ථාවක් සැකසුවා.

අවශ්‍යතා අධ්‍යයනයක අදහස අවශ්‍යතා හා සමිපත් හඳුනාගන ඒවා එකිනෙක පිරිද්දීමයි.

මා ඒ වාර්ථාව සකසද්දී ගොඩනැගූ සංකල්ප කිහියපක් සරළව මේ

1. නැණසළ තිරසාරභාවය යනු නෑණසළක් තම සමාජ කාර්යේ යෙදෙමින් පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආදායම් ඉපයීමය. (සමාජ ව්‍යවසායකත්වය)

2. නැණසළ රැක බලා ගත යුතු සමාජ හා ආර්ථික සංවර්ධනයේ වෙනසක් කළහැකි රාජ්‍ය හා ප්‍රජා කොටස් කරුවෙකි. (සමාජ ප්‍රතිදායකත්වය)

3. නැණසළ තිරසාර කිරීම යනු ඒ හා බැඳුනු මානව ජාලය තිරසාර බවට පත් කිරීමය. (නැණසළ තිරසාරකතා මානව සංවර්ධනය)

4. නැණසළ තිරසාරබාවයේ ගැටළු වල‍ට මූලික හේතුව අවශ‍ය දැනුමි සම්පත් හිඟකමය.

5. ඒ දැනුමි සම්පත් අප අතරම ඇති අතර ඒවා ඒකරාශී කරන විවිධ ප්‍රතිදායක බුද්ධි ජාලයක් (Multi Satke Holder Knowledge Network) ගොඩනැගිය යුතුයි.

නැණසළ තිරසාරභාවය ගැන කටයුතු කරන හා උනන්දුවක් දක්වන ප්‍රජාව එක්කර , අවශ්‍ය සංවාද කර අපට සුදුසු පරිදි "නැණසළ තිරසාරතා ජා‍ලයක්" ගොඩනගන වැඩ පිළිවෙළක් අරඹීම කළ යුතු වන අතර ඊට බිම් මටිටමේ සිට ඉහළම මටටමේ අයර සහභාගි විය හැකි විවෘත පදනමක්ද තිබීම වැදගත්.
අපට ඉගනගත හැකිදේ කොපමණද ?

5 Nov 2008

නැණසළ නිර්වචනය

නැණසළ යනු
නැණසල යනු තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන සේවා සහ උපදෙස් ලබා ගත හැකි පොදු ස්ථානයකි. ඒකපුද්ගලික අයිතියෙන් පරිගණක හා අන්තර්ජාල පිවිසුම් හසුකම් වෙනුවෙන් වියදම දැරිය නොහැකි ගමිවැසි ජනතාවට බෙදාහදා ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ශණය සඳහා අත්‍යාවශ්‍ය මෙවලම්, දැනුම සහ අන්තර්ජාල පිවිසුම ලබා දීම නැණසල මගින් මූලිකවම සිදුකෙරේ.


නැණසළ උපයෝගී කොටගෙන ගමිවැසි ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම, හැකියා ප්‍රවර්ධනය, රැකියා අවස්ථා වැඩි කිරීම, දෙස් විදෙස් වෙලඳපොල අවස්ථා ලබා දීම මගින් තාක්ශණ හා දැනුම් පරතරය අවම කර වුන්ගේ ජීවන තත්වය උසස් කිරීම
බලාපොරොත්තු වේ.

නාගරික ප්‍රජාවට ඇති තාක්ශණ මෙවලම් සහ එම දැනුම වෙත ඇති ප්‍රවේශයට අවස්ථා වැඩි වීම ඔවුන්ට විෂේශ වරප්‍රසාදයක් වී ඇත. මෙම වරප්‍රසාදය නොමැති ග්‍රාමීය ප්‍රජාවට වරප්‍රසාද ලත් නාගරිග ප්‍රජාව සමඟ තරඟ කිරීමේදී තොරතුරු හිඟවීම මත ඉගෙනුම්,රැකියා, වෙලඳපොල ආදී අවස්ථා ද අහිමි වේ. ගම් වැසි ජනතාවටද සමාන අවස්ථා උදා කරමින් පනතාව අතර ඇති තාක්ශන පරතරය පිරිද්දීම නෑණසළේ උත්සාහයයි.

ප්‍රජාව තම රජයට සම්බන්ධ කිරීම,දුරස්ථව අධ්‍යාපනය ලාබාදීම, දේශීය සහ විදේශීය වෙළඳපළ අවස්ථා උදාකිරීම,රැකියා අවස්ථා ප්‍රවර්ධනය, ගම්මාන වල ගැටළු කෙරේ ජනතා අවධානය යොමු කිරීම හස ප්‍රජා සංවර්ධන නායකත්වය තුලින් ගමි වැසි ජනතාවගේ ජීවිත වල වෙනසක් ඇතිකිරීමට නව්‍යතම තොරතුරු තාක්‍ෂණ හා නිනිනිවංදන ක්‍රමවේද භාවිතය භාවිතය නැණසළේ මූලික අරමුණයි.

ඒ සිංහල යුනිකෝඩ් සමූහයේ අප නිර්මාණය කළ නැණසළ නිර්වචනයයි.

අපට හමුවූ නැණසළවරයන් සහ නැණසළවරියන්

මේ දක්වා අපට හමුවූ අපට හමුවූ නැණසළවරයන් සහ නැණසළවරියන් ඉතා කැපවීමකින් යුතුව, බොහෝ ආර්ථික පීඩා විඳිමින් ඔවුන් කරන කර්තව්‍යය ඉතාම අනර්ඝයි. ඔවුනට දැනුම හිඟයි, තක්‍ෂණ සහය අඩුයි, පහසුජම් සීමිතයි, බලාපෝරෝත්තු වැඩියි. ඔවුන් බොහෝදෙනා උසස්් අධ්‍යාපනයේ යෙදෙන ගමන් නැණසළ සේවය කරන්නේ. ඔවුන් නැණසළට සේවය කරන්නේ ගෙදරින් ඉල්ලා ගන්නා මුද‍ලින් යැපෙමින්. මේ අගනා මානව සම්පත සංවර්ධනය කිරීමට නිසි වැඩ පිළිවෙළක් අවශ්‍යයි. එය ඔවපන්ග අවශ්‍යතාවයන් අනුව මිස අපගේ අවශ්‍යතාවයන් අනුව සිදු නොවිය යුතුයි.







මේ අනුව අප විසින් අධ්‍යයනබය කළ පරිදි නැණසළ ජාලය පවතින්නේ මේ තරුණ මාබව ජලය නිසයි. නැණසළ අයිතිකරුවන්ට ඔවුනට නිසි වැටුපක් හෝ ස්ථිර දීමනාවක් ලබාදීමට මැලියි. දැනුම හා සහය ලැබෙනවා නම් ඔවුන්ද ඉතා උනන්දුයි යමක් කරන්න.




බොහෝ නැණසළ දුපපත් කමේ ආගාධ වල පිහිට තියෙන නිසාත්, තොරතුරු තාක්‍ෂණය දුගී ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රමූඛතාවය නොවන නිසාත් ලැබෙන ආදායමද අඩුයි. කෘෂිකර්මයේ නියලි ග්‍රාමීය ප්‍රජාව ආදායමක් ලබන්නේ චසරකට දෙපාරයි. යල සහ මහ කන්න අවසානයේදී ඇසෙන මැසිවිලි ගැන ඔබ දන්නවානේ. ඔවුන්ගේ දරුවන්ට තමා ICT හා දැනුම ඕනේ. ඒ අචස්ථාව මුදල් හිඟකම නිසා නැති කගන්න බැහැ. අපේ රටේ අනාගතයට ඔවුන් දැනුවත් කිරීම හා ICT හැකියා වර්ධනය ඉතා අවශ්‍යයි.

මේ නිසා නෑණසළ පැවත්ම සඳහා විකල්ප ආදායම් ඉපිදවීමේ ක්‍රම අවශ්‍යයි. ග්‍රාමීය සිසුන්ගෙන් ලබන ආදායමට වඩා එය සේවයක් විය යුතුයි. රජය මේ සඳහා දිගටම ආයොහනය කළ යුතුයි.

ශිල්ප සයුරේ අත්දැකීම්ද සහිතව මේ ගැටළු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම් නිර්මාණය කරණ හා, ඒවා ක්‍රියාත්මක කන ව්‍යාපෘතියක අප යෙදී සිටින්නේ.

පසුෆිය මාස 5 ක අප කල ක්‍රියාවන්හි මේ සේයාරූ එකතුව බලන්න.

http://telecenter.lk/photos/

ඔබට තවත් දේ තේරුම් යාවි!



සැලසුම් කිරීම පහසුයි. එය සෛද්ධාන්තිකයි. සිදධාන්තයන් මහපොලවේ ප්‍රතිනිර්මාණය අසීරුයි. එහිදී සැලසුම් අවස්ථාවේදී අපට හමු නොවුම මානව,සාමාජීය, ආර්ථික හා සඛස්කෘතික සාධක බල පැවැත්වෙනවා. එවන් සාධක පෙරදකින්නට අත්දැකීම් අවශ්‍යයි. එම අත්දැකීම් ලබා ගන්නට එය කර බැලිය යුතුයි. නැණසළ සංවර්ධනය පිහිනීම ඉගනීම වගෙයි. ගොඩ සිට බෑ. වතුරට බහින්නම වෙනවා. එයත් තනියම බැහැ. කණ්ඩායමක් අවශ්‍යයි.

3 Nov 2008

නැණසළ ජාලයේ තිරසාරභාවයේ වැදගත්කම 2

නැණසළ සම්බන්ධව සංවාදයකදී ඒ ගැන හරියට අවබෝධයක් නොමති අයට ඒ ගැන යම් දැනුමක් ලබා දීම වඩා වැදගත් වන්නේ සංවාදය එක් අරමුණකට යොමු කිරීමයි.

නැණසළ ආරම්භයේදී එය ආරම්භ වූයේ විශ්ව ඥාණ කේන්දඌ (VGK) යන නමින්. එය අත්හදා බලමින් සිටුින විට e library නමින් කුඩා නැණසළ ඇතිකිරීම සිදුවුනා. පසුව ම සියල්ල "නැණසළ" එකම නාමයකින් යන්නටත් තීරණය වී නැණසළ 1000 ක ඉලක්කය නිර්මාණය වූවා.

නියමු ව්‍යාපෘතියක් වූ නැණසළ , 1000 ක ඉලක්කය කරා යාමේදී යම් වෙනස්කම් වලට භාජනය වුනා. ප්‍රධාන වෙනස්කම තමා නැණසළ විහාරස්ථානවල හා ගම්වල ප්‍රජා සංවිධාන වලට ‍ලබාදීම. මුලින් ලබාදුන් VGK අයිතිය තිබුනේ පෞද්ගලික අංශයට. ඔවුනගේ පරිපාලනයට අවශ්‍ය දැනුම හා උද්යෝගය නිසා ඒවා ආර්ථික වශයෙන් සාර්ථක වූවා. ඒ අතරම රජය විසින් උපකරණ, අන්තර්ජාල සම්බන්ධතා සග රජයෙන් අනුග්‍රහය ලබන වවුචර ක්‍රමයක් නිසා එම නැණසළ වලට සාර්ථක වීමට හැකියාව ලැබුනා.



පසුව එම නැණසළ බොහෝමයක් නැණසළ සමාහ සංවර්ධන සංකල්පයට වඩා පෞද්ගලික සංවර්ධනය කරා යොමුවීම නිසා , පෝදු ආයතනවල නැණසළ පිහිටුවීමට තීරණයක් ගැනුණා කියා සිතිය හැකියි. මෙහිදී විහාරස්ථාන වලට මූලිකත්වය දීමට හේතුද සලකා බැලිය යුතුයි.

විහාරස්ථාන ගමේ කාටත් පොදු ස්ථානයක් වීමත්, සාම්ප්‍රදායික ලෙස එඋ ගමේ අධ්‍යයන කේන්ද්‍රස්ථානය වීමත්, රාජ්‍ය ප්‍රතිපත්තියත් ඊට ප්‍රධාන හේතු ලෙස සලකන්නට පුළුවන්. ඒ අතරම හ්‍රාමීය ප්‍රජා සංවිධානවලටද මේ අවස්ථාව ලැබුණා.

නැණසළක් ආරම්භ කරන විට ගම්වල අයට නොයෙකුත් බලාපොරොත්තු ලැබෙනවා. රජයෙන් උපකරණ හා අන්තර්ජාල පහසුකම් දෙන නිසා, එය පවත්වාගන යාමට ඔවුන් දක්වන මූල්‍යමය දායකත්වය ඉතා අඩුයි. ගම්වල ආර්ථික ගැටළු නිසා පරිගණක පුහුණුව සැපයීමෙන්ම අවශ්‍ය ආදායම ලබාගන්නට බැහැ. මේ නිසා ස්වේච්චා අය මිස පූර්ණකාලීනව කාර්ය මණ්ඩලයක් යොදවා ගැනීමට
අපහසු වී තිබෙනවා.

එම නිසා බොහෝ විට තාක්‍ෂණික දැනුම සපිරි අයගේ සේවය නැණසළකට ලබාගන්නට අපහසුයි. ඉන්න කාර්යය මණ්ඩලයත් දැනුම ලබාගන වෙනත් රැකියා සඳහා යනවා. දුරස්ථ භාවයේ හා විවිධ ගැටළු නිසා නැණසළකට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබාගැනීමේ අපහසුතා තියෙනවා.

මින් ප්‍රධාන ප්‍රශ්නයක් තමා ඉංඟ්‍රීසි, තාක්‍ෂණ හා කළමණාකරණ දැනුම හිඟකම. මේ නිසා නැණසළට තම ඉලක්ක කරා යාමට අපහසුයි. ඒ අතරම නැණසළේ ක්‍රියාවලියට ගමේ බුද්ධිමතුන්ගේ සහභාගීත්වයේ අඩුවක්ද තියෙනවා. එවත් ප්‍රධාන ගැටළුවක් තමා නැණසළ ජාලයක්ට වඩා තනි තනිව ක්‍රියාත්මක වීම. මේ ආදී ගැටළු ගැන කළ අවශ්‍යතා අධ්‍යයනයකින් අප නැණසළ සංවර්ධනයට නව සංකල්ප හඳන්වාදිය යුතු බව තේරුම ගත්තා.

නැණසළ සංකල්පය අප රටට ඉතා වැදගත් බව පසක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස කොළඹ ඕනෑඝ තැනක පොදු අන්තර්ජාල පහසුකම් තිබුනත් මොණරාගල දිස්ත්‍රක්කයේ එවැනි ස්ථාන 20-25 අතර ප්‍රමාණයක් තියෙන්නේ. එන් වැඩි ප්‍රමාණයක් නැණසළ. ඉතින් අප අතර කෙතරම් දැනුම පරතරයක් ඇතිවී තිබෙනවාද ? නැණසළ නිසා තාක්‍ෂණික දැනුම ලබනා නව සිසු පරම්පරාවක් ගම්බල බිහිවී තිබෙනවා. රැකියා අවස්ථා වර්ධනය වී නැණසළ ගම්වල නව පිබිදීමක්ද දක්නට පුළුවන්. නැණසළ ජාලය මේ ගතකරන්නේ අසීරු අවධියක්. පැවත්ම සඳහා ඔවුන් බොහෝදෙනා විශාල උත්සාහයක් දරනවා. අප එය ඉතා අගට කළ යුතුයි.

ඉන් දියුණු බන්නේ අපහං රටයි. නැණසළ දිගටම පවත්වා ගැනීමට ඔවුනට සහයක් අවශ්‍යයි. එය සමාජය තුලින්ම උකහා ගැනීමට පුළුවන් නම් කෙතරම් හොඳද ? නැණසළ සමාජ ඇවැසිතාවයක් නිසා සමාජය විසින්ම එය රැකබලාගැනීමට මුල්විය යුතුයි.

ඔබ සැමට සෙත්වේවා
නිරංජන් මීගම්මන